මාලදිවයින කලාපීය භූ-දේශපාලනික තරඟයේ මූලික ඉත්තකු බවට පත්වේ
ඉන්දියානු සාගරයේ මූලෝපායාත්මක ස්ථානයක පිහිටා ඇති මාලදිවයින් දූපත් සමූහය, ඇමරිකාව, ඉන්දියාව හා චීනය අතර බල අරගලයේ මූලික කේන්ද්‍රයක් බව පත්ව ඇත. ඉන්දියාවේ නිරිතදිගට පහලින්, මැද පෙරදිග හා අපි‍්‍රකාවේ සිට ආසියාවට හා ඕස්ටේ්රලියාවට යන මුහුදු මාර්ග වලට උඩින් වැදගත් ස්ථානයක මාලදිවයින පිහිටා ඇත.
බීජීනය දකින්නේ මාලදිවයින තම “මුතු වැල” නමින් හැඳින්වෙන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය. “සේද මාවත ආර්ථික තීරය” සමග ගත් විට, යුරේසියානු භූමිය සමගත්, අපි‍්‍රකාව සමගත්, මුහුදෙන් හා ගොඩබිමෙන් සම්බන්ධ වන මෙම ව්‍යාපෘතිය බීජිනය විසින් ගෙනයනු ලබන්නේ ඇමරිකාව චීනයට එරෙහිව සුදානම් කරන මූලෝපායික ප්‍රහාරයට එරෙහිව ය.
2013 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේ දි ජයගත් මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන්, චීනය සමග තම සබඳතා තර කර ගනිමින් එරටින් ලබා ගන්නා ආයෝජන මත තම පාලනය ස්ථාවර කර ගැනීමට ප්රයත්න දරයි.
මාලේට සමීප ෆයිඩ්හු ෆිනොල්හු දූපත, සංචාරක නිකේතනයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන හතරකට චීන සමාගමක් විසින් 50 අවුරුදු බද්දකට ගෙන ඇත. එමගින් මාලදිවයිනට පැමිනෙන වාර්ෂික සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ඒ සමගම, චීන එක්සිම් බැංකුව මාලේ ගුවන් තොටුපල වර්ධනය කිරීම සඳහාත් 2018 දී අවසන්වීමට නියමිත මාලේ හා හුල්හුලී දූපත් අතර පාලමක් ඉදිකිරීමටත් ඩොලර් මිලියන 373 ක නය මුදලක් ලබා දුනි.
මේ අතර මාර්තු මාසයේ, සවුදි රජ වූ සල්මන් බින් අබ්දුල්ලා අසීස් අල් වුසාද් මාලදිවයිනට සංචාරය කිරීමට නියමිතව තිබුන ද එය අවසන් මොහොතේ නතර විය. එම සංචාරය සූදානම් කිරීමේදී සවුදි රජුට තමන්ගේම අවශ්‍යතා තිබුනු අතර මාලදිවයින් ජනාධිපති යමීන් එය සැලකුවේ සවුදි අරාබියේ ආයෝජන ලබා ගැනීමෙන් තමන්ගේ අත් තවදුරටත් ශක්තිමත් කර ගැනීම අවස්ථාවක් ලෙසය.
සාවුද් මාලදිවයිනට යාමට සැලසුම් කර තිබුනේ ඉන්දුනීසියාව, මැලේසියාව, ජපානය හා චීනය යන රටවලට කෙරුනු සංචාරයේ කොටසක් ලෙසය. එම සංචාරයේ අරමුන වූයේ, ඇමරිකාවට ආනයනය කරන සවුදි තෙල් පසුගිය වසර 15 තුල දී සියයට හතලිහකින් අඩුවූ තතු තුල, චීනයට හා නැගෙනහිර ආසියාවට අපනයනය කරන තම තෙල් ප්‍රමානය වැඩි කර ගැනීම හා මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කර ගැනීමය.
සවුදි රජ මාලදිවයිනේ ඩොලර් බිලියන 10ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතව තිබුනි. එම මුදල මාලදිවයින් දල ජාතික නිෂ්පාදනය මෙන් තුන් ගුනයකි. ඉන් පෙන්නුම් කෙරුනේ මාලේ සමග සම්බන්ධතා තර කිරීමට රියාද් දක්වන දැඩි උනන්දුවයි. පැතිර යන උන රෝගය පෙන්වා එම සංචාරය කල් දැමූවත්, ඇත්ත හේතුව වූයේ මාලදිවයින් ප්රභූව තුල පවත්නා ගැඹුරු බෙදීම් මෙන්ම කලාපය පුරා පැතිර පවත්නා තියුනු වන භූ-දේශපාලනික ආතතියයි.
