ඉදිරිදර්ශන

විශ්ව විද්‍යාලවල ගාසා ජනසංහාරයට විරුද්ධ වන්නන් නිහඬ කිරීමේ උද්ඝෝෂනයට විරුද්ධ වනු!

[මෙය Oppose the campaign to silence opponents of the Gaza genocide on campuses! මැයෙන් 2024 අප්‍රේල් 17දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

දැනට එක්සත් ජනපදය පුරා ගාසා ජනසංහාරයට එරෙහි ශිෂ්‍යයන් හා පීඨ මතට එල්ල කරන ප්‍රහාර, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි) විසින් හෙලා දකී. සේවය අවසන් කර, නෙරපා හෝ අත්හිටුවන සියලු පීඨ, ශිෂ්‍යයන් හා සංවිධාන වහා ම යලි ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම ඉල්ලීම සඳහා සටන් කරනු වස්, තරුනයන් අතර හා කම්කරු පන්තිය තුල හැකිතාක් පලල් සහයෝගය බලමුලුගැන්විය යුතු ය.

2024 අප්‍රේල් 17 බදාදා, වොෂින්ටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ලේ දී, “කොලොම්බියා විශ්ව විද්‍යාලය අර්බුදයේ: යුදෙව්-විරෝධයට කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රතිචාරය” පිලිබඳ ව, අධ්‍යාපනය හා ශ්‍රම බලකාය ගැන කොංග්‍රස් කමිටු විමර්ශනය ඉදිරියේ සාක්ෂි දෙන, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සභාපති නේමැට් ශාෆික්. (ඒපී ඡායාරූප/මාරියම් සුහයිබ්) [AP Photo/Mariam Zuhaib]

පසුගිය මාසය පුරා, ටෙනිසිහි වැන්ඩර්බිලට් විශ්ව විද්‍යාලය සහ නිව් යෝක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇතුලු එක්සත් ජනපදය පුරා විශ්ව විද්‍යාල වල, පලස්තීනයට හිතවත් විරෝධතාවන්ට සහභාගි වීම නිසා, ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන, නෙරපා දමා හා ශිෂ්‍ය භාවය අත්හිටුවා තිබේ. කොලොම්බියා විශ්ව විද්‍යාලය සහ නිව් යෝක් නගරයේ ජෝන් ජේ පාඨශාලාව ඇතුලු පීඨයන් වසා දැමීමට හෝ නිවාඩු යැවීමට පියවර ගෙන ඇත. ජනසංහාරයට විරුද්ධ වන ශිෂ්‍යයන් “ආයතනයෙන් නෙරපා දැමීම ඇතුලු සුදුසු දඬුවම්වලට ලක්කිරීමේ පද්ධතියක්” රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය විසින් ස්ථාපිත කල යුතු බවට, ටෙක්සාස් ආන්ඩුකාර ග්‍රේග් ඇබොට් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.

දකුනු කැලි‌ෆෝනියා විශ්ව විද්‍යාලයට ආශීර්වාද කරන්නියක වන ඇස්නා ටැබාසුම් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුම මත ජනසංහාරයට විරුද්ධත්වය පලකිරීමෙන් අනතුරු ව, විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ඇයගේ සමාරම්භක කතාව කිරීමෙන් අප්‍රේල් 16දා වලක්වනු ලැබුවා ය.

ජනසංහාරයට විරුද්ධ වන්නන් ව, වාරනය කරන, බිය ගන්වන හා නිහඬ කරන මෙම උද්ඝෝෂනය දැන් උත්සන්න කිරීමට නියමිත ය. විශ්ව විද්‍යාල මත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයේ නායකත්වය ගෙන ඇති කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිපාලනය මත, පලස්තීනයට සහය පල කරන පීඨ හා ශිෂ්‍යයන් මුලුමනින් විරේක කරනු වස් පීඩනය යෙදීමට, අප්‍රේල් 17දා පැවති කොංග්‍රස් විමර්ශනය, මූලික වසයෙන් කැප කරන ලද්දේ ය.

