මහා වැඩ වර්ජනය සංඥා කරන්නේ කම්කරු පන්තිය හොංකොං විරෝධතාවනට අවතීර්න වීම යි
General strike signals entry of working class into Hong Kong protests
සඳුදා හොංකොං කම්කරුවන් විසින් කරන ලද මහා වැඩ වර්ජනය සංඥා කරන්නේ, රජයේ උදර්පන නීතිය මගින් අවුලුවන ලද මහජන විරෝධතා ව්‍යාපාරයේ නව අවධියකි. දුම්රිය, ගුවන්තොටුපල, සිවිල් සේවය, ඉංජිනේරු, ඉදිකිරීම්, මූල්‍ය හා බැංකු ඇතුලු විවිධ කර්මාන්තවල කම්කරුවෝ දස දහස් ගනනක් නගරයේ ප්‍රවාහන පද්ධතියට බාධා කරමින් ද නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අඩපන කරමින් ද විරෝධතාවන්ට එක්වූහ.
වැඩ වර්ජනය සංවිධානය කලේ වෘත්තීය සමිති විසින් නොවන නමුත්, විරෝධතා මෙන්ම, එය සිදු වූයේ කම්කරුවන් ආරම්භකත්වය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ය. සර්ව - ප්රජාතන්ත්රවාදී කන්ඩායම වන නගර ව්‍යවස්ථාදායක සභාවේ නිල විපක්ෂය සමග පෙල ගැසී ඇති වෘත්තීය සමිති සම්මේලනය (සීටීයූ) වර්ජනයට නාමිකව සහාය දුන් නමුත්, එහි අනුබද්ධ වෘත්තීය සමිතිවල සාමාජිකයින් 200,000 කට ආසන්න සංඛ්‍යාවක් වර්ජනයට කැඳවූයේ නැත.
පංති පදනමක් මත කම්කරු පන්තිය විරෝධතාවලට ඇතුල් වීම පෙන්වා දෙන්නේ ඒවා යටින් පවතින සමාජ හා ආර්ථික ගාමක බලවේගයන් ය. උදර්පන නීතිය සම්පූර්නයෙන් ඉවත් කිරීම, ප්‍රධාන විධායක කැරී ලැම්ගේ ඉල්ලා අස්වීම, විරෝධතාකරුවන්ට එරෙහි චෝදනා ඉවත් කර ගැනීම, පොලිස් ප්රචන්ඩත්වය පිලිබඳ ස්වාධීන පරීක්ෂනයක් සහ සර්වජන ඡන්දය මත පදනම් වූ නිදහස් හා විවෘත මැතිවරනයකට විරෝධතා නායකයින්ගේ ඉල්ලීම් මේ දක්වා සීමා වී තිබේ.
කෙසේ වෙතත් කම්කරු පන්තිය මුහුන දෙන්නේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් නොමැතිකමට පමනක් නොව නරක අතට හැරෙන ආර්ථික හා සමාජ අර්බුදයකට ය. බීජිං හි චීන කොමියුනිස්ට් පක්ෂයට (සීසීපී) සමීප සම්බන්ධතා ඇති හොංකොං හි ප්රකෝටිපතියන් ආර්ථික ජීවිතයේ ආධිපත්‍යය දරන අතර, බහුතරයක් ජනතාව ලෝකයේ වඩාත්ම මිල අධික නගරයක ජීවත් වීමට පොර බදිති. ජනගහනයෙන් සියයට 20 ක් පමන දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වන්නේ තදබද, ප්‍රමිතියෙන් තොර නවාතැන් වල වන අතර හොංකොං හි ඉතා සීමිත සුභසාධන සේවාවන්ගෙන් සහයෝගයක් නො ලබන තරම් ය.
මාස දෙකකට වැඩි කාලයක් ඉදිරියට ගොස් ඇත්තා වූ ද එමෙන් ම ඇතම් අවසථාවල දී නගරයේ ජනගහනයෙන් හතරෙන් එකක් වෙලා ගන්නා වූ ද හොංකොං හි මහජන විරෝධතා, ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය විසින් තල්ලු කෙරෙන්නා වූ, කම්කරු පන්තිය ජාත්‍යන්තර ව යලිපිබිදීමේ කොටසකි. හොං කොං හි මහජන විරුද්ධත්වය සිදු වන්නේ, කීපයක් නම් කල හොත්,එක්සත් ජනපද භූමිභාගයක් වන පොටෝ රිකෝ හි දිග්ගැස්සෙන මහජන පෙලපාලි, ඉන්දියාවේ දැවන්ත වැඩවර්ජන හා ප්රන්සයේ “කහ බැනියම්” ව්‍යපාරය පසෙකිනි.
