(මෙය Two episodes at sea: The submersible Titan and hundreds of refugees drowned in the Mediterranean මැයෙන් 2023 ජුනි 21දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)
නිව්ෆවුන්ලන්ඩ්හි සාන්ත ජෝන් දූපතට සැතපුම් 435ක් දකුනෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ දී ටයිටන් සබ්මැරීනය අතුරුදන් වීමේ නාටකය, ලොව පුරා මිලියන ගනන් දෙනාගේ අවධානය ඇද ගනිමින් පවතී. 1,500ක් පමන අනතුරට පත්කරමින්, 1912 අප්‍රේල් මාසයේ ගිලී ගිය තැන්පටන් මතුපිට සිට අඩි 12,500ක් (මීටර 3,800ක්) ගැඹුරේ රැඳී ඇති, ටයිටැනික් සාගර නෞකාවේ සුන්බුන් බැලීම සඳහා මගීන් පස් දෙනෙක් සබ්මැරීනයෙන් මුහුදු ගමනකට පිටත් වූහ.
ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස් (ටයිටැනික් සංචාර මෙහෙයවන සමාගම) ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්; ධනවත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් හා අතිවික්‍රමයන් කරන්නෙකු වන හැමිෂ් හාඩිං; පකිස්තාන සංගත අධ්‍යක්ෂ ශසාඩා ඩාවුඩ් හා ඔහුගේ පුත් සුලේමාන්; සහ ප්‍රන්ස කිමිදුම් විශේෂඥ පෝල්-හෙන්රි නාජියෝලට් යන පුද්ගලයන් පස්දෙනාගේ ඉරනම කුමක්දැයි මෙතෙක් නො දනී. සබ්මැරීනය ඉරිදා උදේ පිටත් වන විට, ඔවුන්ට පැය 96ක් සඳහා ඔක්සිජන් සැපයුමක් තිබුනු බව වාර්තා වේ.
කාලයට හා මූලිකාංගයන්ට එරෙහි තරඟයක් වන එවන් සිද්ධියක්, කෝටි ගනන් දෙනාගේ අවධානය හා උත්සුකය ආකර්ශනය කරගත යුතු බව අනිවාර්ය ය. ජීවිතයට තර්ජනය කෙරෙන කොන්දේසිවලට හසු වී සිටින අය වෙනුවෙන්, මහජනයා තුල ගැඹුරු හා සහජාසීය හැඟීමක් පවතින අතර, වර්තමාන සිද්ධියේ දී, ටයිටන්හි මගීන් ඔවුන් මුහුන දී සිටින ගොරතර තත්ත්වයෙන් මුදාගනු ලැබිය හැකි වෙතැයි අඛන්ඩ ව අපේක්ෂා කරනුයේ, සිදුවිය හැකි දෙයට එරෙහි ව ය.
මෙම පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය අපගේ ආකල්පයට බලපාන්නේ නැත. බිලියනපතියන් අතලොස්සකගේ මරනය, ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කරනු ඇතැයි යන අමනෝඥ සිතලුව මත ද්වේශයෙන් බලා සිටින කිසිවෙකුට සමාජවාදී ව්‍යාපාරය තුල ඉඩක් නැත. යථාර්ථයේ දී, සමාජ විප්ලවයේ ක්‍රියා දාමය, අනුරාගයේ සාමාන්‍යකෘත වර්ධනයක් සමග බැඳී පවතින අතර, ලියොන් ට්‍රොට්ස්කි වරක් නිරීක්ෂනය කල පරිදි “අතිශයින් සංවර්ධිත මානසිකත්වයක් සහිත” පුද්ගලයන් අවශ්‍ය කරයි.
එතෙකුදු වුවත්, විභවාත්මකව ඛේදවාචී මෙම සිද්ධිය පිලිබඳ යෝග්‍ය අනතුරු ඇඟවීම හා කුතුහලය, එය මගින් ඉස්මතු කරන සියලු බැරෑරුම් සමාජ ප්‍රශ්න එලි මහනට ගෙන එන්නේ නැත.
