මූල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යය: ලෝකය පාලනය කරන්නේ කවුද?
The domination of finance capital: Who rules the world?
නික් බීම්ස් විසිනි , 2017 අප්‍රේල් 15
2009 දී කරන ලද පර්යේෂනයක් මත පදනම්ව, ඩේවිඩ් පීට්ස් සහ ජියොර්ජිනා මරේ යන ඕස්ට්‍රේලියානු ක්වීන්ස්ලන්තයේ ග්‍රිෆිත් සරසවියේ ශාස්ත්රාලිකයන් දෙදෙනෙක් විසින් සම්පාදිත මෙම ලිපිය, ලෝකයේ විශාලතම මහා සංගත (VLC - වීඑල්සී) 299ක පාලනය පිලිබඳ ඔවුන්ගේ විශ්ලේෂනය සාරාංශ කරයි.
මෙම පර්යේෂනය කරනු ලැබුවේ මෙයට අවුරුදු හතකට පෙර වුව ද කර්තෘවරු මෙසේ සටහන් කරති: “අප සොයාගෙන ඇති පරිදි, මෙම ප්‍රගාමි සංකේන්ද්‍රනය, ගතවූ දශක කිහිපය තුල රටවල් ගනනාවක් තුලම පවත්නා ප්රවනතාවයයි.”
ලිපිය ඇරැඹෙන්නේ, සුවිසල් මහ සංගත, කොටස් කරුවන් විශාල ගනනකට අයිතිය යන මිත්‍යාව බිඳ දමමිනි. මෙම මිත්‍යාව ක්‍රමානුකූලව වගා කර ඇත්තේ, කොටස් වෙලඳපල කම්කරුවන්ගේ “ආසක්තයන් වෙනුවෙන් ද සේවය කරතියි යන ජන මාධ්‍ය විසින් නිරතුරුව පතුරුවනු ලබන කියාපෑම තහවුරු කරලීම සඳහාය.
එක සංවිධානයක් [එනම් එක්සත් -ජනපදය පදනම් කරගත් බ්ලැක් රොක් නම් ආයෝජන රක්ෂන අරමුදල] ඉතා විශාල ගෝලීය සංගත සෑම එකක ම කොටස් සියයට හයක් පාලනය කරන තතු යටතේ, සංවිධාන 30 ක්, මේ සියලුම විශාල සංගතවල කොටස් වලින් භාගයකට වැඩි ප්‍රමානයක් ග්රහනයට ගෙන ඇත. ඉන් පෙන්නුම් කරන්නේ ”යෝධ සංකේන්ද්රනයකි.”
අපගේ 2009 අධ්‍යයනය සොයාගත් දෙයක් නම් ලෝකයේ සුවිශාල සංගත වල කොටස් වලින් අති මහත් වැඩි පරිමානයක් (සියයට 68.4 ක් ම ) පාලනය කරනු ලැබුවේ මූල්‍ය ප්රාග්ධනයේ විවිධ රූපාකාරයන් විසින් බව යි; පුද්ගලයන් හෝ පවුල් අත තිබුනේ ඉතා අඩු අනුපාතයකි. ( සියයට 3.3කි ) කාර්මික සමාගම් අත පැවතීයේ ද සාපේක්ෂකව කුඩා පංගුවකි.”
මෙම පර්යේෂනය පදනම් වී ඇත්තේ, බියුරෝ වැන් ඩිජික් විසින් සම්පාදනය කරන ලද දත්ත පදනමකිනි. එය ලෝකය පුරා සමාගම් 63,000ක් ආවරනය කරන මූලාශ්‍රය 100න් ලැබෙන තොරතුරු එක්රැස් කරයි. 2009 දී පලකරන ලද, “ලෝකය පාලනය කරන්නේ කවුද - අයිතිය සහ මුල්‍ය ප්රාග්ධනය” යන නමින් යුතු පර්යේෂන ලේඛනයක මෙම කතුවරුන් දෙදෙනා වර්තා කලේ, තමන්ගේ “ඬේටා බේස්” හි ඇතුලත් වූ සංගත 30 ක්, එනම් බැංකු හා මූල්‍ය ආයතන, විශාලතම සංගත (වී.එල්.සී) 29න් සියයට 51.4 ක්ම පාලනය කල බවය. එහි තේරුම, කොටස් හිමියන්ගෙන් සියයට 1.5 ක් කොටස්වලින් අඩකට වැඩි කොටසක් පාලනය කල බවය.
