2018 මැයි දිනය හා කාල් මාක්ස්ගේ උපතේ ද්වීශතසංවත්සරය
May Day 2018 and the bicentenary of the birth of Karl Marx
ඩේවිඩ් නෝර්ත් විසිනි, 2018 මැයි 6
2018 මැයි දිනය විශේෂ වැදගත් කමක් දරන්නේ, අප ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහෝදරත්වයේ දිනය සැමරීම නිසා පමනක් නොව, එය කාල් මාක්ස්ගේ උපතේ දෙසිය වන සංවත්සරය ද වන නිසාය. දර්ශනවාදය, ආර්ථික විද්‍යාව, ඓතිහාසික ලේඛනය, සමාජ න්‍යාය හා දේශපාලනය යන විෂය ක්ෂේත්රයේ නූතන අවධිය තුල අතිශයින්ම වැදගත් චරිතය කාල් මාක්ස් බව පැවසීමේදී, අතිශයෝක්තියක අංශුවක් වත් ඇත්තේ නැත. මනුෂ්‍ය වර්ගයාගේ අති මහත් බහුතරයකගේ සමාජ විඥානයේ වර්ධනයෙහි සහ පීඩාවට ද සූරාකෑමට ද එරෙහි ඔවුන්ගේ අරගලයේ වර්ධනයෙහි ලා, ඒ සා දැවැන්ත, කල් පවතින හා ප්රගතිශීලී බලපෑමක් කල අන් කිසිදු චින්තකයෙක් නැත. ඓතිහාසික වර්ධනයේ ගමන් මඟ තීරනය කෙරෙන වෛෂයික බලවේග පිලිබඳ මානව වර්ගයාගේ වැටහීමේ නව අවධියක් සඳහා මාක්ස්ගේ කටයුතු මූලික විය. ඒ නිසාම එය, සමාජයේ සමාජවාදී පරිවර්තනයක් සඳහා කම්කරු පන්තියේ දැනුවත් අරගලයක් සඳහා ශක්‍යතාව ඇති කලේය.
හේගල්ගේ වෛෂයික විඥානවාදය ඛන්ඩනය කිරීමේ ද එහි අපෝහක විධික්රමය විවේචනාත්මකව පරිශීලනය කිරීමේ ද පදනම මත මාක්ස්ට, දාර්ශනික භෞතිකවාදය වර්ධනය කිරීමට ද මිනිසාගේ සමාජ ආර්ථික හා දේශපාලන පරිනාමය පිලිබඳ අධ්‍යයනය සඳහා එය භාවිතා කිරීමට ද හැකි විය. මාක්ස්ට පෙර සිටි චින්තකයෝ - ඔවුන්ගේ වඩාත්ම වැඩිදියුනු අයවලුන් පවා - අන් සියල්ලටමත් වඩා මාක්ස්ගේ ආසන්නතම පූර්වගාමීන් අතර විශිෂ්ඨතමයන් වූ හේගල් හා ෆොයබාක් පවා - සමාජ හා දේශපාලන සම්බන්ධතා උපුටා ගත්තේ, අධ්‍යාත්මික වේවා බුද්ධිමය වේවා, යම් ආකාරයක පරමාදර්ශී ආවේශයක් වෙතිනි. තම ලේඛන මඟින් 1789-1794 ශ්‍රේෂ්ඨ ප්රන්ස විප්ලවය සඳහා පසුබිම සකසමින්, තීරනාත්මක භූමිකාවක් රඟදැක්වූ, හෙල්වෙටියස් හා බැරන් ඩි හොල්බාක් වැනි 18 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ භෞතිකවාදී චින්තකයන් පවා විශ්වාස කලේ, සමාජ හා දේශපාලන වාතාවරනය තීරනය කරන්නේ “මහජන මතය”, එනම් චින්තනය විසින්ය යනුවෙනි. එහෙත් සමාජ සම්බන්ධතා චින්තනයේ නිමැවුමක්ය යන විඥානවාදී සංකල්පය යථාර්ථය විසින් ප්‍රතිවාචනය කරනු ලැබින. ස්වකීය සැබෑ ඓතිහාසික පැවැත්ම තුලදී මනුෂ්‍ය වර්ගයා බිහි වුනේ, පවත්නා සමාජ සම්බන්ධතාවන් තුලටය. ඔවුන් නොදැනුවත්වම මුහුනදෙමින් අනුගත වූයේ එම සමාජ සම්බන්ධතාවන්ටය.
සියලු භෞතිකවාදී දර්ශනවාදීන් අතර විශිෂ්ඨතමයා වූ මාක්ස්, මිනිසාගේ චින්තනයේ හා දෘෂ්ඨිවාදී සංකල්පයන්හි සැබෑ සම්භවය හෙලිදරව් කල අතර, ලෙනින් වඩාත් පසු කලෙක ඒ සා ලුහුඬින් පැහැදිලි කල පරිදි, “විද්‍යාත්මක මනෝවිද්‍යාව අනුකූල වන්නේ චින්තනයේ ගමන් මඟ, දේවල්වල ගමන් මඟ මත රඳාපවතින්නේය යන නිගමනය සමඟ පමනක්” බැව් ඔහු ඔප්පු කලේය. (ලෙනින්, Collected Works එකතුකල කෘති, 1 වෙලුම, 139-40 පිටු.)
