වතු කම්කරුවන්ගේ සමාජ අයිතීන් මත හාම්පුතුන්ගේ ප්‍රහාර තීව්ර කෙරේ
සමන් ගුනදාස විසිනි, 2019 අප්‍රේල් 23
දශක ගනනාවක රුදුරු සූරාකෑමේ උරුමය මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට ජාත්‍යන්තර මූලෝපායක් හා ඉන්දියාව, කෙන්යාව හා අනෙකුත් තේ නිපදවන රටවල වතු කම්කරුවන් ගේ අරගලයන් සමග ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය ය.
ඵලදායිතාව ඉහල නංවන අතරේ කම්කරුවන්ගේ සමාජ කොන්දේසි දරුනු ලෙස පහත හෙලීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ වතු සමාගම් පසුගිය මාසයේ වෘත්තීය සමිති සමග පාවාදීමේ ගිවිසුමක් අත්සන් කල හ. මෙය වනාහි, ගෝලීය පසුබෑමක සහ ඉරානය හා රුසියාව වැනි තේ මිල දී ගන්නා රටවල් මත ආර්ථික සම්බාධක පනවා ඇති තතු යටතේ සෑම තේ නිපදවන රටක ම වතු සමාගම් විසින් තම ලාබ ඉහල දමා ගැනීම සඳහා එල්ල කරන ගෝලීය ප්රහාරයකි.
මෙම ධාවනයේ මනා උදාහරයන් වන්නේ ඉන්දියාව හා කෙන්යාව යි.
රටෙහි පුද්ගලික අංශයේ විශාලතම ශ්‍රම බලකාය වැඩකරන ඉන්දියාවේ තේ කර්මාන්තය ඍජු ව මිලියනයක් පමන ද වක්‍ර ව කෝටියක් පමන ද සේවයේ යොදවයි. ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ලෝක තේ නිෂ්පාදනයෙන් හයෙන් පංගුවක් පමන නිපදවයි. එහි වතු කම්කරුවෝ වහල් කොන්දේසිවලට මුහුන දෙති.
ද ග්ලෝබල් බිස්නස් ඔෆ් ෆෝස්ඞ් ලේබර් (බලහත්කාර ශ්‍රමය යොදවන ගෝලීය ව්‍යාපාරය) ට අනුව ඇසෑම් වතු කම්කරුවන් “බලහත්කාරී ශ්‍රමිකයන්ට සෑම අතින් ම සමාන අතිශයින් සූරාකෑමට ලක්වන ශ්‍රමිකයන්” ලෙස අර්ථ දක්වනු ලබයි.
ඇසෑම්හි බොහෝ වතු කම්කරුවෝ, 19වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ අනෙකුත් ප්‍රදේශවලින් වතුවලට සංක්‍රමනය කෙරුනු “ආදිවාසී ශ්‍රමිකයන්ගෙන්” පැවත එන්නෝ ය. ජන වාර්ගික සුලුතර තත්ත්වයට පිරිහෙලනු ලබන මෙම කම්කරුවන් ව ඉන්දියාවේ වාර්ගික, ජන වාර්ගික හා කුල මත පදනම් වන ධූරාවලිය තුල පහල ම ස්ථරයට තල්ලු කරනු ලබයි. අමානුෂික කොන්දේසි යටතේ ජීවත් වන ඔවුන් අඩුවෙන් ගෙවීමට, ප්රචන්ඩ විනයට හා පාලනයට භාජනය කරනු ලැබේ.
ද ග්ලෝබල් බිස්නස් ඔෆ් ෆෝස්ඞ් ලේබර් වාර්තාවට අනුව “බොහෝ වැවිලි ව්‍යාපාර මොඩලයන් හැඩ ගස්වනු ලබන්නේ මූලික සේවාවන් අඩුවෙන් සපයා ඒවාට වැඩියෙන් අයකිරීම හරහා ආදායම් ජනනය කිරීම වටා ය.”
