ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධානියා “ව්‍යුහාත්මක ප්රතිසංස්කරන” ඉල්ලා සිටියි
Sri Lankan Central Bank chief demands “structural reform”
සමන් ගුනදාස විසිනි, 2020 ජනවාරි 15
මහ බැංකුවේ “පෙර දැක්ම - 2020 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති” ඉදිරිපත් කරමින් ජනවාරි 6දා, අධිපති මහාචාර්ය වෙලිගමගේ දොන් ලක්ෂ්මන් ප්‍රකාශ කලේ, “ශ්‍රී ලංකා ආර්ථිකය සන්ධිස්ථානයක පවතින” බවයි. “දැඩි අභියෝග ඉතිරිව ඇති” බවත් ආර්ථික “ප්රතිසංස්කරන” අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.
මෑතකදී පිහිටුවන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, දෙසැම්බර් 24 වන දින ලක්ෂ්මන් මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත් කලේය. ඔහුගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගයන්ට අනුකූලව, රටේ ආර්ථික අර්බුදයේ බර තවදුරටත් වැඩකරන ජනතාව මත පැටවීමට ආන්ඩුව සූදානම් වන බවයි.
මහ බැංකු ප්‍රධානියා පෙන්නුම් කලේ, පසුගිය වසරේ යන්තම් සියයට 2.8 ක් වන බවට ගනනය කර ඇති ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වය, “ව්‍යූහාත්මක ගැටලු විසඳීමට නොහැකිවීම නිසා දිගටම පවතින” බවය.
“විදේශ ක්ෂේත්රයේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාම සඳහා සහය ලබා ගැනීමට තීරනාත්මක වියහැකි” ජාමූඅ සමඟ ආන්ඩුව “කටයුතු” කරමින් සිටින බව ලක්ෂ්මන් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, ජාමූඅට අවශ්‍යව ඇත්තේ, ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් සතුටු කිරීම සඳහා පියවර ගැනීම බවය.
“ව්‍යුහාත්මක ගැටලු” විසඳීමට පියවර ගැනීම යනු, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය සහ වානිජකරනය, ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා ගාස්තු වැඩි කිරීම සහ අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා සහනාධාර කැපීම ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.
ජාමූඅ විසින් 2016 දී අනුමත කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ඇප නයකරය සඳහා වන ප්‍රධාන කොන්දේසි ඒවා ය. අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 7 සිට 3.5 දක්වා අඩු කිරීමේ ඉලක්කය ජාමූඅ විසින් නියම කරන ලදී.
එම කොන්දේසි ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමත් සමඟම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කලින් පැවති ආන්ඩුව, නැඟී ආ කම්කරු පන්තියේ හා දුප්පතුන්ගේ වැඩ වර්ජන හා විරෝධතා මාලාවකට මුහුන දුන්නේය.
“භූදේශපාලනික හා වෙලඳ ආතතීන් වැඩිවීම” සහ “ගෝලීය ආර්ථිකයේ පුලුල්ව පැතිරුන මන්දගාමිත්වය” වැනි ශ්‍රී ලාංකික ආර්ථිකයට බලපාන ගෝලීය ක්‍රියාදාමයන් ලක්ෂ්මන් පෙන්වා දුන්නේය.
කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ආර්ථික බර ලිහිල් කිරීම සඳහා බොරු පොරොන්දු ලබා දෙමින් බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ ආන්ඩුව, රෝගී ආර්ථිකයට උපකාරී වනු ඇතැයි කියා සිටිමින්, සමාගම්වල ලාභ ඉහල නැංවීම සඳහා ක්ෂනිකව ඒවායේ බදු කපාහැරියේය.
ජනවාරි 3 දා පැවැත්වූ ප්‍රතිපත්ති කථාවේදී රාජපක්ෂ, සමාගම්වලින් ඉල්ලා සිටියේ, “මෑතදී ලබා දුන් බදු සහනවල ප්රතිලාභවලින් යම් ප්‍රතිශතයක් මහජනයාට ද ලබා දෙන ලෙසයි.”
කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය භාන්ඩ මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුවී නොමැත. ඇත්ත වශයෙන්ම, ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් ඇතුලු බොහෝ අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහල ගොස් ඇත.
ව්‍යාපාරික සහනවල ප්‍රතිපලයක් ලෙස බදු ආදායම පහත වැටීම “පලදායී නොවන වත්මන් වියදම්” ඉවත් කිරීමෙන් ආවරනය වන බව ලක්ෂ්මන් පැවසීය. මුදල් සිඳී යාමට මුහුනපා සිටින සුලුතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීපොපෙ) ආන්ඩුව දැනටමත් සියලු දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථාවලට උපදෙස් දී ඇත්තේ, වියදම් කපා හරින ලෙසත් නව ව්‍යාපෘති නවතා දමන ලෙසත්ය. මෙය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ රාජ්‍ය අංශයේ ව්‍යාපෘති කෙරෙහි බලපානු ඇත.