මෙම පර්යේෂන වාර්තාව මුල්‍ය ප්රාග්ධනය, තමන් කොටස් අත්පත් කර ගෙන සිටින සමාගම් මත ආධිපත්‍යය පිහිටුවාගෙන සිටින සැටි පෙන්නුම් කර දුන්නේ ය. මුල්‍ය සංස්ථාවන් තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්නේ, “කට වචනයෙන්” නොවේ,“ඉවත්වීම තුලිනි” - එනම් “සෑහෙන ලාභ නොලැබෙන්නේ නම්” ඉතා විශාල සංගතවල වලින් කොටස් ප්රාග්ධනය ඉවත් කර ගැනීමට නිරන්තරයෙන් එල්ල කරන තර්ජනයෙනි. මුල්‍ය වෙලඳ පොලවල් මත සිය බලය යොදවීම මගින් ද කලමනාකරනයට “කොටස් හිමිකම්වල අගය” ඉහල දැමීමට බල කිරීම මගින් ද මුල්‍ය ප්රාග්ධනයට, සිය කොන්දේසි බලෙන් පැටවීමට හැකිවී තිබේ.
මුල්‍ය වෙලඳ පොල තුල තම වැඩකටයුතු තුලින් ඒවා සංගත කලමනාකාරිත්වයට මෙසේ කියයි: ඔබ ලාභය උපරිම කිරීමට හැකි සෑම දෙයක්ම කරන්නේ නැතිනම්, - නිෂ්පාදන ඵලදායිතාව ඉහල දැමීම තුලින් වේවා, පරිමාව ප්රසාරනය කිරීම මගින් වේවා, වියදම් කැපීමෙන් වේවා,- අපි අපේ කොටස් විකිනීමෙන් හෝ වෙනත් ආකාරයකින් ඔබ කලමනාකාරිත්වයෙන් ඉවත් කරන්නෙමු.”
මේ ක්‍රියා විධිය, කර්තෘ වරුන් සිය විශ්ලේෂනයෙන් උකහා ගන්නා වැදගත් නිගමනයකට මග පාදයි: පද්ධතියේ සාරභූත තර්කනයේ ආස්ථානයෙන් ගත් කල්හි, කාර්මික ප්රාග්ධනය සහ මුල්‍ය ප්රාග්ධනය අතර වෙනස නොමග යවන සුලුය.
“අවසානයේ මෙය මෙසේ වන්නේ, කාර්මික ප්රාග්ධනය වනාහි මුල්‍ය ප්රාග්ධනය ම වන හෙයිනි.” සිය පුද්ගලික සාරධර්මයන්, හිතලු සහ ඕනෑ එපාකම් උඩ මහා සංගත වල හැසිරීම නිර්නය කල, පවුල් සහ පුද්ගලයන් ට අයත් විශාල සංගත කීපයක් විසින් ලෝකය පාලනය කරන ලද සමයක් තිබුනි නම්, දැන් ඒ යුගය පැනගොස් තිබේ. අද දින ලෝකය පාලනය කරන්නේ, මුල්‍ය ප්රාග්ධනයේ තර්කනය - මුදලේ තර්කනය - අනුයන මහා සංගත විසිනි- ඒ ඒවා සිය සැටියෙන්ම එසේ වන බැවිනි. ඒවායේ තර්කනය පුද්ගලයින්ගේ තර්කනය නොව, පන්තියක තර්කනයයි.”
වීඑල්සී සහ ඒවා පාලනය කරන මුල්‍ය සංස්ථාවල ප්රභවය ඇති රටේ දත්ත, සිත් ගන්නා සුලු සහ දේශපාලන වශයෙන් අර්ථභාරි අධ්‍යයනයකි.
