පකිස්ථානය සමඟ ආතතිය දැඩි කිරීමට ඉන්දියානු ආන්ඩුව කාෂ්මීර ප්‍රහාරය ඩැහැ ගනී
Indian government seizes on Kashmir attack to ratchet up tensions with Pakistan
දීපාල් ජයසේකර විසිනි, 2019 පෙබරවාරි 16
ඉන්දියානු ආරක්ෂක හමුදාවේ 40 දෙනෙකුට මරු කැඳවමින් 14දා ඉන්දියාවට අයත් කාෂ්මීරයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් හෙලා දැකීම් හා ලේ කුපිත කරන ප්‍රකාශ නිකුත් වන අතර ඉන් ප්‍රකාශ කෙරෙන්නේ පකිස්ථානයට එරෙහිව මිලිටරි ප්‍රහාර එල්ල කෙරෙනු ඇති බවයි.
15දා කල කථාවකදී අධිපතිවාදී හින්දු භාරතීය ජනතා පක්ෂයේ (බීජේපී) නායක හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ප්‍රහාරයේ වගකීම පකිස්ථානය මත පැටවීය. එසේම ඔහු “ත්‍රස්ත කන්ඬායම් හා ඔවුන්ට ආධාර හා අනුබල දෙන අය දරුනු වන්දියක් ගෙවිය යුතු යයි” ද පැවසීය.
“මේ ප්‍රහාරය පිටුපස සිටින්නන්ට ද ප්‍රහාරය එල්ල කලවුන්ට ද දඬුවම් කල යුතුයයි මම ජාතියට සහතික වන්නෙමි” යයි පැවසූ ඔහු තම ආන්ඩුව ඉන්දියාවේ ආරක්ෂක හමුදාවන්ට “ක්‍රියාත්මක වීමේ පූර්න නිදහස” දී ඇතැයි ද පැවසීය.
මෝදි යලි යලිත් කයිවාරු ගැසුවේ, 2016 සැප්තැම්බරයේදී, ජම්මු හා කාෂ්මීරයේ ඉන්දියානු මිලිටරි කඳවුරකට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකට පලිගැනීම පිනිස පකිස්ථාන දේශසීමාව පැන ප්‍රහාර එල්ල කිරීමට මිලිටරියට නියෝග දුන් බවටත් එමඟින් “මූලෝපායික මැඬගැනීමේ” විලංඟුවෙන් ඉන්දියාව නිදහස් කරගත් බවටත්ය.
යුද්ධයේ උන නැංවීමේ අටියෙන් මෝදි, “ජනතාවගේ ලේ උනුවෙමින් තිබේ”..ජාත්‍යන්තර වශයෙන් හුදෙකලාවී ඇති අපගේ අසල්වාසි රට, මුලාවට පත්වෙලාය.. ඔවුන් සිතන්නේ එවැනි ත්‍රස්තවාදී ප්රහාරයන්ට අප අස්ථාවර කල හැකිය කියාය, එහෙත් ඔවුන්ගේ සැලසුම් අසාර්ථකවී තිබේ.” යයි පැවසීය.
අඩුම තරමින් සීආර්පීඑස් යන පැරා මිලිටරියේ 40ක්වත් මියගොස් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇත. 14දා සවස, මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පුපුරන ද්‍රව්‍ය සහිත ීඹඪ වර්ගයේ ජීප් රථයක් ජම්මු-කාෂ්මීර දිස්ත්‍රික්කයේ ශ්‍රී නගර්-ජම්මු අධිවේගී මාර්ගයේ පුල්වමාහිදී භට පිරිස් ගමන් කරමින් තිබූ බස් රියක ඝට්ටනය කරවීමෙන් මෙය සිදුවිය. බොහෝ දෙනෙක් නිවාඩු අවසන්වී ප්‍රදේශයේ විශාලතම නගරය වන ශ්‍රී නගර් හි කියාන්විත සේවයට යමින් සිටි සෙබලු 2500ක් රැගත් 78කින් යුත් රථ පෙලක මෙම බසය ගමන් කරමින් තිබුනි.
