නාසීන් විසින් පොත් ගිනි තැබීමෙන් වසර අනූවක්

[මෙය Ninety years since the Nazi book burnings යන මාතෘකාව යටතේ මැයි 12 වෙනිදා ඉංග්‍රීසි භාෂාවෙන් පලවිනි.]

මෙම ලිපිය ට්විටර් හි ජර්මානු බසින් පලමු වරට පල විනි.

අදින් වසර අනූවකට පෙර, හෝලෝක්ස්ටයට සහ සමූලෝත්පාඨනයේ යුද්ධයට තුඩු දුන් ඔවුන්ගේ ත්‍රස්ත සමයේ ආරම්භයේදී නාසීන් සංස්කෘතිය සහ සාහිත්‍යය මත ප්‍රහාරයක් එල්ල කලේය. මැයි 10 වනදායින් ඇරඹුනු එම ප්‍රහාරයේදී පලමුව බර්ලිනයේද පසුව අනෙක් නගර වලද පොත් ගිනි තැබිනි.

තෝමස් සහ හෙන්‍රිච් මාන්, ස්ටෙෆාන් ස්වෙයිග්, කූර්ට් තුකොල්ස්කි, කාල් වොන් ඔසිස්ට්ස්කි, එරිච් මාරියා රිමාර්ක්, එරිච් කාස්ට්නර් සහ අනෙකුත් බොහෝ කතුවරුන්ගේ කෘති ප්‍රසිද්ධියේ පුලුස්සා දැමිනි. මානුෂීය වූ, ප්‍රගතිශීලී වූ සහ සහෝදරත්වය ප්‍රවර්ධනය කල සියළු දේ අතු ගා දැමීමට නියමිතව තිබිනි.

සමාජවාදීන්ගේ සහ මාක්ස්වාදීන්ගේ ලේඛන මෙම පොත් ගිනි තැබීම් වල කේන්ද්‍රයේ පැවතුනි. ගිනි තැබීමේදී සිදු කල එක් දිවුරුමක් වූයේ “පංති අරගලය සහ භෞතිකවාදයට විරුද්ධව ජීවිතය පිලිබඳව විඥානවාදී සහ වොල්ක්ස්ගෙම්‍න්ස්කාෆ්ට් (ජාතික ප්‍රජාව නම් නාසිවාදී අදහසකි) දෘෂ්ටියක් සඳහා! මම මාක්ස්ගේ සහ කෞට්ස්කිගේ ලේඛන ගින්නට විසි කරමි.”

එමෙන්ම ෆෙඩ්‍රික් එංගල්ස්, රෝසා ලක්සම්බර්ග්, කාල් ලිබ්නේක්ට්, ඕගස්ට් බෙබෙල්, ෆ්‍රාන්ස් මෙහ්රිංග්, සහ රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයේ නායකයන් වූ ව්ලැම්දීර් ඉලීච් ලෙනින් සහ ලියෝන් ට්‍රොට්ස්කිගේ ලේඛනද මෙසේ පුලුස්සා දැමුනු ඒවා අතරට අයත් විය.

ට්‍රොට්ස්කි මෙය නාසි ත්‍රස්තයේ ස්වභාවය අන් සියල්ලන්ට වඩා වටහා ගත්තේය. “ජාතික සමාජවාදය යනු කුමක්ද?” කෘතියේදී ඔහු ලීවේ, “අශුද්ධ මාක්ස්වාදී සාහිත්‍යය පුලුස්සා දැමූ ගිනි දලු ජාතික සමාජවාදයේ පංති ස්වභාවය දෙසට දීප්තිමත් ලෙස ආලෝකය යොමු කල” බවයි.

තව දුරටත් මෙසේ කීවේය: “ජාතික ජීවයෙන් ඉවත් කල යුතුව තිබූ, සමාජයේ සාමාන්‍ය වර්ධනයේ දී බිහිවූ සංස්කෘතික අසූචි දැන් උගුරෙන් ගලා යමින් පවතී. ධනේශ්වර සමාජය දිරවා නොගත් ම්ලේච්ඡත්වය වමාරමින් සිටියි.”

