කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුහු අවම පහසුකම් ඉල්ලා උද්ඝෝෂනය කරති
ජනේන්ද්රී වීරගේ විසිනි, 2018 නොවැම්බර් 30
පසුගිය ඔක්තෝබර් 15 වන දින කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසුහු පීඨය තුල පවතින අධ්‍යයන සහ සුභසාධන ගැටලූ කිහිපයකට කඩිනමින් විසඳුම් ඉල්ලා විරෝධතා බැනරයක් සහ පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුනි.
ඌන නේවාසිකාගාර පහසුකම් සම්පුර්න කරන ලෙස සහ ආපනශාලා පුලුල් කරන ලෙස ඉදිරිපත් කෙරුනු ඉල්ලීම් වලට අමතරව, සිසුන් 400 කට අසුන් ගත හැකි දේශන ශාලාවක් ඉදි කරන ලෙස සහ නව කලාගාරය දේශන කටයුතුවලින් ඉවත් කොට කලා කටයුතු සඳහා පමනක් වෙන් කරන ලෙස, පීඨයට බස් රථයක් ලබාදෙන ලෙස සහ සිසු නිදහස සීමා කරමින් පනවා ඇති විශ්වවිද්‍යාලය තුල රැඳී සිටීමේ රාත්‍රි 08.00 සීමාව වහාම ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භක විශ්වවිද්‍යාලයක් වන කොලඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට මෙවන් අවම පහසුකම් පවා ඉල්ලා උද්ඝෝෂනයේ යෙදීමට සිදු වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ සමස්ත මහජන අධ්‍යාපනය මුහුන දී ඇති බරපතල ඛාදනය සහ අතිමූලික සමාජමය අයිතීන් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ධනපති ක්රමයේ ඓතිහාසික නොහැකියාවයි.
සමස්තයක් ලෙස ලංකාවේ විශ්වවිද්‍යාල සිසුහු මෙම තත්වය ද ඉක්මවා ගිය දැඩි දුෂ්කර කොන්දේසි වලට මුහුනදෙති. ඒ අතර ආචාර්යවරුන්ගේ හිඟය, විද්‍යාගාර පහසුකම් නොමැති වීම, පානීය ජලය සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් හිඟකම සහ නිසිකලට විභාග නොපැවැත්වීම සහ ප්‍රතිපල නිකුත් නොවීම සහ අප්රමානවත් ශිෂ්‍යාධාර ආදී ගැටලු ගනනාවක් වෙයි.
කඩිමුඩියේ ආරම්භ කල සෑම තාක්ෂනික පීඨයකම මූලික අධ්‍යයන පහසුකම් හෝ නොමැති වීම හේතුවෙන් ඒවා වසා දැමීමට පවා සිදුවිය. රජයේ විශ්වවිද්‍යාලයන්හි ඉඩකඩ ප්රසාරනය නොකිරීම හේතුවෙන් වාර්ෂිකව බඳවා සිසුන් සංඛ්‍යාව වැඩි නොකෙරෙන තත්වයට පත් කොට ඇත. උසස් පෙල සමත් දෙලක්ෂයකට ආසන්න ශිෂ්‍යයන් අතරින් රජයේ විශ්වවිද්‍යාල සඳහා මෙතෙකුදු වසරකට අතුලත් කර ගනු ලබන්නේ 25,000 ක් පමන වූ ඉතා අල්ප සංඛ්‍යාවකි.
එක් පසෙකින් විශ්වවිද්‍යාල තුල අවම පහසුකම් වලට මුහුන දෙන අතරේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ඉතා අවම වැටුප් යටතේ අමතර රැකියාවන් හි නිරත වීමට සිසුන්ට බලකෙරී පවතී. මාතර සිට පැමිනෙන කොලඹ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට තමන්ගේ ජිවන කොන්දේසි මෙසේ විස්තර කලේය: “මට නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ නෑ. මම බෝඩින් කාමරයට මාසෙකට රුපියල් පන්දාහක් ගෙවනවා. අපිට ශිෂ්‍යාධාර හම්බවෙන්නෙත් පන්දාහයි. ගෙදරට බරක් වෙන්න බැරි හින්දා මම දැන් හවස 6.30 ඉඳලා රාත්‍රී 10.30 වෙනකන් කේ.එෆ්.සී එකේ පාට් ටයිම් කරනවා. විභාග වැඩ නැති දවස්වල ඕනෑම වැඩකට යනවා. සමහරු රාත්‍රී කාලයේ මුරකරු රැකියාවල නිරතවෙනවා”
ලංකාව වැනි අඩු දියුනු රටවලට පමනක් සීමා නොවූ මෙම තත්වය දියුනු ධනපති රටවල් වල සිසුහු ද එකසේ අත්දකිති. 2000 වසරේ සිට පාඨමාලා ගාස්තු දෙගුනයක් වීමෙන් ඇමරිකාවේ ශිෂ්‍ය නයගැතිභාවය ඉහල ගොස් ඇත. පසුගිය දිනවල වාර්තාවූයේ එරට උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන්ගෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයට ඇද වැටී ඇති බවයි.
