කොලඹ පැවති සසප රැස්වීම ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බල කරයි
Sri Lanka: SEP meeting demands release of Maruti Suzuki workers
අපගේ වාර්තාකරුවන් විසිනි,2017 අප්‍රේල් 6
රැස්වීම සංවිධානය කලේ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ හජාජාක ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙසය.
ඉන්දියාවේ දඩයමට ලක්ව සිටින මරුති සුසුකි කම්කරුවන් වහාම නිදහස් කරන ලෙස බලකරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) අප්‍රේල් 4දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සාර්ථක රැස්වීමක් පැවැත්වීය. ඉන්දියානු අධිකරනය විසින් මාර්තු 18දා, ගොතන ලද චෝදනා මත කම්කරුවන් 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා ද තවත් 18 දෙනෙක් වසර තුනේ සිට පහ දක්වා ද සිරගත කරන ලදී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), දඩයමට ලක්ව සිටින මරුති සුසුකි කම්කරුවන් නිදහස්කර ගැනීම සඳහා දියත් කර තිබෙන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සංවිධානය කල රැස්වීමට, කොලඹ හා තවත් ප්‍රදේශ ගනනාවක කම්කරුවන්, සිසුන්, තරුනයින් සහභාගී විය.
රැස්වීමට පෙර දිවයිනේ සෑම කොනකින්ම සසප හා සසජාතශී සාමාජිකයන් හා ආධාරකරුවන් සහභාගී වූ පිකට් කිරීමක් මාර්තු 31 දින කොටුව දුම්රියපොල ඉදිරිපිට (සසප හා සසජාතශී, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරමින් පිකට් කරනු ලැබීය. එහිදී දඩයමට ලක්වූ කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරමින් සිද්ධිය සමාජගත කරන ලදී. තව ද ඔවුහු, කොලඹ, යාපනය, මහනුවර හා තවත් ප්‍රදේශවල පුලුල් උද්ඝෝෂණවල යෙදෙමින්, කම්හල්, නිවහන් ප්‍රදේශ හා විශ්වවිද්‍යාල තුල, හජාජාක උද්ඝෝෂනය ගැන කම්කරුවන් සිසුන් හා තරුනයින් සමග කථා කලහ. එහිදී සසප හා ජාත්‍යන්තර කමිටුව මේ සම්බන්ධව නිකුත් කරන ලද ප්‍රකාශ ඇතුලත් පත්‍රිකා බෙදාහරින ලදී.
සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක රැස්වීමේ මුලසුන දරමින්, “මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු! යන ජාත්‍යන්තර කමිටුවේ හා ලොසවෙඅ උද්ඝෝෂනයෙහි ජාත්‍යන්තර වැදගත්කම පැහැදිලි කලේය. ජාත්‍යන්තර කමිටුවේ එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ජර්මානු, ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකාවේ ශාඛා හා සසජාතශී එක්ව දියත්කර ඇති උද්ඝෝෂනයේදී, වෙබ් අඩවියට දිනපතා ලිපි සම්පාදනය කරමින් ද කම්කරුවන්, තරුනයින් හා සිසුන් සමග කථා කරමින් අන්තර්ජාල පෙත්සමට ඔවුන්ගේ අත්සන් එකතු කරමින් ද සිටිති.
“දඩයමට ලක්ව සිටින කම්කරුවන් ඉල්ලා සිටියේ රැකියා ස්ථිරත්වය, සාධාරන වැටුප් හා සේවා තත්වයන්, කොන්ත්‍රාත් ශ්‍රම සැපයුම් ක්‍රමය යටතේ සිදු කෙරෙන රුදුරු සූරාකෑම අවසන් කරන ලෙසය. ධනපතියන් ගෝලීයකරනය යටතේ ආර්ථිකයන් විවෘත කිරීමට යොමුවීමත් සමග ඉන්දියාවේ කොන්ත්‍රාත් ශ්‍රම සැපයුම් ක්‍රමය පුලුල්ව ඇත. 2008 පැනනැගි ගෝලීය මූල්‍ය අර්බුදයෙන් තත්වය තවත් උග්‍ර කර ඇත. 2013-14 නිල වාර්තාවලට අනුව, සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 40ක් පමන කොන්ත්‍රාත් හෝ අනියම් කම්කරුවන්ය. එය සීග්‍රයෙන් ඉහල යමින් තිබේ. ඔවුන්ගෙන් සියයට 68ට ලිඛිත කොන්ත්‍රාත් ගිවිසුම් නැත. ශ්‍රීලංකාවේ 2012 වසරෙහි කොන්ත්‍රාත් කම්කරුවන් සියයට 54ක් විය. එය දැන් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ප්රමුඛ ශ්‍රම සැපයුම් ක්‍රමයයි” ඔහු පැවසීය.
ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ජර්මනියේ හා ඕස්ට්‍රේලියාවේ කොන්ත්‍රාත් කම්කරුවන් පිලිබඳව ලෝසවෙඅ පලවූ ලිපි කෙරෙහි ඔහු අවධානය යොමු කලේය. සිය රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂනය කල හම්බන්තොට වරායේ කොන්ත්‍රාත් කම්කරුවන් මර්දනය සඳහා ආන්ඩුව, දෙසැම්බර් මුල හරියේ, නාවික හමුදා භටයින් යෙදවූ බව පැවසූ රත්නායක, බංග්ලාදේශ ආන්ඩුව, අෂුලියා බ්ලෙසින් සමාගම්වලට දහස් ගනන් ඇඟලුම් කම්කරුවන් රැකියා වලින් නෙරපීමට සහාය පිනිස හා දුසිම් ගනනක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදා යෙදවූ බව ඔහු පැවසීය.
මරුති සුසුකි කම්කරුවන් මෙන්ම සෑම රටකම කම්කරුවන් මුහුන දෙන්නේ ජාත්‍යන්තර ප්රාග්ධනයේ එම ප්රහාරයන්ටමය. ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය යුතු අතර සමාජවාදය මත පදනම් වන ජාත්‍යන්තර මූලෝපායක් මත පිහිටාගත යුතුය.
සසප සහකාර ලේකම් දීපාල් ජයසේකර ඉන් පසුව කථා කරමින් පෙන්වා දුන්නේ, මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි දරුනු දඬුවම්, උතුරු ඉන්දියාවේ මනේසර්හි ජපානයට අයත් මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන්ට එරෙහි සමාගම හා ආන්ඩුව එක්ව සිදුකල පලිගැනීමක ප්‍රතිපලය වූ බවයි. විදෙස් හා දේශීය ආයෝජකයින්ගේ ලාභ අවශ්‍යතා සුරැකීම පිනිස වහල් ශ්‍රම කොන්දේසි තමන් මත පැටවීමට එරෙහි කම්කරු පන්තියේ ප්‍රතිරෝධය පසු බැස්වීම එහි අරමුන විය.
“ලෝසවෙඅ ආරම්භයේ පටන්ම සමස්ත සිදුවීම් අධ්‍යයනය කර විශ්ලේෂනය කරමින්, එය සම්පූර්නයෙන්ම ගොතන ලද ව්‍යායාමයක් බව හෙලිදරව් කලේය.” දඩයම හෙලිදරව් කිරීමට එක දිගට හජාජාක විසින් ගෙන යන ලද මැදිහත්වීම ජයසේකර පැහැදිලි කලේය. සමාගම් බලධාරීන් පොලිසිය සමග එක්ව ව්‍යාජ ලෙස කම්කරුවන් දඩයම් කිරීම පිනිස සාක්ෂි ගොතන ලද්දේ කෙසේ ද මේ දඩයම සමග අධිකරනය මුලුමනින්ම පෙලගැසුනේ කෙසේ ද යන්න සම්බන්ධ තොරතුරු සම්භාරයක් හෙලිදරව් කල ලෝසවෙඅ ලිපිලේඛන වලින් ගෙනහැර දක්වමින් ඔහු, දඩයම් සැලසුම් කලේ කෙසේ ද යන්න කාලානුරූප ලෙස ශ්රාවකයින් හමුවේ තැබීය.
ඔහු මෙසේ ද පැවසීය, “හරියානා ප්‍රාන්තයෙහි මරුති සුසුකි කම්හලේ වහල් කොන්දේසි වලට එරෙහිව මෙම කම්කරුවන් ගෙනගිය අරගලය, එම කොන්දේසි වලින්ම පීඩාවට පත්ව සිටින ඉන්දියාව පුරා සිටින අනෙකුත් කම්කරුවන්ගේ ද සහාය දිනාගනු ඇතැයි ආන්ඩුව හා බලධාරීන් බියවූහ.”
ජාත්‍යන්තර කමිටුව ආරම්භයේ සිටම වහල් ශ්‍රම කොන්දේසි වලට එරෙහි මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලයට මැදිහත් විය.
