පුද්ගලීකරනයට හා ශ්‍රම කොන්ත්‍රාත් ක්‍රමයට එරෙහි ව ඉන්දියාවේ පතල් කම්කරුවන් පන්ලක්ෂයක් වැඩ වර්ජනය කරති
වසන්ත රූපසිංහ විසිනි, 2019 සැප්තැම්බර් 26
භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, පතල් කර්මාන්තය තුල පුද්ගලීකරනය දිරිමත් කිරීමටත් කොන්ත්‍රාත් ශ්‍රමය යොදාගැනීමටත් එරෙහි ව, ඉන්දියාවේ රජයට අයත් ආකර සමාගම්වල අඩ මිලියනයක් පමන කම්කරුවෝ සැප්තැම්බර් 24දා එක් දින වර්ජනයකට එක් වූ හ. විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ ක්‍රමයක් ලෙස ආන්ඩුවේ ප්‍රධාන ආර්ථික ප්රතිසංස්කරන පියවරක් වන, ගල් අඟුරු ආකරවල සියයට 100ක් ඍජු විදේශ ආයෝජනවලට ඉඩ ලබාදීමට විරුද්ධව රාජ්‍ය අංශයේ සීමාසහිත කෝල් ඉන්දියා (සීඅයිඑල්) හා සීමාසහිත සිංගරේනි කොලියරීස් සමාගමේ (එස්සීසීඑල්) වර්ජිත කම්කරුවෝ, සියලු කම්කරුවන් එක ලෙස නියාමනය කරන ලෙස හා කොන්ත්‍රාත් ශ්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිය හ.
බොහෝ ගල් අඟුරු ආකර කර්මාන්ත සමාගම් 1973 දී “ජනසතු” කරන ලදී. වර්තමානයේ ඒවා සිදු කරනු ලබන්නේ, ප්‍රධාන ධන උල්පත යන අර්ථය ඇති මහාරත්න යන රජයට අයත් සීඅයිඑල් හා එහි උප අංශ විසිනි. එස්සීසීඑල් විසින් සුලු ප්‍රමානයක කැනීම් සිදු කරයි.
ගෝලීය ආර්ථික අර්බුදයෙන් දරුනු ආර්ථික ගැටලු වලට මුහුන දෙන අගමැති නරේන්ද්‍ර මෝදිගේ බීජේපී ආන්ඩුව, පීඩාවට පත් මූල්‍ය පද්ධතියට මුක්කු ගැසීමේ නව ආර්ථික පියවර ගනනාවක් නිවේදනය කර ඇත. රාජ්‍ය වත්කම් විකුනා දැමීම වේගවත් කිරීම හා ගල් අඟුරු ආකරවල සියයට 100ක ඍජු විදේශ ආයෝජනවලට ඉඩදීම ඇතුලු බොහෝ කර්මාන්තවල විදේශ ආයෝජන නැංවීමට ආන්ඩුව පොරොන්දුවී ඇත.
ගල් අඟුරු කැනීම, පිරිසැකසුම හා විකිනීමේ ස්වයංක්‍රීය ක්‍රියාවලියේදී සියයට 100ක ඍජු විදේශ ආයෝජන යොදාගැනීමට මෝදිගේ කැබිනට්ටුව අගෝස්තු 28දා තීරනය කලේ ය. ආන්ඩුවේ තීරනය කෙරෙහි මූල්‍ය ප්රභූව අතර පවතින සැලකිය යුතු සහයෝගය පිලිබිඹු කරමින්ඉන්දියාවේ එකොනොමික් ටයිම්ස් කියා සිටියේ, මෙම පියවර “නවතම තාක්ෂනය ලබාගැනීමටත්, බලශක්ති අංශය අඩපන කර ඇති ඉන්ධන ඌනතාවන් අඩුකිරීමටත්, නව ආයෝජන ආකර්ෂනය මගින් ආර්ථික වර්ධනය ඉහල දමාගැනීමටත් උදවුකාරක විය හැකි” බවයි
මීට විපරීත ව, ගල් අඟුරු කැනීමේදී, විදේශීය සමාගම් විසින් දියත් කරනු ලබන රුදුරු ප්රහාරයන් කෙරෙහි තම අව්‍යාජ කෝපය කම්කරුවන් විසින් ප්‍රකාශ කොට ඇත. මෙම සමාගම් විසින් සිදුකරන පිරිවැය කප්පාදුවල කොටසක් ලෙස සිදුවන රැකියා අහෝසිය පිලිබඳ කනස්සල්ල පලවෙයි. වැටුප් සමාජ ආරක්ෂන ප්රතිලාභ අඩු කොන්ත්‍රාත් හා අනියම් කම්කරුවන් බවට තමන් පත්කරනු ඇතැයි ස්ථීර කම්කරුවෝ වටහා ගනිමින් සිටිති. වර්තමානයේ, රාජ්‍ය අංශ ගල් අඟුරු කර්මාන්තයේ කම්කරුවන් 200,000ක් කොන්ත්‍රාත් පදනම මත වැඩ කරති.
