ප්රන්සයේ “කහ බැනියම්” විරෝධතා සඳහා ඇති ඉදිරි මාවත කුමක් ද?
Which way forward for France’s “yellow vest” protests?
ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට එරෙහි “කහ බැනියම්” විරෝධතාවේ හතරවැනි සෙනසුරාදාත් සමග, ධනේශ්වර පද්ධතියට එරෙහි ව කම්කරුවන් අතර පැහැදිලිව ම දැවැන්ත ව්‍යාපාරයක් මතු වෙමින් තිබේ. විරෝධතාව ඇවිල වීමට මුල් වූ, ප්රතිගාමී ඉන්ධන බදු වැඩි කිරීම මැක්රෝන් විසින් ඉල්ලා අස්කර ගැනීම කිසි දෙයක් නො විසඳී ය. සමාජ සමානතාව සඳහා “කහ බැනියම්” ව්‍යාපාරයේ ඉල්ලීම් අතර, විශාල ලෙස වැටුප් වැඩි කිරීම, මැක්රෝන් බලයෙන් පහ කිරීම, සුපිරි පොහොසතුන්ගේ වරප්‍රසාද තුරන් කිරීම, හා මිලිටරිවාදය අවසන් කිරීම මෙන් ම මහා වැඩවර්ජනයක් හා විප්ලවයක් සඳහා වන ඉල්ලීම් පෙරමුනට පැමිනෙමින් තිබේ.
1991දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම පන්ති අරගලයේ අවසානය, ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ අවසාන ජයග්‍රහනය, හෝ ඉතිහාසයේ අවසානය වී යැයි කෙරුනු ප්‍රකාශ කෑලිවලට පුපුරුවා හැර ඇත. “කහ බැනියම්” ව්‍යාපාරය ප්රන්සයේ සිට බෙල්ජියම හා නෙදර්ලන්තය, බල්ගේරියාව, මෙන් ම නේටෝවේ නව යටත්විජිත තන්ත්රයට විරුද්ධත්වය දැක්වීමට බස්රා නගරයේ කම්කරුවන් කහ බැනියම් ඇඳගත්, ඉරාකය දක්වා දුරට පැතිරීමත් සමග, ජාත්‍යන්තර කම්කරු පන්තිය බැංකුවල නියෝගයන්ට එරෙහි අරගල තුල මතුවෙමින් සිටී.
සෙනසුරාදා දැවන්ත කඩා පැනීම ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ ස්වභාවය පිලිබඳ ව සිත් දැඩි කරනා පාඩමකි; අවංක මහජන විරුද්ධත්වයේ කිසියම් හෝ ප්රකාශනයක් ඇත් නම්, තුවක්කු එලියට එයි. දවස ආරම්භයේ දී ම මිලිටරි සන්නද්ධ රථවල පිටුබලය ඇතිව කැරලි මර්දන පොලීසිය හා ජල විදින කාලතුවක්කු ජල ප්‍රහාර එල්ල කර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දුන්හ. 1,385ක් වන වාර්තාගත පුද්ගලයනයෝ සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුනි.
“කහ බැනියම්” විරෝධතාව දැන් තිබෙන්නේ තීරනාත්මක අවස්ථාවක ය. මෙම ව්‍යාපාරය පොහොසතුන්ගේ ජනාධිපති සමග පමනක් නො ව, පොහොසතුන්ගේ සම්පූර්න තන්ත්රය සමග ගැටුමක් පොලඹවා ඇත. “කහ බැනියම්” ව්‍යාපාරයේ බොහෝ නායක පුද්ගලයෝ දේශපාලන සංස්ථාපිතයේ සාකච්ඡ සඳහා යෝජනා නොකඩවා ප්‍රතික්ෂේප කරති; මැක්රෝන්ගේ සංකේත සහන, වෘත්තීය සමිති නිලධරය විසින් බැඳෙන බේරුම් කිරීම්, හෝ ජීන්-ලුක් මේලන්කන්ගේ නොනැමෙන ප්රන්සය පක්ෂයේ සන්ධානයක් පිලිබඳ යෝජනා ඒ අතර වේ. පෙලපාලි ද ඉතා ප්‍රබල ලෙස ජනප්‍රිය වේ.