පොත් ගිනි තැබීමේ සංවත්සරය ලෝකය පුරා තරුනයින්ට සහ කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. අද විසි වන සියවසේදී ම්ලේච්ඡත්වයට පාර කැපූ ඒ සමාන ප්‍රතිවිරෝධයන්ම වර්ධනය වෙමින් පවතී. ෆැසිස්‍ට්වාදයේ අන්තරාය සහ ලෝක යුද්ධය නැවත පැමින ඇත.

සියල්ලටම ඉහලින්, ජර්මනියේ පාලක පන්තිය සිය ඉතිහාසයේ අපරාධ ක්‍රියාවේ දමමින් සිටී. සෝවියට් සංගමය සමූලෝත්පාඨනය කිරීමේ යුද්ධයෙන් වසර අසූදෙකකට පසු ජර්මානු යුද ටැංකි යලිත් රුසියාවට විරුද්ධව ගමන් කරමින් සිටී.

එමෙන්ම ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය යහමින් පෙරට ඇත. 1933 පොත් පුලුස්සා දැමීම ආරම්භ කෙරුනු බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලය තුල නාසි අපරාධ අවතක්සේරු කරන අතර ඒවා යුක්තියුක්ත කරමින් පවතී.

“හිට්ලර් යනු මනෝව්‍යාධිකයෙක් නොවන අතර ඔහු මෝඩයෙක් ද නොවේ. ඔහුට සිය මේසය අසල යුදෙව්වන් සමූලෝත්පාඨනය ගැන කතා කිරීමට ජනතාවට ඉඩ දීමට අවශ්‍ය වූයේ නැත” යනුවෙන් හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් බාබරොව්ස්කි 2014 දී ඩර් ස්පීගල් සඟරාවට කීවේය.

එම සම්මුඛ සාකච්ඡාවේදීම, ජාතික සමාජවාදය රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට එරෙහිව සාධාරන ප්‍රතිචාරයක් ලෙස 1980 ගනන් වල සිට යුක්ති සහගත කල නාසි ක්ෂමාලාපයෙකු වන අර්නස්ට් නෝල්ටේ ට අනුබල දුන්නේය.

එකල නෝල්ටේගේ නිබන්ධන දැඩි ලෙස හෙලා දුටු පාලක පන්තිය අද සතුරා වන වමට එරෙහිව යලිත් එකතු වී සිටී. බාබරොව්ස්කි සහ ජර්මානු මිලිටරිවාදයේ යලි නැගීම පිලිබඳව සිය විවේචනය හේතුවෙන්, ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ කාර්යාලයේ [ජර්මානු රහස් සේවය] විසින් නිරීක්ෂනයට ලක් කරමින් සිටී.

1930 දී මෙන්ම, කම්කරු පන්තිය සහ තරුනයින් තුල වැඩෙන රැඩිකලීකරනය සහ වම දෙසට වන ව්‍යාපාරය පිලිබඳව ධනපති පන්තිය භීතියට පත්ව සිටී. ඔවුන් භීතියට පත්ව ඇත්තේ මෙම විරුද්ධත්වය සමාජවාදී සමානතා පක්ෂයේ සමාජවාදී ඉදිරි දර්ශනය සමග වඩ වඩාත් සමීප වීම පිලිබඳවය.

වසර අනූවකට පෙර, සිය නායකත්වය විසින්, හිට්ලර් ට එරෙහිව සටන පෙරට ගැනීමෙන් කම්කරුවන් වලක්වන ලදී. හෙන්රිච් හයිනෙ ගේ අනතුරු ඇඟවීම වූ “ඔවුන් යම් තැනෙක පොත් පුලුස්සා දමන්නේ ද, ඔවුහු අවසානයේදී මිනිසුන් ද පුලුස්සා දමනු ඇත' යන්න යලි වතාවක් සත්‍යයක් නොවීමට මෙවර වගබලාගත යුතුය.

මෙහිදී කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකමුතු කිරීම සහ ධනපති ම්ලේඡත්වය සදහටම තුරන් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරය නව මහජන සමාජවාදී පක්ෂයක් ලෙස ගොඩ නැගීම අත්‍යාවශ්‍යය.

Loading