ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයට තවත් හමුදා භටයන් 5,000ක් යැවීමට සැරසෙයි
US preparing to send up to 5,000 more troops to Afghanistan
ජෝර්ඩන් ශිෆ්ටන් විසිනි, 2017 ජුනි 17
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් “මෑඩ් ඩෝග්” (පිස්සු බල්ලා) මැට්ටිස් ඉදිරි සති කිහිපය තුල, ඇෆ්ඝනිස්ථාන යුද්ධය සඳහා තවත් හමුදා භටයන් 5,000 ක් යවන බව නිවේදනය කිරීමට යයි. ඔහු මෙම තීන්දුව ගත්තේ, ගිය 6 දා ජනාධිපති ට්‍රම්ප් යුද්ධයේ නිරත භට සංඛ්‍යාව ඉහල දැමීමේ බලය ඔහුට පවරා දුන්නායින් පසුව ය.
මෙම පියවර සැලකුනු කරන්නේ, දැනටම දහස් ගනන් එක්සත් ජනපද භටයන් ද ලක්ෂ ගනන් ඇෆ්ඝනිස්තානු භටයන්ගේ ද ජීවිත බිලිගෙන තිබෙන ඇමරිකානු ඉතිහාසයේ දිගම යුද්ධය වඩ වඩාත් පුලුල් කලාපීය ගැටුමක් කරා නාටකාකාර ලෙස පෙල ගැසෙමින් තිබෙන බවයි.
අමතර භටයන් නැතිවම බැරි වියරු තත්වයක් උද්ගතවී ඇත්තේ, කාබුල් නුවර අර්බුද ග්රස්ත රූකඩ පාලනයට එරෙහි තලිබාන් සංවිධානයේ සන්නද්ධ කැරලිකාරිත්වය නොනැවතී උග්‍ර වන තතු තුලය. තත්වාරක්ෂක ගනන් බැලීම් අනුව ඉස්ලාමික කන්ඩායම ඇෆ්ඝනිස්ථානයෙන් සියයට 40 ක් විතර පාලනය කරන අතර අලුත් ප්‍රහාරක මෙහෙයුමකට මුලපුරමින් සිටි.
මේ සතියේ කොන්ග්රස් මන්ඩලයට මැට්ටිස් ඉදිරිපත් කල වාර්තාව අවධාරනය කලේ, ඇමෙරිකානු අධිරාජ්‍යයවාදය, ඇෆ්ඝනිස්ථානය තුල නරක තත්වයකට මුහුනපා සිටින බව යි. සෙනෙට් හමුදා සේවා කමිටුවට මැට්ටිස් කියා සිටියේ, “ඇෆ්ඝනිස්ථානයේ අප දැන් ඉන්නේ දිනමින් නොවේ” යනුවෙනි; එහෙත් මේ තත්ත්වය “හැකිතාක් ඉක්මනින් වෙනස් කරන” බවට ඔහු පොරොන්දු විය. ඔබාමා පාලනය ඇෆ්ඝනිස්ථානයේ භට සංඛ්‍යාව 9,800 දක්වා අඩු කිරීම විවේචනය කිරීමක් ලෙස මැට්ටිස“, ”අප පසුගිය අවුරුදුවල අනුගමනය කල ප්රවිෂ්ටයට වඩා වෙනස් පිලිවෙතක් ඔස්සේ යෑම අවශ්‍ය” බව පැවසීය.
තවත් ඇමරිකානු හමුදා යවනවාට අමතරව වොෂින්ටනය, ඇෆ්ඝනිස්ථානය ට වැඩි වැඩියෙන් හමුදා යවන ලෙස නැටෝ ගිවිසුමේ පංගුකාර වෙනත් රටවලට ද බලකර යි. මේ වනවිට ඇෆ්ඝනිස්ථානයේ නැටෝ හමුදා භටයින් 5 ,000 ක් ස්ථානගත කර සිටියි.
ඇෆ්ඝනිස්ථානයේ අෂ්රෆ් ඝානිගේ දුෂිත, ජනතා වෛරයට පාත්‍ර වූ ආන්ඩුව සමත් වී ඇත්තේ, යන්තම් කාබුල් අගනුවර වටේට පමනක් බලය පවත්වා ගැනීමටය. තලිබාන් සියදිවි නසාගන්නා බෝම්බ ප්‍රහාර හා වෙනත් ප්‍රහාර නිතිපතා සිදුවේ. සති දෙකකට පෙර එවැනි බෝම්බ කරුවෙකු විසින් පුපුරුවා හැරුනු විශාල බෝම්බයකින් කාබුල් නුවර තානාපති දිස්තික්කයේ 90 දෙනෙකු මරනයට පත් වූ හ.