කම්කරුවන්ගෙන් සියයට 47කට පානීය ජලය නැති අතර සියයට 26කට වැසිකිලි නැති බවත් සියයට 24කගේ නිවාසවලට නිත්‍ය විදුලි සැපයුම් නැති බවත් වාර්තාව අනාවරනය කරයි. වතු වෛද්‍ය සේවාවන්ට නිසි බෙහෙත් හා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් හිඟ ය. සාමාන්‍ය උන හෝ සුලු රෝග හැරුනු විට අනෙකුත් රෝගවලින් පෙලෙන රෝගීන් අධික මිල සහිත බාහිර වෛද්‍ය ආයතන වෙත යොමු කරනු ලැබේ.
දැනට තමිල්නාඩුව ලෙස හැඳින්වෙන ප්‍රදේශයෙන් පැමිනි කේරල වතු කම්කරුවන් බ්‍රිතාන්‍ය විජිත පාලකයන් විසින් ගෙන එනු ලැබිනි. කේරල වතු කම්කරුවන්ගේ කොන්දේසි ඇසෑම්හි කොන්දේසිවලට බෙහෙවින් සමාන වේ.
ඇසෑම් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉන්දියානු රුපියල් 145ක් පමන වන අතර ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් පමන අනියම් පදනම මත සේවයේ යොදවනු ලැබේ. කේරල කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 312ක් පමන වේ. ඇසෑමයේ දෛනික දලු ඉලක්කය කිලෝ 15න් ආරම්භ වී 30 දක්වා ඉහල යයි; කේරලයේ එය කිලෝ 21න් ආරම්භ වී 27 දක්වා ඉහල යයි. මෙම ඉලක්ක බලාත්මක කරනු ලබන්නේ වැටුප් අඩුකිරීම් හා ගෙවීම් නතර කිරීම් මගින් බලහත්කාරී ලෙසය.
සැපයීම පවා නො කරන විදුලිය වැනි සේවා සඳහා ද කම්කරුවන්ට නොමිලයේ සපයනු ඇතැයි අපේක්ෂිත සේවා ද සඳහා වතු හිමියන් විසින් වැටුප් පත්වලින් නීති-විරෝධී ලෙස මුදල් කපාගනු ලැබේ. වැටුප් කොතරම් පහල ද යත් කම්කරුවන් තමන් ව බලහත්කාරයෙන් වැඩ ගන්නා ශ්‍රමිකයන් ලෙස හාම්පුතුන්ට බැඳ තබන දැවැන්ත නයවලට මුහුන දෙයි. ඇසෑමයේ වතු කම්කරුවන්ගෙන් සියයට 54ක් පමන නය බරින් පෙලෙන අතර සියයට 59කට ඉතුරුම් නැත.
කෙන්යාවේ විශාලතම කර්මාන්තය තේ වන අතර 333,000ක් වන එහි සේවකයන්ගෙන් අතිමහත් බහුතරය තේ වගා කිරීමේ, නෙලීමේ හා පිරිසැකසුම් කිරීමේ නිරත වේ. කෙන්යානු තේ කර්මාන්තය මත යුනිලීවර් හා ජේම්ස් ෆින්ලේ වැනි බහුජාතික සංගත ආධිපත්‍යය දරන අතර දේශීය විශාල සමාගම් කිහිපයක් ද ක්‍රියාත්මක වේ.
කර්මාන්තය පිලිබඳ සම්පූර්න වාර්තාවක් වන ද ටෲ ප්‍රයිස් ඔෆ් ටී ෆ්‍රොම් කෙන්යා (කෙන්යාවේ තේවල සැබෑ මිල) සමාජ හා රැකියා සුරක්ෂිතතාව නැතිකම, දිගු වැඩ පැයගනන්, අනියම්කරනය හා ලිංගික වෙනස්කම් කිරීම වෙත අවධානය යොමු කරයි. පවුලේ ශ්‍රමය යොදා ගන්නා කුඩා වතුවල වැඩකරන්නන්ගෙන් සියයට 15ක් පමන ලමුන් බව ද එය පෙන්වා දෙයි.
කෙන්යානු වතු තේ කර්මාන්තශාලා සේවකයන් මාස තුනක සේවා කාලයක් සම්පූර්න කිරීමට පෙර දොට්ට දමා නැවත අනියම් පදනමින් බඳවා ගන්නේ රෝග සඳහා ගෙවීම, මාතෘ නිවාඩු, වාර්ෂික නිවාඩු හා විශ්‍රාම අයිතීන් සම්පාදනය කිරීම වැලැක්වීමේ අරමුනෙනි.