ඉතිහාසය පිලිබඳ ඔහුගේ භෞතිකවාදී සංකල්පයෙහි ආරම්භක විස්තාරනයේදී හා Das Kapital(දාස් කැපිටාල් ) රචනා කරමින් පසු කාලීනව එය තහවුරු කිරීමේදී මාක්ස් - එක්එක් පුද්ගලයා තම පෞද්ගලික ආශාවන්, අභිලාෂයන් හා ප්රතිවිරෝධී අභිප්රායන් මඟින් ප්‍රේරනය ලබන්නාවූ තමාගේම ප්රශස්තතම උත්සුකයන්යැයි ඔවුන් විශ්වාස කරන දෙය හඹා යන ගනනක් නැති දශ ලක්ෂ සංඛ්‍යාත මානවයන්ගේ අසම්බන්ධිත ක්‍රියාවන් ලෙස පෙනී යන දෙය මධ්‍යයේ - හුදෙකලා ආත්මීය විඥානයෙන් පරිබාහිරව හා ඉන් ස්වාධීනව පවා ක්‍රියාත්මක වන්නා වූ, සමාජයේ ආර්ථික ව්‍යුහයට යටින් දිවෙන හා එය නිර්නය කරන එකී වෛෂයික බලවේගයන් හඳුනා ගත්තේය.
විඥානයේ වර්ධනය පැහැදිලි කිරීමේදී මාක්ස්, ආත්මීය විඥානවාදය කෙරේ මොනම නැඹුරුවක් හෝ ප්‍රතික්ෂේප කලේය. සමාජය පිලිබඳ සාවද්‍ය සංකල්ප පවා පුද්ගලයාගෙන් ස්වායත්තව පවතින්නාවූ වෛෂයික කොන්දේසි තුල මුල්බැස ඇති අතර ඒවායේ ප්රතිබිම්බයන් වන්නේය. සෘජු නිරීක්ෂනයේ පදනම මත ධනේශ්වර සමාජ සම්බන්ධතාවන්ගේ සූරා කෑමේ ස්වභාවය පිලිබඳ නිගමනයකට ඒමට හා වටහා ගැනීමට මිනිසාට ඇති නොහැකියාව, පුද්ගලික බුද්ධිමය හැකියාවේ අසාර්ථකත්වය ලෙසින් පැහැදිලි කල නොහැක. ඒ වෙනුවට එය නැඟී එන්නේ, ශ්‍රමයේ නිෂ්පාදන, භාන්ඩවල ස්වරූපය ගැනීමේදී අත්පත් කරගන්නා, “ගූඪ ස්වභාවයෙන්” ය. මාක්ස් මෙසේ ලිවීය: “මිනිසුන් අතර නිශ්චිත සමාජ සම්බන්ධතාවක්,” භාන්ඩවල ආකාරයෙන් “ඔවුන්ගේ ඇස් පනාපිට මතු වන්නේ, අවශ්‍යයෙන්ම දේවල් අතර සම්බන්ධතාවක අපූර්ව ස්වරූපයෙනි.” (Capitalකැපිටාල් 1 වෙලුම, Collected Works,එකතුකල කෘති, 35 වෙලුම, 82-83 පිටු)
මාක්ස් හා ඔහුගේ ජීවිත කාලීන මිතුරා ද සහකරුවා ද වූ හසල බුද්ධියකින් යුත් එංගල්ස් සමාජවාදය “සොයාගත්තේ” නැත. එම වචනය 1830 ගනන් තරම් මුලදී භාවිතා වෙමින් තිබුනි. සේන්ට් සිමෝන්, රොබ්ට් ඕවන් හා ෆුරියේ විශේෂිතවම ඉතිහාසයට ඇතුලු වුනේ, මාක්ස් හා එංගල්ස්ගේ “යුතෝපියානු” (මනෝරාජික) පූර්වගාමීන් ලෙසය. මෙම සැලකිය යුතු චින්තකයෝ, පවත්නා සමාජයේ දෝෂ කෙරෙහි ද එහි වඩා තර්කානුකූල සංවිධානය සඳහා ද විශිෂ්ඨ දැක්මකින් තොර වූවෝ නොවූහ. එහෙත් ඔවුන්ගේ සංකල්පයන් තුල සමාජවාදය සැබවින්ම මතුව එන වෛෂයික සමාජආර්ථික ක්‍රියාවලීන් පිලිබඳ පැහැදිලි කිරීමක් හා එය සාක්ෂාත් කිරීම සඳහා සටන් වදින සමාජ බලවේගය හඳුනා ගැනීමක් අඩංගු නොවීය.
මාක්ස් පසුකාලීනව සිහිපත් කරන පරිදි, ඔහු හා එංගල්ස්, “ධනපති සමාජයේ ආර්ථික ව්‍යුහය පිලිබඳ විද්‍යාත්මක අධ්‍යයනය”, සමාජවාදය සඳහා සටනේ “එකම වලංඟු න්‍යායික පදනම වන්නේයැයි යෝජනා කල” අතර, “එය වනාහි කිසියම් මනෝරාජික ක්‍රමයක් ක්‍රියාවට ලීම පිලිබඳ කාරනයක් නොව, අපගේ දෑස්පනාපිට සමාජය විප්ලවීයකරනයට භාජනය කරන ඓතිහාසික ක්‍රියාවලියකට දැනුවත්ව සහභාගී වීමකැයි ජනොද්වේදන ආකාරයෙන් (Argumentum ad populum) තර්ක කලහ.” (Herr Vogtහර් වොග්ට්, මාක්ස් -එංගල්ස් එකතුකල කෘති තුල, 17 වෙලුම, මොස්කව්: 1981, 79 පි.)
සිය න්‍යායික කටයුතුවල වැදගත්කම පෙන්වා දෙමින් මාක්ස්, සාතිශය නිහතමානීත්වයකින් යුතුව, තීරනාත්මක හා අන්තර් සම්බන්ධිත ජයග්රහනයන් තුනක් හඳුනා ගත්තේය:
මා අලුතෙන් කරනු ලැබුවේ පහත සඳහන් දේ සනාථ කිරීමය: 1. පන්තිවල පැවැත්ම, නිෂ්පාදනයේ වර්ධනය තුල විශේෂිත ඓතිහාසික අදියරයන් සමඟ පමනක් බැඳී ඇති බව; 2. පන්ති අරගලය අවශ්‍යයෙන්ම නිර්ධන පන්තියේ ආඥාදායකත්වයට තුඩු දෙන බව; 3. මෙම ආඥාදායකත්වයම සමන්විත වන්නේ, සියලු පන්ති අහෝසි කර පන්ති විරහිත සමාජයකට පරිවර්තනය වීමකට නොඅඩු දෙයකින් වන බව. (මාක්ස් වෙයිඩමියර් වෙත යැවූ ලිපිය, 1852 මාර්තු 5, Collected Works,එකතුකල කෘති, 35 වෙලුම, 64-65 පිටු.)