නිල නොලත් වාර්තා වලට අනුව සවුදි ආන්ඩුව එක් කුඩා දූවක් මිලදී ගැනීමට සූදානම්ව ඇත. හාර දහසක ජනයා ජීවත්වන ෆාෆු නම් එය නොගැඹුරු දූපත් 19කින් සමන්විත වන අතර අගනුවර මාලේට කිලෝමීටර් 120ක දුරකින් පිහිටයි. ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන එකකට වැඩි නම් විදේශිකයන්ට මාලදිවයින් ඉඩම් මිලදී ගත හැකි වෙන ලෙස ව්‍යවස්ථාමය සංශෝධනයක් 2015 ජූලියේ දී සිදු කරන ලදි. ඊට පෙර විදේශිකයන්ට හැකිව තිබුනේ ඉඩම් වසර 99ට බදු ගැනීමට පමනි.
සවුදි අරාබිය සමග සම්බන්ධතා තර කර ගැනීමට යමීන් ඉත සිතින් කැමතිය. එම අරමුන ඇතිව, මාලදිවයින සවුදියේ මූලික විරුද්ධවාදියකු වන ඉරානය සමග සම්බන්ධතා ගිය වසරේ මැයි මාසයේ දී අතහැර දැමූ අතර, සවුදිය නායකත්වය දෙන ඉස්ලාමිය මිලිටරි සන්ධානයට ද සම්බන්ධ විය.
ෆාෆු හි නිදහස් වෙලඳ කලාපයක් ඇති කිරීමට සවුදිය බලාපොරොත්තු වන අතර, එවැනි ආයෝජන මගින් තෙල් මතම තම ආදායම රැඳී පැවතීම අඩු කිරීමට උත්සාහ දැරේ. සවුදිය මාලේ හි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාර අතර අතිශය නවීන වරායක්, ගුවන් තොටුපලක්, වෛද්‍ය පහසුකම්, අධ්‍යාපන ආයතන හා ගල්ෆ් රාජ්‍යයන්ගෙන් දහස්ගනන් සංචාරයකයන් ආකර්ශනය කර ගත හැකි ආකාර සංචාරක නිකේතන ද ඇතුලත් විය.
චීනය හා සවුදිය සමග තර කෙරෙන සම්බන්ධකම් මගින්, හිටපු ජනාධිපති නශීද් හා තම ඥාතියෙකු වන දිගු කලක් තිස්සේ මාලදිවයිනේ අධිපතිවාදී පාලනයක් ගෙන ගිය මවුමූන් අබ්දුල් ගයූම් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව තහවුරු වීමට හැකි වේ යයි යමීන් ගනන් බලයි. බොහෝ කලක් තිස්සේ දැඩි විරුද්ධවාදීන්ව සිටියත්, ගයූම් හා නශීද් පසුගිය සැප්තැම්බරයේ දී යමීන්ට එරෙහිව එකතුවූහ.
මෙම වර්ධනයන්, යමීන් හා නශීද්ගේ මාලදිවයින් ප්රජාතත්ත්රවාදී පක්ෂයත් (එම්ඞීපී) අතර තියුනු ගැටුම් වලට තුඩු දී ඇත. මෙම මතභේදයන්, එක් පසෙකින් ඇමරිකාව හා ඉන්දියාවත්, අනෙක් පසින් චීනයත් අතර පවත්නා භූ-දේශපාලනික ආතතියට සම්බන්ධය.
එම්ඩීපීය විසින් පාර්ලිමේන්තු කතානායක අබ්දුල් මශීඩ් මොහොමඞ්ට එරෙහිව අසාර්ථක වූ දෝෂාභියෝගයක් ගෙනෙන ලද්දේ මෙලෙස තියුනු වන ආතතීන් මධ්‍යයේය. මෙය ගෙන එනු ලැබුනේ යමීන් හා ඔහුගේ ආන්ඩුව ඉවත් කිරීමට ගෙනයන සුදානමක කොටසක් ලෙස ය. ආසන 85 සහිත පාර්ලිමේන්තුවේ, එම්ඩීපී යට ආසන 26ක් පමක් තිබෙන තත්වයේ දී, ගයූම්ට සහාය දෙන පාලක පක්ෂයේ මන්තී‍්‍රන් කන්ඩායමක් තම පැත්තට නමා ගැනීමට විරුද්ධ පක්ෂය බලාපොරොත්තු විය.