යුදෙව්-විරෝධී හා ධවල අධිපතිවාදී “මහා විතැන් කිරීමේ න්‍යායයට” (යුදෙව්වන් සහ වාමාංශික කන්ඩායම් යුරෝපයේ සහ ඇමරිකාවේ සුදු ජනතාව, දකුනු ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ සිටින “ගුනාත්මකභාවයෙන් අඩු” කන්ඩායම් වලින් විස්ථාපනය කිරීමට කටයුතු කරන බව කියන සංක්‍රමන විරෝධී සග යුදෙව් විරෝධී කුමන්ත්‍රන න්‍යායක්), ආසක්ත වී සිටින්නියක වන එලිස් ස්ටෙෆානික්ට සහ ජනවාරි 6 ෆැසිස්ට් කුමන්ත්‍රන ප්‍රයත්නය විවෘත ව ආරක්ෂා කරන්නෙකු හා යුදෙව්-විරෝධී මාජරී ටේලර් ග්‍රීන්ගේ සගයෙකු වන ජිම් බෑන්ක්ස්ට, ඉහල පෙලේ විශ්ව විද්‍යාල ඉලක්ක කරමින් මීට පෙර පැවැත්වූ කොංග්‍රස් විමර්ශනයන්වල දී මෙන් ම, චෝදනා ගොනු කිරීමට නායකත්වය දීම සඳහා අවසර දෙන ලදී. බොහෝ කථිකයෝ සියොන්වාදයට දක්වන විරුද්ධත්වය, යුදෙව්-විරෝධය හා සමාන බවට වන පචය යලි පුනරුච්ඡාරනය කරමින් ඔවුන්ගේ එකතු කිරීම් සිදු කලහ. ෆැසිස්ට්වාදයට, අධිරාජ්‍යවාදයට හා ධනවාදයට දක්වන ඕනෑ ම විරුද්ධත්වයක් සාපරාධීකරනය කිරීම සඳහා, ප්‍රධාන දෘෂ්ටිවාදාත්මක පදනම ලෙස දැන් සේවය කරන්නේ මෙම පචය යි.

අරාබි දේශපාලනය පිලිබඳ දිගු කාලයක සේවයක් සහිත කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ජෝසෆ් මැසාඩ් ව, විශ්ව විද්‍යාලය විසින් “විනයගත කල යුතු” යයි, න්‍යෂ්ටික ආයුධ යොදාගෙන ගාසා තීරනය සමූලෝත්පාඨනය කරන ලෙස ඊස්රායලයට කැඳවුම් කර ඇති කොංග්‍රස් සභික ටිම් වෝල්බර්ග් අවධාරනය කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) සහ එංගලන්ත බැංකුවේ හිටපු නායක නිලධාරියෙකු වන කොලොම්බියා විශ්ව විද්‍යාල සභාපති නේමැට් ශාෆික් එයට ප්‍රතිචාර දක්වමින්, මැසාඩ් “විමර්ශනයට බඳුන් කරමින්” පවතින බව -මෙය මෙම කෙංග්‍රස් විමර්ශනය තෙක් මහාචාර්යවරයාට කිසිදාක දන්වා නැත- ප්‍රකාශ කලේ ය. ආරාධිත මහාචාර්යවරයෙක් ලෙස මොහොමඩ් අබ්දොවු වැඩ කිරීමෙන් නෙරපා හැරීම පිලිබඳ ව ප්‍රශ්න කල විට, ශාෆික් බියමුසු ලෙස කීවේ “ඔහු යලි කිසිදිනක කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වැඩ නො කරනු ඇති” බව යි.