මාක්ස්ගේ උපතෙන් දෙසිය වසර එලැඹී ඇති මොහොතේ, ඔහුගේ ජීවිතයේ අර්ථභාරය පිලිබඳ ශාස්ත්රාලිකයින්ගේ හා මාධ්‍යවේදීන්ගේ තක්සේරු කිරීම් නොඅඩුවම පවතී. 2008 ආර්ථික ව්‍යසනය පිලිබඳ මතකය සෑම කෙනෙකු තුලම තවමත් නවමු ලෙසින් පවතින්නේය. මාක්ස්ගේ ස්මරනීය පරිමාවක් අත්කරගත් කර්තව්‍යයන් ප්‍රතික්ෂේප කල හැක්කේ, කෑදර කමෙන් හා වෛරයෙන් ඇස් නිලංකාර වූ, ඇටුවන් බැහැපු ප්රතිකොමියුනිස්ට්වාදී ප්රතිගාමීන්ට පමනකි. “මාක්ස් නිවැරදිය” යන වැකිය පවා නිතරම පාහේ දකින්නට ලැබේ. වඩාත් බුද්ධිමය සවිඥානකත්වයකින් යුත් ශාස්ත්රාලිකයෝ, වටිනාකම පිලිබඳ ශ්‍රම න්‍යාය හා ලාභ අනුපාතිකය පහත වැටීමේ ප්රවනතාව පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය වැනි මාක්ස්ගේ තීරනාත්මක මූලාශ්රයන් වෙත, ගතානුගතික ධනපති අර්ථශාස්ත්රඥයින් එල්ල කරන ප්‍රහාර නිෂ්ප්රභා කිරීම පිනිස වෙහෙසකර පර්යේෂනවල යෙදී ඇත්තාහ. එවන් බැරෑරුම් බුද්ධිමය කටයුතු සාදරයෙන් පිලිගත යුතු අතර දිරිමත් කල යුතුය.
කෙසේවෙතත්, මාක්ස්ගේ සුධීමත්භාවය පිලිබඳ වඩා නිර්ලෝභී පිලිගැනීම් පවා, ඔහුගේ න්‍යායික කටයුතු එහි ප්‍රායෝගික දේශපාලන - එනම්, සමකාලීන විප්ලවවාදී - ගම්යාර්ථවලින් හුදෙකලා කිරීමේ ප්රයත්නයන් මඟින් පරිසීමාකරනයට පාත්රව ඇත. මාක්ස්ගේ කාර්යයේ ඒ හෝ මේ අංශය වර්තමාන ආර්ථික තත්වයන් පිලිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා “අදාල”යැයි ප්‍රශංසාවට පාත්‍ර කෙරේ. එහෙත් මාක්ස් නමැති ආර්ථික න්‍යායාචාර්යවරයා පිලිබඳ ඇගයීම, ලෝක සමාජවාදී විප්ලවයේ න්‍යාය, වැඩ පිලිවෙල හා භාවිතය ලෙස මාක්ස්වාදය අගය කිරීමෙන් දෘඩතර ලෙස වෙන් කෙරේ. මාක්ස්ගේ “අදාලත්වය” පිලිබඳ සාකච්ඡාවේ බොහෝසෙයින්ම ආධිපත්‍යය දරනු ලබන්නේ ද, එය විකෘත කරන්නේ ද, ධනවාදය පිලිබඳ මාක්ස්ගේ ආර්ථික විචාරය හා, ධනේශ්වර ක්‍රමය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ වඩාත්ම වැඩිදියුනු කොටස්වල ඓතිහාසික හා අද්‍යතන ජාත්‍යන්තර දේශපාලන සංවිධානය ලෙස මාක්ස්වාදයේ ඇති චිරකාලීන වැදගත්කම පිලිගැනීම, එකිනෙකින් දැඩි සේ වෙන් කරනු ලැබීම මඟිනි.
මාක්ස් නම් “ආර්ථික න්‍යායාචාර්යවරයා” මාක්ස් නමැති සමාජවාදී විප්ලවවාදියාගෙන් වෙන්කිරීමට දිගු ඉතිහාසයක් ඇත. සියවසකට අධික කාලයක් තිස්සේ “මාක්ස්ගේ රැවුල බූ ගෑමේ” නිමක් නැති උත්සාහයන් දරා ඇත. ඒ, මාක්ස් එක් හෝ තවත් ආකාරයක ධනේශ්වර දෘෂ්ඨිවාදය හා සුලු ධනපති අවස්ථාවාදී ප්රතිසංස්කරනවාදය සමඟ සම්මුතියකට ගෙන ඒමටය. මාක්ස්වාදය සමාජවාදී විප්ලවයෙන් විසන්ධි කර, ජාත්‍යන්තර සමාජවාදය සමාජ ප්රතිසංස්කරනයේ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම සඳහා එඩුවාඩ් බර්න්ස්ටයින්, 1895 එංගල්ස්ගේ අභාවය මඟින් සැලසුන අවස්ථාව ඩැහැ ගත්තේය. 20 වන සියවස තුල මාක්ස්වාදයට ගෙන ආ සංශෝධන වඩවඩාත් ප්රතිගාමී ස්වභාවයක් අත් කර ගත්තේ, මාක්ස්වාදයේ සියලු සැබෑ විප්ලවවාදී වැදගත්කම උනා තබමින්, එය බහුජන සමාජ ප්රජාතන්ත්රවාදී හා ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිතිවල ජාතිකවාදී අවස්ථාවාදයේ ක්ෂමාලාපනයක් බවට පරිවර්තනය කිරීමේ ප්රයත්නයන් බවට, අඩුවැඩි වශයෙන් එලිපිටම පත් වෙමිනි.