පාර්ලිමේන්තුව තුල බලය අල්ලා ගෙන ව්‍යවස්ථාමය වෙනසක් කිරීම නශීද්ගේ දේශපාලන පැවැත්මට තීරනාත්මක ය. පසුගිය වසරේ දී, යමීන් විසින් ගෙන එනු ලැබූ නීතියක් යටතේ ත්‍රස්තවාදියකු ලෙස දඬුවම් ලැබූවෙකුට ජනාධිපතිධුරයට තරඟ කිරීමට නො හැකිය. එම ප්රජාතන්ත්ර-විරෝධී නීතිය ගෙන එනු ලැබුවේ නශීද්ට තරඟ කිරීමට ඇති ඉඩ ඇහිරීමටය. 2012 බලයේ සිටිය දී, හිටපු අග්‍රවිනිශ්චයකාර අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගෙන සිරගත කලේ යයි නශීද් ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කර ඔහු වරදකරු කර ඇත.
2015 දී 13 වසරක සිරදඬුවමකට භාජනය වූ නශීද් ගිය වසරේ ජනවාරි මස නිදහස් කෙරුනේ වොෂිංටනයේ හා ලංඩනයේ බලපෑම මතය. වෛද්‍ය ප්‍රතිකාර ගැනීම යන කඩතුරාව යටතේ ලංඩනය කරා ගමන් කල ඔහු, යමීන්ට එරෙහිව උද්ඝෝෂනයක් ආරම්භ කල අතර, චීනය සමග පවත්වාගෙන යන සම්බන්ධතා උඩ ඔහු හෙලා දැකීම උත්සන්න කලේය.
නශීද්, වියොන් (wionews.com) නම් ඉන්දියානු වෙබ් අඩවියට මැයි හත්වැනිදා දුන් සම්මුඛ සාකච්ඡාවකදී යමීන් පාලනයට චීනය සමග පවතින සම්බන්ධතා උලුප්පා දැක්වූයේය. චීනයට තම වෙලඳ හා මුහුදු මාර්ග ආරක්ෂා කර ගැනීම අවශ්‍යයැයි සඳහන් කල නශීද් “අපගේ මූලෝපායික පිහිටීම නිසා ඔවුනට මාලදිවයින මත බලපෑම තබා ගැනීම අවශ්‍ය බව” ඔහු ප්‍රකාශ කලේය. “ස්ථාවර මාලදිවයිනක් නැතිනම්, ස්ථාවර ඉන්දියානු සාගරයක් ද නැත” යි ද නශීද් සඳහන් කර ඇත.
තම වෙලඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සවුදි අරාබියාවට, මාලදිවයින තුල “කඳවුරක්” හා “මූලෝපායාත්මක ආයතන” අවශ්‍ය බව නශීද් පවසයි. ඔහු නොකියා කියන්නේ, මෙම වැඩ කටයුතු ඉදිරියට ගියහොත්, චීනය මෙම කලාපය තුල තම ග්රහනය වැඩි කරගන්නා බවයි.
නශීද් ඇමරිකාවේ හා ඉන්දියාවේ දේශපාලන ගැත්තෙකි. 2012 දී බලයෙන් පෙරලා දැමුනු ඔහු, ඇමරිකාවේ, එක්සත් රාජධානියේ හා ඉන්දියාවේ සහාය ඇතිව යමීන් පෙරලා දැමීමට බලාපොරොත්තු වෙයි. නශීද් පෙන්නුම් කර ඇත්තේ විශේෂයෙන්ම චීනයට එරෙහි වොෂිංටනයේ භූ දේශපාලන උවමනාකම් වලට සේවය කිරීමට සුදානමය. ඇමරිකාව හා එහි සහකරුවන් යමීන්ට විරුද්ධ වන්නේ ඔහුගේ ප්රජාතන්ත්ර විරෝධී පාලනය නිසා නොව, ඔහුට චීනය සමග ඇති සමීප සම්බන්ධය නිසාය.
