දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා

දකුනු ආසියාවේ කම්කරු පන්තිය වාර්ගික හා ජාතිකවාදී භේදකරනයන් ප්‍රතික්ෂේප කොට එක්සත් ව, ගම්බද දුගින් සහ අවශේෂ පීඩිතයින් තමන් වෙත දිනා ගෙන ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සිය අරගලය වර්ධනය කල යුතු ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදී-ස්ටැලින්වාදී සම්මුතියේ කොටසක් ලෙස ජාතික ධනපති පන්තීන්ගේ අනුමැතියෙන් කලාපයේ අටවන ලද රාජ්‍ය පද්ධතිය මහාජනතාවන්ට අත්කර දී ඇත්තේ වර්ගවාදී යුද්ධ හා කා කොටා ගැනීම්, ලෝක යුද තර්ජනය සහ සමාජ කාලකන්නි භාවයයි. අයථා ධනේශ්වර රාජ්‍ය පද්ධතිය පෙරලා දමා ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප සටන්වදියි.

ඉන්දු-පකිස්තාන යුද්ධයට විරුද්ධ වීම නිසා ඉන්දියාවේ එස්ආර්එම් විශ්ව විද්‍යාලයෙන් මහාචාර්ය ලෝරා ශාන්තකුමාර් නෙරපීමට විරුද්ධ වෙනු!

ලෝරා ශාන්තකුමාර් වහා ම යලි සේවයේ පිහිටුවන ලෙසත්, පලිගැනීමට ලක්වීමේ භීතියෙන් තොර ව යුද්ධයට විරුද්ධ වීමට ඇය ඇතුලු සියලු ශාස්ත්‍රාලිකයන්ට, විශ්ව විද්‍යාල සේවකයන්ට හා ශිෂ්‍යයන්ට තිබෙන අයිතිය ආරක්ෂා කරන ලෙසත් ලෝසවෙඅ කැඳවුම් කරයි.

සතිෂ් සයිමන්, සමන් ගුනදාස

ඉන්දියාවේ මෝදි ආන්ඩුව ග්‍රාමීය රැකියා පොරොන්දු වැඩපිලිවල විනාශ කර දමමින් දුප්පතුන්ට එරෙහි යුද්ධය තීව්‍ර කරයි

මෝදි ආන්ඩුව සිය ග්‍රාමීය රැකියා “පොරොන්දු” කුනු කූඩයට දමමින් සිටින්නේ, දිගු කලක් තිස්සේ එයට යෙදවෙන රාජ්‍ය පිරිවැය සමච්චලයට ලක් කරමින්,  තමන්  ග්‍රාමීය වැටුප් “ඉහල නංවන” බවට මැසිවිලි නගමින් සිටි පාලක පන්තියේ වඩාත් ම කෑදර කොටස්වල දිගු කාලීන ඉල්ලීමක් ඉටු කිරීම වසයෙනි.

වසන්ත රූපසිංහ

පෙබරවාරි 12 මහා වැඩ වර්ජනයට සහභාගී වන ඉන්දියානු කම්කරුවන් වෙත:

ධනේශ්වර ප්‍රතිගාමීත්වය පරාජය කර සමාජ සමානාත්මතාව සුරක්ෂිත කිරීම සඳහා, කම්කරුවන් තමන්ගේ ස්වාධීන පන්ති බලය ගොඩනඟා ගත යුතු ය!

ඉන්දියානු කම්කරු පන්තිය, දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක දී දකුනු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් කම්කරුවන් සමඟ අත්වැල් බැඳ ගත යුතු ය. ඉන්දියානු ශ්‍රමය සූරා කන එක ම ගෝලීය සංගත, සෑම තැනක ම කම්කරුවන් සූරා කයි. බාහිර ප්‍රතිවාදීන්ට එරෙහි ව යුද්ධයට සූදානම් වන එම ආන්ඩු ම, තම රටේ වැඩ කරන ජනතාවට එරෙහි ව යුද්ධ කරමින් සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

1948

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව විශේෂයෙන් 1947-1948 කාල පරිච්ඡේදයේ දකුනු ආසියානු කලාපයේ අධිරාජ්‍යවාදීන් ඇතිකල සමථයන්ගේ ස්වභාවය පිලිබඳ මෙම විශ්ලේෂනය ලියොන් ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කෙරුනු නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වී තිබේ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ඉන්දියාවට නිදහස ප්‍රකාශ කිරීමෙන් ගත වී ඇති 79 වසරකට ආසන්න කාලය තුල එම විශ්ලේෂනයේ නිවැරදි තාවය සනාථ වී ඇත.