15 දා ෂියා මුස්ලිම්වරුන්ගේ පල්ලියකට දැමූනු බෝම්බයක් තවත් ජිවිත දෙකක් බිලි ගත්තේ ය.
ඩොලර් බිලියන ගනන් වැය කොට, පුහුනු කොට, අවි ගැන්වුනු ඇෆ්ගන් හමුදාව කැරැල්ල මැඩ පවත්වා ගත නොහැකි තත්වයකට වැටී සිටිති. ගිය සතියේ භටයෙකු සේ හමුදාවට රිංගාගෙන සිටි තලිබාන් අනුගාමිකයෙක් පුහුනු අභ්‍යාසයක් මැද්දේ ඇමරිකානු භටයන් තුන්දෙනෙකු වෙඩි තබා මරාදැමීය.
ලේඛන ගත කොට ඇති ආකාරයට 2017 මුල් මාස දෙක තුල ඇෆ්ඝන් හමුදා භටයින්ගේ මරන සංඛ්‍යාව 800කි. යුද්ධය පටන් ගත් පසු තලිබාන්වරු මෙතෙක් එල්ල කරන ලද දරුනුම ම ප්‍රහාරයෙන් රටේ උතුරේ හමුදා කඳවුරක සොල්දාදුවන් 200ක් මරනයට පත් විය.
අලුතෙන් යොදවන්ට යන භටයන් “උපදේශකයන්” යයි කියන නමුත්, නියතයෙන්ම ම ඔවුන් සෘජු සටන් මෙහෙයුම් වල යෙදෙවෙනු ඇත. ඇමරිකානු භට සංඛ්‍යාව වැඩි කොට සිදුකෙරෙන මෙම හමුදා විහිදුම යුක්ති සහගත කරමින් අඟහරුවාදා නිව් යෝක් ටයිම්ස් පුවත් පත පල කල වාර්තාවකට අනුව, එමගින් ඇමරිකානු භටයන්ට සටන් පෙරමුනට වඩාත් ලංව, සිය ඇෆ්ඝන් සහකරුවන්ට වඩා හොඳට “ගුරුහරුකම්” දීමට ඉඩ සැලසනු ඇත. තව තවත් ඉලක්ක වලට පහර දීමට හැකිවන පරිදි, ඇමරිකානු ගූවන් බලය වැඩි කල යුතුයයි ද ඔවුහු බල කරති.
මේ ජාතියේ විශේෂ හමුදා “උපදේශකයන්” සටන් මෙහෙයවමින්, කාල තුවක්කු ප්රහාරයන් ද සුදු ෆොස්පරස් වැනි නීති වීරෝධි ද්‍රව්‍ය ද සිවිල් ජනයාට එල්ල කල, සිරියාවේ හා ඉරාකයේ රක්කා සහ මොසුල් වැනි ස්ථාන වලදී ඔවුහු සාමාන්‍ය අහිංසක සිවිල් වැසියන් දහස් ගනනින් මරා දැමූ හ. මේ වර්ෂයේ දී, කලින් ඉරාකයේ සහ සිරියාවේ, අනදෙන නිලධාරීන්ට සටන් බිමේ මෙහෙයුම් සකසා ගැනීමට වැඩි නිදහසක් ලබාදීමට ට්‍රම්ප් ගත් තීන්දුව දැන් ඇෆ්ඝනිස්ථානයේදී ද ඒ ප්‍රතිපලම අත්කර දෙමින් ක්‍රියාත්මක වනු ඇත.
ගුවන් යුද්ධය පලල් කිරීමෙන් සිදුවනු ඇත්තේ මහා ඝාතනය තවත් උත්සන්න කිරීමයි. යාන්තම් මාස දෙකකට පෙර එක්සත් ජනපදය, ඇෆ්ඝනිස්ථානයේ නැගෙනහිර පැත්තේ ඈත කඳුකර ප්‍රදේශයකට තමන් ගේ න්‍යෂ්ටික නොවන ලොකුම බෝම්බය හෙලුවේය.
බෝම්බය හෙලන ලද්දේ, ඇෆ්ඝනිස්ථානය තමන් යටතේ තබා ගැනීම සඳහා ඕනෑම දරුනු පියවරක් ගැනීමට එක්සත් ජනපද පාලනය සුදානම් බව සිය භූදේශපාලන පිලිමලුන්ට දැනුම්දෙන, පැහැදිලි අනතුරු ඇඟවීමක් ලෙසය. එය සිදුවූයේ තලිබාන්වරු සමග රුසියාවේ මැදිහත් වීමෙන් සූදානම් කල සාම සාකච්ඡුා වලට ඔන්න මෙන්න කියා තිබියදීය.