ගනනින් 299ක්වූ වීඑල්සී වලින් විශාලම සංඛ්‍යාවක, එනම් 86ක් නැතිනම් සියයට 29ක් ඇමරිකා එක්සත් ජනපදය නිජ බිම කරගනී. ඉන් ඉක්බිතිව එන රටවල් හතර නම්: ජපානයේ 48, මහා බි්රතාන්යයේ 23, ප්රන්සයේ 23, ජර්මනියේ 20. මෙයට පහලින් අනු පිලිවෙලින්: කොරියාව, චීනය, ඉතාලිය, සහ ඔස්ට්‍රේලියාව වෙති.
මූල්‍ය සංගත සම්බන්ධයෙන් සලකන කල, ප්රමුඛ ධනේශ්වර රටවල් තුල ඒවායේ අයිතිය සංකේන්ද්‍රනය වී තිබීම මීටත් වඩා කැපී පෙනෙන දෙයකි. වීඑල්සි මත ආධිපත්‍යය දරන ප්‍රධාන මුල්‍ය සංගත දහයෙන් 6ක් ඇමරිකා එක්සත් ජනපදයේ ද 3ක් ප්රන්සයේ ද 1ක් මහා බ්‍රිතාන්‍යයේ ද වෙති. ලොකුම මූල්‍ය යෝධයන් 21න් 10ක්ම එක්සත් ජනපදයේ ය. මෙම කන්ඩායමෙන් 18ක්, අඩුම තරමින් ප්රනධානම වීඑල්සී 299න් 100ක කොටස් අයිති කරගෙන සිටිති.
ඇමරිකානු මුල්‍ය සංගත දෙකක් මින් කැපී පෙනේ -ඒ බ්ලැක් රොක් සහ කැපිටල් ගෲප් ය. මේ දෙකටම සමාගම් ගනනාවක ප්‍රාථමික කොටස් අයිතිවේ. බ්ලැක් රොක්, සමාගම් 42 ක ප්‍රාථමික කොටස් අල්ලාගෙන සිටි. ඒ සමාගම්වල මුලූුකොටස් ප්‍රමානයෙන් සියයට 13කි. බ්ලැක් රොක් සංස්ථාවේ කොටස් වලින් සියයට 55ක් තිබෙන්නේ ලොකුම කොටස් කරුවන් 5ස් දෙනා අතය. කැපිටල් ගෲප් සංස්ථාවේ කොටස් හිමිකම් වලින් සියයට 45 ක් ම එසේ ය.
මෙම සොයාගැනීම්වල දේශපාලන අර්ථභාරය, ඒවා විවිධ ව්‍යාජවාම පක්ෂ සියල්ලන්ම විසින් රුසියාව සහ චීනය අධිරාජ්‍යවාදී රටවල් බවට කරන කියාපෑම් නිෂ්ප්රභා කිරීමය. ඔවුන්ගේ මෙම කියාපෑම කිසියම්ම ආර්ථික විශ්ලේෂනයක් මත පදැනම් වී නැත. මෙම විශ්ලේෂනය විසින් පෙන්නුම් කර ඇති පරිදී, චීනය හා රුසියාව යන රටවල ස්ථානගතවී ඇති සංස්ථාවන් එකක් වත් ප්රමුඛ සංගත (වීඑල්සි) වල ක්‍රියාකාරිත්වය පාලනය නොකරන හෙයිනි.
අධිරාජ්‍යවාදය යන සිය කෘතිය තුල ලෙනින් පැහැදිලි කල පරිදි, අධිරාජ්‍යවාදී යුගය සංලක්ෂිත වී ඇත්තේ, මුල්‍ය ප්රාග්ධනයේ ගෝලීය ආධිපත්‍යයෙනි. එම ප්රාග්ධනය අයිතිව ඇත්තේ ප්රමුඛ බලවතූන් අතලොස්සක ට ය.