කොල්වින් ආර්. ද සිල්වා
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන

එක්සත් ජනපදය “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රකාශයට පත් කර දශක දෙකකට ආසන්න කාලයකට පසු, සමස්ත ලෝකය ම දිනෙන් දින වැඩෙන අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ වියවුලට ඇද ගනිමින් පවතී. ඇමරිකන් අධිරාජ්‍යවාදයේ යුද්ධ මගින් මිලියන සංඛ්‍යාත ජනයා මරා දමා ඇති අතර, එහි සගයෝ මැද පෙරදිග සහ අප්‍රිකාවේ කෝටි සංඛ්‍යාත ජනතාවක් කපා කොටා දමා හෝ සරනාගතයන් බවට හෝ පත් කරනු ලැබ ඇත. පලමු ලෝක යුද්ධයෙන් සිය වසකින් පසු, මෙම ගැටුම් නැවත වරක් විනාශකාරී ගෝලීය ඝට්ටනයක් දෙසට ඔඩු දුවමින් පවතී.

හජාජාක සටන් කරන්නේ කම්කරු පන්තියේ නව ජාත්‍යන්තරවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමටයි. යුද්ධයට එරෙහි සටන යනු එය පැන නංවන කාරකය වන ධනවාදී ලාභ පද්ධතියට එරෙහි සටනයි.

යුද්ධයට එරෙහි සටන ගැන වැඩිදුර
ලෝකය පුරා කම්කරුවන්ගේ අරගල

ලෝක ජනගහනයෙන් දැවැන්ත පදාසයක් වන කම්කරු පන්තිය නූතන ධනේශ්වර සමාජයේ විප්ලවවාදී බලවේගයයි. දිගු කලක් තිස්සේ පාගා දමනු ලැබ, නොතකා හරිනු ලැබ සිටි කම්කරු පන්තිය, 2018 දී පටන්, ලෝක ගෝලය පුරා වර්ධනය වන වැඩ වර්ජන සහ විරෝධතාවලට අවතීර්න වෙමින් තමන්ගේ ම පන්ති අවශ්‍යතාවන් වෙනුවෙන් සටන් කිරීමට පටන් ගෙන ඇත.

දේශසීමාවන්, ජාතිකත්වයන්, වාර්ගිකත්වයන් සහ භාෂාවන් ඉක්මවා යමින් කම්කරු අරගල ජාත්‍යන්තර පරිමාන ව ඒකාබද්ධ කිරීම මත හජාජාකයේ ක්‍රියාමාර්ගය පදනම් වෙයි. ස්ත්‍රී පුරුෂ බව, වාර්ගිකත්වය, ලිංගික නැඹුරුතා නැතිනම් වෙනත් විවිධ අනන්‍යතාවන් උඩ කම්කරුවන් භේද කිරීමට ගෙන යන සියලු ම ආකාරයේ ප්‍රයත්නයන්ට එරෙහි ව අපි සටන් කරමු.

සියලු ම රටවල කම්කරුවන් මුහුන දෙන අභියෝග අතිමූලික වශයෙන් ගත් කල පොදු ය: ඒවා නම් යුද්ධය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරය, සූරාකෑම, විරැකියාව, දරිද්‍රතාව සහ පරිසර විනාශය යි. මේවාට අවශ්‍ය කෙරෙන්නේ ගෝලීය විසඳුමකි: එනම්, සමාජවාදයයි.

ලොව පුරා කම්කරු අරගල
සමාජ සමානතාවය සඳහා සටන

අද්‍යතන සමාජ අසමානතාවේ මට්ටම් ඉතිහාසයේ පෙර නුවූ විරූ තරම් ය. ඔක්ස්ෆැම්ට අනුව, සමස්ත ලෝක ජනගහනයෙන් අඩක් සතු ධනයට තරම් ධනස්කන්ධයක් බිලියනපතියන් 26 දෙනෙකු අත රැඳී පවතී. 2018 දී, ලෝකයේ බිලියනපතියන්ගේ ධනය ඇමරිකන් ඩොලර් බිලියන 900කින්, නැතිනම් සියයට 12 කින් වර්ධනය වෙද්දී, ලෝකයේ බිලියන 3.8 දෙනෙකුගේ ධනය සියයට 11කින් කඩා වැටුනි.

