සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

සසප ජනාධිපති අපේක්ෂකයා මාධ්‍යවලට සහ ප්‍රසිද්ධ රැස්වීම්වලදී කතා කරයි

ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ අන්තරායන් පිලිබඳ අනතුරු අඟවන සහ දැවැන්ත ජාමූඅ කප්පාදුවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කරන එකම පක්ෂය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

වසන්ත රූපසිංහ

2024 බංග්ලාදේශය සඳහා ශ්‍රී ලංකාවේ 2022 නැගිටීමේ දේශපාලන පාඩම්

2022 දී ශ්‍රී ලංකාවේ මෙන්ම 2024 දී බංග්ලාදේශයේ මහජන නැගිටීම් මෙහෙයවනු ලැබුවේ, සෑම රටකටම බලපාන ගෝලීය ධනවාදයේ එකම අර්බුදය මගිනි. ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේ දී කම්කරු පන්තියට මෙම අරගලවලින් දේශපාලන පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සසප (ශ්‍රී ලංකාව) ජනාධිපතිධූර අපේක්ෂක පානි විජේසිරිවර්ධන

සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට සසප ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වේ

සසප මැතිවරනයට ඉදිරිපත් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, පාලක පන්තියේ කප්පාදුවට සහ ආඥාදායක පාලන රූපයන් කරා ගමන් කිරීමට එරෙහිව, කම්කරු පන්තිය සඳහා ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය ඉදිරිපත් කිරීමට ය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ඉහල වැටුප් දිනා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කරමු!

වික්‍රමසිංහගේ උත්සුකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කල මුර්ග කොන්දේසි ක්‍රියාවට දැමීමයි. එනම්, ධනපති අර්බුදයට පැලැස්තර දමාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය කතිපයාධිකාරින්ගෙන් ගත් නය කන්දරාව ආපසු ගෙවීම සඳහාත්, ධනපති මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ මඩි තර කිරීමටත් මහජනතාව මිරිකා රාජ්‍ය භාන්ඩාගාරය පුරවා ගැනීමයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශයකි
ක්‍රියා මාර්ගික වැඩසටහන, ඉතිහාසය සහ මූලධර්ම

කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.

සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.

2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.

ශ්‍රී ලංකාවේ සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල කියවන්න
නායකත්වය
අපගේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය: සසජාතශි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

සසජාතශි ගැන වැඩිදුර