සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

සසප/සසජාතශි ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: කම්කරුවන්ට සහ තරුනයන්ට 2022 මහජන නැගිටීමේ පාඩම්

සසප සහ සසජාතශි විසින් ජූලි 26 ඉරිදා සවස 7.00ට ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වනු ඇත. එහි දී, වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව වර්ධනය වන අරගල සඳහා 2022 මහජන නැගිටීමෙන් උකහා ගත යුතු දේශපාලන පාඩම් සාකච්ඡා කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදී සමානතා පක්ෂය ප්‍රවීන ට්‍රොට්ස්කිවාදී ගීතානන්ද ජයසේකරට උපහාර දක්වයි

සිංහල සහ ඉංග්‍රීසි යන දෙකම පිලිබඳ සැලකිය යුතු දැනුමක් අත්කරගෙන සිටි ගීතා, පරිවර්තන ප්‍රවේශමෙන් සමාලෝචනය කල අතර, නිවැරදි කිරීම අවශ්‍ය වන අපැහැදිලිතා හෝ සදොස් තැන් බොහෝ විට හරියට ම හඳුනා ගත්තේය. ඔහුගේ දිගු දේශපාලන අත්දැකීම් සහ ට්‍රොට්ස්කිවාදය පිලිබඳ ගැඹුරු අවබෝධය නිසා ඔහුට වැඩි න්‍යායික නිරවද්‍යතාවයක් අවශ්‍ය වන සූත්‍රගත කිරීම් හඳුනා ගැනීමට හැකි විය.

අපගේ වාර්තාකරු

ගීතානන්ද බාලසූරිය ජයසේකර (1955-2026):ට්‍රොට්ස්කිවාදී සටන්කරුවෙක්

සියලු සහෝදර සටන්කරුවන්ටත්, සමාජවාදය සඳහා අනාගතයේ දී අරගලයට පිවිසෙන සියලු දෙනාටත්, ට්‍රොට්ස්කිවාදී සටන්කරුවෙකු යන්නෙන් අර්ථවත් වන්නේ කුමක් ද යන්න පිලිබඳ කදිම ආදර්ශයක් ලෙස, ගීතාගේ ජීවිතය නැගී සිටී.

සමාජවාදී සමානතා පක්ෂය

දිගුකාලීන ට්‍රොට්ස්කිවාදියෙකු වූ ගීතානන්ද ජයසේකර වයස අවුරුදු 70 දී අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා ගීතානන්ද ජයසේකර සහෝදරයා ගෙනගිය සප්‍රතිපත්තික අරගලයට සසප සහ සසජාතශි උපහාර දක්වන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ට තම ගැඹුරු ශෝකය පල කර සිටී.

සමාජවාදී සමානතා පක්ෂය - ශ්‍රී ලංකාව
ක්‍රියා මාර්ගික වැඩසටහන, ඉතිහාසය සහ මූලධර්ම

කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.

සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.

2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.

ශ්‍රී ලංකාවේ සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල කියවන්න
නායකත්වය
අපගේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය: සසජාතශි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

සසජාතශි ගැන වැඩිදුර