මාක්ස්ගේ න්‍යායික වැඩකටයුතුවල භෞතිකවාදී පදනම් වලට වල කපා අවමානයට පාත්රකිරීමේ සුලු ධනපති න්‍යායාචාර්ය වරුන්ගේ නිර්දය උත්සාහයන් මඟින්, ඔහුගේ උරුමයට එල්ල වූ ප්රහාරයන්ට පහසුකම් සම්පාදනය කෙරින. 1890 ගනන් තරම් ඉහත කාලයක දී, එනම් මාක්ස්ගේ අභාවයෙන් යන්තම් දශකයක ඇවෑමෙන්, පන්ති අරගලයේ තර්කනය මත පදනම් වූ මාක්ස්ගේ විප්ලවවාදී සදාචාරය, කාන්ට්ගේ අනෛතිහාසික “පරම විධානය” සමඟ සම්මුතියකට ගෙන ඒමට ආශක්ත වූ විවිධ ජර්මානු මහාචාර්යවරු වූහ. විසිවන සියවසේ මූලාරම්භයේ සිටම ඓතිහාසික ක්‍රියාවලියේ වෛෂයික හා නියාම පාලිත ස්වභාවය පිලිබඳ මාක්ස්ගේ අවධාරනය ප්‍රහාරයට ලක් වූයේ, සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ පුලුල් කොටස් මත දාර්ශනික අහේතුකවාදය විසින් ඇති කරන ලද ඉහල යමින් පැවැති බලපෑම පිලිබිඹු කරමිනි.
ජෝර්ජස් සොරිල් හා පසුව හෙන්රි ඩි මෑන් වැනි චින්තකයෝ, සමාජවාදය සඳහා සටන උත්තේජනය කරනු වස් කම්කරුවන්ට අවශ්‍ය වන්නේ, මිත්‍යාවන්ගේ උත්තේජනය විනා, ධනවාදයට එරෙහි පන්ති අරගලයේ වර්ධනය පාලනය කරන වෛෂයික නියාමයන් පිලිබඳ දැනුම නොවන බැව් කියා සිටියහ. සමාජවාදී ව්‍යාපාරයට කම්කරුවන් දිනා ගැනීම සඳහා වෛෂයික ආර්ථික බලවේග පිලිබඳ විශ්ලේෂනය හා ඒවා ග්රහනය කර ගැනීමට වඩා, අවිඥානක මනෝවිද්‍යාත්මක අභිප්‍රේරනයන් පිලිබඳ අන්තර්දෘෂ්ඨියක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේයැයි ප්‍රකාශ කෙරිනි.
අහේතුකවාදය කරා සුලු ධනපති බුද්ධිමතුන්ගේ පියාසැරිය, එංගල්ස් ග්‍රාම්‍ය භෞතිකවාදියෙකු හා ප්රත්යක්ෂවාදියෙකු ලෙස හඳුන්වා දෙමින් ඔහු වෙත එල්ල කෙරුනු ප්‍රහාරයක් සමඟ අත්වැල් බැඳ ගත්තේය. ප්‍රහාරකයන්ට අනුව, එංගල්ස් විසින් මාක්ස්ගේ චින්තනයේ පුද්ගලවාදී හා මානවවාදී අංගෝපාංග සඟවනු ලැබ තිබින. 1844 වසරේ දාර්ශනික අත්ලිපි ලියූ “තරුන මාක්ස්” ප්රාග් ධනය (දාස් කැපිටාල්) ලියූ “වියපත් මාක්ස්”ට වඩා ඉහලට ඔසවනු ලැබිනි. නීට්ෂේවාදයේ ද, සාන්දෘෂ්ඨිකවාදයේ ද, ෆ්රෑන්ක්ෆර්ට් ගුරුකුලය විසින් භෞතිකවාදය ෆ්‍රොයිඩියානු මිත්‍යාවාදී විද්‍යානුසාරයෙන් සිදු කෙරුනු දියාරුකරනයේ ද, පශ්චාත්-නූතනවාදයේ අහේතුකවාදී හා ඉතිහාස-විරෝධී බුද්ධිමය නාස්තිකවාදයේ ද බලපෑම් යටතේ නොනැවතී එල්ල කෙරුනු ප්‍රහාරයේ ප්‍රධාන අරමුන වූයේ, මාක්ස්ගේ කටයුතුවල සාරය වූ විප්ලවවාදී අන්තර්ගතය යටපත් කිරීමයි.
