දක්ෂිනාංශික කුමන්ත්රනය නතර කරනු! වර්ඵසන්චස් ඔත්තු සේවයට එරෙහිව එස්ජීපී ය ආරක්ෂා කරනු!
Stop the right-wing conspiracy! Defend the SGP against the Verfassungsschutz secret service!
ජර්මානු සමාජවාදී සමානතා පක්ෂය, 2019 ජුලි 26
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන එස්ජීපී හෙවත් සමාජවාදී සමානතා පක්ෂය ජනවාරි 24දා මධ්‍යම ආන්ඩුවේ ස්වදේශ අමාත්යංාංශයට විරුද්ධව බර්ලිනයේ පරිපාලන අධිකරනය හමුවේ නඩුවක් ගොනු කලේය. ස්වදේශ අමාත්‍යාංශයේ රහස් ඔත්තු සේවය වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ කාර්යාලය හෙවත් වර්ෆැසන්චස් සිය 2017 වසරේ වාර්තාවෙන්, එස්ජීපී “වාමාංශික අන්තවාදයක්” ලෙස අර්ථනිරූපනය කිරීමට එරෙහිව, නඩුව මඟින් අභියෝග කරනු ලැබින.
වාර්තාවට සිය සංවිධානයේ නම ඇතුලත් කරමින් ඔත්තු සේවය විසින් නිරීක්ෂනය කරනු ලැබීමට සලැස්වීම නිසා තම ප්රජාතන්ත්ර අයිතීන් දැවැන්තව හා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කෙරී ඇත යන පදනම මත එස්ජීපීය සිය උත්සුකයන් යුක්තිසහගත කලේය. එස්ජීපීය ප්රචන්ඩ හෝ ව්‍යවස්ථා විරෝධී යයි වර්ෆැසන්චස් චෝදනා කර නැත. පක්ෂය සිය අරමුනු මුඳුන්පත් කර ගන්නේ නීත්‍යානුකූල මාධ්‍යයන් තුලින් යයි එය පැහැදිලිවම පිලිගෙන තිබේ. එස්ජීපීය නිරීක්ෂනය කිරීමේ සිය ව්‍යායාමය මුලුමනින්ම ආන්ඩුව විසින් සාධාරනී කරනය කරනු ලැබ ඇත්තේ, එය ධනවාදයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේය යන පදනමෙන්ය.
දැන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එස්ජීපීය පල කල උත්සුකයන්ට, Redeker Sellner Dahs (රෙඩෙකර් සෙල්නර් ඩාස්) නීති ආයතනයේ මහාචාර්ය වරයෙකු වන ආචාර්ය වොල්ෆ්ගෑන්ග් රොත් විසින් ලියා ඇති සවිස්තරාත්මක ප්රකාශනය මඟින් ප්‍රතිචාර දක්වා ඇත. මෙම ප්‍රතිචාරය ගොඩනැඟී ඇත්තේ නීති තර්කයන් මත නොව, සාරාර්ථයෙන්ම, මාක්ස්වාදයටත්, සමාජවාදයේ, වාමාංශයේ හා ප්රගතිශීලී චින්තනයේ සෑම ආකාරයකටම එරෙහි දෝෂාරෝපනයක් ලෙසය. එය ලියනු ලැබ ඇත්තේ, ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) යන නව ෆැසිස්ට් පක්ෂ මූලස්ථානයේදී විය හැකිය. මෙම ලියවිල්ලෙන් හෙලිවන්නේ, වර්ෆැසන්චස් අන්ත දක්ෂිනාංශයේ හොරනෑව බවට පත්ව තිබෙන තරමය.
ස්වදේශ අමාත්යාාංශයට අනුව, “ප්රජාතන්ත්රවාදී, පන්ති අනුව නො බෙදුනු, සමාජවාදී සමාජයක් වෙනුවෙන් කරන අරගලය” හා “කියනු ලබන අධිරාජ්‍යවාදය හා මිලිටරිවාදයට එරෙහි ඇවිස්සීම්” ව්‍යවස්ථා විරෝධීය. ආන්ඩුව උත්සාහ කරන්නේ, “පන්ති කාන්ඩයන් අනුව සිතීම” හා “නොපෑහිය හැකි ලෙස එකිනෙකට සතුරු පන්ති පවතින්නේ යයි සිතීම” ඇතුලු චින්තනයට වැට බැඳීමටය.
අධිකරනයට ස්වදේශ අමාත්‍යාංශයේ ලියවිල්ල ලැබී තිබුනේ, පාලක ක්‍රිස්තියානි සංගමයේ (සීඩීයූ) සාමාජිකයෙකුව සිටි වෝල්ටර් ලුබ්කි නමැති දේශපාලඥයාට නව නාසීන් විසින් පහර දෙනු ලැබීමට දෙසතියකට පෙරය. ඉහල මට්ටමේ රාජ්‍ය ආරක්ෂාව ඇතිව ක්‍රියාකරන නව නාසි ත්රස්තවාදීන් විසින් ගෙනයනු ලැබූ ප්රචන්ඩ ප්‍රහාර මාලාවක අලුත්ම එක මෙම ඝාතනයයි. සැකයට බඳුන්ව ඇති ප්රචන්ඩ නව නාසි සංවිධාන ජාලයේ සාමාජිකයෙකු වන ස්ටෙෆන් ඊ, සිතාමතා කරනු ලබන ප්රචන්ඩ ප්‍රහාර පිලිබඳ දිගු වාර්තාවකට හිමිකම් කියයි. එක දිගට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන මෙම ජාලය, වර්ෆැසන්චස් ඒජන්තයින් දුසිම් ගනනක් විනිවිද තිබේ. සංක්රමනිකයින් නව දෙනෙක් හා පොලිස් නිලධරයෙක් ඝාතනය කර ඇති, එන්එස්යූ හෙවත් යටිබිම් ජාතික සමාජවාදී යන නව නාසි ත්‍රස්ත සංවිධානය, මෙම ජාලයේ කොටසකි.
ත්‍රස්තයින් ආරක්ෂා කරමින් ද තමන්ගේම නිලධාරීන් ද ඇතුලු අන්ත දක්ෂිනාංශික කොටස් වලට මඟ පෙන්වමින් හා මුදල් ආධාර සපයන වර්ෆැසන්චස්, ඒඑෆ්ඩී හා දක්ෂිනාංශික මිනීමරු කල්ලි වලට විරෝධය පල කරන සංවිධාන හා පුද්ගලයින් ඉලක්ක කරයි. මෙයට ඇතුලත් වන්නේ එස්ජීපීය පමනක් නොවේ. වාමාංශික සංගීත කන්ඩායම් හා තරුන සංවිධාන ද සැක්සනි ප්‍රාන්තයේ වර්ෆැසන්චස් විසින් “වාමාංශික අන්තවාදීන්” ලෙස හංවඩු ගසන ලද චෙම්නිස්ට්හි රොක් එගේන්ස්ට් ද රයිට් කොන්සර්ට් පවා ඒ අතර වේ.