වත්මන් ව්‍යාජවාම ප්රවනතා බොහොමයක් උපත ලද “රාජ්‍ය ධනවාදී” ප්රතවනතාවයන්ට විරුද්ධව සටන් වැදීමේ දී, එවකට සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය නැගෙනහිර යුරෝපය තුල ගෙනයමින් තිබුනු භෞමික ප්රසාරනය, “අධිරාජ්‍යවාදීය”යි එම ප්රවනතාවයන් විසින් කරන ලද අර්ථ කථනයට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි මෙම කරුන අවධාරනය කලේ ය:
“සමකාලීන සාහිත්‍යයේ, අඩුවශයෙන් මාක්ස්වාදී සාහිත්‍යයේ, අධිරාජ්‍යවාදය යන්න වටහා ගනු ලැබ ඇත්තේ, තියුනු ලෙස නීර්නිත ආර්ථික අන්තර්ගතයක් දරන්නාවූ මුල්‍ය ප්රාග්ධනයේ ප්රසාරනික පිලිවෙත ලෙස ය” [Leon Trotsky: In Defense of Marxism: Again and Once More Again on the Nature of the USSR, 1939 ඔක්තෝබර් 18- ලියොන් ට්‍රොට්ස්කි: මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා]
මෙයට වෙනස් දෙයක් කීම ව්‍යාකුලත්වය වැපිරීමක් වනු ඇති බව ඔහු පැවසීය. නිශ්චිතවම ව්‍යාජ වම්මුන්ගේ අරමුන නම් මෙයයි. කුමන විද්‍යාත්මක ආර්ථික විශ්ලේෂනයක් හෝ ඉවත දමන ඔවුහු, “ආධිරාජ්‍යවාදී” යන වචනය විශේෂනයක් ලෙස ගනිති. මෙය වනාහි, “තමන්ගේ ම” අධිරාජ්‍ය බලවතුන් සමග, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ, රුසියාවට සහ චීනයට එරෙහිව ගැඹුරු කෙරෙන යුද ධාවනය පිටුපස පෙල ගැසෙන ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන චේතනාවන් සමග ගැලපෙන්නකි.
එපමනක් නොව, පීට්ස් සහ මරේ විසින් කරනු ලබන පර්යේෂනය, ලෙනින් අධිරාජ්‍යවාදය පිලිබඳව කරන ලද සමස්ත විශ්ලේෂනය පිලිබඳ සිත් කාවදින සනාථනයකි.
අධිරාජ්‍යවාදය විකල්පයක් මගින් වෙනස් කරගත හැකිවන කිසියම් තෝරාගත් පිලිවෙතක් නොවන බව ඔහු පැවසීය. එය වනාහි 19වන සියවසේ නිදහස් තරගය මත පදනම්වූ ධනවාදය විස්ථාපනය කරමින්, ධනේශ්වර සංවර්ධනයේ නිශ්චිත තත්වයක් තුල පැනනැගි ධනවාදයේ ඉහලම සහ අවසාන අවධිය යි.
මුල්‍ය ප්රාග්ධනය ආර්ථික ආධිපත්‍යය සෙවූවේ හුදෙක් සිය යටත් විජිත රටවල් තුල පමනක් නොවේ. දියුනු රටවල් ද පීඩිත රටවල් ද ඇතුලු මුලු මහත් ලෝකය තුලම වේ. එහි [මුල්‍ය ප්රාග්ධනයේ] දේශපාලනය - ලිබරල් ප්රජාතන්ත්රයේ හා නිදහසේ අවසානය ද ප්රතිගාමිත්වය පැටවීම ද - ගලා ආවේ එහි ආර්ථිකය තුලිනි.”
ලෙනින් මෙසේ ලියා තැබුවේ, අධිරාජ්‍යවාදී යුගයේ එලඹීමත් සමග ය; අධිරාජ්‍යවාදී යුගය එලඹ තිබෙන බව, 1914 අගෝස්තු 4 පලමුවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමග නිවේදනය කෙරිනි.
පසුගිය ශත වර්ෂයේදී බොහෝ දේ වෙනස්ව තිබේ; එහෙත් සිත් කාවදින කරුන නම්, ආර්ථික වර්ධනයේ මූලික ප්රවනතා ලෙනින් සටහන් කල මාවතේම ගමන් කොට තිබීමයි. පීට්ස් -මරේ විශ්ලේෂනය පැහැදිලි කරන පරිදි, වීඑල්සී සහ වඩාත් ප්රමුඛ මුල්‍ය ආයතන පිලිබඳ දත්තයන් අනුව, ප්‍රමුඛතා ලයිස්තුවේ මුදුන අරක් ගෙන සිටින්නේ ඉහතකී බලවතුන් මය.