ධනපති රාජ්‍යයේ බුද්ධිමය කාර්යාංශ මාක්ස්වාදයට එරෙහි දෘෂ්ඨිවාදී යුද්ධයේදී පසෙකට වී නොසිටි බැව් පෙනී යයි. බ්‍රිතාන්‍යයේ දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ ඊයේ පල වූ ලිපියක්, මෑතකදී රහස්‍ය ලැයිස්තුවෙන් ඉවත් කෙරුනු සීඅයිඒ පර්යේෂන වාර්තාවක් කෙරේ අවධානය යොමු කරයි. එමඟින් හෙලිදරව් කෙරෙන පරිදි සීඅයිඒය “ප්රන්ස පශ්චාත් නූතනවාදී න්‍යාය කියවා, යථාර්ථයේ වෛෂයික පදනම පිලිබඳ එමඟින් ප්‍රශ්න කරනු ලැබීම, ඓතිහාසික ... අනිවාර්යතාව පිලිබඳ මාක්ස්වාදී මූලධර්මයට වල කැපීම සඳහා භාවිත කල හැකියැයි නිගමනය කල” බැව් හෙලිදරව් කරයි. ඊට අනුව, “පශ්චාත් නූතන අදහස් ඉදිරියට තල්ලු කිරීමට හා මාධ්‍යමික වමක් නිර්මානය කිරීමට සඟරා, ප්‍රකාශන ආයතන හා තම ප්‍රසාදය හිමි වූ ශාස්ත්රාලිකයන් වැනි මුහුනත් සංවිධානවලට ඩොලර් දශ ලක්ෂ ගනන් පොම්ප කරන ලදී. එමඟින්, ඉන් එපිට පවතින කවර හෝ අදහසක් අනතුරුදායක ලෙසත් රැඩිකල් උන්මත්තකභාවය ලෙසත් හෙලා දැකිය හැකි වන පරිදි, සැලකිලි හිමිවිය යුතු අදහස්වල පිටත මායිම සටහන් කිරීම අරමුන විය...”
මාක්ස් නම් න්‍යායාචාර්යවරයා මාක්ස් නම් විප්ලවවාදියාගෙන් වෙන් කිරීම අන් සියල්ලට ද වඩා ප්‍රථමයෙන් හා ප්රමුඛ ලෙස මාක්ස්ගේ චරිතාපදානය ම මුසාකරනය කිරීම කරා මඟ පාදනු ඇත. විප්ලවවාදියෙකු ලෙස ඔහුගේ දේශපාලන වර්ධනය හා ක්‍රියාකාරීත්වයෙන් පරිබාහිරව මාක්ස් යන චින්තකයා වටහා ගත නොහැකිය. තමන් විසින් රචිත මාක්ස්ගේ චරිතාපදානය තුල ෆ්රාන්ස් මේරිං නිරීක්ෂනය කල පරිදි, “මාක්ස් තුල, අදහස්වලින් පිරිපුන් මිනිසෙකු සමඟ නොවෙන් කල හැකි පරිද්දෙන් බැඳුනු ක්‍රියාකාරීත්වයෙන් සපිරි මිනිසෙක් ජීවත් වීම ද, එම දෙදෙනා එකිනෙකා අනුපූරනය කරමින් එකිනෙකාට ආධාරකාරී වීම ද ඔහුගේ අසංසන්දනාත්මක පෞරුෂයට සුලුපටු නොවන ආකාරයෙන් හේතුභූත වීය යන්න පිලිබඳව සැකයක් තිබිය නොහැකිය.” (කාල් මාක්ස්: ඔහුගේ ජීවිත කථාව, පි.xiii)
1843 මාර්තු තරම් ඉහත කාලයක දී මාක්ස්, ආර්නෝල්ඩ් රූජ් වෙත මෙසේ ලියා යැවීය: “ෆොයබාක්ගේ ප්‍රවාද මට පෙනී යන පරිදි එක් කරුනක් සම්බන්ධයෙන් පමනක් සාවද්‍යය. එනම්, ඔහු පමනට වඩා ස්වභාවධර්මය සම්බන්ධයෙන් සඳහන් කරන අතර දේශපාලනය පිලිබඳව සඳහන් කරන්නේ අවශ්‍ය පමනට වඩා ඉතා අඩුවෙනි. කෙසේවෙතත්, අද දවසේ දර්ශනවාදයට සත්‍යය බවට පත් විය හැකි එකම සන්ධානය වන්නේ එයයි.” (Marx-Engels: Collected Works, 1 වන වෙලුම, පි. 400). මේ වූ කලී හුදු අනුෂංගික වාක්‍ය ඛන්ඩයක් නොවේ. එය මාක්ස්ගේ කටයුතුවල මෙන්ම අද්‍යතන ලෝකයේ ද දර්ශනවාදය හා දේශපාලනය අතර පවත්නා සාරාත්මක සම්බන්ධය අවබෝධ කර ගැනීමේ යතුරයි.
ෆොයබාක් ගැන ප්‍රවාද තුල මාක්ස් මෙසේ ලිවීය: “මානුෂික චින්තනය මගින් වෛෂයික සත්‍යය ග්රහනය කල හැකි ද යන ප්රශ්නය න්‍යාය පිලිබඳ ප්‍රශ්නයක් නො ව භාවිතය පිලිබඳ ප්රශ්නයකි. මිනිසා සත්‍යය, එනම්, යථාර්ථය හා බලය, ඔහුගේ චින්තනයේ මෙම පාක්ෂිකත්වය (අන්තර්ගතය) ඔප්පු කල යුත්තේ භාවිතයෙහි දී ය. චින්තනයාගේ යථාර්ථවත් භාවය හෝ අයථාර්ථවත් භාවය පිලිබඳව භාවිතයෙන් හුදෙකලා වී කෙරෙන විවාදය හුදු පන්ඩිතමානී වූවකි.” (Collected Works, වෙලුම 5, පි. 6).
විප්ලවවාදී දේශපාලනයෙන්- එනම් මිනිසා විසින් මිනිසා පීඩනයට පත්කිරීමට එරෙහි අරගලයෙන්- වියෝ වූ දර්ශනවාදය යනු කිසිදු ප්රගතිශීලී වැදගැම්මකින් තොර අකර්මන්‍ය සමපේක්ෂනයකි. එහෙත් විප්ලවවාදී න්‍යායයේ ද, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ හා සමාජවාදය සඳහා අරගලයේ දීර්ඝ ඉතිහාසයේ ගමන් මඟ තුල එහි වර්ධනය පිලිබඳ දැනුමේ ද තිරසාර පදනමකින් තොර දේශපාලනයට මඟ පෑදිය හැක්කේ, බෙලහීන අනුප්රතිපාදන හා පරිපූර්න වශයෙන්ම පාවාදීම් කරා පමනෙකි.