එස්ජීපීය වර්ෆැසන්චස් හි එදිරිවාදීන් බවට පත්ව තිබෙන්නේ, මිලිටරිවාදයට ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ම බෙහෙවින් දකුනට මාරුවීමට ද එරෙහිව එය ගෙන යන දේශපාලන ව්‍යාපාරය නිසාය. එමඟින් මෙම වර්ධනයන්ට ජනතාව අතර පවතින පුලුල් විරුද්ධත්වයට ප්රකාශනයක් ලබාදෙන බැවින්ය. එය රාජ්‍ය සංස්ථාපිතය තුල දක්ෂිනාංශික කුමන්ත්රනය හෙලිදරව් කරමින්, කම්කරු පන්තිය තුල සමාජවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සටන් වැද සිටියි. විශේෂයෙන්ම, එය හිට්ලර්ගේ ක්ෂමාලාපියෙක් වන ජොග් බාබරොව්ස්කි හා හර්ෆ්රිඞ් මුන්ක්ලර් වැනි මහාචාර්ය වරුන් විසින් විශ්වවිද්‍යාල තුල අන්ත දක්ෂිනාංශික හා මිලිටරිවාදී දෘෂ්ටිවාදයන් යලි අවදි කිරීමට විරුද්ධව පෙනී සිටියි.
එස්ජීපීය කම්කරුවන් හා සිසුන් අතර පුලුල් සහායක් දිනා ගනිමින්, සිය තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්යයෝහි වැඩ කටයුතු බෙහෙවින් ව්‍යාප්ත කිරීමට සමත්ව සිටී. ඊට බියවන අයිඩෙන්ටිටේරියන් හා ඒඑෆ්ඩී ව්‍යාපාරයේ අන්ත දක්ෂිනාංශිකයෝ, එස්ජීපී හා සසජාතශියේ ප්‍රසිද්ධ රැස්වීම් වලට පහර දෙති. ෆ්රෑන්ක්ෆර්ටර් ඇල්ජෙමින් සේටුං යන ප්රමුඛ කොන්සර්වේටිව් පුවත්පත හාසිසරෝ යන අනුහසක් සහිත දේශපාලන සඟරාව වැනි දක්ෂිනාංශික මාධ්‍ය, විකෘති කරන ලද ලිපි පලකරයි.
දැන් සමස්ත රාජ්‍ය සංස්ථාපිතයම එස්ජීපීයට එරෙහිව වැඩට බැසගෙන ඇත. පක්ෂය ව්‍යවස්ථා විරෝධී යයි හංවඩු ගැසීම සඳහා ස්වදේශ අමාත්‍යාංශය, අති විශාල සම්පත් යොදවා තිබේ. එය එස්ජීපීයේ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂවල දේශපාලන ප්‍රකාශන හා ක්‍රියාමාර්ගය පරීක්ෂා කිරීම මත පදනම්වූ පිටු 56ක ප්රකාශනයක් සම්පාදනය කිරීම සඳහා ප්රමුඛ නීති ආයතනයක් කුලියට ගෙන තිබේ.
එහෙත් එස්ජීපීයට එරෙහි ප්‍රහාරය වඩාත් පුලුල් වශයෙන් වාමාංශික හා ප්රගතිශීලී ව්‍යාපාර සියල්ලටම එරෙහිව යොමුකර ඇත. ප්‍රහාරයට ජර්මනියේ ආඥාදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ සාපරාධී සම්ප්‍රධායන් යොදා ගැනේ. එස්පීජීයට එරෙහි අභ්‍යන්තර අමාත්‍යාංශයේ ප්‍රහාරය, අන්තරාදායක පූර්වාදර්ශයක් ගෙනහැර දැක්වීමට අදහස් කරයි. එය, සංවිධාන වලට, සමාජ අසමානතාවට, පාරිසරික විනාශයට, රාජ්‍ය මර්දනයට හා ධනපති සමාජයේ අනෙකුත් අසාධාරනකම් වලට හෝ මිලිටරි තරකිරීම් වලට එරෙහි වන කන්ඩායම් වලට, හා පුද්ගලයින්ට විරුද්ධව රජයේ මැදිහත්වීම සුජාත කිරීම පිනිස යොදාගන්නවා ඇත.
එබැවින් වර්ෆැසන්චස් ප්රහාරයන්ට විරෝධය දක්වන ලෙසත්, එස්ජීපීය ගොනුකර තිබෙන නඩුවට සහාය දෙන ලෙසත්, ආන්ඩුව එස්ජීපීය හා අන් සියලු වාම සංවිධාන නිරීක්ෂනය කිරීම අත්හිටුවන ලෙසට පක්ෂය කරන බලකිරීමට අනුමැතිය පලකරන ලෙසත්, ප්රජාතන්ත්ර විරෝධී කුමන්ත්රන මධ්‍යස්ථානයක් වන වර්ෆැසන්චස් රහස් ඔත්තු සේවය විසුරුවා හැරීමට බල කරන ලෙසත්, ප්රජාතන්ත්ර අයිතීන්ට සහාය දක්වන හා අන්ත දකුනේ වැඩීමට විරුද්ධ වන සියල්ලන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
ෆෙඩරල් ආන්ඩුවට තහනම් කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ද?