යුද්ධයේ වෛෂයික ධාවකය වනාහි, ලෝක ආධිපත්‍යය උදෙසා මෙම ප්රමුඛ බලවතුන් අතර සිදුවන රුදුරු ඝට්ටනය බව ලෙනින් හඳුනා ගත්තේ ය;
ගෝලීය මහ සංගත සහ ගෝලීය මුල්‍ය සංස්ථාවල වර්ධනය විසින්, ධනේශ්වර නිෂ්පාදන ක්රමයේ අති මුලික ප්රතිඝතිතාවක් මුදුනට ගෙන එන ලදී: එනම්, ලෝක ආර්ථිකයේ වර්ධනය සහ මහ සංගත ලාභ පර්යාය මුල්බැස ඇති ජාතික -රාජ්‍ය පද්ධතිය අතර ප්රතිඝතිතාවයි.
ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, යුද්ධය වනාහි අවසාන විග්රහයේ දී, “ජාතික රාජ්‍යයේ දේශපාලන ආකෘතියට එරෙහිව නිෂ්පාදන බලවේග ගසන කැරැල්ල යි”. යුද්ධය හරහා අධිරාජ්‍යවාදය උත්සාහ කරන්නේ, “මහ බලවතතෙකුගේ සිට ලෝක බලවතා දක්වා ප්රතිවර්තනය කල යුත්තේ කොයි රට ද?” යන ප්රශ්නය විසඳීමටයි.
ලෝකය ම්ලේච්ඡත්වයට අද වැටීම වලක්වාලීමට නම් කම්කරු පන්තිය, ලෝක සමාජවාදී විප්ලවය තුලින් අධිරාජ්‍යවාදයට එරෙහිව, ධනේශ්වර පුද්ගලික ලාභ ගැරිල්ල හා ජාතික රාජ්යපද්ධතිය පෙරලා දමා, වඩා ඉහල මට්ටමේ ගෝලීය සමාජ-ආර්ථික සංවිධානයක් සඳහා පදනම් දැමිය යුතුය.
අධිරාජ්‍යවාදයේ මෙම ප්රශ්නය පිලිිබඳව ලෙනින් අවධාරනය කලේ ය. 19වන සියවසේ තරඟකාරී ධනවාදයේ සිට අධිරාජ්‍යවාදය හෙවත් ඒකාධිකාරී ධනවාදය කරා පරිවර්තනය, යුද්ධය සඳහා කොන්දේසි සකස් කලා පමනක් නොවේ. එය සැලසුම් ගත ලෝක ආර්ථිකයක් උදෙසා වෛෂයික අත්තිවාරම් ද දැම්මේය. මුල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යය, ලෝක පරිමානව නිෂ්පාදනය සිදු කරන මහ සංගතවල නැගීම, බැංකු සහ සංගත වල කොටස් අයිතිය අන්‍යෝන්‍යව බද්ධ වීම යන මේ සියල්ල, නිෂ්පාදනයේ සමාජ සම්බන්ධතාවල ප්රතිවර්තනයක් හා බැඳි පවතී-නිෂ්පාදනයේ හා ශ්‍රමයේ දැවැන්ත සමාජයීයකරනය හා බැඳී ඇත.
පශ්චාත් යුද්ධ උත්පාතය අවධියේ බොහෝ දුර නොදක්නා නිරීක්ෂයින්- ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින් පමනක් නොව තමන් මාක්ස්වාදීන් යයි කියා ගත් සමහර උදවිය පවා- කියා සිටියේ, ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය යල්පැන ගොස් ඇතැයි කියාය.
ඔවුන් කියා සිටියේ, එය දේශපාලන සහ ආර්ථික වර්ධනයන් විසින් අතික්රමනය කර ඇති බවකි. සැලකිය යුතු බලවත් අරගලයකින් පසුව අධිරාජ්‍ය බලවතුන්ගේ යටත් විජිත, ස්වාධීනතාව අත්කරගෙන තිබෙන අතර ජාතික ආර්ථික සංවර්ධනයක් කරා යොමුවී සිටිති.