මාක්ස්ගේ අභාවය 1883 මාර්තු 14 වන දින ඔහුගේ 64 වන වියේදී සිදුවිය. ඔහුගේ සොහොන අබියස සිට කථා කරමින් එංගල්ස් සිය දයාබර මිතුරා ද, උරිනුර ගැටී සටන් කල සහෝදරයා ද පිලිබඳව විස්තර කලේ “විද්‍යාව පිරිසිඳ දත් මිනිසෙකු” (A man of science) ලෙසය. එහෙත්, “එසේ කීම මඟින් මේ මිනිසාගෙන් අඩක්වත් නොකියැවේ.” එංගල්ස් ප්‍රකාශ කල පරිදි මාක්ස් “අන් සියල්ලටමත් පෙර විප්ලවවාදියෙකි. ඔහුගේ ජීවිතයේ සැබෑ පරමාර්ථය වූයේ ධනේශ්වර සමාජය හා එවිසින් ගොඩනඟා තුබූ රාජ්‍යයේ ආයතන ද පෙරලා දැමීම සඳහා එක් හෝ අනෙක් ආකාරයෙන් දායක වීමයි; එය දරන ස්ථානය හා එහි අවශ්‍යතා පිලිබඳව ද එය සියලු බන්ධනයන්ගෙන් මුක්ත වීමේ කොන්දේසි පිලිබඳව ද තමා විසින් ම ප්‍රථම වරට සවිඥානක වන ලද නූතන නිර්ධන පන්තියේ විමුක්තිය සඳහා දායකවීමයි. සටන් කිරීම ඔහුගේ මූලිකාංගය විය. තවද එහිදී ඔහු හා තරඟ වැදීමට අල්පයක් පමනක් මිනිසුන්ට හැකි වනු ඇති ආකාරයේ ලාලසාවකින් ද, නොසැලෙන සුලු භාවයකින් ද, සාර්ථකත්වයකින් ද යුතුව ඔහු සටන් වැදුනේය.” (Reminiscences of Marx and Engels, මොස්කව්, 349 පිට. හි උපුටාදක්වා ඇත).
මාක්ස් නම් වූ මිනිසා මීට වසර 135 කට පෙර අභාවප්‍රාප්ත විය. අනවරතව වෙනස්වෙමින් පවත්නා සමාජ ආර්ථික කොන්දේසි පිලිබඳ අධ්‍යයනය කිරීමෙහි ලා අපෝහකවාදී හා ඓතිහාසික භෞතිකවාදී විධික්රමය භාවිතා කිරීම ලෙසත්; කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අල්ලා ගැනීමේ, ධනපති සූරාකෑම අහෝසි කිරීමේ, ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ හා ලෝක පරිමානව සමාජවාදී සමාජයක් ගොඩනැඟීමේ දිශානතිය ඔස්සේ පිහිටුවන ලද්දා වූ විප්ලවවාදී දේශපාලන ඉදිරි දර්ශනයේ විද්‍යාවක් ලෙසත් වටහා ගනු ලැබෙන මාක්ස්වාදය, නිවැරදි ලෙස අවබෝධ කොට ගත හැක්කේ, පන්ති අරගලයේ හා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික වර්ධනයට එය දක්වන සම්බන්ධතාව තුල පමනෙකි.
එංගල්ස් වරක් ලියූවේ ස්වභාව විද්‍යාවන්හි සෑම ප්රගමනයක් සමග ම, භෞතිකවාදය එහි ආකෘතිය වෙනස් කල යුතු බවයි; එනම්, එය භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාවේ, පරිනාමවාදී ජීව විද්‍යාවේ හා ගනිතයේ නවතම ප්රගමනයන්, ද්‍රව්‍යමය විශ්වය පිලිබඳ තමාගේ වටහාගැනීම තුලට අන්තර්ගත කර ගත යුතු බවයි. එපරිද්දෙන්ම ධනේශ්වර සමාජය පිලිබඳ අධ්‍යයනය සඳහා නිශ්චිතව කැප වූ විද්‍යාවක් ලෙස මාක්ස්වාදය ද, ධනේශ්වර ප්‍රකාරයේ ලෝක පරිමාන නිෂ්පාදනයෙහි ඇති වන තීරනාත්මක වෙනස්වීම් පිලිබඳ අඛන්ඩ පරීක්ෂාවන් තුලින් ද, ජාත්‍යන්තර පරිමානව පන්ති අරගලවලට සහභාගිවීම සහ එම පන්ති අරගලවල අත්දැකීම් විවේචනාත්මකව සමීකරනය කර ගැනීම තුලින් ද වර්ධනය වේ. මාක්ස්වාදයේ මෙම තීරනාත්මක මූලිකාංගය බැහැර කෙරෙමින්, පසුගිය සියවසේ විප්ලවවාදී අරගලවල පාඩම් නොතකා හරිමින් හෝ ඒවා මඟ හැර යමින් “අපෝහකවාදයට” කෙරෙන සියලු ආයාචනා යනු, හුදු හිස් වාක්‍යාංශ නන්දෙඩවීමේ හා සුලු ධනපති දේශපාලන වංචාකාරීත්වයේ අභ්‍යාසයකට වැඩි යමක් නොවේ.