වර්ජනය කැඳවන ලද්දේ ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානයට (සීඅයිටීයූ) අනුබද්ධ සමස්ත ඉන්දීය ගල් අඟුරු කම්කරු සම්මේලනය (ඒඅයිසීඩබ්ලිව්එෆ්), සමස්ත ඉන්දීය වෘත්තීය සමිති කොංග්‍රසයට (ඒඅයිටීයූසී) අනුබද්ධ ඉන්දීය පතල් කම්කරු සම්මේලනය (අයිඑම්ඩබ්ලිව්එෆ්), හින්ද් මස්දූර් සභා (එච්එම්එස්) හා ඉන්දීය ජාතික වෘත්තීය සමිති කොංග්‍රසයට (අයිඑන්ටීයූසී) අනුබද්ධ ඉන්දීය ජාතික පතල් කම්කරු සම්මේලනය (අයිඑන්එම්ඩබ්ලිව්එෆ්) ඇතුලු වෘත්තීය සමිති සංවිධාන හයක් විසිනි.
එහෙත් රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග් (ආර්එස්එස්) හා බීජේපීයට අනුබද්ධ භාරතීය මස්දූර් සංග් (බීඑම්එස්) වර්ජන කැඳවුමට එක් වී නැත. ඒ වෙනුවට බීඑම්එස් තීරනය කොට ඇත්තේ, එම ප්‍රශ්න මුල්කරගෙන සැප්තැම්බර් 27දා සිට දින පහක් වැඩ නො කර සිටීමට යි. නිසැක ව ම, මෙම තීරනය පිටුපස ඇත්තේ, පතල් කම්කරුවන් අතර තම අධිකාරය නංවා ගැනීම යි.
ඒඅයිසීඩබ්ලිව්එෆ් ප්‍රධාන ලේකම් ඩී. ඩී. රාමනාදන් “අද වර්ජනය සාර්ථකයි” යයි නිව්ස්ක්ලික් ට පැවසීය. “එය රට පුරා ගල් අඟුරු නිෂ්පාදනය හා ප්‍රවාහනය සම්පූර්නයෙන් නතර කර තිබෙනවා” යි ඔහු තවදුරටත් කීවේ ය. එක් දින වර්ජනය ගල් අඟුරු නිෂ්පාදනය ටොන් මිලියන 2.13කින් පහත දමා, ඉන්දීය රුපියල් බිලියන 40ක පාඩුවක් සිදු කර ඇතැයි වෘත්තීය සමිති තක්සේරු කල හ.
එහෙත්, වර්ජන ක්‍රියාමාර්ගයට විශාල වශයෙන් කම්කරුවන් සම්බන්ධ වීම වෘත්තීය සමිති නායකයන්මත් පුදුමයට පත්කලේ ය. මෙය පිලිබිඹු කරමින් රාමනාදන් ක්ලික් වෙත මෙසේ කීවේ ය: “අපි සියලු දෙනා ඉදිරියේ පෙර නුවූ විරූ සහයෝගයක් හා ප්‍රතිඵලයක් දිනාගත්තා.”
පුද්ගලීකරනය හා පුලල් වසයෙන් කොන්ත්‍රාත් ශ්‍රමය යොදාගැනීම ඇතුලු බීජේපී ආන්ඩුවේ ආයෝජක-ගැති ආර්ථික ප්රතිසංස්කරනවලට එරෙහි ව කම්කරුවන් අතර වැඩෙන විරෝධය වාෂ්ප කිරීම සඳහා වෘත්තීය සමිති වැඩ වර්ජනය කැඳවා ඇත. සියයට 100ක් ඍජු විදේශ ආයෝජන යෙදවීම ගැන ආන්ඩුව දැඩි ස්ථාවරයක සිටිය දී පවා, ගල් අඟුරු ලේකම් හා ඇමති සමග සැප්තැම්බර් 19 හා 21 දෙදින සාකච්ඡා දෙකක් පවත්වා තිබුනු වෘත්තීය සමිති නිලධරය, හිතා මතා ම ඔවුන් විරෝධය එක් දින සංකේත වර්ජනයකට සීමා කලේ ය.
