ගංවතුර ව්‍යසනය හා මිලිටරීකරනය
පසුගිය දා ඇතිවූ ගංවතුර හා නායයාම්වලින් ලංකාවේ දිස්ති‍්‍රක්ක 22 කින් 15 ක මහජනයා පීඩාවට පත්වූහ. දශකයකටත් වැඩි කාලයකට පසු රටතුල සිදුවූ බරපතලම ගංවතුර සහ නායයාම් ආපදාව ලෙස වාර්තාවන මෙම විපතෙන් අඩුම ගනනේ ජීවිත 300ක් බිලි ගැනුනි. අනතුරුවලට ලක්වීම්වලට අමතරව නිවාස හා දේපොල මුලුමනින්ම විනාශවී ඇඳිවත පමනක් ඉතිරිවූ ජනයා දහස් ගනනකි. මෙම මහා සමාජ ව්‍යසනය, පූර්ව අනතුරු ඇඟවීමක් සඳහා අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන්, මහජනයාට ක්ෂනික ගංවතුර හා නාය යාම්වලින් ආරක්ෂාවීමේ කොන්දේසි අහිමි කල ආන්ඩුවක් හා එය නියෝජනය කරන ධනපති පන්තියක් විසින් යලිත් නිර්මානය කල එකකි.
ව්‍යසනය මධ්‍යයේ ම, කම්කරුවන්ට හා දුගීන්ට එක එල්ලේ නොපෙනී යා හැකි මෙහෙයුමක ආන්ඩුව හා මිලිටරිය යෙදී ගත්හ. එනම්, රට තුල මිලිටරීකරනය ගැඹුරු කිරීමට ගංවතුර ව්‍යසනය යොදා ගැනීමයි. මෙම වර්ධනය සැලකිල්ලෙන් අවධානයට යොමුකර ගත යුතුය. එය සිදුවුයේ වැඩකරන ජනතාවගේ ජීවන අයිතීන්ට දිනපතා කොටන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මිලිටරිය මත රැඳුනු ආඥාදායක පාලනයක් කරා මාරුවීමට කැසකවන තතු යටතේය.
ගංවතුරු ආපදාවේදී ආන්ඩුව සුවිසාල ති‍්‍රවිධ හමුදා මෙහෙයුමක් දියත් කලේය. ආපදා කලමනාකාර හා පරිසර ඇමති අනුර පි‍්‍රයදර්ශන යාපා ජූනි 6 දා පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ 2009 වර්ෂයේ අවසන් වූ යුද්ධයෙන් පසු විශාලතම හමුදා මෙහෙයුම සිදු කෙරුනේ මෙදා ගංවතුර අවස්ථාවේ දී බවයි. ඔහුට අනුව දසදහස් ගනනක් පොලිස් භටයන්ට අමතරව, 10,000 පමන සන්නද්ධ හමුදා හා පැරා-මිලිටරි භටයන් මෙහෙයවා ගැනුනි. ඒ අතර සන්නද්ධ යාන්ති‍්‍රක රථ 70 ක් සමග සේනාංක ද විය. හෙලිකොප්ටර් 11 ක් සමග මුලූ ගුවන් හමුදාවත් නාවික හමුදාවේ ක්ෂනික ප්‍රතිචාර යාන්ත්‍රන ඒකකයත් මෙම කටයුතු සඳහා මෙහෙයවුන බව වාර්තාවේ.
ආපදාවේ භයංකර තත්වය ගැන ද සෙබලුන්ගේ සුරවීරකම් හා කැපවීම් ගැන ද කොතෙකුත් ලිපි ලියු ජන මාධ්‍ය එක දෙයක් වාර්තා නො කිරීමට පරෙස්සම් වුහ. එය නම්, තමන් ව්‍යසනයට ගොදුරු කිරීම ගැන බොහෝ ජනයා කෝපාවිෂ්ට වී සිටි බවයි. විපතට පත් ජනයා අතරට මිලිටරි බලකායන් දැමීමෙන් එම කෝපය තාවකාලිකව යටපත් කර ගැනීමද ආන්ඩුවේ ගනන් බැලීම් අතර වුවාට සැක නැත.