දශක තුනක කාලයක් තුල ඉන්දියානු ආරක්ෂක හමුදාවට එක් තැනකදී සිදුවූ ලොකුම හානිය සිදු කල සාර්ථකවූ ප්‍රහාරය ගැන ඉන්දීය බලධාරීන් දොස් පැවරුවේ ඔත්තු සේවා හා ආරක්ෂක දුබලතාවන්ටය. ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ජයෙෂී මොහමඞ් නමැති කාෂ්මීර ගැති ඉස්ලාම් බෙදුම්වාදී කන්ඩායම නිකුත් කල ප්‍රකාශය ගැන සඳහන් කරමින් නව දිල්ලිය වගකීම පකිස්ථානය මත පැටවීය.
නව දිල්ලිය 15දා, පකිස්ථානය වෙත බරපතල යයි සලකනු ලබන වචන ඇතුලත් රාජ්‍යතාන්ත්‍රික ලිපියක් බාර දුන් අතර ඉස්ලමාබාදයේ සිය තානාපති ආපසු කැඳවීය. එසේම වෙලඳාම සම්බන්ධයෙන් වඩාත්ම ලැදි ජාතිය යන තත්වයෙන් පකිස්ථානය ඉවත් කලේය. සියල්ල පෙන්නුම් කරන්නේ මෝදි හා බීජේපීය, නැඟී එන සමාජ කෝපය වෙනතකට හරවා තම ප්රතිගාමී හින්දු වර්ගවාදී පදනම බලමුලු ගන්වමින්, යුදවාදී ජාතිකවාදය උසිගැන්වීම පිනිස ප්‍රහාරය උපරිමයෙන් ගසාකෑමට බලන බවය. සියලු විරුද්ධත්වයන්, පරම සතුරා වන පකිස්ථානයට මුහුන දීම පිනිස අවශ්‍ය ”ජාතික එකමුතුව” ට තර්ජනයක් යයි හංවඩු ගසනු ඇත. මෑත කාලයේ දී මෝදි ආන්ඩුව, වැඩෙන කම්කරු හා ගොවි විරෝධතාවන්ගෙන් හෙල්ලුම් කෑවේය. මිලියන දුසිම් ගනනක් සම්බන්ධවූ ජනවාරියේ පැවැත්වුන දෙදින මහා වැඩවර්ජනය ද ඊට ඇතුලත්ය.
තව ද බීජේපීය, තමන්ගේ බලකොටු යයි සලකන ලද හින්දු ප්‍රාන්ත මධ්‍යස්ථාන තුනක මැතිවරන පරාජයන්ට ද මුහුන දුන්නේ පසුගිය දෙසැම්බරයේදී ය. එලඹෙන අප්‍රේල් හා මැයි මාසවල විවිධ අදියරයන්ගෙන් පැවැත්වීමට නියමිත මහ මැතිවරනයේදී බීජේපීය ගොඩඑනු ඇත් ද යන්න මත මෙයින් විශාල ප්‍රශ්නාර්ථයක් සටහන් වේ.
බීජේපීය හා එහි හින්දු අන්තවාදී සහචරයින් නව දිල්ලිය ද ඇතුලු නගර ගනනාවක විරෝධතා සංවිධානය කර තිබුනි. ඒවා ඉල්ලා සිටියේ පකිස්ථනයට විරුද්ධ මිලිටරි පියවරයන්ය.
හින්දු වර්ගවාදය උසිගැන්වීම සඳහා කාෂ්මීර සිද්ධිය ගසාකෑමට බීජේපීයට හැකියාව ලබාදෙන තීරනාත්මක කාරනය, ඊනියා විපක්ෂ සංවිධානවල ක්රියාකලාපයයි උපායික මතභේද හා පාලක බීජේපීය ගැන කුමන විවේචන තිබුන ද ඔවුන් සියල්ලෝම, පකිස්ථානයට එරෙහිව, කලාපය තුල නව දිල්ලියේ භූදේශපාලනික අවශ්‍යතාවන්ට ආක්රමනකාරී ලෙස සහයෝගය දක්වති.