ස්ටෙෆානික් හා අනෙකුත් කොංග්‍රස් නියෝජිතයෝ තවත් පීඨ සාමාජිකයන් කිහිප දෙනෙකු නම් කරමින්, ඔවුන්ගේ සේවය අවසන් කරන ලෙසත්, කොලොම්බියා විශ්ව විද්‍යාලය එහි බඳවා ගැනීමේ පටිපාටීන් සංශෝධනය කල යුතු බවත් කැඳවුම් කල හ. ජනසංහාරය “පාතාල සිරිතක්” ලෙස හඳුන්වමින් එයට විරුද්ධත්වය පල කල පීඨ සාමාජිකයෙකු ගැන, එක් කොංග්‍රස් සභිකයෙක් විස්තර කලේ ය. දකුනු කැරොලිනාවේ රිපබ්ලිකානු කොංග්‍රස් සභික ජෝ විල්සන් කැඳවුම් කලේ, ධනවාදය “ආර්ථික පීඩනයේ පද්ධතියක්” යන අදහස දරන පීඨ හා ශිෂ්‍යයන් ව වාරනය කරන ලෙස යි.

හිටපු ගෝල්ඩ්මන් සැක්ස් විධායකයෙකු, සීඑන්එන්, ඒබීසී හා එන්බීසී නායක ජනමාධ්‍යවේදියෙකු සහ දක්ෂිනාංශික ෆෙඩරල්වාදී නීතිඥ සමාජයේ සාමාජිකයෙකු ඇතුලත්වූ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිපාලන නියෝජිතයෝ, පසුපසට නැමෙමින් කොංග්‍රසයට ඔප්පු කිරීමට උත්සාහ කලේ, නිදහස් ප්‍රකාශනය මත එල්ල කරන ප්‍රහාරයේ දී තමන් වටිනා සගයන් බව යි..

තම විශ්ව විද්‍යාලය “එන්වයිපීඩී (නිව් යෝක් පොලිස් දෙපාර්තමේන්තුව) හා එෆ්බීඅයි සමග නිරන්තර සන්නිවේදනයේ” යෙදෙන බවත්, විසම්මුතික ශිෂ්‍යයන්ට හා පීඨවලට එරෙහි ව වැඩි දුර “විනය ක්‍රියා මාර්ග” ගනු ඇති බවත්, ශාෆික් ප්‍රකාශ කලේ ය.

දැනට මත්, පලස්තීනය තුල සාධාරනය සඳහා ශිෂ්‍යයෝ සහ සාමය සඳහා යුදෙව් හඬ අත්හිටුවා ඇති විශ්ව විද්‍යාලය, එහි විරෝධතා මුලුමනින් ම තහනම් කර ඇත. විමර්ශනය පැවැත්වෙද්දී, ශිෂ්‍යයන් ජනසංහාරය අවසන් කරන ලෙස විධානය කරන විරෝධතා කඳවුරක් ආරම්භ කර තිබුනු කොලොම්බියා විශ්ව විද්‍යාල දොරටුව අවහිර කිරීමට එන්වයිපීඩී පියවර ගෙන තිබුනි.

2024 අප්‍රේල් 17දා එන්වයිපීඩී කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමට බාධක යොදා රැකවලේ යෙදෙයි.

විමර්ශනය පැහැදිලි කල පරිදි, එක්සත් ජනපද පාලක පන්තියෙහි අරමුන වන්නේ, යුද යාන්ත්‍රනයට උසස් අධ්‍යාපනය මුලුමනින් යටත් කරනු වස්, විශ්ව විද්‍යාලවල පීඨ හා ශිෂ්‍ය සංගම් විරේක කිරීමට නො අඩු දෙයකි. එක්සත් ජනපද විදෙස් පිලිවෙතට විරෝධය පල කිරීමට නිර්භීත වන සෑම අයෙකු ම, නෙරපා දමා, අසාධු ලේඛනගත කොට, සියොන්වාදීන්ගේ හා අන්ත-දක්ෂිනාංශික කන්ඩාවම්වල ප්‍රහාරයන්ගේ ප්‍රසිද්ධ ඉලක්ක බවට හැරවීමට නියමිත ය.

