“මානව හිමිකම්” අධිරාජ්‍යවාදය පිලිබඳ හෙලිදරව්වක්
බුරුමයේ සූ කී මුස්ලිම් විරෝධී ජාතිකවාදය ප්‍රචාරය කිරීමේ දී හංගේරියාවේ ඕර්බාන් සමග එක් වේ
An exposure of “human rights” imperialism: Burma’s Suu Kyi joins Hungary’s Orbán in promoting anti-Muslim chauvinism
බුරුම (මියන්මාර්) ආන්ඩුවේ නායක අවුන්ග් සාන් සූ කී හා හංගේරියාවේ අන්ත දක්ෂිනාංශික අගමැති වික්ටර් ඕර්බාන් අතර පසු ගිය සතියේ පැවති හමුව සූ කී “ප්රජාතන්ත්රවාදයේ සුරුවමක්” යැයි ප්‍රචාරය කල “මානව හිමිකම්” අධිරාජ්ය්යවාදය සඳහා වන මාධ්‍ය ප්රචාරකයින් පිලිබඳ විනාශකාරී අධිචෝදනාවකි.
එය සැබවින් ම බුඩාපෙස්ට්වල එකඟතාවයකි. තම සාකච්ඡාවලින් පසු හංගේරියානු ආන්ඩුව විසින් නිකුත් කරන ලද නිල ප්රකාශනය තුල, සංක්රමනිකයන් “දෙරටේ ම විශාල ම අභියෝගයන්ගෙන් එකක්” බවට නායකයෝ දෙදෙනා එකඟ වූ අතර “නො නවත්වා වැඩෙන මුස්ලිම් ජනගහනය” සම්බන්ධයෙන් තම අන්‍යෝන්‍ය උත්සුකය ප්‍රකාශ කලහ.
ඕර්බාන් තම දුෂ්ට සංක්රමනික විරෝධී හා මුස්ලිම් විරෝධී භීතිකාවට, මෙන් ම දෙවැනි ලෝක යුද්ධයේ දී නාසි ජර්මනිය සමග සන්ධානගත වූ හංගේරියාවේ ෆැසිස්ට් හෝර්ති තන්ත්රය උත්කර්ෂයට නැංවීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ඔහු මැද පෙරදිග හා අප්‍රිකාවේ මුස්ලිම් ජනයා සුදු ක්‍රිස්තියානි ජනයා වෙනුවට ආදේශ වන බව තහවුරු කරන, ජාත්‍යන්තර වශයෙන් අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී කවයන් තුල පුලුල් ලෙස ප්‍රචාරය කෙරුනු, “ශ්‍රේෂ්ට ප්රතිසංස්ථාපනය” පිලිබඳ වර්ගවාදී කුමන්ත්රන න්‍යාය ප්‍රසිද්ධියේ අනුමත කලේ ය.
මෙම අත්දැකීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි සහචරයන්ගේ භූමිකාව පිලිබඳ ව කම්කරුවන්ට හා තරුනයන්ට මිල කල නො හැකි දේශපාලන පාඩමක් සපයයි. බුරුමයේ සූ කී “ලිබරල්” මාධ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සහාය දෙනු ලබන “මානව හිමිකම්” උද්ඝෝෂනයේ මිලිටරි මැදිහත් වීම්, යුද්ධ, තන්ත්ර වෙනස් කිරීමේ මෙහෙයුම් හා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික වංචා යුක්තිසහගත කිරීමට පොලඹවන ආකාරය පිලිබඳ නියම කැපී පෙනෙන ප්‍රස්තාරික උදාහරනයකි.
බුරුමයේ (මියන්මාරය) ආන්ඩුවේ සැබෑ නායකත්වය දරන සූ කී, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විස්තර කර ඇති පරිදි බුරුමයේ රකීන් ප්‍රාන්තයෙන් මුස්ලිම් රොහින්ග්යාවරුන්ගේ “වාර්ගික ශුද්ධකිරීම” සම්බන්ධයෙන් ප්‍රධානත්වය ගෙන ඇත. “රොහින්ග්‍යා ජනගහනයෙන් තුනෙන් එකකට රටින් පලා යාමට සිදු වූ අවස්ථාවේ දී, එය විස්තර කිරීමට ඔබට වඩා හොඳ වචනයක් සොයා ගත හැකි ද?” යි 2017දී ඔහු ඇසී ය.
බුරුමයේ “නො කඩවා වර්ධනය වෙමින් තිබෙන මුස්ලිම් ජනගහනයක්” පිලිබඳ කතා කිරීම ගජ බින්නක පිහිට පැතීමකි. එහි දී සම්පූර්න රොහින්ග්‍යා ගම්මාන ම ගිනි තැබුනු, බුරුම මිලිටරියේ ස්ත්‍රී දූෂන සුරතෝත්සව හා මිනීමැරුම්වලින් බේරීමට මුස්ලිම් සරනාගතයන් සියදහස් ගනනක් බංග්ලාදේශ දේශසීමාවට පැන ගොස් ඇත. බංග්ලාදේශයේ සිටින මිලියන 1.1ට වඩා සරනාගතයින්ගෙන් වැඩිදෙනා පිරිසිදු ජලය වැනි මූලික පහසුකම් පවා නොමැති අපරිසිදු කඳවුරුවල ජීවත් වීමට පොර බදිති.
