ගංවතුර ව්‍යසනය පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීම
Socialist Equality Party holds public meeting on Sri Lankan floods disaster
අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 ජූලි 5
සමාජවාදී සමානතා පක්ෂය (සසප), ජූනි 28දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී, "ගංවතුර ව්‍යසනය:වගකිව යුත්තේ කවු ද?" යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදි. රුස්වීමේදී, මෑත ගංවතුර හා නායයෑම් වලින් ඇතිව තිබෙන සමජ ව්‍යසනය ද මෙතෙක් පැවති ආන්ඩුවල සාපරාධිත්වය ද සමාජවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව ද ගැන සාකච්ඡා කලේය.
මැයි මාසයේ අවසන් දිනවල ඇතිවූ හදිසි ජලගැලීම් හා නායයෑම් වලින්, 300කගේ ජීවිත අහිමිවූ අතර අඩ මිලියනයක් තරම් ජනතාවක් විපතට පත් විය. ඒ අතර බහුතරයක් කම්කරුවන් හා ගම්බද පීඩිත ජනතාව ය. ජනතාව ව්‍යසනයට මුලුමනින්ම නිරාවරනය කරමින් ආන්ඩුවේ බලධාරීහු, කල් තියා අනතුරු ඇඟවීමට අසමත්වූහ.
රැස්වීමේ මූලාසනය ගත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික සංස්කාරක කේ. රත්නායක, ව්‍යසනය ගැන මාධ්‍ය මුලුමනින්ම පාහේ නිහඬව සිටින බව පැවසීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රමානුකූලව වගකීමෙන් අතසෝදා ගනිමින්, "ජන ජීවිතය නඟාසිටුවන" බවට කයිවාරු ගැසූහ.
“පසුගිය මාස හය තුල පමනක් පුද්ගලයින් 600ක් පමන ව්‍යසන වලින් මරුමුවට පත්වූ බව” ඔහු පැවසීය. ගංවතුරට අමතරව තවත් 200ක් ඩෙංගු වසංගතයෙන් මියගොස් ඇත. අප්‍රේල් මාසයේදී, මීතොටමුල්ල කුනු කන්ද කඩාවැටීමෙන් පුද්ගලයින් 32ක් පනපිටින් වැලලී ගියේ ය.
සමාජ සහන හා ආපදාවන්ට කල්තියා සූදානම් වීමේ වැඩසටහන් ආන්ඩුව විසින් කපා හැරීම නිසා සිදුව තිබෙන මානව වියදම වසරක් පාසා ඉහල යමින් තිබෙන බව රත්නායක පැවසීය. ජාත්‍යන්තර ප්රාග්ධනයට හා මහ ව්‍යාපාරිකයින්ට ලාභ ශ්‍රමය සැපයීමේ කොන්දේසි නිර්මානය කිරීම පිනිස, වසර 40කට පෙර ජනාධිපති ජයවර්ධන ප්රමුඛ ආන්ඩුව, ආර්ථිකය විවෘත කිරීමට පියවර ගත් අතර පසුව බලයට පත් ආන්ඩු, කම්කරු පන්තිය විසින් දිනාගෙන ඇති සොච්චම් සමාජ සහන හා අයිතීන් පවා අහෝසි කිරීමට කටයුතු කර තිබේ.
ලාභය ඉහල නැංවීම සඳහා ධනපතියන්ට දැවැන්ත බදු සහන පිරිනමා ඇත. කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමට වර්ගවාදී යුද්ධයක් ඇවිලවූ අතර, එහි සමස්ත පිරිවැය ඩොලර් බිලියන 200ක් පමන බව සැලකේ. ඉන් බිලියන 75ක් කෙලින්ම ආරක්ෂක කටයුතු වලට යොදවනු ලැබින. එහෙත් දුගී ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පාලකයින් කියන්නේ වියදම් කිරීමට සල්ලි නැති බව යි. නිදසුනක් දක්වන්නේ නම් ආන්ඩුව, මේ වසරේ ආපදා කලමනාකරන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සියයට 30න් කපා හැර ඇතැයි රත්නායක පැවසීය.
දශක ගනනාවකට පෙර බ්‍රිතාන්‍ය හා ඇමරිකාව වැනි රටවල් විසින් මෙම ප්‍රතිපත්ති නිර්දේශ කරන ලද අතර මෑතකදී වැඩකරන ජනතාවට බිහිසුනු ප්‍රතිවිපාක ගෙන දුන් ලංඩනයේ ග්රෙන්ෆෙල්ඩ් ගින්න පෙන්වන්නේ, බ්‍රිතාන්‍ය තුලම හා අන් සෑම තැනකම එමගින් ඇතිකර තිබෙන ව්‍යසනයන් ය. ධනවාදයට ජනතාවගේ අවම අවශ්‍යතාවත් සපුරාලිය නොහැක.
