චීනය සමග මිලිටරි ආරවුලේ දී ඉන්දියානු ස්ටැලින්වාදීහු මෝදි ආන්ඩුවට සහාය දෙති
Indian Stalinists support Modi government in military standoff with China
වසන්ත රූපසිංහ සහ කීත් ජෝන්ස් විසිනි, 2017 ජූලි 29
ඉන්දියාවේ ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම්, වර්තමාන ඉන්දු-චීන දේශසීමා අර්බුදයේ දී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුවට සහයෝගය දෙන බවට පිලින දී තිබෙන්නේ, එම අර්බුදය, “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටහත් සහායකයෙකු” ලෙස ඉන්දියාවේ ඉස්මතු වීම මගින් අවුලුවනු ලැබ ඇත යන්න පවා පිලිගනිමින් ය. එමෙන්ම, එම පක්ෂය මෙම සහාය දෙන්නේ ඉන්දියාවේ මිලිටරියේ ප්‍රචන්ඩකාරී හැසිරීම චීනය හා පාකිස්තානය යන දෙරට ම සමග යුද්ධයක් ඇවිලවීමේ තර්ජනය ඉස්මතු කර ඇති තත්වයක ය.
චීනය සහ ඉන්දීය ආධිපත්‍යය යටතේ පවතින භූතානය යන දෙරට ම අයිතිවාසිකම් කියන භූමි භාගයක ඉදිකරන මාර්ගයක් පුලුල් කිරීමේ නිරතව සිටින චීන කම්කරුවන් පලවා හැරීම පිනිස, සති හයකට පෙර ඉන්දියානු හමුදා භටයන් හිමාල කඳු පාමුල පිහිටි ඩොක්ලාම් හෙවත් ඩොංලාං සානුවේ කොනකට කඩාවැදුනි. එතැන් පටන් ඉන්දීය හා චීන හමුදා භටයන් සියගනනක්, එකිනෙකාගෙන් මීටර 100ක් තරම් සමීපව “මුහුනට මුහුනලා” කඳවුරු බැඳගෙන සිටිති. නව දිල්ලිය හා බීජිනය යන දෙපාර්ශවය ම මෙම ඈතින් පිහිටි ප්‍රදේශයට කඩිමුඩියේම දහස් ගනනක් අතිරේක හමුදාව එවා ඇති අතර, සති ගනනක් තිස්සේ ඉන්දියානු හා චීන නායකයෝ එකිනෙකාට තර්ජනය කරමින් සිටිති.
දේශසීමා අර්බුදය පෙන්නුම් කරන්නේ හා නියෝජනය කරන්නේ, චීන-ඉන්දියානු සබඳතා සීග්‍රයෙන් පිරිහීයාමේ නව අවධියකි. එය, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ විශ්වාසනීය හා ඉදිරිපෙලේ සහකාර රාජ්‍යයක් ලෙස ඉන්දියාව පරිවර්තනය වීමේ නො වැලැක්විය හැකි විපාකය යි.
එහෙත්, ආසියාවේ පමනක් නොව සමස්ත ලෝක ජනතාවටම බිහිසුනු අන්තරායක් වන ඉන්දියාව හා එක්සත් ජනපදය අතර මෙම සන්ධානය පිලිබඳ ව ඉන්දීය කම්කරුවන්ට හා පීඩිතයන්ට අනතුරු ඇඟවීම වෙනුවට ස්ටැලින්වාදීන්, ඩොක්ලාම් දේශසීමා ආරවුල සලකන්නේ, හුදු රාජ්‍යතාන්ත්‍රික මතභේදයකට නො වැඩි දෙයක් ලෙස යි.
