උමාඔය ව්‍යසනයට විරෝධය පාමින් දහස් ගනන් ජනයා බන්ඩාරවෙලට රැස්වෙති
එස්.කේ. අයිරාංගනී විසිනි, 2017 ජූලි 3
ජූනි 28 වෙනිදා බන්ඩාරවෙල නගරයට රැස්වූ දහස් සංඛ්‍යාත මහජනයා උමාඔය ව්‍යාපෘතියෙන් ඇති වී තිබෙන විනාශයට හා අවදානමට එරෙහිව දැවැන්ත විරෝධතා රැස්වීමක් පැවැත්වූහ. එය පැවැත්වූයේ, බදුල්ල, හීල්ඔය, ඇටම්පිටිය හා හපුතලේ මාර්ගවලින් උදේ 9ට ඇරඹි පෙලපාලවලින් බන්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල, හාලිඇල, හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන හතලිහක පමන ජනයා නගරයට සේන්දු වීමෙන් පසුව ය.
එයට සහය පල කරමින් නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා තිබුනි. පාසල්වල, රජයේ හා පෞද්ගලික ආයතනවල වැඩ කටයුතු අඩාල විය. ගමනාගමනය ඇන හිටියේ ය. විරෝධතාව හේතුවෙන් පොඩි මැනිකේ දුම්රියේ ගමන් පමා කෙරුනි. නගරයම කලු කොඩිවලින් සරසා තිබූ අතර උද්ඝෝෂකයන්ට කලු ඇඳුම්වලින් සැරසී එන ලෙස ද කියා තිබුනි.
ව්‍යසනයටපත් ජනතාවට ලැබිය යුතු නිසි වන්දි මුදල් වහා ලබා දෙන ලෙස, අහිමි වී හෝ අඩාල වී ඇති ඔවුනගේ ජීවනෝපායන් යලි ගොඩනගා දෙන ලෙස සහ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස විරෝධතාකරුවෝ ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ.
උමාඔය ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල පොලොව ඉරි තැලීමෙන් සහ ගිලා බැසීමෙන් නිවාස, පාසල් හා වෙනත් ගොඩනැගිලි 7037 ක් පූර්න හෝ අර්ධ වශයෙන් විනාශයට පත්වී ඇත. ලිං හා ජල මූලාශ්ර්ර සිඳී වගා ඉඩම් අක්කර 2100ක් විනාශ වී තිබේ. විකල්ප රැකියා නොමැති බැවින් ගොවීන් කුලී වැඩ සොයා නගරයට ඇදෙන තත්වයක් දක්නට ලැබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනිජාඩ් අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව 2008 අපේ‍්‍රල් මාසයේ දී ඩොලර් මිලියන 529 ක් වූ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹී ය. එම වියදමෙන් 85%ක් අපනයන සංවර්ධන බැංකුව හරහා ඉරාන රජයේ නයක් ලෙස සම්පාදනය කෙරුනි.
ව්‍යාපෘතිය යටතේ මහවැලි ගඟේ අතු ගංගාවක් වූ උමාඔය වැලිමඩ පුහුල්පොල දී හා මාතැටිල්ලේ දී හරස් කර, එහි ජලය උමගක් හරහා කරඳගොල්ලට ගෙනගොස් එහි ඉදි කෙරෙන භූගත විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමටත් ඉන් බැහැරවන ජලය හම්බන්තොටට රැගෙන යන අතරමග දී මොනරාගල දිස්ත්‍රික්කයේ වැව් හා ජලාශ කීපයක් පෝෂනය කිරීමටත් සැලසුම් කර ඇතිබව ප්‍රකාශයට පත් කෙරුනි.
රැස්වීමේ ප්‍රධාන කථිකයා වූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ජනතාව අමතමින් කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහා එම ස්ථානයට මැදිහත් වී සාකච්ඡා කොට විසඳුමක් ලබාදෙන තෙක් විසිර නොයන බවයි.
ව්‍යාපෘතිය නිසා හානියට පත් ජනතාවට සහන සැලසීම, දිය කාන්දුව වලක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතුවලට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීමට රජයේ අවධානය යොමු කර ගැනීමට මෙම විරෝධතා පවත්වන බව ද “මහජන බලය” ලඟ පාලකයො දනගස්සන්න පුලුවන් බව ද ජයග්රහනයෙන් මෙපිට සටන නොනවත්වන බව ද විද්‍යාරත්න පැවසී ය.
කෙසේ නමුදු, ජූනි 30 වන දා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ප්‍රකාශ කෙරෙන ලිපියක් රැගෙන ඌව පලාත් ආන්ඩුකාරවරයාගේ ලේකම් එහි පැමිනි අවස්ථාවේ එය මහත් ජයග්රහනයක් ලෙස හුවා දක්වමින් ලිපිය ප්‍රකාශයට පත් කල විද්‍යාරත්න විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කලේය.
