මරුති සුසුකි කම්කරුවන් හා දකුනු ආසියාව පුරා පන්ති අරගලයේ යලි මතු වීම
The Maruti Suzuki workers and the re-emergence of class struggle across South Asia
වසර 200ට පෙර අද වැනි දිනක උපන්, ප්‍රබල චින්තකයා මෙන් ම විප්ලවවාදියා වූ කාල් මාක්ස්, ධනවාදයේ ව්‍යසනයට එරෙහි කම්කරු පන්තියේ විමුක්තිය සඳහා මාවත, එහි අරගලයේ වෛෂයික පදනම් හා තර්කනය හෙලිදරව් කරමින්, ප්‍රකාශයට පත් කලේය.
මාක්ස්ගේ අතිශය බලගතු හා ප්‍රහාරාත්මක ලේඛන අතර, බ්‍රිතාන්‍ය ධනේශ්වරය එවක සිය අධිරාජ්‍යයේ කිරීට මානික්‍යය වූ ඉන්දියානු උපමහාද්වීපය නැතහොත් සමකාලීන ව්‍යවාහාරය අනුව දකුනු ආසියාව යටත් කලා වූ ද ආර්ථිකව ලේ සිඳවූ ද ප්රචන්ඩත්වය, කොල්ලකෑම හා දෙපිටකාට්ටුකම පිලිබඳ ඔහුගේ හෙලිදරව් කිරීම් විය. මාක්ස් මෙසේ ලිවීය, “සිය රටේ සිට තමන් ගරු ගාම්බීර ලෙස නම් කරන ලද, යටත් විජිත කරා කඩා පනින විට, ධනේශ්වර ශිෂ්ඨාචාරයේ ප්රගාඪ කුහකත්වය හා ආවේනික ම්ලේච්ඡත්වය අපගේ ඇස් පනා පිට නිරුවත් ලෙස නිරාවරනය කරන්නේය.”
මාක්ස්ගේ ලේඛනවල පූර්වාපේක්ෂා කල, දේශපාලනිකව සූදානම් කෙරුනු, 1917 රුසියානු විප්ලවය (පසු ගිය වසර මෙහි ශතසංවත්සරය සලකුනු කලේය) දකුනු ආසියාවේ ධනේශ්වරයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයට දැවන්ත අවේෂයක් ලබා දුන්නේ ය. පලමු ලෝක යුද්ධය නිමා වීමේ වසරවල සිට 1947 දක්වා වූ දශක තුනේ දී, දකුනු ආසියාව අධිරාජ්‍යවාද විරෝධී නැගිටීමකින් සසල කලේය.
එහෙත්, ලියොන් ට්‍රොට්ස්කි හා හතරවැනි ජාත්‍යන්තරය කල් තියා අනතුරු ඇඟ වූ පරිදි, අධිරාජ්‍යවාදී සෙවනැල්ල යටතේ වැඩුනු යටත් විජිත ධනේශ්වරය, දකුනු ආසියානු පීඩිතයින්ගේ විප්ලවවාදී බල මුලු ගැන්වීමකට සතුරු විය.
තමන්ගේ දේපල හා කම්කරු පන්තියේ වැඩෙන සටන්කාමිත්වය පිලිබඳව බියපත් වූ, ආරම්භයේදී විසංවාදී ඉන්දියානු, පකිස්තාන හා ශ්‍රී ලාංකික ධනේශ්වරය, 1947-48දී බලය මාරුකිරීමකට එකඟවූ අතර, ඔවුන්ට බ්‍රිතාන්‍ය යටත් විජිත තන්ත්රයේ පාලනය උරුම විය. වාර්ගික හා ජනවාර්ගික රේඛා ඔස්සේ දකුනු ආසියාව කැබලි කිරීමට ද එමගින් ඔවුන් එකඟ විය. එමගින් ඉඩම් අයිතිය හා කුල වාදය අහෝසි කිරීම ඇතුලු, ප්රජාතන්ත්රවාදී විප්ලවයේ දැවෙන ප්‍රශ්න එකක් වත් නො විසඳුවා පමනක් නොවේ. තාර්කානුකූල ආර්ථික වර්ධනයක් පිලිබඳ අපේක්ෂා භංග කලා වූ ද, වර්ගවාදය නිදන් ගත කෙරුවා වූ ද, ඉන්දියානු හා පකිස්තානු ආන්ඩු අතර ප්රතිගාමී මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම් ඇවිල වූ ද, අධිරාජ්‍යවාදයට තම ආධිපත්‍යය පවත්වාගෙන යාමේ යාන්ත්රනයක් ලෙස සේවය කලවූ ද ප්රතිගාමී රාජ්‍ය ව්‍යූහයක් එමගින් අටවන ලදී.