වඩාත් අන්තරායකාරී වන්නේ, නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන බීජේපී ආන්ඩුව හා ඉන්දීය ධනපති පන්තිය සාමයට ලැදි යයි සහතික ලියමින් ද මහබලවතෙකු වීමේ ඔවුන්ගේ අභිලාෂයන්ට සහයෝගය දෙමින් ද ස්ටැලින්වාදීන්, ඔවුන් ගැන මාරාන්තික මිථ්‍යාවන් වැපිරීමයි. සියල්ලටත් වඩා, ඉන්දියානු ආන්ඩුව ද ඇතුලු ව ප්රතිමල්ලව ධනේශ්වර බලවතුන්ගේ අභිලාශයන් ගසා කමින්, සම්පත් ද වෙලඳපොලවල් හා මූලෝපායික වාසි ද වෙනුවෙන් දියත් කරන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව, ලෝක කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ස්ටැලින්වාදීහු එක හෙලා විරුද්ධ වෙති.
චීන දේශසීමා ආරවුල ගැන “පොදු එකඟතාවක්” ඇතිකර ගැනීම සඳහා බීජේපී ආන්ඩුව විසින් කැඳවා තිබූ “සර්ව-පාක්ෂික නායක” හමුවකට, සීපීඑම් ප්‍රධාන ලේකම් සීතාරාම් යෙචුරි ජූලි 14දා සහභාගි විය. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ පැවසූ පරිදි, “සහභාගි වූ සියලු නායකයෝ ඉන්දියාවේ ප්රවිෂ්ටයට හා ජාතික සමගියේ අවශ්‍යතාවන්ට බලගතු ලෙස සහාය පලකලහ.”
යෙචුරි හෝ සීපීඑම් විසින් බාග්ලේගේ අදහස් ප්‍රතික්ෂේප කර නැත. ඉන්දීය ධනේශ්වර පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ආන්ඩුව විසින් කැඳවන ලද රැස්වීමකට යෙචුරි සහභාගී වීම ම, සීපීඑම් පිලිබඳ හෙලිදරව්වකි. සිය කොල්ලකාරී මහාබල අභිලාෂයන් ඉටුකරගැනීම ඉලක්ක කරගත්, ඉන්දීය ධනපති පන්තියේ විදේශ ප්‍රතිපත්ති යාන්ත්රනයන්ට විරුද්ධ ව, ඒවා හෙලිදරවු කරමින්, කම්කරු පන්තිය බලමුලු ගන්වනවා වෙනුවට, යෙචූරි තදියමින් දිවගියේ, එම අභිලාෂයන්, පන්තිවලට ඉහලින් පිහිටි සුපිරි පැහැයෙන් යුත්, “ජාතික” කබායක් තුල සැඟවීමට ස්ටැලින්වාදීන්ගේ සහාය පලකිරීමට යි.
සර්ව-පාක්ෂික රැස්වීමෙන් පසුව යෙචුරි තම ෆේස්බුක් පිටුව තුල සටහන් කලේ, “චීනය සමග ආරවුල රාජ්‍යතාන්ත්‍රික නාලිකාවන් හා සාකච්ඡා හරහා විසඳාගැනීමට ආන්ඩුව දරන උත්සාහයට,” සීපීඑම් පක්ෂය, “පූර්න සහයෝගය දෙන බව යි.” “කලාපය තුල අසල්වාසීන් සමග බැඳීම් වේගයෙන් ඛාදනය වෙමින් පවත්නේ මන්දැයි පැහැදිලි කරන හා අවලෝකනය කරන” ලෙස මෝදිට හා බීජේපීයට කරන ආයාචනාවකට, සීපීඑම් නායකයා තම ප්‍රකාශය අමුනා තිබේ.
යෙචුරිගේ අදහස් දැක්වීම් සමාන වන්නේ, බීජේපී ආන්ඩුවේ හා ඉන්දියානු ධනේශ්වරයේ සාමකාමී යයි කියන අභිමතාර්ථයන්ට දුන් වරපත්රයකට ය. ඔවුන් මෙලෙසින් රවටන්නට උත්සාහ දරන්නේ කවරෙක් ද?