සමාජ අසමානතාවේ මෙම වර්ධනය වනාහි, කම්කරු පන්තිය දරිද්‍රතාවයට ඇද දැමීම තුලින් සංගත ප්‍රභූව තර කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම ඒකායන පරමාර්ථය කර ගත් ලෝකය පුරා ආන්ඩු දැනුවත් ව අපේක්ෂා කල ඉලක්කයකි.

සමාජ අසමානතාවය ගැන වැඩිදුර
සංක්‍රමනිකයන් සහ සරනාගතයන් ආරක්ෂා කරනු!

ලෝකය පුරා ධනපති ආන්ඩු ධනවාදය විසින් ජනිත කලා වූ සමාජ අර්බුදයට එරෙහි මහජන කෝපය ජාත්‍යන්තර කම්කරු පන්තියේ අසරන ම ස්ථරයන් වන සංක්‍රමනිකයන් සහ සරනාගතයන්ට එරෙහි ව අවමංගත කරවීමට වෑයම් දරති.

සංක්‍රමනිකයන් සහ සරනාගතයන් ගැන වැඩිදුර
ෆැසිස්ට්වාදයට එරෙහි සටන

පෙර නුවූ විරූ මට්ටමේ සමාජ අසමානතාව, නොනවතින යුද්ධ සහ මහ බලවතුන් පොරයක පැටලෙන්න යාම සමග ප්‍රජාතන්ත්‍රීය පාලනයේ රූපාකාර පවත්වා ගෙන යා නොහැකි ය. ලෝකය පුරා ධනපති ආන්ඩු මහජනතාවට එරෙහි ව රාජ්‍ය යන්ත්‍රය, ඔත්තු බැලීම සහ වාරනය සවිමත් කරමින් සිටිති.

ඇමරිකාවේ සිට ජර්මනිය දක්වා, පාලක පන්තිය විසින් ෆැසිස්ට්වාදී බලවේග සැලසුම් සහගත ව උසිගන්වා පෙරට ගනු ලැබෙමින් සිටිති. මෙය සමාජ අසමානතාවයට සහ යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය තුල වැඩෙන පුලුල් විරෝධය ප්‍රචන්ඩත්වයෙන් මැඬීමට කෙරෙන සූදානම් වීම්වල කොටසකි.

ෆැසිස්ට්වාදයට එරෙහි සටන ගැන වැඩිදුර
අන්තර්ජාල වාරනය එපා!

සෑම රටක් පාසා ම ආන්ඩු සමාජවාදී සහ වාමාංශික අදහස් ව්‍යාප්ත වීම වැලැක්වීමටත්, කම්කරුවන් එකිනෙකා හා අදහස් බෙදා ගැනීම වැලැක්වීමටත්, ඔවුන් සංවිධානය වීම වැලැක්වීමටත් අන්තර්ජාලය මර්දනීය නීතිවලට යටත් කරමින් සිටිති. වාරනයේ දී ආන්ඩු ෆේස්බුක්, ගූගල් සහ ට්විටර් ද ඇතුලත් සමාජ ජාලා දැවැන්තයන් සහ තාක්ෂන සංගත සමග හවුලේ වැඩ කරති.

වාරනයට එරෙහි සටන ගැන වැඩිදුර
ජුලියන් අසාන්ජ් නිදහස් කරනු!

ට්‍රම්ප් පරිපාලනය සම්මානලාභී පුවත්පත් කලාවේදියෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ් ඔත්තු බැලීමේ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම, හැකිනම් මරන දඬුවම ලබා දීමට උදර්පනය කරවා ගැනීමට කටයුතු කරයි. ඔහු කල එක ම “අපරාධය” නම් ඇමරිකානු අධිරාජ්‍යවාදයත්, එහි සගයනුත් සිදු කල යුද අපරාධ සහ රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රන හෙලිදරවු වන ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමයි.

අසාන්ජ් නිදහස් කර ගැනීමට ගෙන යන උද්ඝෝෂනය ගැන වැඩිදුර