එවන් ප්‍රහාර දැනට මත් සිදු කරමින් පවතී. විශ්ව විද්‍යාලයේ හිටපු ඊස්රායල ආරක්ෂක හමුදාවන් විසින් රසායනික ආයුධ යොදාගෙන පහර දීමෙන් පසු, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතා කරුවන් රෝහල්ගත කිරීමට සිදු විය. ගෙවී ගිය සති දෙක තුල පමනක්, ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාල මන්ඩපයේ දී, මුස්ලිම් තරුනයන් දෙදෙනෙකුට පහර දුන් අතර, බර්ක්ලීහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සාමාජිකයෙක් විරෝධතා දැක්වූ මුස්ලිම් ශිෂ්‍යයෙකුට කායික ව ප්‍රහාර එල්ල කලේ ය.

විරෝධතා කරුවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය විවෘත ව ඇවිලවීමක් කරමින්, ටොම් කොට්න් නමැති අන්ත-දක්ෂිනාංශික රිපබ්ලිකානුවා අප්‍රේල් 16දා, “ර‍ථවාහනවලට බාධා කරන හමාස්-ගැති මැරයන් පිටුපසින් උගුලට හසු වී සිටින පුද්ගලයින්ට දේවල් ඔබේ ම අතට ගන්නා” ලෙසත්, “මෙම පිස්සුව අවසන් කිරීමට කාලය පැමින ඇති” බවත් කියමින් දිරිමත් කලේය.

ඩිමොක්‍රටික් පක්ෂය මෙම උද්ඝෝෂනයට මුලුමනින් සම්බන්ධවී සිටී. රටින් පිටත දීත් රට තුලත් යුද්ධය දියත් කරනු වස්, අන්ත-දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් සමග එක්සත් පෙරමුනක් බිහි කිරීමට ඔවුන් සමග සමීප සබඳතා ගොඩනගා ගැනීම බයිඩන් පරිපාලනයෙහි පිලිවෙත වී ඇත. විශ්ව විද්‍යාලවල නිදහස් ප්‍රකාශනය අහෝසි කිරීම සඳහා රිපබ්ලිකානුවන් සමග සමීප ව වැඩ කරන ඩිමොක්‍රටික් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට මෙන් ම, යුද්ධයට හා ගාසා ජනසංහාරයට කම්කරු පන්තියෙන් පැමිනෙන ඕනෑ ම ස්වාධීන ප්‍රකාශනයක ගෙල සිර කිරීමට වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තබා සිටී.

මේ දෙක ම එක ම මූලෝපායක කොටස් ය: පාලක පන්ති දෘෂ්ටි ආස්ථානයෙන්, රට තුල පන්ති අරගලය හා දේශපාලනික විරුද්ධත්වය මර්දනය කිරීම, රටින් පිටත යුද්ධය දියත් කිරීම සඳහා පවතින වඩාත් ම වැදගත් පූර්ව කොන්දේසිය වේ.

ව්මෙම මූලෝපායේ දී, බයිඩන් පරිපාලනයට “වාම” ඩිමොක්‍රටිකයන්ගේ තීරනාත්මක සහයෝගය ලැබේ. “ජනසංහාරක ජෝ” ගේ යලි තේරී පත්වීමේ උද්ඝෝෂනයෙහි ප්‍රධාන අරමුදල් උපයන්නිය ලෙස ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ-කෝටෙස් ඉස්මතු වී ඇති අතර, පීඨ හා ශිෂ්‍යයන් විරේක කිරීම පිලිබඳ ව ඇය මුලුමනින් මුනිවත රකී. ඒ හා සමාන ව, ඇමරිකානු ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගේ ප්‍රධාන සඟරාව වන ජැකොබින් සඟරාව, විශ්ව විද්‍යාලවල දඩයම පිලිබඳ ව මාස ගනනක් පුරා නිශ්ශබ්දතාව පවත්වාගෙන ගියේ, හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ක්ලෝඩින් ගේ නෙරපා හැරීමට තුඩු දුන් අන්ත-දක්ෂිනාංශික උද්ඝෝෂනය යුක්තියුක්ත කිරීමට පෙර ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත මෙම ප්‍රහාරය ජාත්‍යන්තර පරිමාන එකකි. අප්‍රේල් 12දා, ජර්මනියේ බර්ලින් පොලීසිය පලස්තීන සම්මේලනයකට කඩා පැන්නේ ය. ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස් ඇතුලු ප්‍රමුඛ පෙලේ ශාස්ත්‍රාලිකයන් හා දේශපාලනඥයන් ජර්මනියට ඇතුල් වීමෙන් හා අන්තර්ජාලය හරහා ජර්මානු ප්‍රේක්ෂකයන්ට කතා කිරීමෙන් පවා වලක්වන ලදී. ලෝක යුද්ධ දෙකකින් හා හොලෝකෝස්ටයෙන් අනතුරු ව එක්සත් ජනපදය, ප්‍රන්සය හා බ්‍රිතාන්‍යය මෙන් ම ජර්මානු අධිරාජ්‍යවාදය ද දැන් ඊස්රායලයේ ගාසා ජනසංහාරයට තීරනාත්මක අරමුදල් හා ආයුධ සපයමින් සිටී.