ආර්ථික පෙරමුනේ, මාක්ස්වාදීන් විසින් එතරම්ම අවධාරනයක් යොදන ලද මුල්‍ය ප්රාග්ධනය, පසුපසට තල්ලු වී ඇති අතර එය ආර්ථික භූදර්ශනය අරක්ගත් මහා කාර්මික සංගතයන්ගේ අතවැසි තැනට තල්ලුවී ගොසිනි.
එහෙත් වඩා පෘථූල ආර්ථික සහ ඓතිහාසික වර්ධනයේ රාමුව තුල, මෙම කාල පරිච්ඡේදය හුදෙක් කෙටි ජවනිකාවක් වූවා පමනි. පශ්චාත් යුද්ධ උත්පාතය පැවැතියේ හුදෙක් සියවස් කාලක් පමනි; එය 1970 ගනන් මුල වන විට අහවර විය. එය අවසන් කර දැමීමට හේතු භූත වූ, වඩ වඩාත් උග්රවන ලාභයේ පහත වැටීම, නිෂ්පාදනයේ ගෝලීයකරනය මත පදනම්ව ලෝක ධනවාදයේ දැවැන්ත ප්රතිව්යූහකරනයක උත්තේජකය ලෙස ක්‍රියාකලේය; එම ක්‍රියාදාමය පදනම් වී තිබුනේ, ලාභ ශ්‍රම තටාකයන්ගේ වාසිය ලබමින්, සෘජු යටත් විජිතවාදී යුගයේ හෝ මුල්‍ය ප්රාග්ධනය නැග එන අවධියේදී හෝ නොවූ විරු මට්ටමක ට සූරා කෑම උග්රකිරීම මත ය.
මෙහි ප්රතිවිපාකය වන්නේ, වර්ධනයේ සර්පිලය, ලෙනින් සටහන් කල මාවතෙහි ම වඩාත් ඉහල මට්ටමකට ගමන් කිරීමයි. එහි අනිවාර්ය විපාකය නම් යුද්ධය දෙසට වඩ වඩාත් උග්රවන ධාවනයයි.
ඒ සමගම නිෂ්පාදනයේ එකාග්රකරනය, සැලසුම් ගත ලෝක සමාජවාදී ආර්ථිකයකට වෛෂයික පදනම් දමා තිබේ. මෙය පිට්ස් -මරේ විශ්ලේෂනය මගින් පමනක් නොව 2011දි කරන ලද පර්යේෂනයන්ගෙන් ද තහවුරුවී තිබේ.
එම වසරේ සෑප්තැම්බර් මාසයේ, “ගෝලීය සංගත පාලනයේ ජාලය” යන නිව් සයන්ටිස්ට්හි පල කෙරුනු ලිපියක, පැන නැගුනා වූ නිෂ්පාදනයේ යෝධ සමාජයීකරනය ද මුල්‍ය ප්රාග්ධනයේ ආධිපත්‍යය ද පෙන්නුම් කර දුනි. 43,000ක් වන ජාත්‍යන්තර මහාසංගත ජාලයේ හදවතේ පවතින්නේ, “වඩාත් දෘඪ ලෙස එකාබද්ධවූ සමාගම් 147ක ‘සුපිරි ඒකකයක යයි ද එය සමස්ත ජාලයේ ධනයෙන් වැඩි පංගුවක් පාලනය කරන බව” ද එය පෙන්නුම් කලේ ය.
මෙම පර්යේෂන වාර්තාවේ සම-කර්තෘවරුන් තිදෙනාගෙන් එක් අයෙකුවන ජේම්ස් ග්ලාට්ෆෙල්ඩර් ට අනුව, ”(සංගත- ජාලයේ සමස්ත ධනයෙන් සියයට 40 ක් පාලනය කිරීමට සංගත වලින් සියයට 1ටත් අඩු සංඛ්‍යාවක් සමත් වී සිටියි.”
මෙම කන්ඩායමේ ඉහල සියයට 20 පාලනය කරනු ලැබුවේ, බාර්ක්ලේස්, ජේ.පී. මෝර්ගන් චේස් සහ ගොල්ඩ්මන් සැක්ස් යන මහා බැංකු ද ඇතුලු මුල්‍ය ප්රාග්ධනය විසිනි.