කම්කරුවන් සිය අරගලය පෙරට ගෙනයාමේදී පදනම් විය යුතු දේශපාලන ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය විස්තාරනය කරමින් ද තමන් මුහුනපාන දේශපාලන ප්‍රශ්න සමග විශේෂයෙන් පොර බදමින් ද වාඩිලා ගැනීමේ වැඩවර්ජන, රැස්වීම්, වෝක් අවුට්ස් ඇතුලූ අරගල මාලාවක් කම්කරුවන් විසින් ගෙන යනු ලබද්දී 2011 මැද හරියේ පටන් ලෝසවෙඅ නිරන්තරයෙන් ලිපි, ප්‍රකාශන පල කිරීම ආරම්භ කලේය.
අද දවසේ කම්කරුවන් මුහුනපා සිටින තත්වයට මග පාදමින්, මරුති සුසුකි කම්කරුවන්ගේ අරගල හුදෙකලා කිරීමේ ප්‍රධාන ද්‍රෝහි ක්‍රියාකලාපය ඉටු කලේ, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හා ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය යන ස්ටැලින්වාදී පක්ෂ වලට අනුබද්ධ වෘත්තීය සමිති සංගමය බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රධාන කථාව පවත්වමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව මුදාහල ප්රතිගාමී බලවේගයන්ගේ පෙලගැසීම, ලෝකය පුරාම කම්කරු පන්තිය අත්දකිමින් සිටීම වඩාත්ම කැපී පෙනෙන කාරනය බව අවධාරනය කලේය. ධනපති රාජ්‍යයේ සෑම සංස්ථාවක්ම ද ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරය හා මහජන පෙරමුනු දේශපාලන පක්ෂ ද විසින් කම්කරු පන්තිය වටලනු ලැබ තිබේ.
“මාක්ස්වාදීන් ලෙස අප වටහාගෙන ඇත්තේ, එවන් තත්වයන් විප්ලවවාදී ඇඟවුම් ගැබ්කර ගන්නා බවයි. කම්කරු පන්තිය ඇද දමා ඇත්තේ, දේශපාලන සංස්ථාපිතය තුල මොන පැත්තකින්වත් කිසිදු සහනයක් ලබාගත නොහැකි තත්වයකටය. එය 1917 රුසියාව තුල පෙබරවාරි මාසයේ ආරම්භවූ විප්ලවවාදී ක්‍රියාවලියට සමානකම් දක්වයි.”
“එවන් තත්වයන් තුල තීරනාත්මක වන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම හා කම්කරු පන්තිය විප්ලවවාදී ඉදිරිදර්ශනයකින් උගන්වා ගැනීමේ කර්තව්‍යයයි. රුසියානු ඔක්තෝබර් විප්වයේ ශතසංවත්සරය සැමරීමේදී හජාජාක සිදු කරන දේශපාලන හා න්‍යායික වැඩකටයුතු වල අදාලත්වය පවතින්නේ මෙහිය.”
2008 ආරම්භවූ ධනේශ්වර ආර්ථිකයේ දිග්ගැස්සෙන බිඳවැටීම කෙරෙහි ධනපති පාලනය ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න මරුති සුසුකි කම්කරුවන්ට පනවා ඇති රුදුරු දඬුවමෙන් එලිමහනට පමුනුවා ඇතැයි ඩයස් පැහැදිලි කලේය.
මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලයෙහි වර්ධනය තවදුර පැහැදිලි කරමින් ඩයස්, “ධනේශ්වර ක්රමයේ බිඳවැටීමේ සන්දර්භය තුල තබා අපට, ඔවුන්ගේ අරගලයෙහි දුර දිග යන ඇඟවුම් වටහාගත හැකිය. 2011-12 අවධියේ ආරම්භයේ සිටම මේ අරගලයට දේශපාලනිකව මැදිහත් වීමට අප තීරනය කලේ මේ නිසාය. එහිදී ලෝසවෙඅ වාර්තාකරුවන්, හරියානා ප්‍රාන්තයේ කාර්මික මධ්‍යස්ථාන වලට යමින්, මරුති සුසුකි කම්කරුවන්ගේ අරගලයෙහි අත්දැකීම් ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවධානයට ලක් කල බව” ඔහු කියා සිටියේය.