ක්ලික් මාධ්‍ය විසින් ඉදිරියේ එන අරගලය ගැන විමසූ විට, කම්කරුවන් අතර කෝපය නිවා දැමීම සඳහා ඒඅයිටීයූසී සභාපති රමේන්ද්ර කුමාර කීවේ: “අපි ඉක්මනින් ම ආන්ඩුවට එරෙහි ජාතික පරිමාන උද්ඝෝෂනයක් දියත් කරනවා” යනුවෙනි.
මෙම වෘත්තීය සමිතිවලට හා ඒවා අනුබද්ධ ව සිටින දේශපාලන පක්ෂවලට, පුද්ගලීකරනය ඇතුලු බීජේපී ආන්ඩුවේ ආයෝජක-ගැති ආර්ථික ප්රතිසංස්කරන කෙරෙහි මූලික විරෝධයක් නැත. සීඅයිටීයූ හා ඒඅයිටීයූසී යනු ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙකෙහි වෘත්තීය සමිති සම්මේලනයන් ය. අයිඑන්ටීයූසීය ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප්‍රදායික පාලක පක්ෂය වන කොංග්රස් පක්ෂයට අනුබද්ධ ව සිටී. 1991 දී ඉන්දියාව ගෝලීය ප්රාග්ධනයේ ලාබ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීමේ සමාජ විරෝධී ආර්ථික ප්රතිසංස්කරන ඇරඹූ කොංග්රස් පක්ෂය, එම පියවර ගැනීමේදී වැඩි බරක් දරයි.
ස්ටැලින්වාදී සීපීඑම් හා සීපීඅයි, ප්‍රධාන වසයෙන් කොංග්‍රසය විසින් නායකත්වය දුන් සියලු බීජේපී නො වන ආන්ඩුවලට ක්‍රියාශීලී ව සහාය දී ඇති අතර, එම ආන්ඩු උද්යෝගිමත් ව ආර්ථික ප්රතිසංස්කරන ක්‍රියාවට දැමූ හ. තව ද සීපීඅයි ද සහකරුවෙකු වූ බටහිර බෙංගාලයේ හා ත්‍රීපුර සීපීඑම් නායකත්වය දුන් ප්‍රාන්ත ආන්ඩු, ඒ හා සමාන ආර්ථික පිලිවෙත් ක්‍රියාවට දැමූ හ. දකුනු ඉන්දියාවේ කෙරල ප්‍රාන්තයේ ඔවුන්ගේ වත්මන් ආන්ඩුව එම මාවත ම අනුගමනය කරයි.
ස්ටැලින්වාදී සමිති නායකයන් විසින් කයිවාරු ගසන එවන් “ජාතික පරිමාන උද්ඝෝෂන”, ඉන්දීය ධනේශ්වර ප්රභූවේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම ඉලක්ක කරගනු ඇත. මෙම දැක්ම සීපීඑම්ට අනුබද්ධ සීඅයිටීයූව විසින් පැහැදිලි ව ප්‍රකාශයට පත්කරන ලදී. වර්ජනයට “ආචාරය පුදන” ප්‍රකාශයක් සැප්තැම්බර් 24දා නිකුත් කල සීඅයිටීයූව, “(පතල් ව්‍යාපාරවල) ලාබ සමාගම් අයත් රටවලට හරවා යැවීමට ඉඩදීම” ගැන ආන්ඩුව විවේචනය කලේ ය.
ඉන්දීය කම්කරුවන් ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගෙන් හුදකලා කිරීමේ ඔවුන්ගේ ඉලක්කය සමග මෙම ජාතිකවාදී දෘෂ්ටිවාදය අත්වැල් බැඳගනී. මෙම අභිප්‍රාය සඳහා, වර්ජිත කම්කරුවන් “ජාතියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සැබෑ ලෙස ම අධිෂ්ටාවනවත් දේශප්‍රේමීන්” ලෙස, සීඅයිටීයූව විසින් උත්කර්ෂයට නැංවී ය. එවැනි ප්‍රකාශ දේශීය සංගත ප්‍රධානීන්ට ඉන්දීය කම්කරුවන් රුදුරු ලෙස සූරාකෑම දිගට ම කරගෙන යාමට කොල එලිය දැල්වීම ද ඉලක්ක කරගනී.