දශක හතක් තිස්සේ දකුනු ආසියාව, භූදේශපාලනික හා සමාජ වෙඩි බෙහෙත් ගබඩාවකි.
හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මීට පෙර පැවති මැයි දින රැලිවල දී, දකුනු ආසියාව හා ඉන්දියානු සාගර කලාපය, අධිරාජ්‍යවාදී හා මහ-බලවතුන් අතර ගැටුමේ මහා වියවුල තුලට ඇදගෙන තිබෙන බවට අප අනතුරු අඟවා ඇත. මේ සඳහා මූලික වසයෙන් ම වග කිව යුත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි. පසු ගිය දාහත් වසර තිස්සේ ඇමරිකාව, ඇෆ්ගනිස්තානය තුල ම්ලේච්ඡ නව යටත් විජිත යුද්ධයක් ගෙන යමින් සිටින අතර, චීනයට එරෙහි තම ඉවබව නැති මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව ගැටගසා ගැනීමේ කිසිදු උත්සාහයක් අත හැරියේ නැත. මෙම ක්රියාදාමයේ දී වොෂින්ටනය, දකුනු ආසියාවේ එදිරිවාදී න්‍යෂ්ටික බලවතුන් අතර කලාපීය “භීෂනය පිලිබඳ තුලනය” කනපිට හරවමින්, සාම්ප්‍රදායික කලාපීය සහචරයා වූ පකිස්තානය සමග සම්බන්ධතා කැපී පෙනෙන ලෙස පහත හෙලා ඇත.
තමන්ගේ ම කොල්ලකාරී මහා බලවතෙකුගේ විජිගීෂාවන් ඉටුකර ගැනීම පිනිස, චීනය හා පකිස්තානය කොන් කිරීමට උනන්දු වන ඉන්දියානු ධනේශ්වරය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පෙරමුනු රාජ්‍යයක් ලෙස එරට පෙලගස්වා ගැනීමේ වොෂින්ටන් ව්‍යායාමයට කැමත්තෙන්ම කරගසා ඇත.
මෙම ක්‍රියාදාමය නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී පාලනය යටතේ උත්සන්න වී ඇති අතර එය, කලාපයට මෙන් ම ලෝකයටම භයානක ප්‍රතිවිපාක ගෙන එනු ඇත. පසු ගිය වසර දෙක අතරතුර දෙවතාවක දී―පලමුව 2016දී පකිස්තානය සමග හා පසු ගිය වසරේ ගිම්හානයේ දී චීනය සමග― ඉන්දියාව, බිහිසුනු මිලිටරි ගැටුමක් බවට වේගයෙන් පෙරලී යාමට ඉඩ තිබුනු දේශසීමා යුද්ධයක් ආසන්නයට පැමිනියේ ය; එවැන්නක් එක්සත් ජනපදය හා අනෙකුත් මහ බලවතුන් පැටලෙන යුද්ධයක් කරා පලුල් වීමට ඉඩ තිබුනි.
ගෝලීය ධනේශ්වර නිෂ්පාදන දාමයන් සමග තදින්ම වෙලී ගැනීමත් සමග, දකුනු ආසියාවේ ආර්ථික පරිවර්තනය ගැන බටහිර මාධය තුල බොහෝ දේ කථා බහට ලක් විය. යතාර්ථයේ දී, ධනේශ්වර වර්ධනයේ වාසිය ගොනුවී ඇත්තේ තුනී ධනපති ප්රභූවක් හා ඔවුන්ගේ දේශපාලන හෙංචයියන් අතය. අනෙක් අතට පීඩිත ජනතාව අතර දරිද්‍රතාව, ආර්ථික අනාරක්ෂීත භාවය, අසරනකම පැතිර පවතී.
බංග්ලාදේශය තුල ඇඟලුම් කම්කරුවන් මිලියන හතරක්, සතියකට දින හයක් හෝ දින හතක් පවා වද කඳවුරු බඳු කම්හල් තුල වැඩ කරමින් උපයා ගන්නේ, මසකට ඩොලර් 65ක් වැනි සොච්චමකි. විදේශ ආයෝජකයින් අද්දා ගැනීම අරමුනු කරගත් “ඉන්දියාවේ නිපදවන්න” උද්ඝෝෂනයේ කොටසක් ලෙස මෝදි ඉන්දියාවේ කාර්මික වැටුප් චීනයට වඩා හතරෙන් එකකට වඩා වැඩි නොවන බවට කයිවාරු ගසයි.
1990 ගනන්වල මැද භාගයේ සිට, ඉන්දියානු බිලියනපතියන්ගේ සංඛ්‍යාව දෙකේ සිට සියයකට වඩා, සියයට 50කින් වැඩි වී ඇති අතර, ඉහල සියයට 1 විසින් අයිති කර ගැනුනු පංගුව සියයට 23 දක්වා ඉහල ගොස් ඇත.