සියල්ලට පලමුව, එක්තරා වේදනාකාරී එහෙත් කැපී පෙනෙන ඓතිහාසික උත්ප්‍රාසයන් සිතට එයි. දැනට ඉතා සුලු පරිමානයෙන් කතාබහට ලක් වුවද, මුල් ආර්එම්එස් ටයිටැනික් නෞකාව ගිලීයාම සහ එහි වත්මන් ඡායාව වන ටයිටන් සබ්මැරීනය අතර සමානකම් පවතී. 1912 ව්‍යසනයට ගොදුරු වූවන් අතර ද, විනාශයට පත් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයා වූ හතරවන ජෝන් ජේකොබ් ඇස්ටර් සහ පෙන්සිල්වේනියාවේ දුම්රිය විධායක ජෝන් තේයර් ඇතුලු ප්‍රමුඛ පෙලේ ධනවත් පුද්ගලයෝ සිටිය හ.
විවිධාකාර විමර්ශන පෙන්වා දී තිබෙන පරිදි, 1912 ගිලී යාම හා යෝධ මරන ගනන, මුලුමනින් ම වලක්වාගත හැකි ව තිබුනි. ඒවා, සංගත ලාභ පිපාසයේ, දුස්සංහිත සැලසුම්වල හා සරල මුග්ධත්වයේ ඒකාබද්ධ නිෂ්පාදිතය විය. “ඉහල තට්ටුව අරක්ගත් සාඩම්බරය හා ආටෝපය, කෑදරකම හා සුඛෝපභෝගය නො වන්නට, ටයිටැනික් නෞකාව කිසිදාක මුහුදු පතුලට නො යනු ඇත” යි ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නායක ඉයුජින් වී. ඩෙබ්ස් ඒ සමයේ ජනාධිපතිවරන උද්ඝෝෂනයක දී පෙන්වා දුන් අතර, එහි දී ඔහු ආසන්න වසයෙන් ඡන්ද මිලියනයක් ලබාගත්තේ ය.
ඒ හා සමාන ව, ඕෂන්ගේට්හි ක්‍රියාකාරකම් අවධානය ලැබීමට සුදුසු බව පෙනේ. 2018 දී, සමාගමේ නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ ඩේවිඩ් ලොක්රිජ්, මාධ්‍ය තුල “රුදුරු තත්ත්ව පාලන වාර්තාවක්” ලෙස විස්තර කරන ලද දෙය, ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් ඇතුලු ජ්‍යෙෂ්ඨ කලමනාකාරීත්වයට ඉදිරිපත් කල අතර, ඒ හේතුවෙන් ඔහු සේවයෙන් පහකරනු ලැබී ය. “ගමන් කරන්නන්ට ආරක්ෂක අන්තරායන් ගෙන ආ හැකි අයිතමයන්ට යෝග්‍ය පරිදි ආමන්ත්‍රනය” කිරීමට කාලය එලැඹ ඇති බවත්, “බොහෝ ප්‍රශ්න...බැරෑරුම් ආරක්ෂක උත්සුකයන් ඉදිරියට දමන” බවත් අවධාරනය කරමින්, ලොක්රිජ් ඔහුගේ වාර්තාවට පෙරවදන ලිවී ය.
එලෙස ම, මුදාගැනීමේ ප්‍රයත්නයන් සම්බන්ධ බියකරු කරුනු තිබේ. සුප්‍රකට ලෙස, ටයිටැනික් නෞකාව, එහි සිටි පුද්ගලයන් 2,200න් අඩකට මඳක් වැඩි 1,178 දෙනෙකුට ගමන් කල හැකි පරිදි සැලසුම් කරන ලද ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමනක් රැගෙන ගිය අතර, ඒවායින් බොහොමයක් මුහුදට දමන ලද්දේ නැවෙන් අඩක් ජලයෙන් පිරීගිය පසුව පමනි.