එස්ජීපියේ පැමිනිල්ලට ප්‍රතිචාර වශයෙන් ජර්මානු ආන්ඩුව, අපරාධයක් පිලිබඳ සැබෑ චෝදනාවකින් තොරව, අදහස් යටපත් කිරීමට සම්බන්ධ Gesinnungsstrafrecht (ගෙසිනුම්ස්ටාර්ට්ෆෙට්සන්) යන ප්රතිගාමී නීතිමය සංකල්පය, යලි පන ගැන්වීමට ක්‍රියා කරයි. මෙම විභාග කිරීමේ ක්‍රියාවලිය එහි වඩාත් තිරශ්චීන ප්රකාශනය අත්කර ගන්නේ, අවනත නොවීම පිනිස අනෙකුන් පෙලඹවිය හැකිදේ යෝජනා කරනවා විය හැකි මානසික ආකල්පයක්, හුදෙක් ඇඟවුම් කිරීමට චෝදනා ලබන අයට මරන දඬුවම පැනවිය හැකි, සිතුම් පැතුම් වලට දඬුවම් කිරීමේ Willenstrafrecht (විලේන්ට්රෆෙස්ට්) නම් වූ නාසීන්ගේ භාවිතාව තුලය. ආන්ඩුව නීති විරෝධී ක්‍රියා, ප්රචන්ඩත්වය පොලඹවන හෝ අන් කිසිදු අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් එස්ජීපීයට චෝදනා නොකරයි. පවතින නීතිය උල්ලංඝනය කිරීමේ කිසිදු කටයුත්තකට එස්ජීපීය සම්බන්ධ බවට සමස්ත ලියවිල්ල තුලම කිසිවක් සඳහන් වන්නේ නැත. එස්ජීපීය දේශපාලන සංවිධානයක් ලෙස පැවැතීම ම එහි හෙලාදැකීමට ලක්ව ඇත. “ලිබරල් ප්රජාතන්ත්ර නියාමයන්” සමඟ නොපෑහෙන එය එකහෙලාම පදනම්ව ඇත්තේ, එහි සමාජ දෘෂ්ටිය, ඉතිහාසය පිලිබඳ එහි න්‍යාය, එහි දේශපාලන විශ්ලේෂන හා ඒවායින් එය උකහා ගනු ලබන ක්රියාමාර්ගික නිගමන මතය.
මේ පදනම මත, පුලුල් පරාසයක ප්රගතිශීලී හා වාම චින්තනය නීති විරෝධී වීමේ තර්ජනයට ලක්ව ඇත. ආන්ඩුවේ ලියවිල්ල පටන් ගන්නේ, “ප්රජාතන්ත්ර සමානාත්ම සමාජවාදී සමාජයක් සඳහා සටන, මූලික නීතියේ ප්‍රධාන වටිනාකම් සමඟ” නොපෑහෙන බව අවධාරනය කරමිනි. පසුව එන පිටු 50 ට ම අන්තර්ගතව ඇත්තේ, ෆෙඩරල් ආන්ඩුවට අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන දෘෂ්ටීන්හි දිගු ලැයිස්තුවකි.
1. කාල් මාක්ස්, ෆ්‍රෙඞ්රික් එංගල්ස්, ව්ලැඩිමීර් ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි, කාල් ලිබ්නෙක්ට් හා රෝසා ලක්සම්බර්ග් ගැන ධනාත්මකව සඳහන් කිරීම, ආන්ඩුවට හා එහි නීතිඥයින්ට අනුව ව්‍යවස්ථා විරෝධීය. මෙය සමාජය හා ඉතිහාසය පිලිබඳ මාක්ස්වාදී භෞතිකවාදී සංකල්පයට ද යෙදිය හැක. සීතල යුද්ධයේ ව්‍යවස්ථා විරෝධී අතුරු පලයක් යයි දැන් පෘතුලව සලකනු ලබන, කේපීඩී හෙවත් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය 1956 දී තහනම් කිරීම ගැන ලියමින් ලේඛනය විවෘතවම සඳහන් කරන්නේ, “පන්ති සමාජය පිලිබඳ අදහස හා පන්ති හා එහි ප්‍රතිපලය වන පන්ති අරගලයේ අර්ථයෙන් සිතීම තුල මුල්බැස තිබෙන, රාජ්‍යය හා සමාජය පිලිබඳ මාක්ස්වාදී-ලෙනින්වාදී සංකල්පය, ලිබරල් ප්රජාතන්ත්රයේ මූලික නියාම හා මිනිසා පිලිබඳ එහි සංකල්පය සමඟ නොපෑහේ” යනුවෙනි.
2. ආන්ඩුවට අනුව, ධනවාදය අනුක්රමයෙන් පන්ති අතර සාමය කරා ගමන් කරන්නේය යන ප්‍රකාශය අභියෝගයට ලක් කිරීම ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. කේපීඩීය තහනම් කිරීමේ නියෝගයෙන් කෙලින්ම උපුටා දක්වමින් ලිපිය කියන්නේ, “ලිබරල් ප්රජාතන්ත්රවාදය වසාගෙන පැතිර ඇත්තේ, පුරවැසියන්ගේ නිදහස හා සමානතාව අනුක්රමයෙන් වර්ධනය වීමට හැකියාව ඇතැයි යන දැක්මෙනි. පෙර නොවූ විරූ කාර්යක්ෂමතාවකින් හා මෙම මූලධර්ම උපරිම ලෙස සාක්ෂාත් කර ගැනීම කරා යා හැකිය යන කාරනයෙනි.”
පන්ති අතර සමඟිය පිලිබඳ රජය විසින් පනවනු ලබන මේ විශ්වාසයට විරුද්ධ වීම පදනම්ව ඇත්තේ සමාජ අසමානතාව පිලිබඳ විශ්ලේෂනයක් මතය. එය වුවත් ව්‍යවස්ථාවට පහර දීමක් ලෙස හංවඩු ගැසිය හැක. මේ පදනමෙන් තෝමස් පිකටි වැනි වාමාංශික සමාජ විද්‍යාඥයින්ගේ කෘතීන් ද ජර්මානු ආන්ඩුවේම දුප්පත්කම පිලිබඳ වාර්තාව ද දුප්පත්කම හා සමාජ අසමානත්වය දැවැන්ත පරිමාවකින් ඉහල නැඟීම පෙන්නුම් කරන විවිධ දත්ත ද තහනමට ලක්විය හැකිය.
3. වාම පක්ෂය ද ඇතුලු සංස්ථාපිතයේ පක්ෂ කෙරෙහි වන එස්පීජීයේ අශමනීය විරුද්ධත්වය හා මෙම පක්ෂ සමඟ හවුලකට යාම මූලිකවම ප්‍රතික්ෂේප කිරීම ද ස්වදේශ අමාත්‍යාංශයට අනුව ව්‍යවස්ථාවට පටහැනිය.
“කම්කරු පන්තිය අනෙකුත් ‘පන්තිවල’ නියෝජිතයින් සමඟ සම්මුතියකට ගෙනයාම ප්‍රතික්ෂේප කරන නිසා ද “මිලිටරිවාදය, ආයුධ සන්නද්ධවීම හා සමාජ කප්පාදුව” ඉලක්ක කරමින් “ජනතාවට එරෙහිව කුමන්ත්රනයක” නිමග්න සංස්ථාපිත පක්ෂ වලට දෝෂාරෝපනය කිරීම නිසා ද ප්රකාශනය එස්ජීපීට පහර දෙයි.