* සීපීඑම් දේශපාලන මන්ඩලය මෝදිගේ මෑත ම ධවල මන්දිර චාරිකාව ගැන නිකුත් කල ප්‍රකාශයට අනුව, සංගත-පාලිත මාධ්‍යයන්ගේ, මහව්‍යාපාරිකයේ හා ඉන්දියාවේ මිලිටරි-මූලෝපායික සංස්ථාපිතයේ උද්යෝගිමත් පිටුබලය ඇති ව බීජේපී ආන්ඩුව, “එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යටහත් කනිෂ්ට අන්තේවාසිකයෙකු බවට” ඉන්දියාව පත්කොට ඇත. සිය ආර්ථික ආධිපත්‍යය අහිමි වී යාමේ විපාක වලක්වා ගැනීමට දරන උත්සාහය තුල, මැද පෙරදිග කලාපය හරහා විසිපස් වසරක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෙන යමින් සිටින යුද්ධ, න්‍යෂ්ටික බලවතුන් වන චීනය හා රුසියාව සමග ඉවබව නැති මිලිටරි-මූලෝපායික ගැටුම් කරා වර්ධනය වන තත්ත්වය යටතේ පවා එය එසේ ක්‍රියාකර ඇත.
* දකුනු ආසියාවේ හා ඉන්දියානු සාගරයේ සිය ප්‍රධානතම සගයා ලෙස වොෂින්ටනය විසින් නව දිල්ලිය වැලඳගැනීම මගින් දිරිගන්වනු ලැබ ඇති බීජේපී ආන්ඩුව, කලාපීය අධිපතියා ලෙස නැග ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. පසුගිය සැප්තැම්බරයේ, පාකිස්තානය තුලට දේශසීමා හරහා නීති-විරෝධී ආක්රමන සිදුකල ඉන්දියාව, ඉස්ලාමාබාදය සමග අනුගමනය කල “මූලෝපායික ප්රතිබාධනයේ” විලංගු බිඳ දැමූ බවට පාරම්බෑවේ ය. දසමාසයකට පසුව, කාෂ්මීරයේ ඉන්දීය පාලනය මුහුනපා සිටින අර්බුදයට මූලික හේතුව “පාකිස්තාන ත්‍රස්තවාදය” යයි හින්දු අධිපතිවාදී බීජේපීය මුරන්ඩු ලෙස අවධාරනය කරයි. ඉන්දියාවේ හා පාකිස්තානයේ හමුදා සටන සඳහා කඩු ඇදගෙන සිටිති.
* තමන්ගේ පූර්ව-ප්‍රාප්තික ආන්ඩුවල ව්‍යායාමයන් නො නවත්වා ඉදිරියට ගෙනයන මෝදි ආන්ඩුව, චීනයේ සෑම ප්‍රධාන ජනාකීර්න ස්ථානයකට ම න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇති අග්නි 5 මිසයිලය ඇතුලු න්‍යෂ්ටික අවි වර්ග තුනක් තැනීම කරා මුරන්ඩු ලෙස උත්සාහ දරමින් සිටී.
මෝදි හා ඔහුගේ බීජේපීය සම්බන්ධ ව ගත්කල, “අසල්වාසී රටවල් කෙරේ වඩා මිත්‍රශීලී පිලිවෙතක් අනුගමනය, කරන්නැයි ඔවුන්ට යෝජනා කිරීම, පැහැදිලිවම අභූතයකි. එවැන්නක් සමාන වන්නේ, (ස්ටැලින්වාදීන් නිරන්තරයෙන් කරන පරිදි) “ජනතාවාදී” පිලිවෙත් අනුගමනය කිරීම හෝ වර්ගවාදය හෙලාදැකීම අනුමත කරන ලෙස ඔවුන් වෙත ආයාචනා කිරීමට ය.