කෙසේ නමුත්, පැහදිලි දේශපාලන ඉදිරිදර්ශනයක් හා මැක්රෝන්ට එරෙහි පුලුල් අරගලයක් සඳහා නැඹුරු වීමක් නොමැති ව, ව්‍යාපාරය නිෂ්ඵල විරෝධතා ක්‍රියා තුල නාස්ති වී යාම, හෝ පාලක පන්තියේ උපායන්ට යටත් කිරීම හෝ සිදු වීමට ඉඩ ඇත.
දේශපාලන නායකත්වය පිලිබඳ ප්රශ්නය තීරනාත්මක ය. කොමෙසී පරිපාලන දිස්ත්‍රික්කයේ වැනි “කහ බැනියම්” කන්ඩායම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් තීරනය කිරීමට හා සමායෝජනයට මහජන කමිටු ගොඩනැගීමට ඉල්ලා සිටීම වැදගත් ය. අතිශයින් අපරිනත රූපාකාරයකින් වර්ධනය වෙමින් තිබෙන්නේ ද්වන්ද බලය යි. තම කැරලිකාරි පොලිස් රංචුව විසින් ආරක්ෂා කෙරෙන, බැංකුකරුවන්ගේ ආන්ඩුවට එරෙහි ව අරගලයේ නියැලෙන කම්කරුවන් නියෝජනය කරමින් හා සංවිධානය කරමින් වෙන් වෙන් හා ප්රතිපක්ෂ සංවිධාන මතු වීම ඇරඹෙමින් තිබේ.
මෙම සිදුවීම් අවධාරනය කරන්නේ, 1936 ප්රන්ස මහාවැඩවර්ජනයට යන්තම් පෙර, ක්‍රියාකාරී කමිටු සඳහා ලියොන් ට්‍රොට්ස්කි කල ඉල්ලීමේ වැදගත්කම යි. එවැනි සංවිධානවලට කම්කරු පන්තිය හා තරුනයන්ගේ විවිධ කන්ඩායම්වල වැඩවර්ජන හා විරෝධතා එක්සත් කල හැකි අතර, වෘත්තීය සමිති නිලධරය විසින් ඔවුන් හුදකලා කරනු ලැබ, විකුනා දැමීමෙන් වෙන් කර, කම්කරුවන්ගේ වඩා පුලුල් සමූහයකගේ දැවන්ත විරුද්ධත්වය එක්රැස් කිරීමේ අවස්ථාවක් සපයා දිය හැක. මෙය මැක්රෝන් හා යුරෝපීය සංගමය විසින් තල්ලු කෙරෙන කප්පාදුවලට කම්කරු පන්තිය තුල වන ගැඹුරු විරුද්ධත්වය බලමුලු ගැන්වීම සඳහා පදනම සපය යි.
කම්කරුවන් සම්බන්ධයෙන් ගත් විට, එවැනි කමිටු “වෘත්තීය සමිති හා පක්ෂ සංවිධානවල විප්ලවවාද විරෝධී විරුද්ධත්වය බිඳ දැමීමේ එකම මාධ්‍ය” වන බව ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. වෘත්තීය සමිතිවල මෙන් ම පොහොසත් මධ්‍යම පන්තියේ සහචර දේශපාලන පක්ෂවල බියකරු විරුද්ධත්වයට කම්කරුවන් ඍජුව තල්ලු වත් ම, අද මෙය තීරනාත්මක වේ. මැක්රෝන් හා පොහොසතුන් සඳහා වන ඔහුගේ ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් අවහිර කරමින් මෙම කන්ඩායම් තම වරප්‍රසාද රැක ගැනීමට සියල්ල පරදුවට තබති.