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු ඊලඟට කතා කරමින්, ගංවතුර සඳහා ස්වභාවධර්මයට චෝදනා කරන ආන්ඩුව, සියලු වගකීම් වලින් අත සෝදා ගැනීමට උත්සාහ කරන බව පැවසීය. යථාර්තය නම්, “කල්තියා අනතුරු ඇඟවීමේ තාක්ෂනය වර්ධනය වී ඇතත්, ලාභය පසුපස දුවන ධනවාදය යටතේ ඒ කිසිවක් උපයෝගි කරගත නොහැකිව තිබීම යි.”
මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් කපා හරිමින් තිබේ. එය, මේවන විටත් දරුනු ප්‍රතිවිපාක ඇතිකර තිබේ. “නිදසුනක් ලෙස මහනුවර නගරයේ පාසැල් දරුවන් ශ්වසන රෝගවලින් පීඩාවට පත්ව සිටියි. ප්‍රධාන හේතුව, සෞඛ්‍ය සේවය ලාභ ඉපැයීමේ ක්ෂේත්රයක් බවට පත්කිරීමේ අටියෙන් එය පොද්ගලීකරනය කිරීමේ ආන්ඩු පිලිවෙත යි. මේ තත්වය ධනේශ්වර ක්‍රමය තුල වෙනස් කල නොහැකි බව” ප්‍රනාන්දු පැවසීය.
අවසන් දේශකයාවූ, සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන කිහිපයක් උපුටා දැක්වමින් සිය කථාව ආරම්භ කලේ ය. “1974 හා 2014 කාලයේ ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 29,34655කි. නායයාම් වලින් 46,719 දෙනෙක් විපතට පත් වූහ.”
“අලුත්ම ගංවතුර ව්‍යසනයට කලින්, බලයේ සිටි සෑම ධනපති ආන්ඩුවකටම ස්වභාවධර්මය ඇති තරම් අනතුරු ඇඟවීම් කර ඇති බව මෙයින් පෙනී යයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සාපරාධී නුසූදානම ගැන සලකන කල එය හුදු අත්වැරැද්දක් නොවේ. එය වැඩකරන ජනතාවගේ ජීවිත කෙරෙහි ධනපති පාලනය දක්වන සමාජ විරෝධී නොතැකීම පිලිබඳ කථාවකි. එය අවධාරනය කරන්නේ, විකල්ප සමාජ ක්‍රමයක් මගින් ධනපති ක්‍රමය අහෝසි කිරීමේ ඓතිහාසික අවශ්‍යතාව යි.”
පාලක පන්තියේ කොටස් ජනතාව අතර වර්ධනය වන සතුරුකම පිලිබඳව තැතිගැන්මට පත්ව සිටිති. ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නුසූදානම ගැන ලියන සන්ඩේ ටයිම්ස් පත්‍රයට, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ උද්ධච්ඡ ප්‍රතිචාර ගැන කෝපයෙන් සඳහන් කිරීමට සිදු විය.
ජූනි 4දා එහි කතුවැකිය සඳහන් කලේ, “ආන්ඩුව ගැන රිනාත්මක කථා ගොතන බවට ඔහු මේ පුවත්පතට දොස් පැවරීය. එලඹෙන ව්‍යසනයකට සූදානමෙන් බ්ලැන්කට්ස් හා වතුර බෝතල් අමාත්‍යාංශය විසින් තබාගත යුතු බව ඔවුන් සිතන්නේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි. ඇමතිතුමනි, පිලිතුර, 'ඔව්' යන්නයි. බ්ලැන්කට්ස් වලට කල් ඉකුත්වන දිනක් නැත.”
ලන්ඩනයේ ගිනි ගැනීමෙන් සිදුවූ ව්‍යසනය ගැන ද ඩයස් සඳහන් කලේය. “ගින්න පැතිර ගියේ කම්කරු පන්තික නිවස්නයක් වූ ග්රෙන්ෆෙල්ඩ් තට්ටු ගොඩනැඟිල්ලේය. එය පිහිටා තිබුනේ ලෝකයේ පොහොසත්ම නගරයක ධනවත්ම අය වාසය කරන ප්‍රදේශයක් මැද ය. ධනපති සමාජයන්හි නැගී ආ සමාජ අසමානතාව දැන් කෙතරම් මට්ටමකට වැඩී ඇත්දැයි කිවහොත්, වැඩකරන ජනතාවගේ වාසස්ථාන ලොව පුරා සෑම නගරයකම පාහේ ඇහේ ඇනෙන කටු බවට පත්ව තිබේ. සැක සහිත කඩතුරාවන් යොදාගෙන නිවැසියන් පිටමං කිරීමට සෑම ආන්ඩුවක්ම වැඩ කරමින් සිටී.”