ඇමරිකානු ගුවන් හමුදාවේ සංඛ්‍යා ලේඛන අනුව ඇෆ්ඝනිස්ථානය මතට එල්ල කරන ගුවන් ප්‍රහාර දැනටමත් උත්සන්න කොට තිබේ. 2014 ගිම්හනයෙන් පසු කොයියම් ම අවස්ථාවකටත් වඩා ප්‍රහාර සංඛ්‍යාවක් ගිය මාස හතර තුලදී එල්ල කර තිබේ.
“ත්‍රස්ත විරෝධී යුද්ධය” යන ව්‍යාජ හේතුව යොදාගෙන 9/11 ඉක්බිත්තේ දියත් කෙරුනු වොෂිංටනයේ ඇෆ්ඝන් ආක්රමනයේදී අන් සියල්ලටත් වඩා අරමුනු කලේ, මූලෝපායිකව තීරනාත්මක මධ්‍යම ආසියාවේ එක්සත් ජනපද භූදේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීමටය. එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානය මත පාලනය තහවුරු කරගත් කල්හි, එරට ට උතුරෙන් පිහිටි ඉන්ධන වලින් පෝසත් පැරනි සෝවියට් සංගමයේ කොටස්ව පැවති රාජ්‍ය වලට අත පෙවීමටත්, කලාපීය ආධිපත්‍යය සම්බන්ධ සිය ප්‍රධාන එදිරිවාදීන් වන රුසියාව, චීනය හා ඉරානයට පහර දිය හැකි තරමට ලංවීමටත් හැකිය.
මේ පුලුල් සැලසුම් කලක් ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ එක්සත් ජනපද ආඥාපති ලෙස වැඩ කල ජනරාල් ඬේවිඞ් පෙට්රෝයස්, පීබිඑස් මාධ්‍ය සේවය සමග පැවත්වූ සම්මුඛ සාකච්ඡාවක දී අවධාරනය කලේය. ඇෆ්ඝනිස්ථානයයේ අලුත්ම එක්සත් ජනපද හමුදා ගොඩබැස්සවීම “හෘදයංගම”’ බව කියා සිටි හෙතෙම, සියල්ලට ප්‍රථම අමතක නොකල යුතු කරුන, එනම් එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයට මුලින්ම අත පෙව්වේ කුමක් නිසා ද යන්න ආවධාරනය කලේ ය. “මෙය වනාහි පරම්පරාවක් තිස්සේ කෙරෙන අරගලයකි. මෙය අවුරුදු කිහිපයකින් ජයගත හැකි එකක් නම් නොවේ.” ඔහු මෙය, ඇමරිකනු හමුදා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ රැඳී සිටීම හෝ කොරියන් යුද්ධයෙන් පසු කොරියාවේ රැඳී සිටීම බඳු සංසිද්ධියක් බව අවධාරනය කලේ ය.
“ට්‍රම්ප් මහත්මයා, දැන් ඇෆ්ඝනිස්ථානය ඔබේ යුද්ධයයි” කියමින්, නිව්යෝක් ටයිම්ස් පුවත් පත එයට සුපුරුදු යුදවාදී කතුවැකියකින්, මෙම 16 වසරක යුද්ධය කරගෙන යාමේ වගකීම තමන් අතට ගන්නා ලෙසට ට්‍රම්ප් උසිගැන්විය.
වඩ වඩා උග්රවීම අනිවාරනිය ලෙසින් උරුම කරගත් ඇෆ්ඝන් යුද්ධය මගින් සිදු කෙරෙනු ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුහුනදී සිටින අර්බුදය තවත් ගැඹුරු කිරීම පමනි. මේ සතියේ ආරක්ෂක ලේකම් මැට්ටිස් සෙනෙටේ සභාවට සිය වාර්තාව ඉදිරිපත් කල අවස්ථාවේ සෙනේට් මන්ත්‍රී ජෝන් මැක්කෙන් වැනි දැඩි යුදවාදීන් පවා, ඇෆ්ඝනිස්ථාන යුද්ධය ජයග්‍රහනය කිරීමට සමත් මූලෝපායික සැලැස්මක් ට්‍රම්ප් පාලනාධිකාරය අතේ ද නැති බව පෙන්නුම් කර දුනි.
ජුලි මැද වන විට මූලෝපායක් ඉදිරිපත් කිරිමට පොරොන්දු වූ මැට්ටිස්, එතෙක් අතරමැදි ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට පොරොන්දු විය. තලිබාන් ‘රැල්ලක්’ යයි ඔහු පැවසූ දෙයට එරෙහිව හමුදා යෙදවීම ද ඇතුලු පියවර ගැනීමට මැට්ටිස් පොරොන්දු විය.