තව ද එස්පීඩීය (ජර්මානු සමාජ ප්රජාතන්ත්ර පක්ෂය) “මුලුමනින්ම බැංකු, මහා සංගත, රහස් ඔත්තු සේවය හා Bundeswehr (බුන්ඩෙස්වේයර්-ජර්මන් හමුදාවන්) හි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින නිසා ද එය ක්‍රියාවට නඟන ලද හෝ සහාය දැක්වූ ප්රතිසංස්කරන වෛර කරන නිසා ද එස්පීඩි රාජ්‍යයේ දක්ෂිනාංශික පක්ෂයක් ලෙස නම් කිරීම ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්” ලෙස ප්‍රකාශ කරනු ඇත.
මෙම රාජ්‍ය-ආරෝපිත පන්ති සාම්‍යය “ජනතා ප්‍රජාව” පිලිබඳ නාසි දෘෂ්ටිවාදයට පන දෙයි. එය ”ගිනි සපතය” විසින් කැටුව ආ 1933 පොත් ගිනි තැබීමෙන් ජීවය දුන් එම භුතාත්මය උත්තේජනය කරයි. පන්ති අරගලයට සහ ද්‍රව්‍ය වාදයට එරෙහිව ජනතා ප්‍රජාව සඳහා සහ ජීවිතය සම්බන්දයෙන් පරමාදර්ශී සංකල්පයක් උදෙසා! මම මාක්ස් සහ කවුට්ස්කි ගේ කෘතීන් ගින්නට බිලි දෙමි”.
4 එහෙත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මාක්ස් හා කවුට්ස්කිගෙන් නතර නොවනු ඇත. ලේඛක කූට් ටුකොල්ස්කි හා මාධ්‍යවේදී කාල් වොන් ඔසීස්ට්ස්කිගේ පොත්පත් නාසීන් විසින් ගිනිබත් කරනු ලැබුවා සේම ආන්ඩුව දැන් කියා සිටින්නේ, ආයුධ සන්නද්ධවීම හා යුද වාදය දෙසට වන වැඩෙන තල්ලුව විවේචනය කරන හෝ යුරෝපීය සංඟමයට විරුද්ධ වන ඕනෑම අයෙක් ව්‍යවස්ථාවේ සතුරෙකු වන බවයි. අනෙක් දේ අතර මෙම පැහැදිලි කිරීම ද වේ. “ලිබරල් ප්රජාතන්ත්රයේ මූලික නියාමයන්ට එරෙහි උත්සාහයන්, එනම්, ධනවාදය පෙරලා දමා සමාජවාදය පිහිටුවන්නැයි පැවසීම, අධිරාජ්‍යවාදය හා මිලිටරි වාදයට යයි කියනු ලබන දේවල්වලට එරෙහි උද්ඝෝෂන මෙන්ම ජාතික රාජ්‍යයන් හා යුරෝපීය සංඟමය ප්‍රතික්ෂේප කිරීම”
5 ජර්මානු ආන්ඩුවේ දැක්මට අනුව, නාසි තන්ත්රයට විරුද්ධ ආයුධ සන්නද්ධ අරගලය සාධාරනීකරනය කරන ඕනෑම කෙනෙක් ද වාමාංශික අන්තවාදියෙකි. ප්‍රචන්ඬත්වය යොදාගැනීමට එස්ජීපීයේ කියනු ලබන සූදානම සනාථ කිරීමේ අටියෙන් ලියවිල්ල මෙසේ පවසයි. සියල්ල අතර “ෆැසිස්ට්වාදයට එරෙහි සටනේදී නිර්ධනීන් ආයුධ සන්නද්ධ” කල යුතු යයි 1938දී පිහිටුවන ලද හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල තුල සඳහන් වේ. මේ දෘෂ්ටියට අනුව, ජෝර්ජ් එල්ස්නර් වැනි හිට්ලර් මරාදැමීමට උතත්සාහ කල අය ද 1944 ජූලි 20දා අසාර්ථකවූ කුමන්ත්රනයට සම්බන්ධ වූවන් සේම නාසීන්ට එරෙහි ප්‍රතිරෝධය දක්වන නායකයින් අද දිනයේ දී ත් කුරුසයේ තබා ඇන ගැසිය යුතුය.
ස්වදේශ අමාත්‍යාංශයේ තහනම් ලැයිස්තුවේ තර්කාන්විත ප්‍රතිපලය නම් ෆැසිස්ට් ආඥාදායකත්වයයි. එහි අර්ථය, ජනගහනයේ බහුතරය සමාජවාදී මූලධර්ම පදනම් කරගෙන සමාජය පරිවර්තනය කිරීමේ දේශපාලන කටයුතු වලට මැදිහත්වීම හැකි සෑම මාධ්‍යයක්ම යොදා ගනිමින් වැලැක්විය යුතුය යන්නයි.
සමාජවාදී විප්ලවය “ජනතාවගේ කැමැත්තෙහි ප්රකාශනයක් නොවේ” යයි ස්වදේශ අමාත්‍යාංශය කියන්නේ එබැවිනි. මක්නිසා ද යත්, (මේ විප්ලවයෙහි) “බොහෝ කොටසකදී ජනතාව සිය අදහස් පලකරන්නේ, අනෙක් අංශ වලදී ජනතාවගේ ව්‍යවස්ථාමය අයිතීන් යටපත් කර තිබියදීය.” ලියවිල්ල කියන පරිදි මෙය අදාල වන්නේ, “විප්ලවයේ ගමන් මගෙහි දී ප්‍රචන්ඬත්වය යොදාගන්නවා ද නැද්ද යන්න නොතකාය.”
එබැවින්, සුපිරි ධනවතුන්ගේ පැලැන්තියට තමන්ගේම බැංකු හා නිෂ්පාදන මාධ්‍ය හිමිකර ගැනීමේ අයිතිය ඉතා හොඳ දෙයක් වන අතර මේ පිලිබඳ කුමන හෝ විවේචනයක් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට පත්වේ. මේ වර්ගයේ තර්කවලින් අවසන් නිගමන උකහා ගත්තේ, හිට්ලර්, ෆ්රැන්කෝ හා පිනෝචේ වැනි ආඥාදායකයින්ය: බහුතරයක් දෙනා සමාජවාදී අදහස් කරා හැරෙන්නේ නම්, ධනවාදයේ ආරක්ෂාව සඳහා අතිශයින්ම රුදුරු මර්දන ක්‍රමවේදයන් පවා යොදාගැනීම යුක්තිසහගත වේ.