ටයිටන් සබ්මැරීනය සොයාගනු ලැබුව ද, වත්මනේදී අවම වසයෙන් “මුදාගැනීමේ හැකියාවන්” ආන්ඩුව අතේ නැතැයි යන කරුන විසින්, ජීවිත බේරාගැනීමේ ප්‍රයත්නයන්ට බාධා කරනු ඇත. “ආන්තික සංචාරක අතිවික්‍රමයන් සඳහා ගෝලීය වෙලඳපොල ඉස්මතු වී තිබෙන” නිසා, සබ්මැරීන මුදාගැනීම දැන් “බොහෝ සෙයින් පුද්ගලීකරනය වූ අංශයක්” බවට පත් ව තිබෙන බවත්, “වතුර යට සිරවී, අතුරුදන් වන නාවිකයන් මුදා ගැනීම සඳහා බොහෝ ආන්ඩු සතුව කිසිවක් නොමැති” බවත්, ෆෝබ්ස් සඟරාව විශ්මයජනක ලෙස පෙන්වා දුන්නේ ය. ඇමරිකාවේ මුදාගැනීමේ හැකියාවන්ගේ ඛාදනය “කැපී පෙනෙන සුලුය. සබ්මැරීන මුදාගැනීමේ නෞකා නවයක් තිබෙන බවත්, මුහුද යට මුදාගැනීමේ කටයුතු සඳහා වෙන් කෙරුනු ටග් බෝට්ටු දෙකක් තිබෙන බවත්, 1960 දී, එක්සත් ජනපද නාවික හමුදාව උදම් ඇනී ය. අද වන විට, මුහුද යට මුදාගැනීමේ කටයුතුවලට වෙන් කරන ලද එක බෝට්ටුවක් වත් එම සේවාව සතුව නැත.”
යලි වතාවක්, ඇමරිකාවේ යෝධ මිලිටරි, ආරක්ෂක හා “ත්‍රස්ත-විරෝධී” යාන්ත්‍රනය සනාථ කරන්නේ, ජීවිත අවසන් කිරීමට හැකි වුවත්, ඒවා රැකගැනීමට තමන් සමත් නො වන බව යි.
වර්තමාන ඛේදවාචකය “ආන්තික සංචාරක කර්මාන්තයට” ධනාත්මක ආලෝකයක් හෙලන්නේ නැත. පුද්ගලයින් පස් දෙනා පන පිටින් හා යහපත් ව දැකීමට තිබෙන මනාපය, ඔවුන්ගේ ඉව බව නැති “අතිවික්‍රමයන්” අනුමත කිරීමක් අර්ථවත් කරන්නේ නැත. බොහෝ විට, තමන්ගේ අතේ ඕනෑවට වඩා මුදල් හා කාලය තිබෙන සහ තම හිස් තුල කුඩා මොලයක් සහිත කැත පුද්ගලයෝ, මාන්නක්කාරයෙන් හා උද්ධච්ඡ කමින් යුතු ව තමන්ගේම හා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ හෙලති. බෙසෝස්, බ්‍රැන්සන්, මස්ක් සහ ඔවුන්ගේ පන්තිය වනාහි, කිසිවෙකුට කිසිදු සමාජීය වටිනාකමක් නැති පරපුට්ටන් ය.
පන්තිය පිලිබඳ ප්‍රශ්නය, මෙම ව්‍යසනයන් දෙකේ දී ම පිහි තලයක් මෙන් නිතැතින්ම පැමිනේ. ටයිටැනික් නෞකාවේ තුන්වැනි (අඩුවෙන් ම ගාස්තු ගෙවන) පන්තියේ මගීන් 709න් 537ක් මිය ගියේ යයි තක්සේරු කෙරුනි. තුන්වැනි පන්තියේ පිරිමි මගීන්ගෙන් සියයට 80ක් මරු මුවට පත් අතර, පලමු පන්තියේ කාන්තාවන්ගෙන් එම ඉරනමට මුහුන දුන්නේ සියයට 3ක් පමනි. ඉතා හොඳින් ලේඛනගත කෙරී ඇති පරිදි, ටයිටැනික් නෞකාවේ තුන්වැනි පන්තියේ මගීන්, ගරාදි ගේට්ටු විසින් ඔවුන්ගේ ප්‍රදේශය තුලට කොටු කර තිබුනු අතර, එම ගරාදි ගේට්ටුවලින් සමහරක් නැවට වතුර පිරෙද්දී කිසි විටක විවර කරනු නො ලැබී ය.