කෙසේ නමුත්, කම්කරු පන්තිය, හුදෙක් කොල්ලකෑමේ ගොදුරක් පමනක් නො වේ. ගෝලීයව-එකාග්ර කෙරුනු නව කර්මාන්තවල කඹුරන දකුනු ආසියාවේ මිලියන ගනනාවක් කම්කරුවන් හා වඩා පුලුල් මහජනතාව අතර නැගෙමින් පවතින සමාජ විරුද්ධත්වයක් තිබේ.
මෑත මාසවලදී ඉන්දියාව, තමිල් නාඩු ප්‍රාන්තයේ බස් රියදුරන් හා ගුරුවරුන්, උතුරු ඉන්දියාවේ ග්‍රාමීය සෞඛ්‍ය කම්කරුවන්, මිලියන 1.5ක යූබර් හා ඔලා ප්‍රවාහන රියදුරන්ගේ වැඩවර්ජන රැල්ලක් මෙන් ම, ධීවරයන්, ගොවීන් හා දාලිත්වරුන්ගේ විශාල විරෝධතා අත්දැක ඇත.
මෙම සතියේ කම්පනකාරී ලිපියක් තුල, ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන්, ආන්ඩුව හා දේශපාලන ප්රභූව තුල පෙනී සිටින එහි විරුද්ධවාදීන්ගෙන් ඉල්ලා සිටියේ, සමාජ අසහනය නිෂ්ක්‍රීය කිරීමට, අවශ්‍ය නම් මැඬීමට “පූර්වාපේක්ෂි පියවර” ගන්නා ලෙස යි. “රට තුල තත්වය පෙන්වන්නේ, විශ්වාසය නැවත ගොඩනැගීමෙන් එය දුරස්ත වී ඇති බව යි...විරෝධතා හා උද්ඝෝෂනවලට එහිම ජීවිතයක් ඇති අතර...ඒවායේ විභවය අවතක්සේරු කිරීම කම්පාවට හේතු වනු ඇත. එබවින් ජාතියේ නායකයන්, පැරනි චීන ආප්තෝපදේශයකට ඇහුම් කන් දීම ප්‍රයෝජනවත් විය හැක, ‘කුලුන පිස දා හමන සුලඟ කලින් දැනුම් දෙන්නේ කඳුකරයේ නැගෙමින් තිබෙන කුනාටුවකි.’”
ඒ ආකාරයෙන් ම ශ්‍රී ලංකාව තුල, කම්කරුවෝ, තරුනයෝ සහ ග්‍රාමීය හා නාගරික පීඩිත ජනතාව, සිරිසේන-වික්‍රමසිංහ හවුල් ආන්ඩුව විසින් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන ජාමූඅ නියෝග කල ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහිව කැරලි ගසමින් සිටිති.
පන්ති අරගලයේ මෙම යලි නැගීම, ධනේශ්වරයට මෙන් ම එහි යුද්ධයේ හා ප්රතිගාමීත්වයේ න්‍යාය පත්‍රයට එරෙහිව අරගලය කුමන වෛෂයික බලවේගය මත පදනම් කල යුතු ද යන්න එලිමහනට පමුනුවයි.
ප්‍රධාන ප්රශ්නය වන්නේ මෙම ව්‍යාපාරය විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනය, ක්‍රියාමාර්ගය හා නායකත්වයකින් දේශපාලනිකව සන්නද්ධ කිරීම යි.
කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස බලමුලු ගැන්වීමට, සංස්ථාපිතයේ ව්‍යාජ වාම පක්ෂවලට, වෘත්තීය සමිති සංවිධාන, හා ඒවායේ ව්‍යාජ-වාම සහචරයන්ට එරෙහි නිර්දය අරගලයක් අවශ්‍යය කෙරේ.
ඉන්දියාව තුල, ස්ටැලින්වාදීන් පන්ති අරගලය උත්සන්න වීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ, බීජේපීයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන්, කොංග්‍රසය සමග හවුල් වීමේ ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කරමින්, කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීමේ සිය උත්සාහය දෙගුන කරමිනි. ඉන්දීය ධනේශ්වරයේ සාම්ප්‍රදායික පාලන පක්ෂය වන කොංග්රස් පක්ෂය බලයේ සිටියදී, ගෝලීය ප්රාග්ධනය සඳහා ඉන්දියාව ලාභ-ශ්‍රම ක්ෂේමභූමියක් කිරීමේ තල්ලුව වේගවත් කල අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග “ මූලෝපායික හවුල්කාරිත්වයක්” සඳහා පදනම දැමීය.