චීන ආයෝජන හා සහන නය මත දැඩිව රැඳී සිටින යමීන්ගේ ආන්ඩුව, නව දිල්ලිය හා වොෂිංටනය සමග ද රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතා පවත්වාගෙන යාමට තැත් කරයි. නමුත්, එක්සත් ජනපදයට මෙන්ම, ඉන්දියාවට ද අවශ්‍ය තමන්ට පමනක් ම ගැති මාලදිවයින් ආන්ඩුවකි.
ඉන්දියානු ධනපති පන්තියේ එක් කොටසක්, සවුදිය මාලදිවයින සමග වර්ධනය කරන සම්බන්ධතාවය, තම අවශ්‍යතාවයන්ට එරෙහිව පිහිටීම ගැන කනස්සල්ලක් පල කරයි. ෆස්ට්පෝස්ට් වෙබ් අඩවියේ විශ්ලේශකයකු වන ශන්ථානු මුකර්ජි, මාර්තු 6 දා පල කල ලිපියක් මගින් පෙන්වා දුන්නේ “සවුදි මාලදිවයින් සබඳතාවයන්, ඉස්ලාමික් බලවේග වල පැහැදිලි ශක්තිමත්වීමකට තුඩුදේය යන්නට හෝ මාලදිවයින තුල නව සටන්කාමීත්වයකට මග පෑදේය යන සැකයට තුඩු දෙයි.”
ඉන්දියානු කාර්මික සංගතයක් වන රිලයන්ස් ඉන්ඩස්ටී්රස් මගින් පල කරනු ලබන ෆර්ස්ට්පෝස්ට් යෝජනා කරන්නේ “බුද්ධි අංශ පසුබිමක් ඇති ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකයන්” ඇති මුරිසියේ මෙන් “ආරක්ෂාව පිලිබඳ ප්රශ්නයේදී කාගේ උපදෙස් වටින්නේද යන්න හා ප්‍රශ්න වඩාත් හොඳට පරිපාලනය කල හැක්කේ කාටද යන්න” පිලිබඳව තෝරා ගැනීමට මාලදිවයිනට කාලය පැමින ඇති බව ය. “ඉන්දියානු අවශ්‍යතාවයනට ප්‍රමුඛත්වය දී එවැනි ගිවිසුම් කටුගා දැමිය හැකි ඉන්දියානු හිතවත් නායකයකු වන්නේ නෂීද් පමනකැයි” සඳහන් කරන මුකර්ජි, නමුත් “ඔහු බලයට පත්වීමේ ඉඩකඩ වඩාත් දුරස්ත යයි” කනස්සල්ලෙන් ප්‍රකාශ කර ඇත.
මුලදී යමීන් ආන්ඩුව සමග වැඩ කරමින්, එය තමන්ගේ කක්ෂය තුලට ගෙන ඒමට ඉන්දියානු ආන්ඩුව තැත් කලත්, එය පලදායි නොවීය. ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු ජීඑම්ආර් සමාගමට දී තිබූ ඩොලර් මිලියන 271 ගිවිසුම මාලේ ආන්ඩුව විසින් 2012 දී අවලංගුකල තැන් පටන්, දෙරට අතර සම්බන්ධතාවය ආතතියකට ලක් විය. තව වසර 10 දීර්ඝ කල හැකි ලෙස, වසර 25කට එම කොන්ත්‍රාත්තුව නශීද් ආන්ඩුව 2010 දී අනුමත කර තිබුනි.
ඇමරිකාවට අයත් ප්‍රධාන ම ඉන්දියානු සාගර කඳවුර වන දියාගෝ ගාර්ෂියා පිහිටා ඇත්තේ මාල දිවයිනට දකුනෙන්, කිලෝ මීටර් 1,000ක දුරිනි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්රකෝපකාරී “ඇමරිකාව පලමුව” වැඩ පිලිවෙල නිසා මෙම කලාපය ම පුපුරන සුලූ තත්වයකට පත්ව ඇත. ශී‍්‍ර ලංකාව මෙන්ම, මාලදිවයින ද, එලැඹෙන යුද්ධයක දී තම සැලසුම් වල කොටසක් බවට පත් කර ගැනීමට වොෂිංටනය අධිෂ්ඨානවත් ය.
Follow us on