කොන්ග්රස් පක්ෂයේ වංශාධිපති නායකයා හා එහි සභාපති වන රාහුල් ගාන්ධි, “ඉන්දියාවේ ආත්මයට එල්ල කල ප්‍රහාරයක් ලෙස” සිද්ධිය හෙලාදුටුවේය. එසේම ඔහු, තම පක්ෂය හා මුලු විපක්ෂයම ආන්ඩුවට හා මිලිටරියට පූර්න සහාය පලකරන බවට බීජේපී ආන්ඩුවට සහතික විය. “ත්රස්තවාදයේ අරමුන මේ රට බෙදීම වන අතර මිනිසුන් කුමන උත්සාහයන් දැරුව ද අප මොහොතක් හෝ බෙදී නොසිටින බව ඉතා පැහැදිලිව පැවසීමට මට අවශ්‍යය” යනුවෙන් ඔහු පැවසීය.
කොන්ග්‍රසයේ නායකත්වයෙන් යුත් සියලු විරුද්ධ පක්ෂ 2016 සැප්තැම්බරයේ එල්ල කල මෝදිගේ “හදිසි ප්‍රහාර”වලට සහයෝගය දෙමින් එය ක්‍රියාත්මක කිරීම පිලිබඳව මිලිටරිය හුවා දැක්වූහ. සීපීඑම් හෙවත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) වෙනුවෙන් කේරලයේ මහ ඇමති පියන්රායි විජයන්, “හදිසි ප්‍රහාර” වර්නනා කරමින් රාජ්‍ය සභාවේ යෝජනාවක් සම්මත කලේය.
ස්ටැලින්වාදීහු, ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් ජීවත් වන එකම ප්‍රාන්තය වන කාෂ්මීරය තුල බීජේපී ආන්ඩුව ගෙනයන රුදුරු මර්දනය පිලිබඳව ලිහිල් විවේචන පමනක් කර ඇත. ඒ, ඉන්දීය පාලනය යටතේ ඇති කාෂ්මීරයේ ත්‍රස්තවාදී කන්ඬායම් වලට මෙහෙයුම් ආධාර සැපයීම අත්හිටුවන බවට පොරාන්දු වනතාක් කල්, ආන්ඩුව පකිස්ථානය සමග ඉහල පෙලේ සාකච්ඡාවන්ට එලඹීම ප්‍රතික්ෂේප කිරීමේ කාරනය මතය.
පීපීඑම් දේශපාලන කමිටුව, “ජම්මු හා කාෂ්මීරයේ පුල්වාමාහිදී රථ පෙලකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීම දැඩිසේ හෙලා දකියි” යන ප්‍රකාශය කඩිමුඩියේම නිකුත් කලේය. “සීපීඑම් (මාක්ස්වාදී) දේශපාලන කමිටුව රාජකාරිය සඳහා යමින් සිටියදී දිවි පූජාකල හමුදා සෙබලුන්ගේ දුකට පත් පවුල් වෙත සිය හෘදයංඟම ශෝකය පල කරයි” යන ප්‍රකාශය නිකුත් කරමින් ඉන්දියානු මිලිටරිය කෙරේ සිය නොමසුරු සහයෝගය පල කලේය.
වාර්තා වන පරිදි මරාගෙන මැරෙන බෝම්බය රැගෙන ගොස් ඇත්තේ, 14දා පිපිරුම සිදුවූ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් නොදුරින් වාසය කල බව පෙනී යන 20 හැවිරිදි අඩිල් අහමඞ් ඩාර් යන කම්කරුවාය. ඔහුගේ දෙමව්පියන්ට අනුව, ඔහු සහ ඔහුගේ මිතුරන් පාසැල් ඇරී නිවෙස් බලා පැමිනෙමින් සිටියදී මීට තෙවසරකට පමන ඉහතදී පොලිසිය විසින් අත්අඬංඟුවට ගෙන වධ දීමෙන් පසුව ඩාර් රැඩිකල්වාදී වී ඇත.