කෙන්යානු දලු නෙලන්නෝ දෛනික පදනමින් සේවයේ යොදවන අතර දිගු පැය ගනනක්, සමහර අවස්ථාවල දී සතියකට පැය 74ක් තරම් දීර්ග පැය ගනනක්, වැඩ කරති. ඔවුන්ට කිලෝග්‍රෑම් ගනනට ගෙවන නිසා දලු නෙලන්නන් සාමාන්‍යයෙන් නො නවත්වා වැඩ කරන අතර දිනකට එක් ආහාර වේලක් මත යැපේ. අස්ථි බිඳීයාම්, කොන්දේ තුවාල, හම පිච්චීම්, වල් නාශක හා කෘමි නාශක වෙත නිරාවරනය වීම්, හුස්ම ගැනීමේ හා ජලාශ්‍රිත රෝග ඔවුන් අතර සුලබ ය.
ද ටෲ ප්‍රයිස් ඔෆ් ටී ෆ්‍රොම් කෙන්යා වාර්තාවට අනුව වැවිලි අංශයේ පූර්න කාලීන කම්කරුවකුගේ සාමාන්‍ය දෛනික වැටුප ඩොලර් 3.40ක් හෝ කෙන්යාවේ ජීවන වේතනයෙන් සියයට 62ක් පමන වේ.
ඉන්දියාවේ, කෙන්යාවේ හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ව රුදුරු සූරාකෑම කරනු ලබන්නේ බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, කැනඩාව, නෙදර්ලන්තය හා ඉන්දියාව තුල පදනම් වන බහුජාතික සංගත අතලොස්සක් විසිනි.
මිල නියම කරමින් හා වෙලඳපොල පාලනය කරමින් ගෝලීය තේ කර්මාන්තය මත ආධිපත්‍යය දරන්නේ ඩොලර් කෝටි ගනනින් ලාබ උපයන ප්‍රධාන සමාගම් තුනක් වන ලිප්ටන් (යුනිලීවර්), ටෙට්ලේ (ටාටා ග්ලෝබල් බෙවරේජස්) හා ට්විනිංස් (ඇසෝෂියේටඞ් බි්රටිෂ් ෆුඞ්ස්) විසිනි.
බ්‍රිතාන්‍යයේ පාදිත රාජ්‍ය නො වන සංවිධානයක් වන දරිද්‍රතාවට එරෙහි යුද්ධය (වෝ ඔන් වෝන්ට්) හි අ බිටර් කප් නමැති 2010 වසරේ වාර්තාවකට අනුව, සුපිරි වෙලඳසැල්වල විකිනෙන “පවුම් 1.60 සෑම තේ බෑග් පෙට්ටියකින් ම තේ නෙලන්නෙකු උපයන්නේ පැන්ස 1ක් පමනි.” තේ නිපදවන්නන් ලාබයෙන් සියයට එකක් ලබාගනිද්දී බහුජාතික සිල්ලර යෝධයින් සියයට 53ක් දැවැන්ත ලාභයක් සාක්කුවේ දමා ගන්නා බවට වාර්තාව ඉඟි කරයි.
හාම්පුතුන් සමග එකට ක්‍රියාත්මක වන වතු වෘත්තීය සමිතිවල ආධාරය හා උපකාරය සහිත ව ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මත එල්ල කරන තීව්ර ප්‍රහාරය, සෑම රටක ම කම්කරුවන්ගේ වැටුප්, සේවා කොන්දේසි හා ජීවන කොන්දේසි මත එල්ල කරන ජාත්‍යන්තර ප්රහාරයක කොටසකි.
එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන ආන්ඩුව විසින් අනුමත කරන ලද පාවාදීමේ ගිවිසුමට සමහරුන් ආන්ඩුවේ ඇමතියන් ද වන ලංකා කම්කරු කොංග්‍රසයේ හා ලංකා ජාතික වතු කම්කරු සමිතියේ නිලධරයන්ගේ සහතික වීම ද ලැබේ.
ජාතික කම්කරු සමිතියේ, කඳුරට ජනතා පෙරමුනේ හා ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුනේ පිටුබලය ද එයට ලැබුනි.
