දකුනු ආසියාවේ ගංවතුරෙන් සිය ගනනක් මිය ගොස් ඇති අතර මිලියන ගනනක් අවතැන් වී ඇත
Millions displaced and hundreds killed by monsoonal floods in South Asia
රොහාන්ත ද සිල්වා විසිනි, 2019 ජූලි 31
ජුලි මස මුලදී ආරම්භ වූ අධික මෝසම් වැසි හේතුවෙන් නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවල මිලියන ගනනකගේ ජීවිත විනාශ වී තිබේ. කාලගුනික තත්ත්වය වඩා හොඳ අතර හැරෙමින් පැවතිය ද, ඉදිරි කාලය තුල සමාජ කොන්දේසි වඩාත් නරක අතට හැරෙනු ඇත. ජීවනෝපායන් සහ වාසස්ථාන විනාශ ව ඇති අතර රෝග පැතිරීමේ අවදානම වැඩි වෙමින් පවතී.
වත්මන් වාර්තා වලට අනුව, 600 ක් පමන දෙනා මෙම රටවල දී මිය ගොස් ඇත. බොහෝ හානි, තවමත් වාර්තා වී නොමැති නිසා, සැබෑ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය හැක. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව මිලියන 25 කට අධික ජනතාවක් අවතැන් වී ඇත. ඔවුන්ගෙන් බහුතරය එදිනෙදා අමාරුවෙන් ජීවිත ගැට ගසා ගන්නන් ය.
වඩාත්ම විනාශයට පත් ව ඇත්තේ ඉන්දියාවයි. සඳුදා එන්ඩීටීවී වාර්තාවකට අනුව, ඉන්දියාවේ අසාම් සහ බිහාර් ප්‍රාන්තවල දී ගංවතුරෙන් පුද්ගලයින් 170 ක් මිය ගොස් මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්විය. මෙම මරන වලින් 100 කට වඩා සිදුව ඇත්තේ ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය වන බිහාර් හි ය.
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ඉරිදා අකුනු සැර වැදීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගිය අතර, ගංවතුරෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 33 න් 18 ක ගම්මාන 2,283 ක් ජලයෙන් යට ව ඇත. ආහාර නිෂ්පාදනය විනාශ වී ඇති අතර ගම්වාසීන් දහස් ගනනකට නිවාස අහිමි විය.
ගං ඉවුරක් කඩා වැටී දුම්රය මාර්ග යට කර ගත් නිසා, පසුගිය බ්‍රහස්පතින්දා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අගනුවර වන මුම්බායි අසල අධිවේගී දුම්රියක් පැය 12 කට වැඩි කාලයක් නවතා තැබීමට සිදු විය. ඉන්දීය නාවික හමුදා හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් 1000 ක් පමන දෙනා බේරාගෙන තිබේ.
ඇසෑම් හි කසිරංගා ජාතික උද්‍යානයේදී රයිනෝ 16 ක් ඇතුලුව සතුන් 180 කට වැඩි පිරිසක් මිය ගියහ.
බරපතල ගංවතුර හා නායයෑම් හේතුවෙන්, කඳුකර නේපාලයේ අවම වශයෙන් මරන 113 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 38 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත.
රටේ නැගෙනහිර ප්‍රදේශවල දැවැන්ත විනාශයක් සිදුව තිබේ. බොහෝ පාලම් සහ මාර්ග කඩා වැටී හෝ ගං වතුරට ගසාගෙන ගොස් ඇත. අළුත්වැඩියා කිරීමේ වියදම නේපාල රුපියල් මිලියන 300 කට (ඇමරිකානු ඩොලර් මිලියන 2.7) වැඩි වේ යැයි ගනන් බලා තිබේ.
බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 28 ක පුද්ගලයින් 75 කට වැඩි පිරිසක් මියගොස් මිලියන 6 කට වැඩි පිරිසක් අවතැන්ව සිටියද තවමත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇති නිසා, ඇත්ත මරන සංඛ්‍යාව මීට වඩා වැඩි ය. ජූලි 17 දා, ජමුනා ගං බැම්ම ජූලි 17 වන දා කඩා යාමත් සමඟ අතර අවම වශයෙන් ගම්මාන 40 ක් වත් ජලයෙන් යටවී 200,000 කට අධික ජනතාවක් අනාථ වූහ.