ප්‍රහාරය ගැනත් ඉන්දියාවේ යුදවාදී ප්‍රතික්‍රියා පිලිබඳවත් මේ දක්වා පකිස්ථානයේ ප්‍රතිචාරය වී ඇත්තේ, තමන් සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති බව කියා සිටින මැඬපැවැත්වූ හා සීමිත හෙලාදැකිමක් පමනි. මීට පෙර සිදුවීම් වලදී ඉස්ලමාබාදය, කුමන හෝ ඉන්දියානු ප්‍රහාරයකට මිලිටරි මය එකට එක කිරීම් පිලිබඳ ලේ සීතල කරන තර්ජන එල්ල කර ඇත. පෙනෙන්නට ඇත්තේ ඇමරිකාව ද ඇතුලු රටවල් ගනනාවක් ප්‍රහාරය හෙලාදැක ඉන්දියාවට සහයෝගය පල කරමින් ප්‍රකාශ නිකුත්කිරීමෙන් පකිස්ථානය තිගැස්මට පත්ව ඇති බවකි.
කාෂ්මීර ආරවුල හා වඩාත් පුලුල් ඉන්දු-පකිස්ථාන එදිරිවාදිකම් වල මුල් ඇදී යන්නේ, හින්දු මුස්ලිම් දෙකොට්ඨාශයේම ඉන්දියානු ජාතික ධනේශ්වරයේ ආධාරය ඇතිව බි්රතාන්යයම යටත් විජිත පාලකයින් විසින් හින්දු හා මුස්ලිම් වශයෙන් ප්රතිගාමී ලෙස උප මහාද්වීපය වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කිරීම තුලටය.
කාෂ්මීරය ද ජම්මු හා කාෂ්මීර යන ඉන්දියානු ප්රාන්තයකටත් අසාද් කාෂ්මීරය යන පකිස්ථාන ප්රාන්තයකටත් බෙදා වෙන්කෙරුනි.
සිය භූදේශපාලනික අභිලාශයන් හඹා යාමේදී ඉන්දියානු හා පක්ස්ථාන පාලක පන්තිය, කාෂ්මීර ජනතාවගේ අයිතීන් පාගා මැඬගෙන ගමන් කර තිබේ.
දශක ගනනාවක් තිස්සේ නව දිල්ලිය, මැතිවරන අවභාවිතා කරමින් ද තනි මතයට ජම්මු හා කාෂ්මීරයේ ආන්ඩු බලයෙන් පහකර තිබේ. 1980 ගනන් අවසන් භාගයේ හටගත් ජනතා දේශපාලන කැලඹීම් හමුවේ ඔවුන් එයට එරෙහිව පුලුල්ව පැතිරගිය ප්රචන්ඩත්වය යොදාගත්තේය. සිය පාර්ශවයෙන් පකිස්ථානය, ජම්මු හා කාෂ්මීරයේ විපක්ෂය අවභාවිතාකරමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කන්ඩායම් දිරිගැන්වූයේ තම එදිරිවාදියා වන ඉන්දියාවට වල කැපීමේ අරමුනෙනි.
අනතුර වන්නේ 14දා ප්‍රහාරයෙන් පසුව, න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා අතර සිදුවීම් පාලනයෙන් පිට පැන යාමේ හැකියාවයි. ඉන්දියාවේ ඊනියා හදිසි ප්‍රහාර වලින් පසුව 2016 සැප්තැම්බරයේදී, පූර්න යුද්ධයක අද්දර දෙරටම වැනෙමින් සිටියේය. දිනපතාම ෂෙල් වෙඩි එල්ලකර ගැනුනි. එයින් දෙපැත්තේම හමුදා භටයින් ද සිවිල් වැසියන් ද දුසිම් ගනනක් ජීවිතක්ෂයට පත් විය.
පුපුරන සුලු තත්වයට තෙල් වක්කරමින් ඇමරිකාව මූලෝපායික ගැටුමකට ඉන්දියාව සන්නද්ධ කරයි. එහි ප්‍රතිපලය ලෙස, නව දිල්ලිය වොෂින්ටනය සමඟ බැඳෙද්දී බීජිනය ඉස්ලමාබාදය හා සමීප වීම සමඟ නැගෙන එක්සත් ජනපද-චීන ආතතීන් සමඟ ඉන්දු-පකිස්ථාන ගැටුම වෙලී ගැනීමේ තත්වයක් නිර්මානය කෙරේ..
Follow us on