පාලක පන්තියේ සියලු කොටස් නිදහස් ප්‍රකාශනය මත ජාත්‍යන්තර ව තීව්‍ර කරන ප්‍රහාරයට යටින් දිවෙන්නේ, ඉස්මතු වන ලෝක යුද්ධයක් පලල් කිරීම හා තීව්‍ර කිරීම යි. පසුගිය සතිය පුරා, එක්සත් ජනපදය හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලයන්, මැද පෙරදිග තුල ඉරානය සමග වන ඍජු ගැටුමකට අන් කවරදාටත් වඩා සමීප වී ඇත. යුක්‍රේන හමුදාවේ නැටෝ කුලීකාර හමුදා රුසියාවට එරෙහි යුද්ධයේ දී විනාශකාරී තත්ත්වයකට මුහුන දෙන තතු තුල, යුරෝපයේ දී නැටෝව සාකච්ඡා කරමින් සිටින්නේ, යුක්‍රේනයට යුද භටයන් යැවීම ගැන යි. යුද්ධයෙහි රඟහල් දෙක මූලික වසයෙන් එකිනෙකට සම්බන්ධිත ය: එනම්, එම යුද්ධ දෙක ම, රුසියාව හා ඉරානය පමනක් නො ව, චීනය ද ඉලක්ක කරමින් ලෝකය අධිරාජ්‍යවාදී යලි බෙදාගැනීමක කොටස් ය.

ගාසා ජනසංහාරයට එරෙහි ඕනෑ ම විරෝධයක ගෙල සිර කිරීමේ මංමුලා සහගත උද්ඝෝෂනය සමගින් පාලක පන්තිය උත්සාහ කරමින් සිටින්නේ, යුද්ධයට හා ධනවාදයට එරෙහි සදා පලල් වන හා වඩා බලගතු මහජන ව්‍යාපාරයක ඉස්මතු වීම පූර්වභංග කරමින්, එය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා සූදානම් වීම යි. ගාසා ජනසංහාරයට එරෙහි විරෝධතා වනාහි, එවන් ව්‍යාපාරයක පෙර ඇඟවුම පමනක් බව එය හොඳින් ම දනී. 1950 ගනන් මුල මැකාතිවාදී දඩයම සමයේ, ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස් පී. කැනන් “නිදහස් චින්තනයට හා විසම්මුතික අදහස්වලට එරෙහි නෛතික මර්දනයට වඩා බොහෝ දුර යන මනෝවිද්‍යාත්මක යුද්ධයක්” ලෙස විස්තර කල දෙය, පාලක පන්තිය විසින් දියත් කරමින් සිටින්නේ මේ නිසා ය.