විදේශීය ආයෝජකයන්ගේ ආක්රමනය ගැන මෙම වෘත්තීය සමිති නායකයන් වැලපෙන අතර, ඔවුන් නියෝජනය කරනවා යයි කියන පතල් කම්කරුවන්ගේ වර්තමාන තත්ත්වය ද ජාතික ධනේශ්වරය යටතේ යහපත් එකක් නො වේ. ඉහත සඳහන් කල ක්ලික් වාර්තාවට අනුව, 1990 ගනන් මුල දී සීඅයිඑල් සාමාජිකයින් ලෙස කම්කරුවන් 750,000ක් පමන සිටි නමුත්, දැන් එම සංඛ්‍යාව 550,000ට අඩුවී ඇත.
මෙම කම්කරුවන් මුහුන දෙන අන්තරායකාරී කොන්දේසි පෙන්නුම් කරමින් ද හින්දු පුවත්පත ජනවාරි 2දා වාර්තා කලේ, හදිසි අනතුරු හේතුවෙන් සිදුවන “වැඩි ම මරන සංඛ්‍යාව” ගල් අඟුරු ආකරවලින් වාර්තා වී ඇති බව යි. 2018 දෙසැම්බර් 31දා කම්කරු හා රැකීරක්ෂා අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද ගනන් හිලව් කෙරේ අවධානය යොමු කරමින් හින්දු සඳහන් කලේ, 2015 හා 2017 අතර ගල් අඟුරු, ඛනිජ, තෙල් කැනීමේ නිරත කම්කරුවන් 377ක් මරනයට පත් වූ බව යි. හාම්පුතුන් විසින් ආරක්ෂක පියවර නො තකා හැරීම මෙම මාරාන්තික අනතුරුවලට බොහෝ සෙයින් හේතු වී ඇති අතර, ඉහල නිෂ්පාදන ඉලක්ක, සැලසුම් රහිත ව ගල් අඟුරු සෑරීම, ගල් අඟුරු නිෂ්පාදනය වෙනත් පාර්ශවවලට පැවරීම හා පුහුනුව නො ලත් තාවකාලික කම්කරුවන් විශාල වසයෙන් යොදාගැනීම අනෙකුත් සාධක වන්නේය.
පතල් කම්කරුවන්ගේ වර්ජනය, පසුගිය වසර මුල පටන් ඉන්දියාවේ හා ජාත්‍යන්තර ව වැඩෙන පන්ති අරගලයේ කොටසකි. පසුගිය ජනවාරියේ ඉන්දියාවේ කම්කරුවන් මිලියන 180ක් නිරත වූ ජාතික පරිමාන මහා වැඩ වර්ජනයට අමතර ව, ගුරුවරුන්, බැංකු සේවකයන්, ටෙලිකොම්, දුම්රිය, වානේ හා මෝටර් රථ යන අංශවල කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ වර්ජන හා විරෝධතා පැවතුනි. මෑත උදාහරන වන්නේ, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ වර්ජනය, මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනය හා ප්රන්සයේ මහා පරිමාන “කහ බැනියම්” විරෝධතාවන් ය. දැනට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන් හා ගුරුවරුන් වර්ජනයේ නිරත වේ. මෙම වර්ධනයන් පැහැදිලි කරන්නේ, ශිෂ්ට සම්පන්න වැටුප්, යහපත් සේවා හා ජීවන කොන්දේසි සඳහා ද පුද්ගලීකරනය, කොන්ත්‍රාත් ශ්‍රමය, සහනාධාර කැපීම හා අනෙකුත් කප්පාදු පියරවයන්ට එරෙහි ව ද ඉන්දියාවේ හා ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් ගෙන යන ඒකාබද්ධ අරගලයක් සමග ඉන්දීය පතල් කම්කරුවන් බද්ධ වීමේ අවශ්‍යතාව හා හැකියාව යි.
එවන් අරගලයක් සඳහා වෘත්තීය සමිතිවලින් ද ස්ටැලින්වාදීන් හා කොංග්‍රසය ඇතුලු ඒවා අනුබද්ධ ව සිටින පක්ෂවලින් ද දේශපාලනික ව හා සංවිධානාත්මක ව බිඳී වෙන් විය යුතු කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. සියල්ලට ඉහලින්, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් විය යුතු ඔවුන්ගේ සටන, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීමේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට යොමු විය යුතු ය.
Follow us on