කලින් බලයේ සිටි කොංග්රස් පක්ෂ ආන්ඩුව විසින් වාත්තු කරන ලද, ගෝලීය මූලෝපායික ඉන්දු-එක්සත් ජනපද හවුල්කාරීත්වය මත පදනම්වූ ඉන්දු-එක්සත් ජනපද සන්ධානය, බීජේපීය විසින් සිය ගෝලීය මූලෝපායෙහි මුරගල බවට පත් කරගෙන ඇත. අතිමූලික දෙය වන්නේ, ඉන්දීය ධනපති පන්තිය ද ලොව පුරා සිය අනෙකුත් ප්රතිමල්ලවයන් මෙන් මහා අවපාතයෙන් මෙපිට ලෝක ධනවාදයේ ගැඹුරුතම අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, කප්පාදු පිලිවෙත්, යුද්ධය හා ප්රතිගාමීත්වය වැලඳගැනීමෙන් ය යන්න යි. ඉන්දීය ධනේශ්වරය, මෝදි හා ඔහුගේ හින්දු අධිපතිවාදී බීජේපීය බලයට ගෙන ආවේ, වෙලඳපොල ගැති “ප්රතිසංස්කරන” තීව්ර කිරීමේත්, ලෝක කරලිය මත තමන්ගේ අවශ්‍යතා වඩාත් ආක්‍රමනීය ලෙස අවධාරනය කිරීමේත් අටියෙනි.
යෙචුරි විසින් බීජේපී ආන්ඩුවට, ඉහත කී ආකාරයේ මුග්ධ හා ප්රතිගාමී ආයාචනා යොමු කරනු ලැබීම, කිසිසේත් ම අහම්බයක් නො වේ. දශක ගනනාවකට පෙර ම, සීපීඑම් හා එහි සහෝදර ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට අනුගත වූහ. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ, සමාජ අතෘප්තිය මෙල්ල කර මර්දනය කොට, පාලක පන්තියට උපදෙස් දෙමින් දැනුවත් කිරීමයි.
සීපීඑම්හි පීපල්ස් ඩිමොක්රසි (ජනතා ප්රජාතන්ත්රවා) වෙබ් අඩවියේ මෑත පලකරන ලද ලිපි මේ බව මනා ව පෙන්නුම් කරයි.
“ඉන්දියාව හා චීනය: සාකච්ඡා කිරීම හැර අන් මගක් නැත” යන හිසින් ජූලි 12දා පීපල්ස් ඩිමොක්රසි වෙබ් අඩවිය කතුවැකියක් පලකලේ ය. එහෙත් ඒ වනවිට, මාසයකට ආසන්න කාලයක් තිස්සේ, චීනය භූතානයේ ස්වෛරී අයිතීන් උල්ලංඝනය කරන්නෙක් යයි පින්තාරු කරන වාර්තා හා ප්‍රකාශ හරහා, ආන්ඩුව හා මාධ්‍ය විසින් ඉන්දීය ජනතාව යටකරනු ලැබ තිබුනේ, චීනය දකුනු චීන මුහුද තුල කරගෙන යන “ආක්රමනකාරී” ගම්‍යයන් සහිත ක්‍රියාවන්ට ඩොක්ලාම් අර්බුදය සමාන කරමින් සහ අවශ්‍ය වුවහොත්, 1962 වසරේ චීන-ඉන්දියා දේශසීමා යුද්ධයේ දී ලත් පරාජයේ වාඩුව ගැනීමට ඉන්දියාවට තිබෙන හැකියාව ගැන පම්පෝරි ගසමිනි.
පීපල්ස් ඩිමොක්රසි හෝ සීපීඑම් පක්ෂ වෙබ් අඩවිය විසින් පුලුල් දේශසීමා අර්බුදය ගැන සඳහන් කර තිබුනු පලමු ලියවිල්ල වූයේ, මෙම කතුවැකිය යි.
ඉන්දියාව හා චීනය අතර වැඩෙන “ප්රතිරෝධයට හේතුකාරක වන මුඛ්‍ය සාධකය වන්නේ, ඉන්දියාවට එක්සත් ජනපදය සමග පවතින මූලෝපායික සන්ධානය” බව කතුවැකිය සටහන් කරයි. “එක්සත් ජනපදය ආසියා-පැසිෆික් සාගර කලාපය තුල චීනය වටලෑම ඉලක්ක කරගෙන සකසා ඇති මූලෝපායික සැලසුම් සමග ඉන්දියාව බද්ධ වී ඇති” බව එය පවසයි.