ලංකාවේ මෙන්ම, චීනයේ සිකුවාන් ප්‍රාන්තයේ කඳුකර ගම්මානයකට පස් කඳු කඩාවැටීමෙන් ලගදී මිනිසුන් 100ක් පමන පනපිටින් වැලලුන බව, ඩයස් විස්තර කලේ ය. පසුගිය සතියේ බංග්ලාදේශයේ දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ජල ගැලීම් වලින් පවුල් ගනනාවක් ගසාගෙන ගියේ ය. එය, එම රටේ සාමාන්‍ය සිදුවිමක් බවට පත්ව තිබේ.
ව්‍යාපාරික ලාභය පසුපස දිව යෑමේ තතු හමුවේ සමාජ අවශ්‍යතා සාපරාධී ලෙස නොතකා හැරීමේ ප්‍රතිපල වශයෙන් ධනවාදය යටතේ, රටවල් දියුනු ද නොදියුනු ද යන්න නොතකා, සමාජ ව්‍යසනයන්ට නිරාවරනය වී ඇතැයි ඩයස් පැවසීය. මෙම සාපරාධිත්වය පෙරනෑසූවිරූ මට්ටම්වලට ලඟාවී තිබේ.
කප්පාදු පියවරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන මහජන ව්‍යාපාර මැඩීම පිනිස සෑම රටකම ප්රචන්ඩ රාජ්‍ය යාන්ත්‍රන ශක්තිමත් කෙරෙමින් තිබේ. එය, ඇමරිකාව ප්‍රමුඛත්වය දරන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙනයනු ලබන ප්රචන්ඩ නව යටත් විජිත මිලිටරි මැදිහත්වීම් සමග අත්වැල් බැඳගෙන ගමන් ගනියි.
“දෙමල ජනතාවට එරෙහිව තිස් වසරක් තිස්සේ ගෙන ගිය සිවිල් යුද්ධය අවධියේ, පෙර නොවූ විරූ මට්ටමකට නංවනු ලැබූ පොලිස් හා හමුදා බලය ශක්තිමත් කිරීමටත් නීතිමය රාමුව දැඩි කිරීමටත් ලංකාවේ ධනපති ආන්ඩු ලැබෙන සෑම අවස්ථාවක්ම උපයෝගි කර ගනිති”, දේශකයා කීවේ ය.
“ජලගැලීම් හා නායයෑම් සිදුවූ අවස්ථාවේ ආන්ඩුව, විපතට පත්වූවන් ඊනියා අනවසර ඉදිකිරීම් වල යෙදුනු බවට වහාම චෝදනා කලේ ය. ඒවා වලක්වන නව නීති වහාම පැනවිය යුතු බවට හඬ නැගේ.”
ධනේශ්වර පාලනය යටතේ, සාකච්ඡාමය විසඳුම් පිලිබඳ සියලු බලාපොරොත්තු හා විරෝධතා දේශපාලනයේ අවධිය අවසන්ව ඇති තත්වය තුල පොලිස් රාජ්‍ය සූදානම වැඩකරන ජනතාවට අනතුරු ඇඟවීමකි.
මෙ මගින් ලාභ පද්ධතියට එරෙහිව සමාජවාදී විකල්පයක් සඳහා සටන නොවැලැක්විය හැකි තැනකට ගෙනැවිත් තිබේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ හා එහි ශාඛාවන් පමනක්ම, ලෝක සමාජවාදී විකල්පය සඳහා සටන් වදියි. ඒ සඳහා ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂයේ මගපෙන්වීම යටතේ, රුසියානු කම්කරු පන්තිය 1917 ඔක්තෝබරයේ ආරම්භකත්වය ගනු ලැබින.
“අපි මෙහිදී අරගලයේ මූලධර්ම තුන යලි අවධාරනය කරන්නෙමු: 1. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය 2. කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ සමාජ හා ප්රජාතන්ත්ර අයිතීන් විසඳීමේ සමාජවාදී ක්‍රියාමාර්ගය 3. වාර්ගික භේදකරනයේ සෑම සලකුනකටම එරෙහිව, ජාතික සීමාවන්ගෙන් ඔබ්බෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව, ඒ මූලධර්ම තුනයි.”
