ඒඑෆ්ඩීහි නැගීම හා ජර්මනිය තුල නිල දේශපාලනයේ දක්ෂිනාංශික තල්ලුව
The rise of the AfD and the rightward lurch of official politics in Germany
නාසීන්ගේ වැටීමේ සිට පලමුවතාවට, දක්ෂිනාංශික අන්තවාදී පක්ෂයක් ජර්මානු ජාතික පාර්ලිමේන්තුවට ඇතුලත් වෙයි. පාලක ක්‍රිස්තියානි ඩිමොක්රටික් සංගමය/ ක්‍රිස්තියානි සමාජ සංගමය (සඩීයූ/සීඑස්යූ) සහ මැතිවරන කඩාවැටීමකට ලක්වූ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ලඟට පාර්ලිමේන්තුව තුල තෙවැනි විශාලතම පක්ෂය ලෙස ඉරිදා පැවැති මහා මැතිවරනයෙන් සියයට දහතුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) තේරී පත්විය. සීඩීයූ / සීඒස්යූ සියයට 33ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය පසුගිය 60 වසෙර් ඔවුනට ලැබුනු අවම ප්‍රතිඵලය විය.
ඒඑෆ්ඩීය අත්කරගෙන තිබෙන දේශපාලන බලපෑම එහි තත්‍ය ශක්තියට වඩා ඉමහත් ය. මැතිවරනය තුලදී ඒහි තානය සැකසුනේ, සංක්රමනිකයන් වෙත කඩා පැනීම සඳහාත් රාජ්‍ය මර්දන යාන්ත්රනයන් ශක්තිමක් කරන ලෙසත් එය ගෙන ගිය බුරාපැනීම් මගිනි. සංස්ථාපිතයේ සියලුපක්ෂ ඒඑෆ්ඩීය පරයායාමට වෑයම් කලේ, පොලිස් බඳවාගැනීම් වැඩිකිරීම, තව තවත් සරනාගතයින් පිටුවහල් කිරීම හා එනයින් අන්ත දක්ෂිනාංශික පක්ෂය තවතවත් පුම්බමිනි. ඔබට නියම එකට ඡන්දය දෙන්න පුලුවන් විට ඒඑෆ්ඩීහි ස්වෝත්තමවාදී හා ඒකාධිපති දේශපාලනය ගෙනියන සංස්ථාපිතයේ අනුවාදයන්ට ඡන්දය ලබා දෙන්නේ කිම්? සීඩීයූ/සීඑස්යූව මිලියනකට වඩා ඡන්ද ඒඑෆ්ඞීට අහිමි කරගත් අතර, එස්පීඩී ඡන්ද 470,000ක් ද වාම පක්ෂය 400,000ක්ද ඡන්ද අහිමි කරගත්තේ ය.
ඒඑෆ්ඩී අන්ත දක්ෂිනාංශික වැඩපිලිවෙලට ඉමහත් මහජන සහායක් නැතයි කියා තිබින. කොටින්ම, ඒඑෆ්ඩී ඡන්ද දායකයන් අතර පවා සියයට 60ක් කීවේ, තමන් එම පක්ෂයට සහය දෙන්නේ සංස්ථාපිතයේ පක්ෂවලට විරෝධය පලකිරීමේ ඡන්දයක් ලෙස මිස එහි පිලිවෙත්වලට ඔවුන් සහය දෙන නිසා නොවන බව යි. සියල්ලටමත් ඉහලින්, ඒඑෆ්ඩීහි නැගීම, වැඩෙන සමාජ අසහනය දක්ෂිනාංශික දිශාවකට පීලිපැන්නවීම සඳහා මාධ්‍යවල ද පිටුබලය ලබමින් සංස්ථාපිතයේ සියලුම පක්ෂ ගෙන තිබෙන දක්ශිනාංෂික පිම්මේ ප්‍රතිපලයකි.
අතීතයේදී නම්, අඩු-වැටුප් රැකියාවල පුපුරනසුලු ඉහලයාම, වැඩෙන දරිද්‍රතාව හා නිවාස නොමැතිකම, දැරිය හැකි මිලකට නිවාස ලබාගතහැකි නිවාස අල්ප වීම, පාසැල් හා රෝහල්වල පවතින ව්‍යසනකාරී තත්වයන් හා වැඩෙන යුද තර්ජනය ඇතුලු ජර්මනිය කලඹවන ආකාරයේ සමාජ අර්බුදයකින් නාමික වාම පක්ෂ වාසි ලබනු ඇතැයි සිතිය හැක. එහෙත්, එස්පීඩියට හෝ වාම පක්ෂයට ඡන්ද දායකයින් වෙත සමාජ ආයාචනයක් කිරීමේ හැකියාවක් නැත.