ගෝලීය මුල්‍ය අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ, 2009 දී ලියන ලද ඔවුන්ගේ ලියවිල්ල තුල පීට්ස් සහ මරේ, රාජ්‍යයන් විසින් “ධනවාදය මත කිසියම් පාලනයක්” පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පෙන්නුම් කරති. ඔවුන් තර්ක කරන්නේ “ධනවාදයට අසීමිත නිදහසක් දීම යනු තව තවත් අර්බුද කැඳවීමක් වනු ඇතැ” යි කියාය.
එහෙත් ධනේශ්වර ක්රමයේ හා එහි අධිපති මුදුන් කොත්වල, කිසියම් ආකාර ප්රතිසංස්කරනයක් සිදු කිරීම පිලිබඳ අපේක්ෂාව මිථ්‍යාවකි.
ඇත්ත වශයෙන් ම කතුවරුන් දෙදෙනාගේ විශ්ලේෂනයම ඔවුන්ගේ දේශපාලන ඉදිරි දර්ශනය නිෂ්ප්රභා කරයි. ඔවුන් මුඛ්‍ය ලෙස ඉස්මතු කරන පරිද්දෙන් ම, මෙම පද්ධතියේ තර්කනය වනාහි මුදලේ තර්කනය මයි.
ප්රාග්ධනයේ භෞතික ප්රකාශනය ලෙස ස්වයං ප්රසාරනයක් ලබන අගය ලෙස, මුදලේ වර්ධනයෙහි තර්කනය නම්, එහි ප්රසාරනය හමුවේ ඇති සකල බාධක බිඳ හෙලීමයි.
මුල්‍ය ප්රාග්ධනය සංගතයන් මත ආධිපත්‍යය දරමින් ඒවාට අන දෙනවා පමනක් නොවේ. ලෙනින් පැහැදිලි කල පරිදි, එය නාමික වශයෙන් ස්වාධීන රාජ්‍යවල, ඉතාම බලගතු ඒවායේ පවා පිලිවෙත් තීන්දු කරයි. අද දින අධ්‍යාපනය , සෞඛ්‍යය වැනි ප්රානසම සමාජ සේවාවන් ට පහර දෙමින් එය බලකර සිටින්නේ, ලාභ ගැරිල්ලට ගැලපෙන පරිදි ශ්‍රම වෙලඳපොල ප්රතිව්යූහකරනය කරන ලෙසයි.
ගතවූ අවුරුදු 30 පුරා අත්දැකීම්, ආර්ථික ජීවිතයේ මෙම කාරනය විදහා දක්වයි. 1980 ගනන්වල මුල, ප්රන්ස ජනාධිපති ප්රන්සුවා මිතරොන් බැංකු මත යම් පාලනයක් ඇති කිරීමට උත්සාහ කල විට මූල්‍ය වෙලඳපල, සිය කටයුතු මගින් ඔහු ගේ පිලිවෙත් සුන්කර දැමීය.
තවත් ප්රමුඛ අත්දැකීමක් ලැබුනේ, 1992 දී ය: මුල්‍ය ප්රාග්ධනය මෙවර ජෝර්ජ් සොරෝස්ගේ රක්ෂන අරමුදලේ ස්වරූපයෙන්, බ්‍රිතාන්‍ය මුදල් විකුනා දමමින් මුදලේ වටිනාකම වැටීම වැලක්වීමට බ්‍රිතාන්‍යය ගෙන තිබුනු පියවර බිඳ හෙලමින්, ස්ටර්ලිං මුදල් ඩොලර් බිලියන 2 ක් රොක් කර ගත්තේ ය. ඒ එංගලන්ත බැංකුවේ වියදමිනි.