විද්‍යාරත්න ඇතුලු ජවිපෙ, උමාඔය ව්‍යසනය සම්බන්ධයෙන් මුල සිටම කියා සිටියේ එය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ “වැරදි තීන්දුවක්” මත ආරම්භ කෙරුනු ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බවයි. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙනඒම සඳහා විවෘතවම ක්‍රියා කල ජවිපෙ, එම ව්‍යාපෘතිය ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් දැන් එම ආන්ඩුවට ද දොස් පවරයි.
උමාඔය ව්‍යාපෘතිය සහ ඉන් ඇතිව තිබෙන ව්‍යසනය “වැරදි තීන්දුවක” ප්‍රතිඵලයක් නොව රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුව අනුයන ආර්ථික පිලිවෙතේ ප්රතිඵලයකි. මෙම ආර්ථික පිලිවෙතේ මූලිකම අංගය වන්නේ හැකි තරම් ජාත්‍යන්තර ප්රාග්ධනය ආකර්ශනය කර ගනිමින් ආර්ථිකය “වර්ධනය” කිරීමයි. ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා රටවල් අතර පවත්නා රුදුරු තරගයේ දී, ජන ජීවිත කිසිසේත්ම නොතකා එකී ප්රාග්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරදීම එම රටවල පාලකයන්ගේ ප්‍රධාන උත්සුකයක් බවට පත්ව ඇත.
නිසි අධ්‍යනයන් සිදු නොකොට සහ සිදුකල සීමිත අධ්‍යනයන්ගේ නිර්දේශ ඉවත ලා කඩිනමින්ම ව්‍යාපෘතිය දියත් කලේ ආයෝජකයන් විසින් මතු කරන මූලික ප්‍රශ්නයක් වන රටෙහි බල ශක්ති ඌනතාවට පිලියමක් ලෙස ජාතික විදුලිබල පද්ධතියට නව ධාරිතාවක් එකතු කිරීමේ සහ සවිසල් කෘෂිකාර්මික ආයෝජනයන් සඳහා හම්බන්තොට, මොනරාගල සහ බදුල්ල දිස්ත්රික්කයන්ට ජලය සැපයීමේ අටියෙනි.
ගංවතුර සහ නායයාම් වලින්, මීතොටමුල්ල කුනුකන්ද කඩා වැටීමෙන් සහ ඩෙංගු වසංගතය පැතිර යාමෙන් පසුගිය මාස කීපය තුල පමනක් සිදුවූ ව්‍යසනයන් ගැඹුරින් පරීක්ෂා කලහොත්, ඒවායේ මූලය වන්නේ, මහජන වියදම් දැවැන්තව කපා දමමින් සහ ජන ජීවිත නොතකමින් අතාර්කිකව සිදු කෙරෙන යටිතල පහසුකම් වර්ධනය බැව් පැහැදිලි වෙයි. (කියවන්න: ශ්‍රී ලංකාවේ කසල අර්බුදය: පාලක පන්තිය ඇතිකල තවත් මාරක ව්‍යසනයක්
සුවිසල් නය බරින් ද, 2008 න් ඇරැඹී බිඳ වැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනේශ්වර ආර්ථිකයේ පීඩනයෙන් ද මිරිකී සිටින සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් මේ පිලිවෙත් ආපසු හැරවිය නොහැක. එම පිලිවෙත් වල ප්රතිඵලයන් ලෙස සිදුවන සෑම මහජන ව්‍යසනයකට පසුව මහජනතාවගේ ඇස් වලට වැලි ගැසීම සඳහා සිදු කෙරෙන ඊනියා කොමිෂන් සභා පත් කිරීම සහ සොච්චම් වන්දි මුදලක් ලබාදීම හැර අන් කිසිවක් උමාඔය සම්බන්ධයෙන් ද සිදු නොවනු ඇත.
මහජන විරෝධය දියකර හරිනු වස් පාලකයන් විසින් අටවන මෙම ව්‍යාජ කොමිෂන් සභා සඳහා පෙරමග සකස් කිරීමේ වැඩ කටයුතු මූලික වශයෙන් භාරගෙන සිටින්නේ ධනේශ්වර සංස්ථාපිතයේම උපකරනයක් බවට පත්ව ඇති ජවිපෙ ය. ජූනි 29 වන දා මාධ්‍ය අමතමින් විද්‍යාරත්න කියා සිටියේ ව්‍යසනය පිලිබඳව සොයා බලා විසඳුමක් ඉදිරිපත් කිරීමට ජනාධිපති කොමිසමක් පත්කලයුතු බවයි.
ආන්ඩුව, ජවිපෙ යෝජනාව යහමින් යොදා ගනිමින් සිටී. ව්‍යසනයට මුහුන දී සිටින ජනතාවගේ ‘නියෝජිතයන්’ සමග 30 වන දා කල සාකච්ඡාවේ දී ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ, සිදුව ඇති හානිය සහ එම හානිය පූරනය කිරීම සඳහා ගතහැකි ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිලිබඳව අධ්‍යයනය කිරීමට දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කන්ඩායමකට පවරන බවත් එම අධ්‍යනයෙන් පසු තීරනයක් ගන්නා බවත් ය. සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා ඇත්තේ එම තීරනය ගන්නා තෙක් ව්‍යාපෘතියේ වැඩ ‘නතර කිරීම සම්බන්ධයෙන් සලකා බලන’ බව සාකච්ඡාවේදී ජනාධිපති ප්‍රකාශ කල බවයි.