වසර එකසිය එකොලහකට පසුව, පන්ති බෙදීම් වඩා ඉහල හා වඩා අහිතකර අවදියකට ලඟා වී ඇත. සත්‍ය වසයෙන් ම, එකිනෙකට වෙනස් යාත්‍රා දෙකක් ආශ්‍රිත කතාන්දරයක් ලෙස එය ප්‍රකාශයට පත්ව ඇත: එක් අතකින් ටයිටන් සහ අනෙක් අතින් මංමුලා සහගත සරනාගතයන් සිය ගනනක් මරා දමමින් ජුනි 13දා මධ්‍යධරනී මුහුදේ ගිලී ගිය ධීවර බෝට්ටුවක්.
අවම වසයෙන් 79 දෙනෙකු මරු මුවට පත්කරමින් හා තවත් බොහෝ දෙනා අතුරුදන් කරමින්, දකුනු ග්‍රීසියේ දී පෙරලී ගොස් ගිලී විනාශ වුනු ධීවර බෝට්ටුවක තට්ටුව මත සෑම නිදහස් තැනක් ම ආවරනය කරගෙන සිටින පුද්ගලයින් දුසිම් කිහිපයක් පෙන්නුම් කරන, 2023 ජුනි 14 බදාදා ග්‍රීසියේ වෙරලාරක්ෂක හමුදාව විසින් සම්පාදනය කරන ලද අත් පත්‍රිකා ඡායාරූපයක් (ඡායාරූපය/ඒපී හරහා හෙලනික් කෝස්ට් ගාඩ්)
ටිකට් පතකට ඩොලර් 250,000ක් ගෙවමින් අතිවික්‍රම සංචාරයක යෙදෙන ධනවත් පුද්ගලයන් කන්ඩායමක් රැගත් ජලයේ ගිලී ගමන් කල හැකි යාත්‍රාවක් අසල කොහේ හෝ එම අවාසනාවන්ත සරනාගත පුද්ගලයන් සිටීම ගැන සිතා ගැනීමට වඩා, සරනාගතයින් රැගත් නෞකාවේම උඩ තට්ටුවේ රෂ් හා අනෙකුත් ධනවත් පුද්ගලයින් සිටීම ගැන සිතීම තව දුරටත් කල හැක්කක් නො වේ. මේවා දැන් අයත් වන්නේ මුලුමනින් එකිනෙකින් වෙන්වුනු, හතුරු, දුරස්ථ හා අපාරගම්‍ය බල ප්‍රදේශයන්ට ය.
උතුරු අත්ලාන්තික සාගරයේ සිද්ධියට ලබා දෙන නො නවතින මාධ්‍ය ආවරනය, ග්‍රීක වෙරලේ පසුගිය සතියේ සිදුවුනු ගොරතර ඛේදවාචකයට දෙන අවධානයෙන් යෝධ පරිමානව වෙනස් ය. එහි දී පකිස්තාන, ඊජිප්තු, සිරියානු, ඇෆ්ගන් හා පලස්තීන ජාතිකයෝ සැමරීමට බඳුන් වීමකින් තොර ව නිර්නාමික ව මිය ගිය හ. ඔවුන්ගෙන් සමහරෙකු කිසිදා හෝ හඳුනාගනු ලැබෙනු ඇතැයි යන්න විය නො හැක්කකි.
ධනවත් පකිස්තානුවන් දෙදෙනෙකු ටයිටන්හි මගීන් වෙද්දී, දුගී පකිස්තාන මිනිසුන්, ගැහැනුන් හා ලමුන් සිය ගනනක් ඔවුන්ගේ රට තුල කෝපයට හා විරෝධතාවන්ට තුඩු දෙමින් මධ්‍යධරනී මුහුදේ ගිලී යාම තුල තවත් රුදුරු උත්ප්‍රාසයක් රැඳී තිබේ.