ඕස්ටේ්රලියාවේ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන්ගෙන් සියයට 15 කට නිසි ආහාර නොමැති අතර ඉහල යන අධ්‍යාපන වියදම් පියවා ගැනීම සඳහා ශිෂ්‍යයන්ගෙන් සියයට 30 ක් සතියකට පැය 20 ට වැඩි කාලයක් විවිධ තාවකාලික රැකියාවන්හි නිරත වී සිටියි.
තමන් මුහුනදෙන මෙම දරාගත නොහැකි කොන්දේසි වලට එරෙහිව අරගල කිරීමට අවතීර්න වූ විශ්වවිද්‍යාල සිසුන් පසුගිය වසර ගනනාව මුලුල්ලේ අත්දුටුවේ කුමක්ද? සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක්ම සිසුන්ගේ විරෝධතා පාගමන්, සත්යග්රහ ආදී උද්ඝෝෂන මැඞීමට රුදුරු පොලිස් ප්‍රහාර දියත් කලේය. සිසු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, පන්ති තහනමට හෝ ශිෂ්‍යභාවය අහෝසිකිරීමට ලක්කිරීම, සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් බියවැද්දීම වැනි මර්දනකාරී පියවරයන් යොදාගනිමින් සිසුන් සටනට අවතීර්නවීම වැලැක්වීමට පියවර ගනු ලැබූ අතර නවකවද පනත ආදී මර්දන නීති දැඩි කෙරෙමින් සිසු දඩයම උග්‍ර කරනු ලැබුනි.
ලංකාවේ සෑම ආන්ඩුවකම පිලිවෙත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධාන අනුව අධ්‍යාපනය සෞඛ්‍යය ආදී සුභසාධන ක්ෂේත්‍ර තුල කප්පාදුව තියුනු කිරීමයි. සිසුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම එම පිලිවෙතෙහි ප්රතිවිරුද්ධය වූ නිසා එම සෑම ආන්ඩුවක්ම සිසුන්ගේ ඉල්ලීමවලට පයින් ගැසුවේ නිර්දය අයුරිනි. එය ධනපති ක්රමයේ පද්ධතිගත අර්බුදය යටතේ ධනපති පාලක පන්තියට අනිවාර්යයෙන් පැවරුනු රාජකාරිය මිස හුදෙක් ඒ හෝ මේ පාලකයින්ගේ දුෂ්ට භාවය නිසා සිදුවූවක් නොවේ.
ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගුරුහරුකම් ලබමින් විශ්වවිද්‍යාල සිසුන්ට නායකත්වය දෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ධනපති ක්රමයේ මෙම පද්ධති ගත අර්බුදය ප්‍රතික්ෂේප කරමින් සිසුන් අතර වපුරන මිත්‍යාව වනුයේ ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් සිසු අයිතීන් දිනාගත හැකිය යන්නයි. ධනපති ආන්ඩුවල ප්‍රහාරයට දිගින් දිගටම සිසුන් ගොදුරු වද්දී පවා එම බංකොලොත් ඉදිරිදර්ශනය සිසුන් ඉදිරියේ තොරොම්බල් කිරීම හැර අවිශිබමට වෙනත් වැඩපිලිවෙලක් තිබුනේ නැත.
අවිශිබමයට සෘජුව සම්බන්ධ වුනත් නැතත් සිසුන්ගේ නායකත්වයේ සිටින ඕනෑම සංවිධානයක් සතුව ආන්ඩුවට බලපෑම් දැමීමේ නිස්සාර විරෝධතා හැරෙන්නට සිසුන්ට ඉදිරිපත් කිරීමට වෙනත් වැඩපිලිවෙලක් නැත. කොලඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය ඉහත ඉල්ලීම් දිනාගැනීම සඳහා පාලකයින්ට බලපෑම් දැමීමට මෙම විරෝධතා සංවිධානය කර ඇතත් සිතන මතන ඕනෑම ශිෂ්‍යයෙකුට පැහැදිලි වනු ඇත්තේ තියුනු වන ආර්ථික අර්බුදය මැද කප්පාදුව ඉහල දැමීමට සපථ කර ඇති ලංකාවේ පාලක පන්තිය එම ඉල්ලීම් ලබාදෙනු වෙනුවට දැනට ඇති සීමිත පහසුකම් ද කපා දැමීමට පෙලඹෙන බවයි.
විශේෂයෙන්ම ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය මධ්‍යයේ බලයට පැනගැනීමට පොරකන දෙපාර්ශවයේම එල්ලය වනුයේ, වර්ධනය වෙමින් පවතින කම්කරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ සහ අනෙකුත් පීඩිත මහජනතාවගේ අරගල වඩා රුදුරු ලෙස තලා දැමිය හැකි පාලන තන්ත්රයක් ඇටවීමයි. එවැනි තත්වයක් යටතේ ශිෂ්‍යන්ට සිය අයිතීන් දිනාගැනීමට හැකිවනු ඇත්තේ ධනපති ක්‍රමයට පෙරලා දැමීමේ හැකියාව සතු එකම පන්තිය වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් හරහා පමනි.
Follow us on