“ලිබරල් ප්රජාතන්ත්ර අයිතීන්” යනුවෙන් ජර්මානු ආන්ඩුව, මූලික නීතියෙන් ආරක්ෂාකර තිබෙන බැහැර නොකල හැකි ප්රජාතන්ත්ර අයිතීන් ගැන නොව ධනපති දේපොල හා රාජ්‍යය ඒවා සුරකින බවයි කියන්නේ.
ඒ සමගම ස්වදේශ අමාත්‍යාංශය, ධනවාදය පෙරලා දැමීමට අරමුනු කර ඇති නිශ්චිත ක්‍රියාවන්ට දඬුවම් පැමිනවීමෙන් නතර නොවේ. “ප්‍රසිද්ධ මහජන ක්‍රියාවලීන්, ආධාර ඉල්ලා සිටීම හා මැතිවරන වලට මැදිහත්වීම වැනි ක්‍රියාවන් පවා, සමාජවාදී අදහස් කාවැද්දවීමට ආධාර වන්නේ නම් ඒවා ව්‍යවස්ථා විරෝධී වන්නේය. ඒ සඳහා පහත දැක්වෙන හේතුව ඉදිරිපත් කරයි. “පැමිනිලිකරු (එස්ජීපී) ඉදිරිපත් කරන, ලිබරල් ප්රජාතන්ත්රයේ මූලික නියාමයන්ට එරෙහිව, අරමුනු කරගත් සම්බන්දකමක් වැනි දෙයක් නම්, එවිට අදාල ක්‍රියාත්මක හැසිරීම ලිබරල් ප්රජාතන්ත්රයේ මූලික න්‍යායන්ට එරෙහිව දැරෙන ප්රයත්නයකට සමාන වන්නේය.”
එවැනි “ක්‍රියාශීලී හැසිරීමක්” සඳහා නිදසුන් ලෙස ජර්මානු ආන්ඩුව විශේෂයෙන් සඳහන් කරන්නේ, “ලෝක දේශපාලන හා ආර්ථික වර්ධනයන් දිනපතා විමසා බැලෙන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශන” ය. එසේම “ජර්මානු බස කථාකරන ලෝකයේ ලොකුම ප්‍රකාශන මන්ඳිරය,” එනම් පක්ෂයේ ප්‍රකාශන මධ්‍යස්ථානය වන මේරිංග් වර්ලැග් විසින් “ට්‍රොට්ස්කිගේ රචනා මෙන්ම ඬේවිඞ් නෝරත්ගේ ලියවිලි” ප්‍රකාශයට පත්කිරීම ද වන්නේය. පක්ෂයේ වෙබ් අඩවිය, මුහුනු පොත හා ට්විටර් ගිනුම් මෙන්ම යූ ටියුබ් චැනලය ගැන ද සඳහන් කෙරේ.
විලේන්ට්රාෆෙස්ට් කේපීඩීය තහනම් කිරීම හා සමාජවාදයට විරුද්ධ නීති.
අදහස් පදනම් කරගෙන දඬුවම් පැමිනවීම (Gesinnungsjustiz ) යුක්තිසහගත කරන ජර්මානු ආන්ඩුව තෙමේ ම, 19 සියවසේ මැද දක්වා ආපස්සට යන ප්රජාතන්ත්ර විරෝධී සම්ප්‍රධායන් හි පිහිටුවා ගනියි. ඒවන විට 1851 කොලෝන්හි කොමියුනිස්ට් නඩු හා 1872 ඕගස්ට් බෙබේල්ට එරෙහි මහා ජාතිද්‍රෝහී නඩු විභාගය තුලින් මාක්ස්වාදීන් ඔවුන් දරා සිටි අදහස් නිසා මුලුමනින් ම චෝදනාවට ලක් කෙරුනි.
1878 සිට 1890 දක්වා වන කාලයේ සමාජ වාද විරෝධී නීති යටතේ ජර්මානු එස්පීඩී ය තහනම් කෙරුනි. මෙම නීති, “මහජන සාමය අනතුරේ හෙලන ක්‍රම වලින් හා විශේෂයෙන් ම, ජනගහනයේ විවිධ පන්ති අතර සමාදානය කඩාකප්පල් කෙරෙන ක්‍රම මඟින් පවතින රජය හෝ සමාජ පර්යාය පෙරලා දැමීමේ, සමාජ ප්රජාතන්ත්ර, සමාජවාදී හෝ කොමියුනිස්ට් උත්සාහයන්ට” එරෙහිව යොමුකර ඇත.
මෙම ප්රතිගාමී නීති සම්ප්‍රධාය එහි මුදුනටම ලඟා වුනේ, නාසි නීති පද්ධතිය තුල තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල Willensstrafrecht (උපකල්පිත අපරාධයකට දඬුවම් පැමිනවීම) තුලය. යමෙක් සිරගත කර දඬුවම් පැමිනවීමට, ඔහු සැබෑ අපරාධයක් සිදුකර තිබීම තවදුරටත් අවශ්‍ය කෙරුනේ නැත. ඒ වෙනුවට, චූදිතයාගේ පාර්ශවයෙන් “අපරාධයකට කැමැත්ත” (verbrecherischer Willen) පලව තිබීම පමනක් සෑහුනි. ඒ අනුව ආන්ඩුවට සිය දේශපාලන විරුද්ධවාදීන් තුරන් කිරීමට හැකිවන පරිදි ඔවුන් රැඳවුම් කඳවුරු තුල ගාල් කිරීම හා ඝාතනය කිරීම මගින් එය කල හැකි විය. සාපරාධී පැමිනිල්ලේ චූදිතයා විසින් කරන ලද කුමන හෝ නිශ්චිත ක්‍රියාවකින්, වඩ වඩාත් වෙන් කෙරුනි.
1930 ගනන් වලදී අලුතෙන් නිර්මානය කරන ලද මහජන අධිකරනය (Volksgerichtshof), කොමියුනිස්ට්වාදීන් තනිකරම ඔවුන්ගේ විශ්වාසය පදනම් කරගෙන අවසාන වශයෙන් මරනයට නියම කල හැකිය යන ක්‍රමයට අධි ද්‍රෝහිත්වය පිලිබඳ ඡේදය අර්ථකථනය කලේය. 1940 ගනන් වලදී, රාජ්‍යයට විරුද්ධත්වය ලෙස අර්ථගැන්විය හැකි අසන්තෘප්තියේ ස්වභාවය, එම රුදුරු විනිශ්චය දීමට ප්‍රමානවත් විය.