සූ කී බුරුම හමුදාවේ මනීමරු මෙහෙයුම් දෙස අසරන ව බලා සිටින්නියක නො ව, නමුත් එම ක්‍රියාවන්ගේ ක්‍රියාකාරී ආරක්ෂකයෙකු මෙන් ම ක්ෂමාලාපයෙකු ද වී ඇත. ඇය මිලිටරියේ ප්රචන්ඩ හැසිරීම “වාර්ගික ශුද්ධකිරීමක්”ලෙස එක්සත් ජාතීන් විසින් ගුනාංගීකරනය කිරීම ප්‍රතික්ෂේප කල අතර, පසු ගිය වසරේ එක්සත් ජනපද විමර්ශකයන් විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් ඔවුන්ට නඩු පැවරීමට යෝජනා කිරීම නො තකා, හමුදාපති හෝ අනෙකුත් ජනරාල්වරුන්ට එරෙහිව පියවර ගෙන නැත.
තවද, රට තුල ඔවුන්ගේ මූලයන් සියවස් ගනනාවකට දිවෙන බව බෙහෝ දෙනා විසින් අනාවරනය කරද්දී පවා, මූලික පුරවැසි අයිතීන් අහිමි කෙරුනු හා නීතිවිරෝධී සංක්රමනිකයන් ලෙස සැලකෙන රොහින්ග්‍යා ජනයාට එරෙහි නිල අසාධාරනය ආරක්ෂා කරමින් සූ කී සිටී. බුරුම ව්‍යවස්ථාවට පටහැනිව, ඔවුන් නීත්‍යානුකූල වාර්ගික සුලුතරයක් බව යෝජනා කරන බැවින් ඇය “රොහින්ග්‍යා” යන යෙදුම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කලා ය.
හංගේරියාවේ දක්ෂිනාංශික අධිපතිවාදියා සමග සූ කීගේ උනුසුම් සාකච්ඡා ජාත්‍යන්තර මාධ්‍ය තුල යන්තම් විවේචනයක කෙඳිරිල්ලක් ඇති කලා පමනී. පසු ගිය දෙවසරේ ලිබරල් කවයන්ගේ සාමූහික නො ඉවසිල්ල හා දත්මිටිකෑම අවුස්සා ඇත්තේ, සූ කී ලබා ඇති ත්‍යාග ඉවත් කල යුතු ය යන යෝජනා සමගිනි. කෙසේ නමුත් කිසිවෙකුත් ඈ කවුරුන් දැ යි හඳුන්වා දී නැත. ඇය බුරුම ජනරාල්වරුන් සමග කූඩුවේ ලැගිය යුතු සමූහ ඝාතනවල කුමන්ත්රනකාරියකි.
සූ කී ප්රජාතන්ත්රවාදී අයිතීන්ගේ ආරක්ෂකයෙකු ලෙස තොරොම්බල් කිරීම සෑම විටම ප්‍රෝඩාවකි. ආරම්භයේ සිට ම ඇය පෝෂනය කෙරී ඇත්තේ එක්සත් ජනපද හා බටහිර දේශපාලනික වත්කමක් ලෙස ය. බුරුම ජුන්ටාවට වූ ඇගේ විරුද්ධත්වය නියෝජනය කලේ ආර්ථිකය මත මිලිටරියේ ආධිපත්‍යට ඇවිස්සුනා වු ද මංමුලා සහගත ලෙස අවශ්‍ය වූ විදේශ ආයෝජන දිරිමත් කිරීමට සම්බාධක ඉවත් කිරීමට උත්සාහ කලා වූ ද එරට ධනේශ්වර කන්ඩායම්වල උත්සුකයන් ය. ජුන්ටාව මෙන්, ඇගේ ප්රජාතන්ත්රවාදය සඳහා ජාතික සංගමය (එන්එල්ඩී) ද, හැමවිට ම බුරුමයේ බෞද්ධ ස්වෝත්තමවාදය හා රොහින්ග්‍යා විරෝධී ජාතිකවාදෙය් ගිලුනි.
එහි සියලු ජයග්‍රාහකයින් මෙන් ම, 1991දී අධිරාජ්‍යවාදයට කරන ලද සේවය වෙනුවෙන් සූ කී ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනි. නෝර්වීජියානු නොබෙල් කමිටුව ඇගේ “ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් සඳහා අවිහිංසාවාදී අරගලයට” හා “සාමකාමී ආකාරයන්ගෙන් ප්රජාතන්ත්රවාදය, මානව අයිතීන් හා වාර්ගික සංහිඳියාවට ලඟාවිමේ ... ඇගේ නො පසුබට උත්සාහයට” ප්‍රශංසා කලේ ය.