එක්සත් ජනපද ඇෆ්ඝන් මූලෝපායේ වර්ධනය සංකීර්න කරනු ලබන්නේ, කාලයක් තිස්සේ තලිබාන් සටන් කරුවන්ට සහ හකානි- ජාලය වැනි වෙනත් ඉස්ලාමික සටන් කරුවනට සෙවන සැපයු අසල්වැසි පකිස්ථානය කෙරේ ඇමරිකන් ආකල්පය ද ඇතුලත් වන පරිදි , වොෂිංටනයේ සාකච්ඡුා පලල් කරනු ලැබ ඇති හෙයින් යයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත කියා සිටියි.
පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර ආතතිය උග්රය. ගිය මැයි මාසයේ දී රටවල් දෙක අතර දේශසීමා මතභේද පිලිබඳ ඝට්ටනයන් පුපුරා ගිය කල්හි අඩු වශයෙන් මිනිස් ජිවිත දුසිමක්වත් විනාශ විය. ගිය වසරේ ජුනි මාසයේ දී ඇෆ්ඝන් නිලධාරීහු කාබුල් නුවර 90ක ජිවිත විනාශ කල බෝම්බ ප්රහාරාය ට සම්බන්ධ යයි සාක්කි රහිතවම පකිස්ථානය ට චෝදනා එල්ල කලහ. කාබුල් සහ ඉස්ලාමාබාදය, ත්‍රස්තවාදී කන්ඩායම් වලට ආධාර කරන බවට එකිනෙකාට චෝදනා කර ගනිති. පකිස්ථානය තලිබාන් වරුන්ට සම්බන්ධ හකානි ජාලයට ආධාර කරන්නේ යයි ඇෆ්ඝනිස්ථානය චෝදනා කරයි. කාබුල් පාලනය පකිස්ථානයේ තලිබාන් වරුන්ට ආධාර කරතියි ඉස්ලාමාබාදය චෝදනා කරයි.
ඒ සමගම සිතල යුද්ධය සමයේ ශක්තිමත්ව පැවති වොෂිංටන්-පකිස්ථාන සම්බන්ධතා පිරිහී ඇත්තේ, චීනය ආසියා පැසිෆික් ප්‍රදේශය තුල හුදෙකලා කිරීම අරමුනු කොට ගත් එක්සත් ජනපදය, කලාපයේ සිය මූලෝපායික සගයා ලෙස ඉන්දියාව දිනාගැනීමට උත්සාහ දරන තතු තුලය. මෙයට ඇමෙරිකා- ඉන්දියා මිලිටරි හවුල් එකඟතතා ද නව දිල්ලියට ප්‍රාදේශීය අධිකාරය තහවුරු කරගැනීමට එක්සත් ජනපදය දෙන සහාය ද ඇතුලත් වේ. පකිස්ථානය මෙම තත්වය පිලිබඳ උග්රවන තැවුලකින් ප්‍රතිචාර දක්මින් චීනය සමග ආර්ථික සහ වානිජ බැඳීම් වඩ වඩාත් දැඩි කරමින් සිටියි. මෑත මාසවලදී ඉන්දියාව සහ පකිස්ථානය අතර ආතතීන් උග්‍රවී න්‍යෂ්ටික අවි සහිත දෙරට අතර යුද්ධයක තර්ජනය මතුව ඇත.
නිව් යෝක් ටයිම්ස් පුවත් පතට අනුව, ට්‍රම්ප් පාලනයේ මූලෝපායික සමාලෝචනය ට ලක්ව ඇති තවත් කරුනක් නම්, ”ඇෆ්ගන් විමර්ෂනය සමස්ත දකුනු ආසියාවේම ඇමරිකානු පිලිවෙත පිලිබඳ විමසුම තුලට ඇතුලුවීමේ” ප්‍රතිපලය සමග, ඉස්ලාමාබාදය සහ නව දිල්ලිය අතර ආතතීන් කලමනාකරනය කර ගත හැක්කේ කෙසේද යන්නයි.
මෙයින් පෙනෙන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය ක්‍රියා කරන්නේ කෙතරම් ඉවබව නැතිව ද යන්නයි. එය ඇෆ්ඝනිස්ථානයේ ඝට්ටනය උග්‍ර කරන ගමන් ම , මධ්‍යම සහ දකුනු ආසියාව පුරා සිය ආධිපත්‍යය අනභියෝගිව පවත්වාගෙන යාමට දැනටම වැඩ කරමින් සිටී. මෙය වනාහි න්‍යෂ්ටික බලවතුන් වන සිය එදිරිවාදීන් සමග ප්රගාමීව පෘථුලවන මිලිටරි ඝට්ටනයකට මුල පුරන මූලෝපායකි.
Follow us on