බංගලාදේශයේ වෙසෙන බුරුම රෝහින්ග්‍යා සරනාගතයින්ට දැඩි ලෙස මෝසම බලපා ඇත්තේ ඔවුන්ගේ ජනාවාස බොහොමයක් ඩකා අගනුවර අසල කොක්ස් බසාර් ප්‍රදේශය වැනි කාලයක් තිස්සේ ගංවතුරට ගොදුරු වන ප්‍රදේශවල පිහිටා ඇති බැවිනි. තාවකාලික පැල්පත් විනාශ වී ඇති නිසා අවම වශයෙන් සරනාගතයින් 6,000 ක ට පමන නිවාස අහිමිව ඇත.
පාකිස්තානයේ සමහර කොටස් ද ජලයෙන් යටවී 23 දෙනෙකු මියගොස් ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 540 කට අධික සංඛ්‍යාවක් දරුනු ලෙස පීඩාවට පත්ව ඇත.
දකුනු ආසියානු රජයයන්, ගංවතුරෙන් පීඩාවට පත් මිලියන ගනනක් දරිද්‍ර ජනතාව නොතකා හැර ඇති අතර, ප්‍රතිචාරය උදාසීන ය. දිවි ගලවා ගැනීමෙන් පසුව, ජීවත් වීම සඳහා සරනගතයන් මංමුලා ගත ප්රයත්නකය යෙදෙයි. සමහර ප්‍රදේශවලට රජයේ ආධාර කිසිවක් ම ලැබී නැත.
ඉන්දීය මාධ්‍යවලට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසාම් සහ බිහාර් ප්‍රාන්ත මහඇමතිවරුන්ට දුරකථන ඇමතුමක් ලබා දී සහන සේවා ආරම්භ කරන ලෙස උපදෙස් දී තිබේ. එලෙසම බංග්ලාදේශයේ අගමැති ෂෙයික් හසීනා ද සැමදා ම කරන ලෙස උපදෙස් නිකුත් කලේය.
සඳුදා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ බංග්ලාදේශයේ බොග්රා දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස් ෆොයෙස් අහමඞ් ප්‍රකාශ කලේ දිස්ත්‍රික්කයට සහන සැපයුම් තිබුනත් “ගැඹුරු දියෙන් යටවූ ප්‍රදේශවලට යාමට අපට ප්‍රමානවත් ප්‍රවාහන පහසුකම් නොමැති” බවයි.
සමහර ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ වාර්ෂිකව සිදු වන ගංවතුර ව්‍යසනය සඳහා රජය පියවර නොගැනීම හේතුවෙන් ගංවතුරින් විපතට පත්වූවන් අතර කෝපය වැඩි වී ඇති බවයි.
සහන ද්‍රව්‍ය බෙදා හැරීමට අපොහොසත් වීම හේතුවෙන් උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නිවැසියන් ජූලි 19 වන දින රජයේ නිලධාරියෙකු පලවා හැරියේය. නේපාල දේශ සීමාව අසල පිහිටි මෝටිහාරි දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු එම ප්‍රදේශයට නොපැමිනි බවත්, ප්‍රජා මුලුතැන්ගෙයක් සංවිධානය කර නොමැති බවත්, දින පහක් හෝ හයක් තිස්සේ දරුවන් කුසගින්නෙන් පෙලෙන බවත්ය.
විරෝධතා දැක්වූ ගම්වැසියන් රජය හෙලා දකිමින් සටන් පාඨ කියමින් “සෑම මෝසම් කාලයකදීම ඔවුන් අතහැර දමා ඇති” ප්‍රකාශ කල බව බීබීසී වාර්තා කලේය.
විනාශකාරී ගංවතුර හා නායයෑම් අවුලුවන අධික මෝසම් වැසි දකුනු ආසියාවේ වාර්ෂික සිදුවීමකි. 2017 දී දකුනු ආසියාවේ ගංවතුරෙන් පුද්ගලයින් 1,300 ක් මිය ගොස් මිලියන 45 කට බලපාන ලදි. යුනිසෙෆ් සංවිධානයට අනුව ලමුන් මිලියන 16 ක් ඒ අතර වූ හ.
මෝසම් ස්වභාවික සංසිද්ධියක් වුවද සමාජ විනාශයේ වගකීම පැවරෙන්නේ කලාපයේ පාලක පන්තීන්ට සහ ඔවුන්ගේ රජයන් ට ය. ගෝලීය උෂ්නත්වය ඉහල යාම මගින් වන දේශගුනික විපර්යාසයන්, වන විනාශය සහ සැලසුම් නොකල පතල් කැනීම් තත්වය වඩාත් නරක් කෙරේ.