රජය සතු ව්‍යවසායන්හි “අත්‍යවශ්‍ය ප්රතිසංස්කරන තුලින් ආන්ඩුවේ ආදායම ඉහල නංවන බව බැංකු අධිපති පැවසීය. සරල භාෂාවෙන් කිවහොත් මෙයින් අදහස් කරන්නේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම හා කප්පාදු කිරීමයි.
“ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය, ආයෝජකයින්ගේ විශ්වාසය දුබල කිරීමටත්, ආයෝජන මට්ටම පහත වැටීමටත්” හේතු වන බව ලක්ෂ්මන් කියා සිටියේය. මෙය රාජපක්ෂගේ ද අරමුන වන, ආයෝජකයින් ආකර්ෂනය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පැනවීම සඳහා වන තුනී කඩතුරාවකි.
“ගෝටාගේ ආර්ථික යුද්ධය” යන මාතෘකාවෙන් යුත් ආර්ථික අර්බුදය පිලිබඳ තවත් ලිපියක හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මෑතකදී ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ, ආර්ථික “යුද්ධයක්” ගෙනයන ලෙසයි. පහත වැටෙන වර්ධන වේගය, අවිනිශ්චිත විදේශීය ක්ෂේත්රය සහ විදේශ නය රටේ පවතින බරපතල ගැටලු බව ඔහු ලිවීය.
මහ බැංකුව උපුටා දක්වමින් විජේවර්ධන පෙන්වා දුන්නේ, ඉදිරි මාස 12 තුල ආන්ඩුව සහ පෞද්ගලික අංශය ඩොලර් බිලියන 6 ක නය වාරික සහ පොලිය ගෙවිය යුතු නමුත් රටේ ද්‍රවශීල විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6.5 ක් වන බවයි. එබැවින් නය ආපසු ගෙවීම සඳහා විදේශීය සංචිත භාවිතා කිරීම මඟින් එය අර්බුදකාරී මට්ටමකට පහත හෙලනු ඇත.
“රටේ බාහිර නය ආපසු ගෙවීම ගෝටාගේ පාලනය මත භයානක ලෙස ලඹදෙමින් ඇත” යයි විජේවර්ධන ලිවීය. “කාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති වල වියදමෙන්” එනම් කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීම සිදු නොකර කල් තබා එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනය ජය ගැනීම කෙරෙහි රාජපක්ෂගේ අවධානය යොමු වී තිබීම ගැන ඔහු කනස්සල්ල පල කලේය. ආර්ථික අභියෝග “සතුරාගේ රුදුරු බව” පෙන්වන බව ඔහු සඳහන් කලේය.
“නියමිත පාර්ලිමේන්තු මැතිවරෙනය අවසන් වන තුරු ආර්ථික යුද්ධය තාවකාලිකව පසෙක තැබිය යුතු අතර,” විජයවර්ධන ප්‍රකාශ කලේ, “ගෝඨා(භය) අවදි වී ඔහුගේ අනෙක් යුද්ධ වලදී කලාක් මෙන්, තම ආර්ථික යුද්ධයද නිමාවකට ගෙනා යුතුය” යන්නයි.
රාජපක්ෂගේ ප්‍රාථමික “අනෙක් යුද්ධය” වුනේ, සිය සහෝදර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ආන්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් ගෙනගිය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ලේ වැකි වර්ගවාදී යුද්ධයයි. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, 2009 දී යුද්ධයේ අවසාන අදියරේදී පමනක් අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය විය.
ආරක්ෂක ලේකම් වශයෙන් රාජපක්ෂ, කොලඹ පැල්පත්වාසීන් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සහ කම්කරු පීඩිත ජනතාවගේ අරගල මර්දනය කිරීමට හමුදාව සහ පොලීසිය යොදා ගත්තේය.
ලක්ෂ්මන් සහ විජේවර්ධන විසින් සංඥා කර ඇති පරිදි, පාලක පන්තියේ නියෝජිතයින් සහ උපදේශකයින්, කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ප්‍රතිරෝධය මැඬීම සඳහාත්, මහා ව්‍යාපාරික හා ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහාත් ඒ හා සමාන යුද්ධයක් ඉල්ලා සිටී.
ජනාධිපති රාජපක්ෂ මේ වන විට එවැනි යුද්ධයකට සූදානම් වෙමින් සිටියි. ඒ, ප්‍රධාන තනතුරුවලට හමුදා ප්‍රධානීන් පත් කරමින් හා ජනාධිපතිගේ බලතල වැඩි කිරීම සහ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යවස්ථාව නැවත ලිවීමට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු මැතිවරනයකදී විශාල බහුතරයක් සඳහා කැස කවමිනි.
Follow us on