එස්පීඩීය දේශපාලනිකව බංකොලොත් අතර අවමානයට ද ලක්ව ඇත. එස්පීඩී ය, මහා ව්‍යාපාරවලට හා පොහොසතුන්ට බදු කප්පාදු කිරීම හා විශ්‍රාම වැටුප වයස 67දක්වා ඉහල නැංවූ හාර්ට්ස් නීති බලාත්මක කරමින්, සමාජ අසමානතාවේ සාහසික මට්ටම් සඳහා මූලිකවම වගකීම දරා සිටී.
එයටත් වඩා තුච්ඡ කාර්ය භාරයක් ඉෂ්ට කලේ වාම පක්ෂය යි. එහි වාම වාංමාලාවන් හා දක්ෂිනාංශික පිලිවෙත්වල මිශ්‍රනය බරපතල ලෙස ගැනීම බොහෝකලකට පෙරාතුවම කම්කරුවන් විසින් අත්හැර දැමිනි. වාම පක්ෂයේ මූලික කාර්යය සමන්විතවූයේ, කම්කරුවන් වමට ගමන් කරන ව්‍යාපාරයකට වැටබැඳීම යි. දීර්ඝකාලයක් තිස්සේ වාම පක්ෂය අධිකාරය දැරූ නැගෙනහිර ජර්මනිය තුල ඒඑෆ්ඩීය සීඩීයූවට පිටුපසින් දෙවන ස්ථානය ලබා ගත්තේ ය. ඒහිදී අන්ත දක්ෂිනාංශික පක්ෂය සියයට 22ක් ඡන්ද ලැබීය. පිරිමි ඡන්දවලින් සියයට 27ක් ලබා ගනිමින් පිරිමි ඡන්ද අතර පලමු ස්ථානය අත්කර ගැනීමට පවා ඒඑෆ්ඩීය සමත් විය.
පාලක ප්රභූව ඡන්ද ගනන් කිරීමටත් පෙරාතුවම ඒඑෆ්ඩීය සමග එකඟත්වයට පැමින සිටියේ ය. දක්ෂිනාංශික අන්තවාදී පක්ෂය ආන්ඩුවට අන්තර්ග්රහනය කරගැනීම හුදෙක්ම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.
ඒඑෆ්ඞීය ජයග්‍රහනය කලේ, සීඞීයූව හා සීඑස්යූව “ඔවුන්ගේ දකුනු ඇලපත විවෘතව තබා ගැනීම” නිසායැයි සීඑස්යූ නායක හෝස්ට් සීහෝෆර් සඳහන් කලේ ය. අනාගතෙය්දී මෙය වෙනස් කරමින් “පැහැදිලි ස්ථාවරයක්” ගන්නා බවට ඔහු පොරොන්දු විය.
ඉතිහාසඥ මයිකල් වොල්ෆ්සෝන් ඒඑෆ්ඞීය “නාසීන්”යැයි හැඳීන්වීම ප්‍රතික්ෂේප කලේ ය. එය, අනෙකුත් පක්ෂවලට උත්තර නැති සංක්රමනිකයන් ගලාඒම වැනි “මූලික සමාජ ප්‍රශ්නවලට” දැක්වූ ප්‍රතිචාරයක් යැයි ඔහු කීවේ ය. ඒඑෆ්ඞීය පාර්ලිමේන්තුවට ඇතුලත්වීම ඕනෑවට වඩා හුවාදැක්වීමට එරෙහිව දේශපාලන විද්‍යඥ ජර්ගන් ෆෑල්ටර් අනතුරු ඇඟවීය. “සැලකිල්ලට ලක්විය යුතු කාරනාවක්” වනවාට වඩා එය නියෝජනය කලේ, “අපගේ ඉතිහාසයෙන් පසු ජර්මන් දේශපාලනය සාමාන්යකරනකට ලක්වීම යි”.
ඒඑෆ්ඞීහි දක්ෂිනාංශික අන්තවාදී පිලිවෙත් කෙරෙහි සංස්ථාපිතයේ පක්ෂවල භීතිය මුල පටන්ම කෛරාටික එකක් විය. ජෝජ් බබරොව්ස්කි සිදුවීම සම්බන්ධයෙන් මෙය පෙන්නුම් කෙරිනි. සරනාගතයින්ට එරෙහි ඔහුගේ උද්ඝෝෂනයේදී හා නාසි අපරාධ ඔහු විසින් අවතක්සේරු කිරීම මගින් ඒඑෆ්ඞී වෙත මග හෙලිපෙහෙලි කල බර්ලිනයේ හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයාගේ ක්‍රියාකලාපය පිලිබඳව සෝෂලිස්ට්චේ ග්ලීච්හයිට්ස්පාටි (එස්ජීපී- සමාජවාදී සමානතා පක්ෂය) ප්‍රසිද්ධියේම විවේචනය කරන විට සංස්ථාපිතයේ පක්ෂ හා මාධ්‍ය ඔහුට එකාවන්ව පිටුබලය සැපයීය. එස්පීඞීය (හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා එහි ප්රමුඛ සාමාජිකයෙක් වන සැබීන් කුන්ස්ට්ය) හා වාම පක්ෂය බබරොව්ස්කි ආරක්ෂා කිරීමෙහිලා ප්රමුඛ ක්රියාකලාපයක් ඉටු කලහ. දක්ෂිනාංශික අන්තවාදියෙක් ලෙස බබරොව්ස්කි හැඳින්විය හැකිබවට උසාවියක් මගින් සහතික කර ඇතිවිටදී පවා, ඔවුහු තම සහය ඔහුට අඛන්ඩව පලකරති.