මෙය ආසන්න සිද්ධියකින් පැහැදිලිවේ. ගංවතුරට දින 40කට පෙර, අඩුම ගනනේ ජීවිත 32ක් බිලිගත් මීතොටමුල්ල කසල කන්ද නාය යාමේදී නොසන්සුන්වූ ජනයා මැඩීමට කැරලි මර්දන පොලීසිය ද මහජනයා බේරාගැනීමේ නාමයෙන් හමුදාව ද ව්‍යසනය සිදුවූ ස්ථානයට වහාම යැවීමට ආන්ඩුව පියවර ගත්තේය.
කෙසේවුවද, ආපදාවන් තුලට මිලිටරිය මැදිහත් කරවීම ආසන්න වසයෙන් ඇතිවිය හැකි මහජන නොසන්සුන්තාවක් මැඩීමට එහා, දුරදිග යන ඇඟවුම් සහිත පියවරකි. එය වනාහි සමාජ, දේශපාලන හා ආර්ථික ජීවිතයට මිලිටරිය මැදිහත් කරවමින් මිලිටරීකරනය ගැඹුරු කරන්නාවුද මිලිටරිය මත වඩවඩාත් වාරුවන්නා වූ ද පාලක පන්තියක පියවරකි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පටන් ආන්ඩුවේ මැති ඇමතියෝ ද ජන මාධ්‍යයෝ ද ගංවතුර ආපදා තත්වය තුල මෙහයවූනු සන්නද්ධ හමුදා “ගැලවුම්කාර” මානුෂීය මෙහෙවරක් ඉටු කලේ යයි පුන පුනා වර්නනා කරති. සන්නද්ධ හමුදා එලෙස උත්කර්ෂයට නංවා ගැනීම සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු පාලක පන්තියේ සෑම කන්ඩායමකට ම උවමනා ය. මන්ද යත්, විසකුරු සිංහල-බෞද්ධ වර්ගවාදී දුමාරයක් තුල ‘රනවිරු’ ඔටුන්නක් පලඳවා තිබුනද මිලිටරිය ලංකාවේ මහජනයා අතර අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වූ සංස්ථාවක් වන හෙයින් එය නගා සිටුවා ගැනීම තම අරමුනු සඳහා අවශ්‍යබව ඔවුන් දන්නා හෙයිනි.
මහින්ද රාජපක්ෂ ආන්ඩුව අවසන් කලාවූ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ දී යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මිලිටරිය දකුනු පලාත්වල කම්කරුවන් හා දුගීන් මැඞීමට මුදා හැරුනි. 1988-1989 වසරවල ගම්බද තරුනයන් 60,000 ක් ඝාතනය කිරීමේ අපකීර්තිමත් වාර්තාව එවක ආන්ඩුව හා මිලිටරිය දරා සිටී. මෙම අපරාධ නිසා මහජනයා අතර ඇති අප්‍රසාදය සෝදා ගැනීමට තැත් කරමින් ”දෙරන” රූපවාහිනි වැඩ සටහනකට සහභාගි වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ ”ත්රස්තවාදයට එරෙහිව වසර 30ක් සටන්කරපු හොඳ සංවිධානාත්මක භට පිරිස් සංඛ්‍යාවක් සිටීම” මෙම ගංවතුර ආපදා අවස්ථාවට මුහුන දීමට රුකුලක් වූ බවයි.
යුද්ධයෙන් පසු මිලිටරි විධික්රම දකුනු පලාත්වලට පුලූල්ව ගෙන ඒමට කි‍්‍රයාකරමින් සිටි මහින්ද රාජපක්ෂ ආන්ඩුව 2013 අගෝස්තු මාසයේ රතුපස්වල පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනය කල ජනයා මැඞීමට දියත් කල කි‍්‍රයාන්විතය ඉන් එක් අවස්ථාවකි. තරුනයන් තිදෙනෙකු මරා තවත් දුසිම් ගනනකට තුවාල කරමින් කෙලවරවු හමුදා මැදිහත්වීම රටපුරා විරෝධයට ලක් විය. පසුගිය දෙසැම්බර් මාසයේ වැඩ වර්ජනයේ යෙදුනු හම්බන්තොට වරාය කම්කරුවන් මැඞීමට නාවික හමුදාපතිගේ මෙහෙයුමෙන් නාවික බලකායක් මුදා හැරියේ අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයි.