නායකයෙකු පිලිබඳ විහිලුවක්, අවසාන ජයග්‍රහනය ගැන අවිශ්වාසයන්, චිරකාලීනව ප්‍රමාද වන දුම්රියක් පිලිබඳව සඳහන් කිරීමක් පවා මරනීය ප්‍රතිවිපාක සහිත විය
නාසි තන්ත්රය වැටීමෙන් පසුව, මෙම අඛන්ඩත්වය බිඳී ගියේ මතුපිටින් පමනි. “නාසිහරනයේ” කෙටි අවධියකට පසුව ප්‍රභූ පැලැන්තිය, සිය පැරනි කාර්යාලවල, එනම් අධිකරනයේ, පොලිසියේ, පරිපාලනයේ, ව්‍යාපාරික ලෝකයේ හා විශ්ව විද්‍යාල තුල, යලි පැලපදියම් වූහ.
නියුරම්බර්ග් නීතිවල සම කතුවරයෙකු වූ හැන්ස්ග්ලොබ්කි, පශ්චාත් යුද්ධ බටහිර ජර්මනියේ චාන්සලර් ලෙස පත්වූ කොන්රඞ් ඇඩිනෝර් යටතේ චාන්සලර් කාර්යාලයේ ප්‍රධානියා බවට පත් විය. මේ තනතුර හෙබවීම තුලින් ග්ලොබ්කි පුද්ගලික ප්‍රතිපත්තියේ මෙන්ම විදේශ ඔත්තු සේවය හා වර්ෆැසන්චස් දේශීය ඔත්තු සේවය ද පිහිටුවා ඒවායේ පාලනය ද හිමිකර ගත්තේය.
1950 දී අපරාධ නීතිය මුලුමනින් ම සංශෝධනය කරමින් අදහස් මත පාදකවූ (Gesinnungsjustiz) නීතිමය නඬු විමසීමේ සංකල්පය යලි හඳුන්වා දුන්නේය. මෙම සංශෝධනය සකස්කර ඇත්තේ, අධිකරන අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස, තුන්වන රීකයේ දේශපාලන අපරාධ නීතිය බාරව සිටි ආචාර්ය ජෝසෆ් ස්කැෆියසුල් විසිනි. නාසීන් යටතේ අසාධාරන ලෙස නියෝග පනවන ලද එම විනිසුරුවෝම යලිත්, කොමිනියුනිස්ට්වාදීන්ගේ විශ්වාස පදනම් කරගෙන ඔවුන් චෝදනා වලට ලක් කලහ. කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමේ කුලුගැන්වීම, ජර්මානු ෆෙඩරල් ව්‍යවස්ථා අධිකරනය විසින් ක්‍රියාත්මක කරන ලද 1956 දී අපකීර්තිමත් ලෙස කේපීඩීය තහනම් කිරීමයි.
දැන් මෙම තහනම ලේඛනාගාරයෙන් එලියට ගෙන, ෆෙඩරල් ආන්ඩුව විසින් එස්ජීපීයට එරෙහිව යොදාගෙන තිබේ. ස්වදේශ අමාත්‍යාංශය විසින් ලේඛනය සඳහා උපයෝගී කරගෙන ඇති වඩාත්ම වැදගත් නීතිමය රාමුව ලෙස එය යොදා ගැනේ. කේපීඩීය පිලිබඳ නියෝගය කිසි විටෙකත් නිල වශයෙන් කටුගා නොදැමුව ද එය දිගු කාලයක් තිස්සේ අපකීර්තියට ලක්ව තිබුනි. ෆෙඩරල් ව්‍යවස්ථා අධිකරනයේ සභාපති ජූටා ලිම්බාක් වත්මන් ව්‍යවස්ථා නීතිය මත පදනම්ව 1996දී පවසා ඇත්තේ, තමන් තහනම ප්‍රතික්ෂේප කරනු ඇති බවකි. Verfassungsschutzæ! හෙවත් ව්‍යවස්ථා විරෝධී! යන 2017 ප්‍රකාශයට පත්කරන ලද සිය කෘතිය තුල ඉතිහාසඥ මහාචාර්ය ජොසෆ් ෆොස්ක්ෆෝත් නිගමනය කර ඇත්තේ, කේපීඩීය තහනම් කිරීමේ නියෝගය ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත් දේශපාලනික අරමුනු සහිත බවත්ය. ඔහු මීට කලින් රාජ්‍ය ලේඛනාගාරයෙන් ලබාගත නොහැකිව තිබුන කේපීඩීයට එරෙහි නඩුවට අදාල ලිපිගොනු බැරෑරුම් ලෙස හැදෑරීම බාරගෙන තිබුනි. “මෙම නඩු විභාගය තුල බලතල බෙදීමක් තවදුරටත් නො පවතියි. ෆෙඩරල් ආන්ඩුවේ ම බලපෑම යටතේ එක් ප්‍රාන්ත රාජ්‍යයක් පමනක් කේපීඩීය තහනම් කල යුතු යයි දැඩි ලෙස කියා සිටියේය” යනුවෙන් ෆොස්ක්ෆෝත් ලියා ඇත.
මෙම නඬු විභාගයේදී ඇඩිනෝර් ආන්ඩුව නියෝජනය කලේ, ජාතික සමාජවාදය (හිට්ලර්ගේ) යටතේ කොමියුනිස්ට්වාදීන්ට දඬුවම් පැමිනවීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන ලද එම ප්රතිගාමී දක්ෂිනාංශික කවයන්ගේම නීතිඥයින් විසිනි. බැවේරියානු ජනතා පක්ෂයේ සාමාජිකයෙක් ලෙස පාර්ලිමේන්තුවේ සිටි, ආන්ඩුවේ අධිකරන කාර්යාලයෙහි (Prozessführungsstelle) ප්‍රධානියාවූ හෑන්ස් රිටර් වොන් ලෙක්ස්, 1933 මාර්තු 23දා පැනවූ නීතිය යලි ක්‍රියාත්මක කිරීමට සිය පක්ෂයේ අනුමැතිය ප්‍රකාශ කලේය. ඒ අනුව පවතින සියලු ව්‍යවස්ථාදායක බලතල ඇඩොල්ෆ් හිට්ලර් වෙත පැවරේ. යන්තම් දින ගනනකට පෙර “අන්තවාදී මාක්ස්වාදය ජර්මනියෙන් තුරන්” කිරීමේ හිට්ලර්ගේ අරමුන බෙදාගන්නා බව හිට්ලර් සමඟ පැවති පෞගලික හමුවකදී ඔහු සහතික වී තිබුනි.