කම්කරු පන්තියේ අරගල හා ප්‍රෝත්සාහය කෙරේ දක්වන ස්ටැලින්වාදින්ගේ ආකල්පයට, බොරු මිනීමැරුම් චෝදනා මත, ජීවිතාන්තය දක්වා සිරගත කොට සිටින මරුති-සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් 13නා, ඔවුන් විසින් මුලුමනින් ම අතහැර දමා තිබීම නිදසුනකි. ඉන්දියාවේ හාම්පත්තු දින චරියාවක් ලෙස කම්කරුවන්ට තර්ජනය කරන්නේ, “මරුති-සුසුකියක් කරනවා” යනුවෙනි. එය වනාහි, දරිද්‍ර වැටුප් හා තිර්ශ්චීන සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ඕනෑම අභියෝගයක්, පොලීසිය, උසාවිය හා දේශපාලන සංස්ථාපිතය සමග එක්ව, ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවට කෙරෙන තර්ජනයකි. හිර කෙරුනු මරුති-සුසුකි කම්කරුවන්ට තවමත්, ස්ටැලින්වාදීන් ලාදුරු රෝගීන් ලෙස සලකන්නේ, එම කාරනය හාම්පුතුන් හා කොංග්රස් පක්ෂය සමග ඔවුන්ගේ සැපපහසු සම්බන්ධය අවුල් කරතැයි යන බියෙනි. කම්කරුවන්ගේ තත්වය හා අරගලය පිලිබඳ ඕනෑ ම කාරනයක් වාරනය කිරීමට ඔවුන් පියවර ගනී.
ශ්‍රී ලංකාවේ ව්‍යාජ වම්මුන්ගේ අනර්ථකාරී භූමිකාවෙහි අඩුවක් නැත. වසර තුනහමාරකට පෙර, චීනයට බොහෝ සමීප යයි පෙනනු දක්ෂිනාංශික ජනාධිපති පරාජය කිරීමට, වොෂින්ටනය මෙහෙය වූ “තන්ත්ර මාරුව” පිටුපස ඔවුන් පෙල ගැසුනේ පොදු විපක්ෂය” ප්රජාතන්ත්රවාදී විකල්පයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් බලයට ගෙන ආ කප්පාදුවලට පක්ෂ, අධිරාජ්‍ය-ගැති ආන්ඩුවට එරෙහිව දැන් මහජන අරගල පිපිරී ඇති අතර, ඒවා හුදුකලා කිරීමට හා යටපත් කිරීමට ඔවුහු තමන්ට කල හැකි හැම දෙයක් ම කරමින් සිටිති. සියල්ලටත් වඩා ඔවුන් උත්සාහ ගන්නේ, සමාජ අර්බුදයට තමන්ගේ ම සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කරමින් හා කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටනේ දී, තමන් පිටුපස පීඩිත වැඩ කරන ජනතාව ගොනු කර ගනිමින්, තමන්ගේ ම ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ලෙස මතු වීමෙන් කම්කරු පන්තිය වැලක්වීමටය.
2018 මෙම මැයි දින රැලියේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලෝකය වටා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, මරුති-සුසුකි පන්ති යුද සිරකරුවන්ගේ නිදහස දිනා ගැනීමේ උද්ඝෝෂනය තීව්ර කරන ලෙස යි.
සියලු ව්‍යසනයන්ගේ හා යුද්ධයේ මූලය වන, අධිරාජ්‍යවාදී ප්රචන්ඩත්වය හා ධනවාදයට එරෙහි ලෝක කම්කරු පන්තිය නායකත්වය දෙන ව්‍යාපාරයේ කොටසක් ලෙස, දකුනු ආසියාවේ ප්රතිගාමී රාජ්‍ය දේශසීමා වලින් ඔබ්බෙහි යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට අප සමග එක් වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.
අවසාන නමුත් වැදගත් කමෙන් නොඅඩු කාරනය ලෙස, අද සවන් දෙන සියලු දෙනාගෙන් මා ඉල්ලන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග එක්වන ලෙස යි. ලොව පුරා කම්කරුවන් එකම මූලික ගැටලුවලට හා සතුරන්ට මුහන දෙන අතර, කප්පාදු හා ජාතික රාජ්‍ය දේශසීමා හා මහාද්වීප හරහා නැගී එමින් තිබෙන යුද්ධයට එරෙහිව අරගලයන්ට තව තවත් ඇද ගනු ඇත. එහෙත් කම්කරු පන්තියේ වෛෂයික එක්සත්කම, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම තුල දැනුවත් ප්රකාශනයක් සොයා ගත යුතු ය. හාජජාක එම පක්ෂයයි.
Follow us on