එහෙත් සෑම දෙයක් ම පෙන්නුම් කරන්නේ, පාලක පන්තිය මෙම “මනෝවිද්‍යාත්මක යුද්ධයෙන්” දැනට මත් පරාජය වෙමින් සිටින බව යි. රාජ්‍යය විසින් එල්ල කරන පෙරමුනු ප්‍රහාරයකට මුහුන දෙමින් සිටින විරෝධතාකරුවෝ, එම ප්‍රහාරය ඉදිරියේ නිහඬ ව සිටීම ප්‍රතික්ෂේප කර ඇතැයි යන කරුන ම, රැඩිකලීකරනයේ වඩා පලල් ක්‍රියාදාමයක ලක්ෂනය වෙයි: ධනපති ක්‍රමය ද විශේෂයෙන් එහි ප්‍රධාන බලකොටුව දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ද මිලියන ගනන් දෙනාගේ ඇස් ඉදිරිපිට, එහි සියලු ‌ෙඑතිහාසික, දේශපාලනික හා සදාචාරාත්මක යුක්තියුක්ත භාවය අහිමි කරගෙන ඇත.

නමුත්, ඔවුන් කොතරම් කැප වී හා නිර්භීත ව සිටිය ද තරුන ජනයාට පමනක් ජනසංහාරය නැවැත්වීම, අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් කිරීම හෝ ධනපති ක්‍රමය පෙරලා දැමීම කල නො හැක. සත්‍ය වසයෙන් ම, පසුගිය අඩ වසරේ විරෝධතාවල අත්දැකීම පෙන්වා දෙන්නේ, නව දේශපාලනික හා සමාජීය දිශානතියක හදිසි අවශ්‍යතාව යි.

නව ස්ටැලින්වාදී සමාජවාදය හා විමුක්තිය සඳහා පක්ෂය (පීඑස්එල්) වැනි මධ්‍යම-පන්තික ජාතිකවාදී බලවේග සහ වෘත්තීය අවස්ථාවාදියෙකු හා තත්කාර්යවාදියෙකු වන කෝනල් වෙස්ට් ගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය දෙසට දිශාගත වන, සමාජවාදී විකල්පය වැනි ප්‍රවනතාවන් විසින් මේ දක්වා විරෝධතාවන් මත ආධිපත්‍යය දරා ඇත.

බයිඩන් පරිපාලනය හා ඩිමොක්‍රටික් පක්ෂයට පහලින් යොදන පීඩනය හරහා, “මාවත වෙනස් කරන” ලෙසට පාලක පන්තියට බලකල හැකිය යන මිථ්‍යාව ඉදිරියට දැමීමට මෙම ප්‍රවනතා උත්සාහ කරති. මෙම ඉදිරි දර්ශනය ආවෘත අන්තයකි. වියට්නාම් යුද්ධයේ දී වේවා ඉරාක යුද්ධයේ දී වේවා, අතීත යුද-විරෝධී ව්‍යාපාරවල කටුක පාඩම වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයට යටත් කරන හා මධ්‍යම-පන්තික විරෝධතා දේශපාලනයේ රාමුවට සීමා වන ඕනෑ ම ව්‍යාපාරයක්, අවසානයේ බිඳ වැටෙන අතර, ධනේශ්වර විසින් එහි උපාමාරුවලට යොදා ගන්නා බව යි.

එහෙත් 20වැනි ශතවර්ෂය තවත් පාඩමක් ද දරා සිටී: පලමුවැනි ලෝක යුද්ධයෙහි අවසානය ආරම්භ කල 1917 ඔක්තෝබර් විප්ලවය හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙහි සමස්ත ඉතිහාසය ප්‍රදර්ශනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටනට හා යුද්ධයට එරෙහි අරගලයට සාර්ථක විය හැක්කේ, ඒවා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් මත මුල් බසින්නේ නම් පමනක් බව යි. විප්ලවීය මාක්ස්වාදයේ ක්‍රියාමාර්ගයට හා න්‍යායට ද සමාජයේ සිටින ප්‍රධාන විප්ලවවාදී බලවේගය ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලුගැන්වීමට ද පවතින පැහැදිලි දිශානතියක් සහිත ව, නව සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු යයි සසජාතශි අවධාරනය කරන්නේ මේ නිසා ය.

Loading