“දරුනුම විධික්රම යොදාගැනීම ද ඇතුලු, මෙම විසකැවීමෙන් ජර්මානු ජනතාව මුදා ගැනීම, සියලු දේශමාමක කවයන්හි පොදු ඉල්ලීම වන්නේ” යයි ඔහු පැවසීය.
අන්ත දක්ෂිනාංශික කුමන්ත්රනයක්
අදහස් පදනම් කරගෙන නඩු විමසීම (Gesinnungsjustiz) කරා යලි එලඹෙමින් ද කේපීඩී තහනම යලි බලගන්වමින් ද පාලක පන්තිය, මෙම ෆැසිස්ට් සම්ප්‍රධායන් වැලඳගෙන ඇත. වර්ෆැසන්චස් වාර්තාව ද ස්වදේශ අමාත්‍යාංශයේ නීතිඥයින් විසින් සම්පාදනය කරන ලද ලියවිල්ල ද මහජන මතයට බලපෑම් කිරීමටත්, ධනවාදයට, ජාතිකවාදයට, අධිරාජ්‍යවාදයට, මිලිටරිවාදයට හා ඒඑෆ්ඩීයට විරුද්ධවීම සාපරාධී කරන “වාමාංශික අන්තවාදය” හා “ව්‍යවස්ථා විරෝධී” චෝදනා, රාජ්‍ය සංස්ථාපිතයේ අන්ත දක්ෂිනාංශික කුමන්ත්රනයක නිමැවුම්ය.
දැන් හෙලිදරව් වී ඇති පරිදි 2017 වර්ෆැසන්චස් වාර්තාව කෙටුම්පත් කිරීමට අන්ත දක්ෂිනාංශික කවයන් සම්බන්ධවී ඇත. එකල වර්ෆැසන්චස් හි ප්‍රධානියාව සිටි හැන්ස්-ජෝර්ජ් මාසෙන්, වාර ගනනාවකදීම ඒඑෆ්ඩී යේ ප්රමුඛ නියෝජිතයන් හමුවී ඔවුන් සමඟ වාර්තාව ගැන සාකච්ඡා කර තිබේ. 2018 නොවැම්බරයේදී මාසෙන් තාවකාලිකව විශ්‍රාම ගන්වා ඇත. ඒ, විශාල සාක්ෂි ප්‍රමානයක් තිබිය දී ම ඔහු චෙම්නිට්ස්හි රැඩිකල් දක්ෂිනාංශික කැරලි හටගත්තේය යන කාරනය ප්‍රතික්ෂේප කිරීමත්, එස්පීඩීය තුල “වාමාංශික රැඩිකල් බලවේග” හෙලා දැකීමත් මුල්කරගෙනය. දැන් පාලක සීඩීයූවේ දක්ෂිනාංශික සාමාජිකයෙක් වන මාසෙන්, ඒඑෆ්ඩීය සමඟ හවුල් ආන්ඩුවක් ගොඩනැඟිය යුතු බව විවෘතව කියා සිටී.
එහි නව සභාපති වන තෝමස් හෝල්ඩන්වැන්ග් යටතේ ද එම මාර්ගයේම ගමන් කරයි. එහෙත් යලි වතාවක්, 2018 වර්ෆැසන්චස් නව වාර්තාව තුල ඇති, අන්ත දක්ෂිනාංශය පිලිබඳ පරිච්ඡේදයෙහි, ඒඑෆ්ඩීය ගැන, එහි ෆැසිස්ට් කන්ඬායමට නායකත්වය දෙන බ්ජෝන් හොක් ගැන හෝ පක්ෂය වටා සිටින නව නාසි කොටස් ගැන වචනයක්වත් සඳහන් නොවේ. සඳහන් වන්නේ ඔවුන් කියනු ලබන “වාම අන්තවාදීන්ගේ ගොදුරු” බවට පත්ව ඇති බව පමනි. වාර්තාවෙහි නිශ්චිතව සඳහන් වන්නේ මෙසේය: “2018දී ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) හා අන්ත දක්ෂිනාංශික පක්ෂවල සාමාජිකයන් ලෙස බඳවාගත් අය, කෙලින්ම අන්ත දක්ෂිනාංශික යයි අන්ත වාමාංශිකයින් විසින් හඳුන්වනු ලබන අය, අන්ත වාමාංශික උද්ඝෝෂනයේ ඉලක්ක බවට දිගටම පත්ව සිටිති.”
එලෙසම වාර්තාව පොලිසියේ හා ජර්මානු මිලිටරියේ පුලුල් වශයෙන් ඇති අන්ත දක්ෂිනාංශික ත්‍රස්ත ජාලයන් ද ක්‍රමානුකූලව නොතකා හරී. ජර්මානු මිලිටරියේ ෆැසිස්ට් කුමන්ත්රනවල නායකත්වය දරන ෆ්රැන්කෝ ඒ හෝ එන්එස්යූ 2.0 ගැන ද අන්ත දක්ෂිනාංශික එන්එස්යූ ජාලයන් අඛන්ඩව පැවතීගෙන යාම ගැන ද යමෙක් මහන්සියෙන් සොයා බලනු ඇත. විදේශිකයින්ට හා දේශපාලන පෙරලිකාරීන්ට පමනක් නොව, ඬේ ඔෆ් ද ජර්මන් යුනිටි 2018, දක්ෂිනාංශික කැරල්ලකින් පෙරලා දමන සන්නද්ධ “ක්‍රියාවක්” සැලසුම් කල, විප්ලවකාරී කෙම්නිස්ට් යන ත්‍රස්ත කන්ඬායම, හුදු “මිලිෂියාවක්” ලෙස වර්ෆැසන්චස් විසින්, අඩු ලංසුවට දමා ඇත. එන්එස්යූව සමඟ සමීපව සම්බන්ධකම් පවත්වන හා ලුබ්කිගේ ඝාතනය ගැන සැක කරන මිනීමරුවා සමඟ කිට්ටු සම්බන්ධකම් ඇති “කොම්බැට් 18” යන අන්ත දක්ෂිනාංශික ත්‍රස්ත ජාලය, වර්ෆැසන්චස් වාර්තාවෙන් මකා දමා ඇත.