ග්‍රීසිය කේන්ද්‍ර වූ විවිධාකාර යුරෝපීය ආන්ඩු වලින් මුදාගැනීමේ මෙහෙයුම්වලට පහසුකම් සැපයීම කෙසේ වෙතත්, එම ආන්ඩු මෙම මහා පරිමාන ගිලී යාමට තුඩු දුන් කොන්දේසි සඳහා ඍජු වගකීම දරති. බොරු කියූ නිලධාරීහු, ඔවුන්ගේ භූමිකාව වසන් කරමින් මියගිය අයට සහ තුවාල ලැබූවන්ට මඩ ගැසූ හ. දිවි ගැලවුනු සරනාගතයන් අපිරිසිදු ගබඩාවකට විසි කර දමනු ලැබී ය. මාධ්‍යවේදීන්ට කල හැක්කේ අවදිව සිට තොරතුරු ගෙනඒම පමනකි. සුපුරුදු පරිදි, මෙම මිනිසුන්ට මහා-පරිමානයේ මරන වනාහි ව්‍යාපාරයකි. වාර්තාකරනයෙහි පැහැදිලි ගම්‍යය වන්නේ, වේදනා විඳින සරනාගතයන් විසින් ම තම ඉරනම අත්කරගෙන තිබුනු බව යි. “පවුරු වලින් වටකරන ලද ඇමරිකාවේ” මෙන් ම “යුරෝපීය බලකොටුවේ” යථාර්ථය වන්නේ, කිව නො හැකි තරමේ අමානුෂිකත්වයකි.
ග්‍රීසිය අසල ධීවර යාත්‍රාවක සරනාගතයන් සිය ගනනක් අනතුරේ සිටින බව පැහැදිලි වූ විට, ඔවුන් බේරාගැනීම අවශ්‍ය කරන ඕනෑ ම ආන්ඩුවකට හෝ නාවික හමුදාවකට, මුහුදු පතුලේ රැඳී තිබෙන නෞකාවක් බේරාගැනීමට වඩා එය බොහෝ පහසු වන්නට තිබුනි. මෙයට පැටලී සිටින යුරෝපීය ආන්ඩුවල මිනීමරු වාර්තාව සලකන විට, අනෙකුත් සරනාගතයන් බියවැද්දීමේ අරමුනින්, මෙම මරනවලට හිතා මතා ම ඉඩ දුන්නේදැයි ප්‍රශ්නය මතු කිරීම යුක්තියුක්ත ය.
ඇත්ත වසයෙන් ම, සිදු විය යුතු ව තිබුනු පරිදි, පලායන මහජනයාට ආත්මගරුත්වයෙන් යුතුව හා බාධා කිරීමකින් තොර ව එක් මහාද්වීපයක හෝ රටක සිට අනෙකට ගමන් කිරීමට ඉඩ දෙන ලද්දේ නම්, සමස්ත ඛේදවාචකය ම වලක්වාගත හැකි ව තිබුනි. මුහුදේ සිදු වන ඔවුන්ගේ මරන අධීක්ෂනය කරන පාලන තන්ත්‍රයන් ම වන, බටහිර බලයන් විසින් කරගෙන යනු ලබන අධිරාජ්‍යවාදී යුද්ධ හා අනෙකුත් මෙහෙයුම් මගින්, මෙම මහා පරිමාන පලායාම වේගවත් කරනු ලැබ ඇත.
සමාජ අසමානතාව, නව-විජිතවාදී යුද්ධය, ඒකාධිපතිවාදයේ නැගීම සහ සංක්‍රමන-විරෝධී උන්මාදය, නිල දේශපාලනයේ හා මාධ්‍යවල පරිහානිය සමගින්, මෙම විපරීත සිද්ධීන් දෙකෙහි “දුක්ඛ දායක වටපිටාව තුල...අර්ථවත් වන ලෝකයක්” (ඩෙබ්ස්) තිබේ. එහෙත් අත්වැරදීමකට ඉඩක් නො තබා, අකර්මන්‍ය හා සාපරාධී සමාජ පර්යායට මුහුන දෙන මහජනයාගේ පොදු චලනය පවතින්නේ වමට, එනම් සමාජ විප්ලවය දෙසට ය.