එහෙත් කතුවැකිය එලෙසින් සටහන් කරන්නේ, එක්සත් ජනපදය, චීනය, පාකිස්තානය හා ලෝකයේ අනෙක් රටවල සිය පන්ති සහෝදර සහෝදරියන් සමගින්, යුද්ධයට හා අධිරාජ්‍යවාදයට විරුද්ධ ව විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ඉන්දීය කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීම සඳහා කැඳවුම් කිරීමේ ආස්ථානයෙන් නො වේ.
වෙනත් තැනක වඩා පුලුල් ලෙස පැහැදිලි කරන පරිදි, එහි තර්කය වන්නේ, ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ඉන්දීය ධනේශ්වරයේ “ජාතික අවශ්‍යතාවන්ට”සේවය නො කරන බව හඳුනාගන්නා ලෙස මෝදි ආන්ඩුවටත් සමස්තයක් ලෙස දේශපාලන සංස්ථාපිතයටත් ආයාචනා කිරීම යි. ඉන්දියාව සිය “මූලෝපායික ස්වෛරීත්වය” එනම් ඇමරිකාව, අනෙකුත් බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්, රුසියාව හා චීනය අතර උපාමාරු දැමීමේ ඉඩකඩ, වඩා හොඳින් පවත්වාගෙන යා යුතුයයි සීපීඑම් තර්ක කරයි.
“ද්විපාර්ශවික සම්බන්ධතාවේ දී ආරක්ෂක සාධකයේ ප්‍රමුඛත්වය, ඉන්දියාව වඩ වඩාත් එක්සත් ජනපදය මත රඳා පවතිමින්, එහි ආරක්ෂක ආවරනය යටතට ගෙන එන්නේ” යයි පීපල්ස් ඩිමොක්රසි ජූලි 16 දින පලකල දීර්ඝ ලිපියක් තුල මැසිවිලි නගයි. වොෂින්ටනයට යටත් ව සිටීම නිසා, යුද්ධය දියත් කිරීම ඇතුලු තමන්ගේ ම අවශ්‍යතා සඳහා මිලිටරිය භාවිතා කිරීමේ හැකියාව ඉන්දීය ධනේශ්වරය විසින් නැතිකර ගනිමින් සිටින බවසඳහන් කරන ලිපිය මෙසේ කියයි: “එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සඳහා...අපි අපගේ මිලිටරිය උකසට තබමින් සිටින්නේ...යුද්ධය හා සාමය ගැන තීන්දු ගැනීමේ දී ඉන්දියාවට ඉතා කුඩා ස්වෛරීභාවයක් පමනක් ඉතිරි කරමිනි.”
ස්ටැලින්වාදීන් ඉන්දු-එක්සත් ජනපද සන්ධානයට දක්වන විරුද්ධත්වය, ඉඳහිට අධිරාජ්‍යය-විරෝධී කයිවාරු වලින් ආවරනය කරගන්නා වූ ද සකල සියලු ප්රතිමල්ලව ධනේශ්වර බලවතුන්ටත් ජරාජීර්න ධනපති පර්යායටත් එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීම මත පදනම් විය යුතු, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අව්‍යාජ විරුද්ධත්වයක් සමග මෙලොව සම්බන්ධයක් නැත.
සීපීඑම්, ඉන්දීය මිලිටරිය ක්ෂනික ව ප්රසාරනය කිරීම ඇතුලු පාලක පන්තියේ ප්‍රධාන අභිලාෂයන්ට කිසිදු විලිලජ්ජාවකින් තොර ව සහයෝගය දෙයි. 2001 දී ඩොලර් බිලියන 11.8ක් ව තිබී මේ වනවිට ඩොලර් බිලියන 56ක් දක්වා පස්ගුනයකට ආසන්න ව නැග ඇත්තා වූ මිලිටරි අයවැය ගැන, සීපීඑම් කිසිදු විවේචනයක් කර නැත.