ජනතාවගේ වියදමින් ධනවත් වෙමින්, දකුනු ආසියාවේ ධනේශ්වර ප්‍රභූ පැලැන්තියේ කිසිදු කොටසක් ආරක්ෂිත වාසස්ථාන සහ ප්‍රමානවත් ආපදා සහන ලබා දීම සඳහා මූලික පියවර ගැනීම හෝ විනාශකාරී ගංවතුර අවම කිරීමේ කිසිදු මූලික පියවරක් හෝ ගෙන නොමැත. දකුනු ආසියානු ගංවතුරෙන් සෑම වසරකම පුද්ගලයින් 2,000 ක් පමන මිය යන බව බෙල්ජියමේ ජාත්‍යන්තර ආපදා දත්ත ගබඩාව 2017 දී සඳහන් කලේය.
ජාත්‍යන්තර රතු කුරුස හා ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපීය අධ්යක්ෂ සේවියර් කැස්ටෙලනෝස්, සති දෙකකට පෙර මෙසේ අනතුරු ඇඟවීය. “සෑම දිනකම ඇද හැලෙන වර්ෂාවත් සමඟ අවතැන් වූවන් හා ජීවිත හානි වැඩි වෙමින් පවතින බව අපට පෙනේ. ඉහල යන ජලයෙන් මුලු ප්‍රජාවන් වෙන් කර දමා ඇති අතර මිනිසුන් කුසගින්නෙන් හා අසනීප වීමේ අවදානම වැඩි කරයි. ”
ජාත්‍යන්තර පුන්යායතනයන් විසින් ආහාර, තාවකාලික නවාතැන් හා සනීපාරක්ෂක කට්ටල ඇතලු හදිසි සැපයුම් සැපයීම සඳහා බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාවේ ස්වේච්ඡා සේවකයන් දහසකට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර, එම උත්සාහයන් කිසිසේත් ම ප්‍රමානවත් නොවේ.
ජුලි 18 වන දින, හින්දුස්ථාන් ටයිම්ස් කතුවැකිය ඉන්දියානු රජය “ගංවතුර පිලිබඳ දිගුකාලීන උපාය මාර්ගයක්” සකස් කරන ලෙස ඉල්ලා සිටියේය. පසුගිය දස වසර තුල සිදු වූ සෑම ප්‍රධාන ගංවතුරකටම පසුව - 2008, 2011, 2013, 2015 සහ 2017 - එවැනි ඉල්ලීම් කල නමුත් කිසිවක් සිදු වූයේ නැත.
ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව තුල “ගංවතුර පිලිබඳ දිගුකාලීන උපාය මාර්ගයක්” ක්‍රියාත්මක කල නොහැකිය. සියලුම ප්‍රධාන ගංගා හිමාලයෙන් ආරම්භ වන අතර නේපාලය සහ ඉන්දියාව හරහා බංග්ලාදේශය සහ පාකිස්තානය දක්වා ගමන් කරයි. ඉන්දියාව සහ නේපාලය අතර ඇති කිලෝමීටර් 1,800 ක දේශ සීමාව හරහා ගංගා සහ දිය දහරවල් 6,000 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඒවා වියලි කාලවලදී ගංගා ජලයෙන් සියයට 70 ක් සම්පාදනය කරයි.
ඉන්දියාවේ පුලුල් ප්‍රදේශ නියඟයට මුහුන දෙන තත්වය තුලය මේ වසරේ මෝසම් ගංවතුර ඇති වූයේ. ඒෂියා ටයිම්ස් මෑතක දී වාර්තා කලේ ඉන්දියාවේ ජලාශ 91 න් 85 ක ජල මට්ටම සියයට 40 ටත් 65 ක් සියයට 20 ටත් වඩා අඩු බවයි. තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර සහ රටේ සිව්වන විශාලතම නාගරික ප්‍රදේශය වන චෙන්නායි දැඩි ජල හිඟයකට මුහුන දී සිටින අතර කම්කරු පන්තිය හා දුගීන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇත.
ජාතික දේශසීමා සහ තරඟකාරී සමාගම් වල ප්රභූන්ගේ ගැටුම්කාරී ලාභ අවශ්‍යතා සහ අභිලාෂයන් කපා හරින උප මහාද්වීප සැලැස්මක කොටසක් ලෙස මෝසම් ගංවතුර අවම කිරීමේ පියවර සකස් කල යුතුය. බි්රතාන්ය අධිරාජ්‍යවාදය, ඉන්දියාවේ කොන්ග්රස් පක්ෂය සහ හින්දු සහ මුස්ලිම් ප්‍රභූන් විසින් එක්ව 1947 උප මහාද්වීපය බෙදා වෙන් කිරීමේ ප්රතිගාමී ස්වභාවය අවධාරනය කරන මෙම ඉදිරිදර්ශනය සියලු තරඟකාරී දකුනු ආසියානු රජයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
Follow us on