දැන් සියලු ආන්ඩු, තම මුදල හෝදාපාලු වීමත් එහි ප්‍රතිපත්ති ගැන නය වර්ගීකරන ආයතනවල තීරන ගැනත් බියෙන් ජීවත් වෙති. 1993 අවසානයේ, ඇමරිකා එක්සත් ජනපද අයවැය පරතරයේ පරිමාව ගැන පැවති නොසංසුන්කම මත, බැඳුම්කර ප්රතිලාභ අනුපාත ඉහල ගිය අතර මුල්‍ය පද්ධතියේ බලකිරීම සපුරාලීම සඳහා සමාජ සුභසාධන වියදම් සැලකියයුතු පමනින් කපාදමන පියවර මාලාවක් ක්ලින්ටන් පාලනාධිකාරය විසින් ක්‍රියාත්මක කරන ලදී. ක්ලින්ටන්ගේ දේශපාලන උපදේශක ජේම්ස් කර්විල්, එම අවස්ථාවේ කියා සිටියේ, “ඉස්සර මා සිතුවේ, පුනරුත්පත්තියක් තිබෙනවා නම් මා කැමති වනු ඇත්තේ, ඊලඟ ආත්මයේදී ජනාධිපති නැතිනම් පාප්වහන්සේ ලෙසට හෝ ඉහලම ගනයේ බේස් බෝල් පිති කරුවෙකු ලෙස ඉපදුනොත් හොඳයි කියාය. නමුත් දැන්නම් මගේ කැමැත්ත වන්නේ, බැඳුම්කර වෙලඳපොල වෙන්නටය. එවිට මට සෑම කෙනෙකුටම බලපෑම් කල හැකි ය” යනුවෙනි.
මෙහි ලා සැලකිල්ලට ගත හැකි කරුනු දෙකක් ඇත. පලමුව මූල්‍ය ප්රාග්ධනය යනු ධනේශ්වර ආර්ථිකයේ කිසියම් බාහිර අංගයක් නොවන බවය. පුද්ගලික අයිතියේ සහ ලාභයේ ආදම්ගේ උයනට රිංගාගත් නපුරු සර්පයෙකු වැනි ධනේශ්වර ආර්ථිකයට බාහිර අංගයක් නොවේ. එය වනාහි එහි නියම පදනමින්ම නිෂ්පන්න වුවකි.
කාල් මාක්ස්, සිය ප්රාග්ධනය කෘතිය ලිවීමට සුදානම් වූ ආරම්භක දවස් වලම කල දෙයක් නම්, සුලු ධනේශ්වර සමාජවාදී පියරි පෘදොන් ඉදිරිපත් කල සංකල්පය වූ, මුල්‍ය ක්රමයේ නිජබිම වූ පුද්ගලික අයිතිය හා ධනේශ්වර වෙලඳපොල රැක ගනිමින්, මූල්‍යය විසින් කරනු ලබන කොල්ලය මැඩලිය හැකිය යන්න අභියෝගයට ලක් කිරීමයි.
මාක්ස් පෙන්නා දුන් පරිදි මෙය වනාහි, පාප් නැතිව කතෝලික පල්ලිය තියා ගැනීමට යාම වැන්නකි.
දෙවනුව, පිට්ස් -මරේ සහ වෙනත් අයගේ ගවේශන මගින් ද තහවුරු වී ඇති ලෙනින්ගේ විශ්ලේෂනයේ අත්‍යවශ්‍ය අංගය නම්, සමාජ දරිද්‍රතාව සහ නිරතුරුව උග්රවන්නා වූ ලෝක යුද්ධ තර්ජනයට හේතුභූත වන මුල්‍ය ප්රාග්ධනයේ නැගීම සහ ආධිපත්‍යය වනාහි, පිලිවෙතක් හෝ අභිමත විකල්පයක් නොව, ධනේශ්වර පර්යායේ ම සංවර්ධනයෙහි අනිවාර්ය විපාකයක්ය යන්නයි.
මෙහි අර්ථය වන්නේ, මේ අවුරුද්දේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මැයි දින කථාවන්හි තේමාව වූ, යුද්ධය කරා ධාවනය නතර කිරීමේ හා සාමය ද අව්‍යාජ සමානතාවය ද තහවුරු කර ගැනීමේ එකම ශක්‍ය හා සැබෑ ඉදිරිදර්ශනය වන ලෝක සමාජවාදී විප්ලවය උදෙසා, සිය වෛෂයික ජීවිතයේ කොන්දේසි විසින්ම ප්රාග්ධනයට එරෙහිව පිහිටුවනු ලැබ ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල සටන් වැදීමයි.
Follow us on