හොං කොං හි විරෝධතා චීනය ම ද ඇතුලු කලාපය පුරා කම්කරු පන්තියේ නැගිටීමක පෙර නිමිත්තකි. දේශ සීමාවට ඔබ්බෙන් වූ මිලියන ගනනක් කාර්මික කම්කරුවන් ෂෙන්ස්ෂෙන් විශේෂ ආර්ථික කලාපයේ සහ අසල්වැසි නගරවල අධික සූරාකෑමේ තත්වයන් යටතේ වැඩ කරති. හොං කොංවල සිට චීන ප්‍රධාන භූමියට උදර්පනයට අවසර දීමේ නීති සම්පාදනය සඳහා බීජිනයේ තල්ලුව පොලඹවනු ලබන්නේ, මෙම නගරය චීනයේ දේශපාලන විරුද්ධත්වය අවුලුවාලිය හැකි විරුද්ධවාදීන් සහ විවේචකයින්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත යි යන උත්සකයන්ගෙනි.
හොංකොං විරෝධතා මැඩපැවැත්වීම සඳහා මිලිටරිය යොදා ගන්නා බවට සෘජුවම වාගේ එල්ල කෙරෙන සීසීපීයේ තර්ජනවලට හේතු වී ඇත්තේ වැඩ වර්ජන සහ පෙලපාලි මගින් චීනයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරුවන් ද ඔවුන්ගේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පොලඹවනු ඇත යි බිය යි. දැඩි පොලිස්-රාජ්‍ය මර්දනය හා වාරනය නො තකා, චීන කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාමාර්ග ඉහල යාමේ සලකුනු දක්නට ලැබෙන අතර, හොං කොං පාදක චීන කම්කරු බුලටීනය විසින් වාර්තා කරන ලද වැඩ වර්ජන ගනන 2017 දී 1,250 සිට 2018 දී 1,700 දක්වා වැඩි විය.
හොං කොං විරෝධතාකරුවන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට ඇති ධෛර්යය හා අධිෂ්ඨානය කිසිවෙකුටත් සැක කල නො හැකි ය. එපමනක් නොව, බොහෝ විරෝධතාකරුවෝ ඔවුන්ගේ අවශ්‍යතා මත බීජිනයේ අනවශය බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් උත්සුක හොංකොං සංගත ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන සර්ව -ප්රජාතන්ත්රවාදීන් බැහැර කරති. කෙසේ වෙතත්, නැති දෙය වන්නේ, කැරී ලැම්ගේ නායකත්වයෙන් යුත් හොංකොං පරිපාලනයට එරෙහිව පමනක් නොව, බීජිංහි සීසීපී තන්ත්රයට එරෙහිව අරගලයක් මෙහෙය විය හැකි පැහැදිලි දේශපාලන විකල්පයකි.
පහත සඳහන් මූලික මූලධර්ම කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කරන දේශපාලන ඉදිරිදර්ශනය තහවුරු කල යුතු ය.
පළමුවෙන්ම, එය පදනම් විය යුත්තේ ජාත්‍යන්තරවාදය හා නගරයේ සමාජ හා ආර්ථික තත්වයන් පිරිහීම සම්බන්ධයෙන් චීන ප්‍රධාන භූමිවැසියන්ට දොස් පවරන හොං කොං බෙදුම්වාදී කන්ඩායම්වල දේශිය දෘෂ්ටිය ද ඇතුළුව සියලු ම ජාතිකවාදී රූපාකාරයන් ප්‍රතික්ෂේප කිරීම මත ය. බීජිනයේ ස්ටැලින්වාදී නිලධරයට සහ හොංකොං හි එහි දේශපාලන දාසයන්ට එරෙහිව අරගලයක් ගෙන යා හැක්කේ ධනවාදයට එරෙහි පුළුල් ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස,චීනය පුරා කම්කරුවන්ගේ එක්සත් අරගලයක් මගින් පමනි.