වෛෂයික ලෙස ධනේශ්වර පද්ධතියට අභියෝගයක් කිරීමේ කාරනය මතු කරන, “කහ බැනියම්” ව්‍යාපාරයට, ප්රන්සය තුල එක දු සංස්ථාපිත දේශපාලන ප්රවනතාවක් හෝ ප්රගතිශීලී ආකාරයකින් ප්‍රතිචාර දක්වා නොමැත. 1968 මැයි-ජූනි ව්‍යාපාරයේ මධ්‍යම පන්තික ශිෂ්‍ය නායකයා වූ ඩැනියෙල් කෝන් බෙන්ඩිට්, ලජ්ජා විරහිත ලෙස එය ෆැසිස්ට්වාදී යැයි මඩ ගැසුවේ, “කහ බැනියම් ව්‍යාපාරයේ විශාල බහුතරය පැමිනෙන්නේ, අන්ත දක්ෂිනාංශ සංචිතයේ, ජාතික පෙරමුනෙන්” යැයි ජර්මානු ටාස් පුවත්පතට පවසමිනි.
ස්ටැලින්වාදී සීජීටී වෘත්තීය සමිති නායක පිලිප් මාර්ටිනස් ඒ දෙයම කා වැද්දුවේ, “කහ බැනියම් කාරයෝ අපට නො පෑහෙන මිනිස්සු” යැයි අඳුරු මවා පෑමක් කරමිනි. දැන් ට්‍රක් රථ රියදුරන්ගේ වැඩවර්ජනය නතර කිරීමෙන් පසු, සීජීටීය දෙසැම්බර් 14වැනිදා සංකේත, එක් දින දුම්රිය වැඩවර්ජනයක් කැඳවමින් සිටී.
මධ්‍යම පන්තික නව ධනපතිවිරෝධී පක්ෂය (එන්පීඒ) මෙම නරුම උපාය යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ “කහ බැනියම්” ව්‍යාපාරය වෘත්තීය සමිතිවල ග්රහනයට තල්ලු කර දැමීමට ය. එය “කහ බැනියම්” විරෝධතා කරුවන්ට කියන්නේ සීජීටීය විසින් පාලනය කරන වැඩවර්ජනයකට තමන්ට සහභාගී වීමට ඉඩ දෙන ලෙස මාටිනස්ගෙන් ඉල්ලා සිටින ලෙස මෙලෙස කිය යි: “සටන්කාමී වෘත්තීය සමිති හා කහ බැනියම් ව්‍යාපාරය මෙම ඉදිරිදර්ශනය ඉල්ලා සිටිය යුතුවා පමනක් නොව, ජාතික වෘත්තීය සමිති නායකත්වය මත ආරෝපනය කල යුත්තේ, දෙසැම්බර් 14වැනිදා ‘කහ බැනියම්’ විරෝධතාව සඳහා කැඳවන සැබෑ මහාවැඩවර්නයක් ආරම්භ කිරීම සමගිනි.”
එවැනි උපාමාරුවල ආවරනය යටතේ, පාලක පන්තිය බලාපොරොත්තු වන්නේ වෘත්තීය සමිති හා රාජ්‍ය යාන්ත්රනයට විරෝධතාකරුවන් යටත් කිරීමට ය. “සමස්ත දේශපාලන පද්ධතියම දෙදරලා” නමුත් සෙනසුරාදා පොලිස් මර්දනය “ආන්ඩුවට උපාය ශීලීව හැසිරීමේ ඉඩ කඩක්, පිරිසිදු හුස්මක් ලබා දී ඇත” යි ජර්නල් ඩූ ඩිමාන්කේ (නම් ප්රන්ස සතිපතා පුවත්පත) සඳහන් කලේ ය. අගමැති එඩුවාර්ඩෝ පිලිප් සෙනසුරාදා රාත්‍රී තම කෙටි කතාව “දැන් සාකච්ඡා සඳහා (කාලයයි)” කියා අවසන් කිරීම වෙනුවෙන් එය ඔහුට ප්‍රශංසා කලේ ය.