දඩයම් කර, සිරගත කරන ලද කම්කරුවන් නිදහස් කර ගැනීමේ අපගේ ජාත්‍යන්තර උද්ඝෝෂනය සම්පාදනය කල සවිස්තරාත්මක විශ්ලේෂනයෙහි වැදගත්කම පැහැදිලි කරමින් ඩයස්, බොල්ශෙවික් පක්ෂය විසින් රුසියානු කම්කරුවන් හා තරුනයින් දේශපාලනිකව උගන්වා ගැනීම සඳහා අත්තිවාරම දැමූ ලෙනින්ගේ කල යුත්තේ කුමක් ද කෘතියෙන් උපුටා දැක්වීය. ලෙනින් මෙසේ පැවසීය, “සමාජ ප්රජාතන්ත්රවාදියෙකු බවට පත්වීමට නම් කම්කරුවා, ඉඩම් හිමියා සහ පූජකයා ද ඉහල නිලධාරියා හා ගොවියා ද සිසුවා හා රස්තියාදුකාරයා ද පිලිබඳ සමාජ හා දේශපාලන අංශයන්හි ආර්ථික ස්වභාවය පිලිබඳ පැහැදිලි චිත්‍රයක් තම සිතෙහි ඇඳගත යුතුය, ඔහු ඔවුන්ගේ ශක්තිමත් හා දුබල තැන් හඳුනාගත යුතුය....ඔහු, නිශ්චිත ආයතන හා නිශ්චිත නීති හා ඒවා පිලිඹිඹු වන්නේ කෙසේ ද යන්න මගින් කුමන අවශ්‍යතා පිලිබිඹු කෙරෙන්නේදැයි වටහාගත යුතුය...මෙම පුලූල් දේශපාලන හෙලිදරව් කිරීම්, ජනතාව විප්ලවවාදී ක්‍රියාවන් තුල පුහුනුකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය හා මූලික කොන්දේසිය වන්නේය. (කල යුත්තේ කුමක් ද (ප්‍රගති ප්‍රකාශකයෝ)
ඩයස්, දඩයම් කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමට හජාජාක දියත් කර ඇති උද්ඝෝෂනය, විවිධ ව්‍යාජ වාම කන්ඩායම් විසින් ගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාර වලින් වෙන්කර දැක්වීය. “ධනවාදයේ උග්‍ර වන අර්බුදයේ කොන්දේසි යටතේ වඩ වඩාත් දැඩිවන ප්‍රහාර හමුවේ, අනුකම්පාව පතා එම අපරාධකරුවන් ඉදිරියේ වැඳ වැටෙන විරෝධතා වලට අපගේ උද්ඝෝෂනය කිසි ලෙසකින්වත් සමාන වන්නේ නැතැයි” ඔහු පැවසීය.
ඔහු ජාත්‍යන්තර කමිටුවේ උද්ඝෝෂනය කරුනු තුනක් යටතේ කැටි කලේය. පලමුව එය පාලක පන්තියේ සියලු කොටස් වලින් හා කම්කරු ව්‍යාපාරය තුල සිටින ඔවුන්ගේ ඒජන්තයින්ගෙන්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අවධාරනය කිරීම අරමුනු කර ගනියි. දෙවනුව අපගේ උද්ඝෝෂනය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා පෙනී සිටියි. තුන්වනුව න්‍යෂ්ටික යුද්ධයක් දෙසට තල්ලුවන අධිරාජ්‍යවාදී ලෝක පර්යායට ජාත්‍යන්තර සමාජවාදී විකල්පයක් සඳහා සටන් වදින ව්‍යාපාරයක් ගොඩනැගීමය.
ඩයස් කථාව අවසන් කලේ මෙසේ පවසමිනි, “සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හජාජාක ශාඛාවන්හි කම්කරු පන්ති මහජන පදනම පුලුල් කිරීම හා ඉන්දියාව ද ඇතුලු සෑම රටකම නව ශාඛා ගොඩනැගීම අපගේ ජාත්‍යන්තර උද්ඝෝෂනයෙහි එල්ලයයි.”
රැස්වීම අවසානයේදී, ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි දඩයම හෙලාදකින යෝජනාවක් ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කරන ලදී. මෙය වනාහි සමස්ත දේශපාලන සංස්ථාපිතය, මරුති සුසුකි සමාගම හා පොලිසිය විසින් එක්ව කුමන්ත්රනය කර සිතාමතා සිදු කල දේශපාලන දඩයමක් බව එය කියා සිටියේය. ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා හජාජාක විසින් ගෙන යන අරගලය වටා බලමුලු ගැන්වෙන ලෙස යෝජනාවෙන්, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ද තරුනයින්ගෙන් ද ඉල්ලා සිටි අතර යෝජනාව ඒකඡන්දයෙන් සම්මත විය.
Follow us on