දෙවනුව, කම්කරු පන්තිය පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් තම දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කල යුතුව ඇත. හොං කොං සඳහා වැඩි ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ ස්වයං පාලනයක් සඳහා වන ඉල්ලීමට සහාය දෙන සංගත ප්‍රභූ පැලැන්තිය එසේ කරන්නේ කම්කරු පන්තියේ සූරාකෑමෙන් තමන්ගේ ම තැන හා ලාභය ඉහල නැංවීම සඳහා පමනි. එපමනක් නොව, හොං කොං හි ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා බි්රතාන්ය අධිරාජ්‍යවාදීන්ට වැඳවැටෙන්නන් ප්‍රතික්ෂේප කල යුතු ය.
එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට හොං කොං හි හෝ වෙනත් තැනක ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ගැන කිසිදු තැකීමක් ඇත්තේ නැත. ඔවුන් නැවත නැවතත් “මානව හිමිකම්” ධජය ගසා කා ඇත්තේ, ගැටුම හා යුද්ධය සඳහා කඩතුරාව ලෙස ය. ට්‍රම්ප් පාලනාධිකාරිය චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් කලාපය පුරා සිය ආර්ථික යුද්ධය සහ මිලිටරි ශක්තිමත් කිරීම කුරිරු ලෙස වේගවත් කරමින් සිටී. හොංකොං හි විරෝධතා ව්‍යාපාරයට එක්සත් ජනපදය දක්වන ඕනෑම සහයෝගයක් හුදෙක් බීජිනයට වැඩි පීඩනයක් එල්ල කිරීමේ උපක්‍රමයක් වනු ඇත.
තෙවනුව, කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය මුලුමනින්ම බැඳී ඇත්තේ සමාජවාදය සහ යහපත් රැකියාවක්, සෞඛ්‍ය රැකවරනය සහ අධ්‍යාපනය සහ දැරිය හැකි නිවාස සඳහා වන මූලික සමාජ අයිතිවාසිකම් සඳහා වන අරගලය සමඟ ය. හොංකොං සහ චීනයේ කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වයක් නොමැති වීම, සියල්ලටත් වඩා, අව්‍යාජ මාක්ස්වාදය හා සමාජවාදය සමඟ මාඕවාදය සහ ස්ටැලින්වාදය සාවද්‍ය ලෙස අනන්‍ය කිරීමේ ප්රතිඵලයකි.
චීන කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා 20 වන සියවසේ ප්‍රධාන උපායමාර්ගික අත්දැකීම් මෙන් ම චීනයේ ද ඇතුලුව ස්ටැලින්වාදයේ පාවාදීම් පිලිබඳ ප්‍රධාන මූලෝපයික අත්දැකීම් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වේ. මාඕ හා සීසීපී නායකත්වයට මඟ පෙන්වූ “තනි රටක සමාජවාදය” පිලිබඳ ප්රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනය 1978 සිට ධනවාදී පුනස්ථාපනයට දොර විවර කලේ ය. බි්රතාන්ය අධිරාජ්‍යවාදය 1997 දී සිය හොංකොං ජනපදය නැවත චීනයට භාර දීමට කැමත්තෙන් සිටියේ නම්, එය “එක් රටක්, පද්ධති දෙකක්” යන පදනම මත නොව, ඊට වෙනස් ව චීනය පුරා එක් පද්ධතියක්, එනම් ධනවාදය පැවතුනු බැවිනි.
අවශ්‍ය ඓතිහාසික පාඩම් උපදින්නේ ස්ටැලින්වාදයට එරෙහිව ආසන්න වශයෙන් සියවසකට වැඩි කාලයක්, අද හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරනු ලබන, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලයෙන් ය. අපව සම්බන්ධ කර ගැනීමටත් මෙම අත්‍යවශ්‍ය කරුනු පිලිබඳව දේශපාලන සංවාදයක් ආරම්භ කිරීමටත් දේශපාලන මාවතක් සොයන හොං කොං හි කම්කරුවන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.
පීටර් සිමන්ඞ්ස්
Follow us on