මාක්ස්ගේ උපතෙන් දෙසියවන සංවත්සරය සැමරීම අව්‍යාජ විප්ලවකාරී දේශපාලන වැදගත්කමකින් යුතු වන්නේ, එය මාක්ස්වාදයේ සමස්ත ඓතිහාසික වර්ධනය මත පදනම් වී ඇති තාක් දුරට පමනෙකි. විසිවන සියවස තුල කම්කරු පන්තිය අනුස්මරනීය ඓතිහාසික අත්දැකීම් හරහා ගමන් කොට ඇත. මාක්ස්වාදය වියුක්තයක් ලෙස, හෝ ශත වර්ෂයකට ද වැඩි කාලයකට ඉහත සූත්රගත කෙරුනු නිගමන කට්ටලයක් ලෙස හෝ පවතින්නේ නැත. ඒ වෙනුවට එය පවතින්නේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල, ඉදිරි දර්ශනය හා භාවිතය වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල කෙරෙන දැනුවත් අරගලයක අඛන්ඩතාව නියෝජනය කරන සැබෑ ව්‍යාපාරයක් ලෙසය. 1938 දී, කම්කරු පන්තියේ ව්‍යසනකාරී පරාජයන්ට මං පෑදූ පාවාදීම් සිදු කල ප්රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී නිලධරයට විප්ලවවාදී ව එරෙහි වෙමින් ලියොන් ට්‍රොට්ස්කි හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීය.
80 වසරක ගමන් මගෙහිදී හතරවන ජාත්‍යන්තරය, ඝෝෂාකාරී අරගල තුලින් ගමන් කර ඇත. ඒ ස්ටැලින්වාදී හා සමාජ ප්රජාතන්ත්රවාදී නිලධාරි තන්ත්රයන්ගේ ප්රතිවිප්ලවවාදී සංවිධාන හා පක්ෂ වලට එරෙහිව පමනක් නොව, කම්කරු පන්තිය මත ධනපති පන්තියේ හා අධිරාජ්‍යවාදයේ පීඩනය පිලිබිඹු කල, අවස්ථාවාදයේ, මාධ්‍යමිකවාදයේ හා ව්‍යාජ වමේ බොහෝ රූපාකාරයන්ට ද එරෙහිවය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන හතරවන ජාත්‍යන්තරය මාක්ස්වාදය ආරක්ෂාකර වර්ධනය කර ඇත්තේ මේ සියලු බලවේගයන්ට එරෙහි අරගලය තුලින්ය.
අප 2018 මැයි දිනය සමරන මේ මොහොතේ, කම්කරු පන්තිය විසින් මහජන විප්ලවකාරී අරගලයේ නව අවධියක් ආරම්භ කරනු ලැබ ඇතැයි යන්න පිලිබඳ වැඩෙන ඇඟවුම් පවතී. සාමාන්‍යයෙන් සෑම විටෙකම සිදුවන පරිදි, කම්කරු පන්තිය ඉතිහාසයේ දර්ශන පථය අරක්ගන්නේ විස්මය දනවන ආකාරයෙනි. අන් සියලු දෙනාටත් වඩා, විප්ලවකාරී බලවේගයක් ලෙස කම්කරු පන්තිය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීම මත හා, එබැවින් ධනවාදයේ තිරසාර භාවය ගැන පරිපූර්න විශ්වාසයකට නොඅඩු විශ්වාසයක් මත තම බුද්ධිමය හා දේශපාලන සංකල්ප පාදක කොට ගෙන සිටින ව්‍යාජ වමේ නියෝජිතයන් හා ප්රතිමාක්ස්වාදී ශාස්ත්රාලිකයන් සම්බන්ධයෙන් තතු එසේ වේ.
එහෙත් “අතාර්කික” සියල්ල, මානව ශිෂ්ඨාචාරයේ ප්රගතිශීලී වර්ධනය අවහිර කරන සියල්ල “අතාත්වික” ය. එනම්, එහිම නොවිසඳිය හැකි පරස්පර විරෝධයන්ගේ මහිමයෙන් එය ඓතිහාසිකව අභාවයට පත් කරනු ලැබේ. මෙම වැකිය ඉතිහාසය විසින් ධනේශ්වර සමාජය මත පටවනු ලැබ ඇත. එය මුදුන්පත් කල යුතුය. සමාජ පරපුටු භාවයේ, දේශපාලන අවමංගතවීමේ, බුද්ධිමය ප්රහීනවීමේ හා සදාචාරාත්මක බිඳවැටීමේ මේ සා සුපැහැදිලි සලකුනු පෙන්නුම් කරන ලද තවත් පාලක පන්තියක් පැවතී ඇත් ද? කෝටි සිය ගනනක් මිනිසුන්ගේ ශ්‍රමයෙන් උපදවනු ලබන ධනයේ විශාල පංඟුවක් පාලනය කරන හා ගිල දමන අද පවත්නා ජාත්‍යන්තර කතිපයාධිකාරී මාෆියාව සමඟ සසඳන කල, මාක්ස්ගේ අවධියේ ජීවත්වූ ධනේශ්වරය මුලුමනින්ම පරහිතකාමීන්ගේ ගරුකටයුතු සහෝදරත්වයක් ලෙස පෙනී යයි. ධනය වඩාත් සමසේ බෙදීයාම පිලිගන්නා ලෙස සුන්දර වැකි වලින් ධනපති කතිපයාධිකාරීන් ඒත්තු ගැන්විය හැකි යයි සෑන්ඩර්ස් හා කෝබින් වැනි බෙලහීන ප්රතිසංස්කරනවාදීන් සිදු කරන කියාපෑම්, නො අඩු ලෙසම රැවටිලිකාරී වේ. වරෙක ට්‍රොට්ස්කි විමසූ පරිදි, විනීත වන්නැයි කඳුලු පිරි දෙනෙතින් යුතුව ධනවතුන්ට අයාචනා කිරීම වැස්ස ඉල්ලා යාඥා කිරීමට වඩා හොඳ වන්නේ කෙසේ ද? යෝධ මිලිටරි යාන්ත්රනයන්, ඔත්තු ආයතන, පොලිස් බලඇනි සමඟ නිෂ්පාදන මාර්ග හා ලෝක ගෝලීය මූල්‍ය ජාලයන්හි අයිතිය දරමින් ඒවා පාලනය කරන පන්තියක් සමඟ ගනුදෙනු බේරාගැනීමට සමාජවාදී විප්ලවය තුලින් විනා අන් මඟක් නැත. එහෙත් එය කල හැක්කක් ද?