මිනිසුන් 32ක් මරුමුවට පත්කරමින් කුනු කන්ද කඩා වැටුනු මීතොටමුල්ලෙන් පැමිනි තරුන කම්කරුවෙක්, බලගතු ධනපති පන්තියට විරුද්ධව ජනතාව සටන් කරන්නේ කෙසේදැයි විමසීය. කුනු කන්ද කඩාවැටීමෙන් ව්‍යසනයට පත්වූවන් කලින් ජීවත්වූ නිවාසයේ ප්‍රමානය අනුව සහන සලසන බව ආන්ඩුව කියා ඇති බවත් ඒ පදනම මත ඔහුගේ පවුලට ලැබෙන්නේ රුපියල් 350,000ක් පමනක් වන අතර අලුතෙන් නිවසක් මිලට ගැනීමට ඒ මුදල කිසිසේත්ම ප්‍රමානවත් නැති බවත් ඔහු පැවසීය.
සෑම රටකම ආන්ඩු බංකොලොත් ධනපති පාලනය යටතේ පවතියි. කම්කරු ව්‍යාපාරයේ දුබල කම, අති මූලිකව ඉදිරිදර්ශනය හා නායකත්වය පිලිබඳ ගැටලුවක් බවත්, මේ තත්වය උදාකර ඇත්තේ, ව්‍යාජ වාම කන්ඩායම් විසින් දෙන ලද මුක්කුව යටතේ ධනේශ්වර ගැති පක්ෂ හා වෘත්තීය සමිතිවල ද්‍රොහී නායකත්වය විසින් බවත් ඩයස් පිලිතුරු වශයෙන් පැවසීය.
“ගම්බද හා නාගරික පීඩිතයින් හා තරුනයින් බලමුලු ගැන්වීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සහිත කම්කරු පන්තියේ ක්‍රියාකාරී කම්ටු වැනි විකල්ප සංවිධාන ගොඩනැඟීමට සසප යෝජනා කරන්නේ මේ නිසාය. කසල ප්රශ්නය පිලිබඳව සසප ස්වාධීන කම්කරු පරීක්ෂනයක් සඳහා ගෙන යන උද්ඝෝෂනයේ ද එල්ලය එයයි.”
කලාව ක්ෂේත්රයේ ඇති වී තිබෙන පරිහානිය, නරකෙන් නරකට ගමන් කරන බවත් ඒ පිලිබඳ සසප අදහස දැන ගැනීමට කැමති බවත් කලාව ක්ෂෙත්රයේ නියැලෙන අයෙක් විමසී ය.
එම ප්‍රශ්නයට පිලිතුරු දෙමින් ඩයස්, 1964දී ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) මහා පාවාදීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ පැවැති සමාජ-ආර්ථික තත්වය හා පන්ති සබඳතා විස්තර කල අතර ලසසප සිරිමා බන්ඩාරනායකගේ ආන්ඩුවට ඇතුලත්වීම මගින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තීරනාත්මකව විනාශ කල බව කීවේ ය. “සංස්කෘතික ජීවිතය ද ඇතුලත් සමාජයීය කොන්දේසිවල සෑම අංශයකටම අතිවිනාශකාරී බලපෑමක් එයින් එල්ල කෙරුනා. මෙයට එරෙහිව සටන් වැදිය හැකිවූයේ, හජජාකය විසින් නායකත්වය දුන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයටම පමනයි. මාක්ස්වාදී ව්‍යාපාරය විසින් පදනම දැමූ සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම පාවාදෙමින් සමාජ ප්රජාතන්ත්රවාදීන් හා ස්ටැලින්වාදීන් ඉටුකල ද්‍රෝහී කාර්යභාරයෙන් පිටස්තරව ජාතයන්තර තලයේ සිදුව ඇති සංස්කෘතිය ජීවිතය පොදුවේ ජරපත්වීම වටහා ගැනීමට හැකියාවක් නෑ. සමාජ හා දේශපාලන කොන්දේසිවල පරිවර්තනයක් සිදුකල හැක්කේ, මාක්ස්වාදී සමාජවාදී සංස්කෘතිය පුනර්ජීවනය කිරීම සඳහා ගෙනියන විප්ලවවාදී අරගලයක් හරහාම පමනයි”, ඩයස් අවසන් වසයෙන් කීවේ ය.
Follow us on