ගෝලීය ධනවාදී අර්බුදයට හා එහි අතිශයින්ම නින්දිත සම්ප්‍රදායන්ට පෙරලා යාමෙන් බාහිර හා අභ්‍යන්තර ආතතීන්වල වැඞීමට ප්‍රතිචාර දක්වමින් සිටින සමස්ත පාලක පන්තියේ දක්ෂිනාංශික මාරුවේ ප්‍රතිපලයයි, ඒඑෆ්ඞීයේ නැගීම. 1930 ගනන්වලදී, ව්‍යාපාරික හවුල්, මිලිටරිය, ධනපති දේශපාලඥයින් හා ශාස්ත්රාලිකයන් පන්ති අරගලයේ වැඞීමට ප්‍රතිචාර දැක්වූයේ හිට්ලර්ට පිටුබලය දෙමින් ඔහු චාන්සලර් ලෙස පත් කිරීමට සහය පලකරමිනි.
කම්කරු පන්තිය මෙය බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. එකදු සංස්ථාපිත පක්ෂයකටවත්, එස්පීඞීයට හා වාම පක්ෂයට යාන්තමින්වත්, දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිවීමේ කැමත්තක් හෝ හැකියාවක් ඇත්තේ නැත.
අනෙකුත් යුරෝපියානු රටවල්වලද මේ සමාන වර්ධනයක් සිදුවෙමින් පවතී. ප්රන්සයේදී, ජාතික පෙරමුන සඳහා දක්ෂිනාංශික අන්තවාදී ඡන්ද අපේක්ෂිකා මැරීන් ල පෙන් ජනාධිපතිවරනයේ දෙවනි වටයට ඒමට සමත් විය. ඔස්ට්‍රියාව තුලදී, අන්ත දක්ෂිනාංශික නිදහස් පක්ෂය (එෆ්පී ඕ) ඔක්තෝබර්වල පැවැත්වීමට නියමිත ආන්ඩුව තුල සහභාගී වනු ඇති බව අන් සියල්ලටමත් වඩා නිශ්චිත ය. සමාජ ප්රජාතන්ත්රවාදීන් මෙන්ම කොන්සර්වේටිව්වාදීන් එයත් සමග සන්ධානයක් පිහිටුවීමට සූදානම්ව සිටිති.
මහා මැතිවරනයේදී වාමවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් මත සිටගත් එකම පක්ෂය වූයේ සෝෂලිස්ට්චේ ග්ලීච්හයිට්ස්පාටි පමනි. “එස්පීඞී, වාම පක්ෂය හා හරිතයින් ඔවුන්ගේ දක්ෂිනාංශික පිලිවෙත්වලින් ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඞී)හි වැඞීමට ඉඩහසර සලසයි,” යනුවෙන් එස්ජීපී මැතිවරන ප්‍රකාශය සඳහන් කලේ ය. “විපක්ෂ බලවේගයක් ලෙස පෙනී සිටීමට දක්ෂිනාංශික අන්තවාදීන්ට හැකියාව ලැබී ඇත්තේ සමාජවාදී වැඩපිලිවෙක් ඇතිව පාලක පන්තියට විරුද්ධවීමට සංස්ථාපිතයේ කිසිදු 'වාම' පක්ෂයකටවත් හැකියාවක් නැති නිසාම පමනි.”
ජාතිකවාදය, සමාජ අසමානතාව හා යුද්ධයට එරෙහිව අරගලය තුලදී ලෝකය පුරා කම්කරුවන් එකාබද්ධ කරන සමාජවාදී පක්ෂයක් ගොඩනැගීම හරහා පමනකි, දක්ෂිනාංශික අන්තවාදීන්ගේ වැඞීම නතර කල හැකි වන්නේ. එස්ජීපී හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එම පක්ෂය යි.
පීටර් ෂ්වාට්ස්
Follow us on