උමාඔය ව්‍යාපෘතිය ආරම්භයේදීම තමා එයට විරුද්ධ වූ බව ද එහිදී ජනාධිපති පවසා ඇත. ජනාධිපති සිරිසේනගේ පටන් දැන් උමාඔය ව්‍යාපෘතිය විවේචනය කරන ආන්ඩුවේ මැති-ඇමතිවරුන් බොහෝ දෙනෙකු මහින්ද රාජපක්ෂ ගේ කැබිනෙට්ටුවේ සාමාජිකයෝ වූහ. ඔවුන් සියලු දෙනාම ව්‍යසනයට මුලුමනින්ම වගකිව යුතුය.
හානියට පත් ප්‍රදේශයන්ට ගොස් විපතට පත්ව ඇති නිවැසියන්ට සහන සැලසීම සඳහා ඇමතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් පත් කෙරුනු බව සහ විනාශ වූ නිවාස ද අහිමිව ගිය ආදායම් ද වෙනුවෙන් නිසි වන්දි ලබාදෙන ලෙස ජනාධිපති ඔවුනට උපදෙස් දුන් බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේය.
මේ සියල්ල මහජන විරෝධය මැඩ පැවැත්වීම සඳහා වන ඇස් බැන්දුම් ය. මීතොටමුල්ල ව්‍යසනයෙන් ජනිත කෙරුනු දැවැන්ත මහජන විරෝධය මධ්‍යයේ, “ව්‍යසනය පිලිබඳ විමසා” විසඳුමක් ලබා දීමට ආන්ඩුව විසින් පත්කල ජනාධිපති කොමිසම ඇතුලු කොමිටි මාලාව දෙස බැලීමෙන් පමනක් එ්වායේ ව්‍යාජභාවය පසක් වෙයි. එම කොමිසම සහ කොමිටි නාමිකව පමනක් පවතින අතර, මුතුරාජවෙල සහ කරදියාන ඇතුලු දුගී ජනයා වෙසෙන දිවයිනේ විවිධ ස්ථානයන්හි කසල කඳු ගොඩගසමින් ආන්ඩුව තවතවත් ව්‍යසනයන් සූදානම් කරමින් සිටී.
උමාඔය විනාශය දිගින් දිගටම වර්ධනය වන තතුතුල වැඩුනු බලගතු මහජන විරෝධය ගසා කමින් “උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුන” නමින් සංවිධානයක් අටවා ගෙන ජවිපෙ වැඩට බැස ගත්තේ, එම මහජන විරෝධය ධනේශ්වර පද්ධතියට එරෙහි විරෝධයක් දෙසට වැඩීයාම වැලැක්වීමේ දැනුවත් අරමුනෙනි.
උමාඔය ව්‍යසනය අර්බුදග්‍රස්ථ ධනපති ක්රමයේ නිශ්පාදිතයක් බව වසන් කිරීමට ජවිපෙ මුල සිටම උත්සාහ දැරූහ. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ විරෝධතාවන් හරහා ආන්ඩු වලට බලපෑම් දැමීමෙන් විසඳුමක් සොයාගත හැකි බවයි. එම විරෝධතා පැවතියදීම, රාජපක්ෂ ආන්ඩුව මෙන්ම, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවද ව්‍යාපෘතිය ඉදිරියටම ගෙන ගියේය. විද්යාරත්නම පවසන අයුරු ව්‍යාපෘතියෙන් සියයට 75 කට වැඩි ප්‍රමානයක් දැනටමත් නිමකර ඇත.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මෑත දී ප්‍රකාශ කලේ “පාරිසරික ප්‍රශ්න රැසක් මතු වී ඇතත් උමාඔය ව්‍යාපෘතියෙන් 77%ක් අවසන් කර ඇති නිසා එය ආපසු හැරවිය නොහැකි” බවයි.
උමාඔය ව්‍යසනය ඇතුලු ඉහත පෙන්වූ සියලු ව්‍යසනයන් අර්බුදග්‍රස්ථ ධනපති ක්රමයේ නිශ්පාදිතයන් බැවින් ධනපති ක්‍රමයට සහ එය පවත්වාගෙන යන ආන්ඩුවලට එරෙහි දේශපාලනික අරගලයකින් තොරව සිදුව ඇති හානි පූරනය කිරීම හෝ ඉදිරි ව්‍යසන වලක්වා ගැනීම කල නොහැක. එවන් අරගලයකට නායකත්වය දිය හැක්කේ ධනේශ්වර ක්‍රමය තුල එකම විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තියට පමනකිි. එමෙන්ම එය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් විය යුතුය. ජවිපෙ ඉදිරිපත් කරන “මහජන බලය” වනාහි, කම්කරු පන්ති නායකත්වයට සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයට මුලුමනින්ම ප්‍රතිකූල සංකල්පයකි.
Follow us on