මාක්ස් මෙසේ ලිවීය: “සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග වර්ධනයේ නිශ්චිත අදියරකදී ඒවා, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමඟ ගැටුමකට එලඹේ.... එම සම්බන්ධතා, නිෂ්පාදන බලවේගයන් වර්ධනය කිරීමේ රූපාකාරයේ සිට ඒවායේ විලංඟු බවට හැරේ. එවිට ආරම්භ වන්නේ සමාජ විප්ලවයේ අවධියකි” (Marx Engels Lenin on Historical Materialismඓතිහාසික භෞතිකවාදය ගැන මාක්ස් එංගල්ස් ලෙනින්, මොස්කව්: 1972, 137 පි.) මෙම වචන, ප්රගාඪතම හා සාන්දෘෂ්ඨිකතම අර්ථයෙන් අද දිනයේ ධනවාදය මුහුනපා සිටින ඓතිහාසික තත්වය නිර්වචනය කරයි.
තමන්ගේ සියලු ධනය හා බලය තිබියදී ම, පාලක පැලැන්තිය ගාටමින් යන්නේ එක් අර්බුදයකින් තවත් අර්බුදයක් කරාය. එක්සත් ජනපදය තුල ට්‍රම්ප්ගේ නැඟීම, ධනපති පන්තියේ සාර්වත්රික පරිහානිය පිලිබඳ වඩාත්ම කැපී පෙනෙනසුලු හා ඝෝරතම ප්රකාශනයයි. එහෙත් ට්‍රම්ප්ගේ නැඟීමෙහි ඇත්තේ සංකේතාත්මක වැදගත් කමක් පමනක් නොවේ. විසිවන සියවස පුරා හා විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ, ඇමරිකාව කටයුතු කර ඇත්තේ, ලෝක ධනපති ක්රමයේ ස්ථාවරත්වයේ ද උන්නතියේ ද අත්‍යන්ත ඇපකරුවා ලෙසය. එයට තවදුරටත් එම භූමිකාව ඉටුකිරීමේ හැකියාවක් නැත.
සිය දිග්ගැස්සුනු ආර්ථික පරිහානියේ ප්‍රතිවිපාක මිලිටරි ක්‍රියාන්විතයන් තුලින් ජයගැනීමට, පසුගිය සියවස් කාලක් තිස්සේ ඇමරිකානු ධනවාදය දරන උත්සාහය, භූ දේශපාලන හා මූල්‍ය අස්ථාවරත්වයේ අපිකේන්ද්‍රය බවට පත්ව තිබේ. මේ තත්වය හමුවේ එක්සත් ජනපදය තුල පන්ති අරගලය යලි හිස එසවීමේ දැවැන්ත ඓතිහාසික වැදගත් කමක් පවතියි. එක්සත් ජනපදය තුල පන්ති අරගලයේ නැඟී ඒම, අධිරාජ්‍යවාදය පරාජය කිරීමේ හැකියාව පිලිබඳ නව්‍ය ආත්ම විශ්වාසයක් ජාත්‍යන්තර කම්කරු පන්තියට කාවද්දමින් ගෝලීය කම්කරු පන්තියේ රැඩිකලීකරන ක්‍රියාවලිය වේගවත් කරනු ඇත.
ඉතිහාසයේ නියාම නිලධාරිවාදී තන්ත්රයන්ට වඩා බෙහෙවින් බලගතු යයි හතරවන ජාත්‍යන්තරය ගොඩනඟමින් ට්‍රොට්ස්කි පැවසීය. එම විග්‍රහය දැන් සනාථ වෙමින් පවතී. පැරනි ප්රතිගාමී වෘත්තීය සමිති ද, නරුම සුලුධනපති ව්‍යාජ වාම සංවිධාන හා ඒවායේ අපමන ප්රතිගාමී අනන්‍යතා දේශපාලන රූපාකාරයන් ද විසින් දමා ඇති විලංඟු බිඳ දැමීමේ ව්‍යායාමයක කම්කරු පන්තිය නිරතව සිටී. මේ යුගයේ සැබවින්ම ප්රගතිශීලී හා විප්ලවවාදී අරගල පදනම් වනු ඇත්තේ, අනන්‍යතාව පදනම් කරගත් වරප්‍රසාද වෙනුවෙන් පෙනී සිටින ඉහල මධ්‍යම පාන්තික ඒ හෝ මේ කොටසේ ආත්මාර්ථකාමී පරිශ්රමයන් මත නොව, කම්කරු පන්තියේ විශ්වව්‍යාපී විමුක්තිකාමී අභිලාෂයන් මතය.
කාල් මාක්ස්ගේ 200 වන උපන්දින සංවත්සරය යෙදී ඇති මේ ඓතිහාසික මැයි දිනයේදී, ට්‍රොට්ස්කිවාදය යනු 21 වන සියවසේ මාක්ස්වාදයයැයි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සාඩම්බරයෙන් කියා සිටී. ලොව පුරා සිටින අපගේ ශ්රාවකයින් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ: අපගේ සාමාජිකයින් වන ලෙසයි! හතරවන ජාත්‍යන්තරයේ නව ශාඛා ගොඩනඟන ලෙසයි! කම්කරු පන්තියේ ජයග්‍රහනය වෙනුවෙන් හා සියලු මානව වර්ගයාගේ සමානාත්මතාවය හා ජාත්‍යන්තර සහෝදරත්වය පිලිබඳ අව්‍යාජ සමාජවාදී මූලධර්ම මත පදනම් වන නව්‍ය හා සැබෑ මානව සමාජයක් ගොඩනැඟීමේ සටනට එක්වන ලෙසයි.
Follow us on