නොබෙල් කමිටුව බුරුම ජුන්ටාවට පමනක් නොව, සමස්තයක් වශයෙන් ධනේශ්වර පාලනයට තර්ජනය කල, 1988 කම්කරුවන්ගේ දැවන්ත පෙලපාලි හා වැඩවර්ජන මධ්‍යයේ “සියලු ප්රචන්ඩතා යොදා ගැනීමට” වූ ඇගේ විරුද්ධත්වය විශේෂයෙන් ම සඳහන් කලේ ය. ජනරාල්වරුන් විසින් සරලවම නොසලකා හරිනු ලැබූ , 1990දී මැතිවරන පොරොන්දුවක් මත විප්ලවවාදී පරිමාවන්ට ලඟාවූ ජනතා ව්‍යාපාරයක් නතර කර දැමීමේ දී ඈ කේන්ද්‍රීය ක්‍රියා කලාපය ඉටු කලා ය.
ඊ ලඟ දශක දෙක පුරා, වොෂින්ටනය හා එහි සහචරයන් ඉතා සැලකිල්ලෙන් සූ කී ප්රජාතන්ත්රවාදයේ වීරවරියක ලෙස පිම්බුවේ ය. 2011 දී, චීනය සමග එක්සත් ජනපදයේ වැඩිවන ගැටුම මධ්‍යයේ, බුරුම ජුන්ටාව එක්සත් ජනපදය වෙත නැවත හැරීමට හා සූ කී හා ඇගේ එන්එල්ඩී පක්ෂයට දේශපාලන භූමිකාවක් සොයා ගැනීමට වූ තම කැමත්ත සංඥා කලේ ය.
සැබවින් ම එක රැයක දී, එක්සත් ජනපද ප්‍රචාරය බුරුමය “දුෂ්ට රාජ්‍යයක්” ලෙස හංවඩු ගැසීමේ සිට “දියුනු වෙමින් තිබෙන ප්රජාතන්ත්රවාදයක්” ලෙස ප්‍රශංසා කිරීමට මාරු විය. සියලු අත්‍යාවශ්‍ය ලීවරයන්ගේ පාලනය මිලිටරිය අත ඉතිරි කල, 2016 එන්එල්ඩී දූෂිත මැතිවරන ජයට, සාර්වත්රික ලෙස ප්‍රශංසා කරුනේ ප්රජාතන්ත්රවාදයේ ශ්‍රේෂ්ට ජයග්රහනයක් ලෙස ය.
ප්‍රධාන ඇමරිකානු පුවත්පත වන නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ “මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය සඳහා සන්ධිස්ථානයක්” නම් ශීර්ෂකයකින් යුත් කතුවැකියක් මෙසේ ප්‍රකාශ කලේ ය: “අවසානයේ දී ප්රජාතන්ත්රවාදය මියන්මාරයේ පාලනය ගැනීමට ඉඩ ඇත.” “මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී පරිනාමය රඳා පවතිනු ඇත්තේ අවුන්සාන් සූ කී මිලිටරිය සමග වැඩ කිරීම මත” යයි ටයිම්ස් පත්‍රය ප්‍රකාශ කලේය. මිලිටරිය විසින් බලය පවත්වාගෙන යාම එය ගනනකට ගත්තේ නැත.
එය යි හරියට ම සූ කී කර ඇත්තේ. ඈ හා ඇගේ එන්එල්ඩීය වැරහිලි ප්රජාතන්ත්රවාදී ආයිත්තම් සැපයූ අතර මිලිටරිය දිගටම මූලික ප්‍රතිපත්ති තීරනය කර ඇත. ඇගේ ආධාරය, හා සහයෝගිත්වය ඇති මිලිටරියේ ම්ලේච්ඡ වාර්ගික ශුද්ධ කිරීමේ මෙහෙයුම් “ප්රජාතන්ත්රවාදයේ සුරුවම” ලෙස ඇගේ වටිනාකම විනාස කර ඇත්තේ, අන්ත දක්ෂිනාංශයෙන් උනුසුම් පිලිගැනීමක් සහතික කරන අතරතුර ය.
ලෝකය වටා පාලක පන්තිය වඩ වඩා අන්ත දක්ෂිනාංශයට හා ෆැසිස්ට්වාදි කන්ඩායම් වෙත හැරෙමින් සිටින්නේ කම්කරු පන්තියේ අරගලය ජාත්‍යන්තර වශයෙන් යලිපිබිදීම මධ්‍යයේ ය. බුරුමය හෝ වෙනත් ඕනෑ ම තැනක ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා වන අවංක සටනකට ඉදිරියට යා හැක්කේ මනුෂ්‍යත්වය වෙනුවෙන් සමාජවාදී අනාගතයක් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සමග එය සම්බන්ධ වන තාක් දුරට ය.
පීටර් සිමන්ඞ්ස්
Follow us on