ඊට සපුරා පටහැනි ලෙස එස්ජීපීය, යලි වතාවක් ලැයිස්තුගතකර ඇත්තේ, “අති වාමාංශික පක්ෂයක් හා නිරීක්ෂනය කල යුතු” සංවිධානයක් ලෙසය. දේශපාලන අදහස් නීතිමය ලෙස යටපත් කිරීමේ අධ්‍යාසය තුල රහස් ඔත්තු සේවය, මෙම අදාල පරිච්ඡේදය එකතු කර ඇත්තේ, එස්ජීපී වැනි “අනම්‍ය වාම අන්තවාදීන්, සිය විස්තීර්න විශ්ලේෂන සමඟ” ගත්කල, “ප්රචන්ඩත්වය පදනම් කරගත් කන්ඩායම් වලට දෘෂ්ටිමය අවේෂය සැපයිය හැකි බුද්ධිමය ගිනි තබන්නන් (^geistige Brandstifter) ලෙස කටයුතු කල හැකි” යයි සඳහන් කරයි.
වර්ෆැසන්චස් විසින් මාක්ස්වාදී විශ්ලේෂන හා සමාජවාදී අදහස් “ගින්දර” හා “ප්රචන්ඩත්වයට” සමාන කරද්දී, එය නව ෆැසිස්ට් මිනීමරු කල්ලි සඳහා ආවරනයක් සම්පාදනය කරයි! ආරක්ෂක බලධාරීන් විසින් එන්එස්යූව වටා සිටින පැලැන්තිය තුල පමනක් 40ට වැඩි ඔත්තුකරුවන් සංඛ්‍යාවක් වර්ෆැසන්චස් වෙනුවෙන් වැඩ කිරීමට යොදවා ඇත. එවන් එක් ඔත්තුකරුවෙක් එන්එස්යූව මිනීමැරුමක් සිදුකල ස්ථානයේ පවා ගැවසී ඇත. ජූලි මස මුල පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඬේ වෙල්ට් යන ජර්මානු දිනපතා පත්‍රයේ ඩෙනිස් යුසෙල් ප්‍රකාශ කලේ, දේශීය ඔත්තු අංශය “ජර්මනියේ ඇති වඩාත්ම අන්තරායකාරී ආන්ඩුවේ ආයතනය බව හා එය ප්රතිසංස්කරනය කල නොහැකි” බවත්ය. ස්ටර්න් යන සතිපතා සඟරාව, වර්ෆැසන්චස් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේ ය. මක්නිසා ද යත්, එය “රාජ්‍ය තුල රාජ්‍යයක්” ගොඩනඟා ඇති බැවින් හා “පාලනය කල නොහැකි බව සනාථ වී” තිබෙන නිසාය.
එස්ජීපීයට එරෙහි සිය ප්‍රහාරයත් සමඟ මේ සාපරාධී ආන්ඩුවේ ඒජන්සියට අවශ්‍ය කෙරුනේ, අපරාධ සිතුවිල්ල පිලිබඳ නව වර්ගයක නීතිමය දඬුවම් පැමිනවීමේ පූර්වාදර්ශයක් සැපයීම ය. එමඟින් වත්මන් ප්රතිගාමී සමාජ හා දේශපාලන තත්වය විවේචනය කරන ඕනෑම කෙනෙකුට විරුද්ධව නඬු විමසීම සඳහා පදනම සැපයේ. වැඩ වර්ජනය කරන කම්කරුවන් මෙන් ම, මාක්ස්වාදී සාහිත්‍ය අලෙවි කරන පොත් වෙලඳුන් හෝ විවේචනශීලී කලාකරුවන්, මාධ්‍යවේදීන් හා බුද්ධිමතුන් දඬුවම් වලට ලක් කරනු ඇත.
නාසි වධක කඳවුර කරා දක්කන ලද තමන්ගේම මාවත විස්තර කල ප්‍රොතෙස්තන්ත ධර්මාචාර්ය වරයෙකු වූ මාටින් නිමොලර්ගේ ප්‍රසිද්ධ කවිය බොහෝ දෙනෙක් දන්නවා ඇත:
පලමුව ඔවුන් පැමිනියේ කොමියුනිස්ට්වාදීන් සොයාගෙනය. මම කොමියුනිස්ට්වාදියෙක් නොවූ බැවින් කිසිවක් කථා නොකලෙමි.
පසුව ඔවුන් සමාජ ප්රජාතන්ත්රවාදින් සොයා පැමිනි අතර මම සමාජ ප්රජාතන්ත්රවාදියෙක් නොවූ නිසා කිසිවක් කථා නොකලෙමි.
ඔවුන් වෘත්තීය සමිති වාදීන් සොයා පැමිනි විට මා වෘත්තීය සමිති වාදියෙකු නො නිසා මම නිහඬව සිටියෙමි.
ඉන් පසුව ඔවුන් යුදෙව්වන් සොයා පැමිනි අතර මම යුදෙව්වෙක් නොවූ නිසා කිසිවක් කථා නොකලෙමි.
ඉන්පසුව ඔවුන් මා සොයා පැමිනි අතර මා වෙනුවෙන් කථාකිරීමට කිසිවෙකුත් ඉතිරිව නොසිටියහ.
ප්රශ්නය අද දිනයේ යලි මතුව තිබේ. රාජ්‍ය සංස්ථාපිතයේ දක්ෂිනාංශික කුමන්ත්රනය නතර නො කලහොත් හා එස්ජීපීය ආරක්ෂා නො කලහොත්, තවත් දුරදිග යන පියවර පවා ගැනීමට හැකිවන පරිදි බැම්ම බිඳී යනු ඇත. එබැවින්, ප්රජාතන්ත්රීය අයිතීන් රැකගැනීමට හා දක්ෂිනාංශයේ තරවීමට විරුද්ධ වීමට අවශ්‍ය සියලු දෙනාගෙන් අපි යලිදු ඉල්ලා සිටින්නේ, වර්ෆැසන්චස් හි ප්රහාරයන්ට විරුද්ධව එස්ජීපීය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙසයි.
වර්ෆැසන්චස් රහස් ඔත්තු සේවය විසින් එස්ජීපී හා අන් සියලුම වාමාංශික සංවිධාන නිරීක්ෂනය කිරීම අත්හිටවිය යුතු බවට හා ප්රජාතන්ත්ර විරෝධී මෙම දක්ෂිනාංශික කුමන්ත්රන මධ්‍යස්ථානය විසුරුවා හැරිය යුතු බවටත් අපි බලකර සිටිමු.
Follow us on