විසිහය අවුරුදු යුද්ධයේදී අනුප්‍රාප්තික ආන්ඩු ලංකාව තුල මිලිටරිකරනය වර්ධනය කලේය. යුද්ධය සඳහා ප්‍රකෝටි සංඛ්‍යාත මහජන මුදල් පුලූස්සා දැමු මේ ආන්ඩු මිලිටරිය නඩත්තු කිරීම සඳහා අයවැයෙන් වැඩිම මුදල වැය කරයි. මේ අවුරුද්ද සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 284 කි. ආරක්ෂක වියදම් ඉහල දමා ඇත්තේ සුබසාධන වියදම් කපා හරිමිනි. ති‍්‍රවිධ හමුදා සාමාජික සංඛ්‍යාව 200,000කට අධික ය. වාඩිලා ගත් උතුරු-නැගෙනහිර පලාත් වල ජන ජීවිතයට මැදිහත් වෙමින් මිලිටරිය පාලනයේ කට කලියාව අල්ලාගෙන සිටී.
පාලක පන්තියේ ප්‍රමුඛතාව ඇත්තේ කොතැනද යන්න ආපදාවන් වලක්වා ගැනීමට හා ඒ පිලිබඳව අනතුරු ඇඟවීමට යොදා ගන්නා ආන්ඩුවේ සංස්ථාවලට කෙරුනු මුදල් වෙන් කිරීම්වලින් ම පැහැදිලි ය. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට මේ වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 305කි. නාය යාමේ අනතුරු පිලිබඳව නිල පෙර දැකීම් ඉදිරිපත් කරන ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය ද ඇතුලත් වන ආපදා කලමනාකරන අමාත්‍යංශයටම වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 4.5කි. මේ නොතැකීම සිදුවී ඇත්තේ අවුරුදු පතා ගංවතුර හා නාය යාම්වලින් සියගනන් ජනයා මරනයට පත්වන, ආසියානු සුනාමියෙන් ලංකාවේ 40,000 පමන මිය ගිය කොන්දේසි තුලය. පරපුටු පාලක පන්තියට වැඩකරන සාමාන්‍ය මහා ජනතාව ගැන මොනම තැකීමක් වත් නැත.
මෙම වර්ධනයන් අහම්බයක් නොවේ. ගෝලීය ආර්ථික බිඳ වැටීම් තුල ලංකාවේ ධනපති පන්තිය ඉහවහා ගිය අර්බුදයක ගිලී සිටිති. ලෝක වෙලඳ පොලේ අපනයන වැටීම හා ගෙවා ගත නොහැකි මට්ටමට නය කඳු ගැසීම, ආර්ථික වර්ධන රේට්ටුව පහල යාම ආදී වසයෙන් එම අර්බුදය ප්‍රකාශවී ඇත. ජාත්‍යන්තර ආයෝජන කැඳවා ගැනීමට හා මහා ව්‍යාපාරිකයන්ගේ උවමනාවන්ට කැපවී සිටින ආන්ඩුව අර්බුදයේ බර මහජනයා මතින් යැවීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කි‍්‍රයාවට දමයි.
මෙම තත්වයේ දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අන් සියල්ලටමත් වඩා භීතියට පත්ව සිටින්නේ කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන නොසන්සුන්තාව ගැනයි. ගංවතුර ව්‍යසනය මෙම දේශපාලන අර්බුදය තවත් ගැඹුරු කර ඇත.
සෑම ප්‍රශ්නයක් වටාම සිරිසේන, වික්‍රමසිංහ හා මැති ඇමතියන් ති‍්‍රවිධ හමුදා කැඳවා ගැනීම ගැන කතා කිරීම සාමාන්‍ය දෙයක් වී ඇත. විදේශ ඇමති රවී කරුනානායක කොලඹ කුනුකසල ඉවත් කිරීමට හමුදාව කැඳවන බවට බදාදා තර්ජනය කලේය.
කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ වැඩෙන පෙරලිකාරිත්වයෙන් ධනපති පාලනය රැක ගැනීමට නම් මිලිටරිය පුම්බා පෙරට ගනිමින් ආඥාදායක පාලනයකට මාරුවීම හැර වෙනත් විකල්පයක් නැතැයි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම තීරනය කර ඇත. ගංවතුර ආපදාවේදී හමුදා මෙහෙයුම ඒ සඳහා තවත් පෙරහුරුවකි.
සමන් ගුනදාස විසිනි
Follow us on