ඩොක්ලාම් දේශසීමා අර්බුදය ගත්කල, සීපීඑම් පක්ෂය එය හෙලාදකින්නේ, ප්රතිමල්ලව ධනපති රාජ්‍යයන් අතර මූලෝපායික වාසි සඳහා පවතින ප්රතිගාමී ගැටුමක් ලෙස නො වේ. ඒ වෙනුවට එය කරන්නේ, “චීනය සමග සාකච්ඡාවල දී ඉදිරිපෙල කාර්යභාරය ගැනීම භූතානයට ඉටු කිරීමට” ඉඩ දී රාජ්‍යතාන්ත්‍රික උපාමාරු හරහා “ඉන්දියාවේ අවශ්‍යතා” ඉදිරියටත් රැකගන්නා ලෙස බීජේපී ආන්ඩුවට උපදෙස් දීමයි.
පාකිස්තානය සමගඉන්දියාවේ සම්බන්ධකම් පිලිබඳ ව ද සීපීඑම් උපදෙස් දෙන්නේ, චීනය සමග වත්මන් දේශසීමා අර්බුදයේ දී මෙන් ම “සංයමයෙන්” කටයුතු කරන ලෙස යි. එහෙත්, එම කරුන, පසුගිය සැප්තැම්බරයේ දී මෝදිගේ අනදීම යටතේ පාකිස්තානය තුල ඉන්දියාවේ විශේෂ හමුදාවන් විසින් කරන ලද නීති-විරෝධී හා අතිශය ප්රකෝපකාරී ආක්රමන වලට ප්‍රශංසා කිරීම සඳහා ඉන්දීය සංස්ථාපිතයේ අනෙක් අය සමග පෙලගැසීමෙන් සීපීඑම් වැලැක්වූයේ නැත. කේරල ප්‍රාන්තයේ මහ ඇමති හා සීපීඑම් දේශපාලන මන්ඩල සභික පිනරායි විජයන්ගේ මූලිකත්වයෙන්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය ඉන්දියානු මිලිටරිය උත්කර්ෂයට නංවන යෝජනාවක් පවා සම්මත කලේ ය.
එලෙසින් ම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට හා ඉන්දු-එක්සත් ජනපද සන්ධානයට ඉන්දීය ස්ටැලින්වාදීන්ගේ මතුපිට විරුද්ධත්වය, බීජේපීයට එරෙහි වීමේ නාමයෙන්, කොංග්රස් පක්ෂය සහ එක්සත් ජනපද මූලෝපායික න්‍යාය පත්‍රයට ඉන්දියාවේ ඒකාග්ර වීමට සහයෝගය දී දක්ෂිනාංශික කුලවාදී පක්ෂ රොත්තක් සමග පෙරමුනු ගැසීමෙන් ස්ටැලින්වාදීන් වලක්වා නැත.
ඉන්දු-චීන දේශසීමා අර්බුදය වනාහි, මහා බලවතුන් අතර අර්බුදයේ වාසුලිය තුලට දකුනු ආසියාව හා ඉන්දියානු සාගර කලාපය උරාගනිමින් තිබෙන බවට වන නවතම අනතුරු ඇඟවීම පමනි. දේශපාලනික ව කම්කරු පන්තියේ හුස්ම හිරකිරීමට ව්‍යාජ සමාජවාදී හා අධිරාජ්-විරෝධී කයිවාරු යොදාගන්නා සීපීඑම් පක්ෂය, ඉන්දියානු ධනේශ්වරයේ දේශපාලන ඒජන්තයෙකි ය යන්න හෙලිදරවු කිරීම, දකුනු ආසියාවේ ජනතාවන් යුද්ධයට එරෙහි ව බලමුලුගැන්වීම සඳහා අත්‍යවශ්‍ය කටයුත්තකි.
Follow us on