මැක්රෝන් සමග නිෂ්ඵල, ප්රතිගාමී ගනදෙනු සමග තමන් ගැට ගැසීමට වෙර දරන සියල්ලන් ගැන ඔවුන්ගේ අවිශ්වාසය සලකා බලන කල, “කහ බැනියම්” විරෝධතාකරුවෝ මුලුමනින් ම සාධාරන ය. බැංකුකරුවන්ගේ කුරිරු නියෝජිතයෙකු වන මැක්රෝන් සමග සාකච්ඡා කිරීමට දෙයක් ඇත්තේ නැත. ජාතික මන්ත්‍රන සභාවේ සිටින ධනේශ්වර දේශපාලකයින්ට ආයාචනා කිරීම ද ඒ ආකාරයෙන් ම ගෙන එන්නේ ඉඡ්චා භංගත්වය පමනි.
තීරනාත්මක කර්තව්‍යය වන්නේ මැක්රෝන්ගේ ආන්ඩුව හා බැංකුවල බලයට එරෙහිව දේශපාලන අරගලය යි. ගෝලීයකරනය වූ ධනවාදය හා ජාත්‍යන්තර මූල්‍ය, වෙලඳ හා සැපයුම් දාමයන්ගේ මෙම යුගය අඟවන්නේ අවංක සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ජාත්‍යන්තර අරගලයකි: එනම්, මූල්‍ය කතිපයාධිකාරියේ අශිෂ්ට වත්කම් පැහර ගෙන, ලෝක ආර්ථිකයේ සම්පත් කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතේ තබන අරගලයකි.
මෙම ක්‍රියාමාර්ගය ගලා එන්නේ පන්ති අරගලයේ නැගීම විසින් මතු කෙරෙන වෛෂයික කර්තව්යයන්ගෙනි. යුරෝපය පුරා සෑම රටකම වැඩිවෙන සමාජ කෝපය හා වැඩවර්ජන ක්‍රියාකාරකම් නැඹුරු වන්නේ මහා වැඩවර්ජනයක් දිසාවට යි.
යුරෝපීය සංගමයට, මැක්රෝන්ගේ මෙන් ම යුරෝපය පුරා ඒ සමාන ආන්ඩුවලට එරෙහි ව මහා වැඩවර්ජනයන් සංවිධානය කිරීමේ කර්තව්‍යය, එම ව්‍යාපාරයට විරුද්ධ හා එය ක්‍රියාත්මක නො කරන වෘත්තීය සමිතිවලට පැවරිය නො හැක. ඉදිරි මාවත වන්නේ ප්රන්සය හා යුරෝපය පුරා වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පක්ෂවල උපායන්ට එරෙහිව ක්‍රියාත්මක කරන, මහා වැඩවර්ජනයක් සඳහා කම්කරු පන්තිය තුල පදනම සූදානම් කර, ව්‍යාප්ත කල හැකි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි.
මෙම ව්‍යාපාරය තුල සමාජවාදී සමානතා පක්ෂය (ප්රන්ස) හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් යුරෝපීය ශාඛාවන්ගේ කාර්යභාරය වන්නේ කම්කරු පන්තිය විසින් ගොඩනගනු ලබන ස්වාධීන දේශපාලන සංවිධානයකට බලය පැවරීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීම යි. සසප ප්රන්සය හා යුරෝපය පුරා කම්හල්, වැඩපොලවල්, විශ්වවිද්‍යාල හා පාසල්වල මෙම ඉදිරිදර්ශනය ගැන හැකි පුලුල් ම සාකච්ඡා දිරිමත් කර යි.
ඇලෙක්ස් ලැන්ටියර්
Follow us on