රුපියල් 500ක මූලික දෛනික වැටුප දෙගුන කරන ලෙස ඉල්ලූ ලංකාවේ වතු කම්කරුවන්ගේ ඉල්ලීම ඉවත ලූ වෘත්තීය සමිති, පැමිනීමේ හා දිරි දීමනා කපමින් සමාගම් යෝජනා කල සියයට 40 වැටුප් වැඩි කිරීමට එකඟ වූ හ. ( බලන්න: ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ පාවාදීමේ වැටුප් ගිවිසුමට විරෝධය පල කරති). ඒ අනුව කම්කරුවන්ට ලැබෙන සැබෑ වැටුප් වැඩි වීම යන්තම් රුපියල් 20ක් පමනි. සාමූහික ගිවිසුම තුල සමාගම් විසින් යෝජිත “කොන්ත්‍රාත් ක්‍රමය” ක්‍රියාවට දැමීම සහයෝගය දෙන බවට වෘත්තීය සමිති පොරොන්දු වෙති.
ඒ යටතේ කම්කරුවෙකුට යම් තේ පඳුරු ප්‍රමානයක් ලබා දෙන අතර ඔහු හෝ ඇයගේ මුලු පවුල ම පැල වගා කිරීමට වැඩකොට අස්වැන්න සමාගමට ලබා දීම අපේක්ෂා කරනු ලැබේ. සමාගම විසින් සැපයුම් සඳහා පිරිවැය හා ලාබ අඩුකරගෙන ඉතිරි “කොටස” කම්කරුවාට ගෙවන අතර, එහි අර්ථය වන්නේ කම්කරුවා බැඳුනු ශ්රමයට හෙවත් නවීන අඳ ගොවියන් බවට පරිවර්තනය කිරීම යි.
ඉන්දියාව තුල වෘත්තීය සමිති ද ශ්‍රී ලංකාවේ මෙන් කම්කරුවන් ව ලාබ අවශ්‍යතා සඳහා යටත් කිරීමේ භූමිකාව ඉටුකරමින් සිටිති. 2017 දෙසැම්බරයේ වැටුප් ගිවිසුම කල් ඉකුත් වූ විට ඇසෑමයේ වතු කම්කරුවන් තමන්ගේ අවම දෛනික වැටුප රුපියල් 350 දක්වා ඉහල දමන ලෙස ඉල්ලමින් විරෝධතා හා වැඩ වර්ජනවල නිරත විය. මෙම ඉල්ලීම සඳහා බල කරමින් ජනවාරි 18 හා 19 දිනවල පැවති මහා වැඩ වර්ජනයට ද කම්කරුවෝ ඒකාබද්ධ වූ හ.
එහෙත් ඉන්දීය ජාතික කොංග්‍රසය විසින් පාලනය කරන ඇසෑම් ෂා මස්දූර් සංග හා ස්ටැලින්වාදී පක්ෂ දෙක විසින් පාලනය කරන සමිති ඇතුලු වෘත්තීය සමිති, කම්කරුවන්ගේ වර්ධනය වන පන්ති අරගලයට ඇබ ගසා ඇත.
කෙන්යාවේ දී උසාවිවල පිටුබලය ද ලබන සමාගම්, මාසික වේතනය පවතින මට්ටමේ පවත්වා ගැනීමට ඵලදායිතාව කිලෝ 830 සිට කිලෝ 1170 දක්වා වැඩිකරන ලෙස ඉල්ලයි. කෙන්යානු උසාවිවල තීන්දුවලට විරුද්ධ ව එක්සත් රාජධානියේ උසාවිවල නඩු පවරන බව පෙබරවාරියේ දී වෘත්තීය සමිති කී හ.
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට රුදුරු සූරාකෑම පරාජය කල හැක්කේ ජාත්‍යන්තරව තම පන්ති සගයන් සමග එක්ව කම්කරුවන්ගේ ස්වාධීන අවශ්‍යතා සඳහා සටන් කිරීමෙන් පමනි. මේ සඳහා, වෘත්තීය සමිතිවලින් දේශපාලනික ව හා සංවිධානාත්මක ව බිඳී ජාතික ව හා ජාත්‍යන්තර ව අනෙකුත් වතු කම්කරුවන් වෙත ප්‍රවිෂ්ට වීමට තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගාගෙන සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් ඒකාබද්ධ ව සටන් කිරීම අවශ්‍ය කරයි.
Follow us on