[මෙය Sri Lankan presidential elections amid deep political crisis යන මැයෙන් 2024 සැප්තැම්බර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
අද (21) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය පැවැත්වෙන්නේ, රටේ සංස්ථාපිතයේ පක්ෂවල පෙර නොවූ විරූ බිඳ වැටීමක් සහ ගැඹුරු වන සමාජ හා ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින කප්පාදු පියවරයන් සඳහා කැපවී සිටින සංස්ථාපිතයේ පක්ෂ, නරක අතට හැරෙන දරිද්‍රතාව සහ සමාජ තත්වයන් පිලිබඳව වැඩෙන මහජන කෝපයට හා කලකිරීමකට මුහුන දී සිටී. මැතිවරනයෙන් කවුරු දිනුවත් මෙම පුපුරන සුලු දේශපාලන ප්‍රශ්න උග්‍ර කිරීම පමනක් සිදුවෙනු ඇත.
දේශපාලන අප්‍රසාදයේ ගැඹුර කෙතරම්ද යත්, බලගතු විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්නයෙන් ජයගැනීමට අවශ්‍ය පලමු මනාපවලින් සියයට 50 කට වඩා වැඩි ප්‍රතිශතයක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගන්නා බවට මාධ්‍ය පඬියෝ පුරෝකථනය කරති. මීට පෙර පැවැත්වුනු ශ්‍රී ලංකා ජනාධිපතිවරන ඡන්ද විමසීම් අටෙන් එකකවත් දෙවැනි හා තෙවැනි මනාප ගනන් කිරීම සිදුවී නැත.
සැප්තැම්බර් 15 දා කොලඹ පදනම් වූ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ ග්‍රස්තියට පත් කතුවැකියක් මෙසේ ප්‍රකාශ කලේ ය: ''ශ්‍රී ලංකාවේ ඡන්ද රටාවන් තවදුරටත් දේශපාලන පක්ෂ වෙතට ඝනීභූත ලෙස ඇලී නැත. අතීතයේ ප්‍රධාන පක්ෂ දෙක වන එජාප [එක්සත් ජාතික පක්ෂය] සහ ශ්‍රීලනිප [ශ්‍රී ලංකා නිදහස් පක්ෂය] වෙත තම පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් ඡන්දදායකයින් තවදුරටත් දැඩි ලෙස පක්ෂග්‍රාහී නොවේ. මේ ගැන දැන් වාදයක් නැත. උතුරේ ගත්තත් ස්ථිරසාර ඒකීය පක්ෂයක් නැත. වාමාංශික පක්ෂ සීසීකඩ ය. ඒ අනුව, ජයග්‍රාහකයෙකු ගැන අනාවැකි කීමට අපහසු වන තරමට ඡන්ද විසිරී ඇත. පෙනෙන එකම සහතික දෙය විදියට පෙනෙන්නේ, පලමු වටයේ ගනන් කිරීමේ දී කිසිදු අපේක්ෂකයෙකු සම්පූර්නයෙන්ම ජයග්‍රහනය කිරීමට ඉඩක් නැති බව ය.'
දේශපාලන අවිනිශ්චිතතාවයට හේතුව නම්, සංස්ථාපිතයේ සියලුම ප්‍රධාන පක්ෂ—වික්‍රමසිංහගේ එජාප, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)—පසුගිය දශක ගනනාව තුල මහජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ම්ලේච්ඡ ප්‍රහාරවලට ඇති ඒවායේ සම්බන්ධය හේතුවෙන් ගැඹුරින් ම අපකීර්තියට පත්ව තිබීම යි.
තම මැතිවරන පෙරමුන වන ජාතික ජන බලය (ජාජබ) හරහා මැතිවරනයට තරඟ වදින ජවිපෙ, තම ආන්ඩුව දූෂනය පිටුදැකීම තුලින් 'වෙනසක්' කරන බව පවසමින් සාම්ප්‍රදායික පාලක පන්තියේ පක්ෂ කෙරෙහි ඇති මහජන කෝපය ගසා කෑමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, ජාජබ අපේක්ෂක අනුර කුමාර දිසානායක, තමන් තේරී පත් වුවහොත් ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නංවන බවට මහා ව්‍යාපාරිකයින්ට සහ රාජ්‍ය යාන්ත්‍රනයේ ප්‍රධාන කොටස් වලට සහතික වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල, පෙට්‍රල්, පිසුම් ගෑස් හිඟය සහ දීර්ඝ විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් මතුව ආ 2022 අප්‍රේල්‒ජුලි මාසයේ මහජන විරෝධතා වලින් පසු කම්කරු පන්තියේ හෝ නාගරික හා ගම්බද දුප්පතුන්ගේ ගැටලු කිසිවක් විසඳී නැත. ඇත්ත වශයෙන්ම, සිදුව ඇත්තේ, තවත් මිලියන ගනනක් අන්ත දරිද්‍රතාවයට සහ සමාජ අවිනිශ්චිතතාවයට ඇද දැමීමත් සමඟ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් මුහුන දෙන සමාජ තත්වයන් වඩාත් නරක අතට හැරීම ය.
අප්‍රේල් 2 දා නිකුත් කරන ලද 'ලෝක බැංකු යාවත්කාලීනය: ප්‍රතිසාධනයට ඒදඬු' (World Bank Update: Bridges to Recovery) යන වාර්තාව වික්‍රමසිංහගේ සහ ඔහුගේ පරිපාලනයේ පච “ආර්ථික ප්‍රතිසාධනය” පිලිබඳ කියාපෑම්වල නිරුවත හෙලිකරයි. එය පසුගිය වසර හතර තුල දරිද්‍රතාව—2019 හි සියයට 11 සිට 2024 දී සියයට 26 දක්වා, එනම් ජනගහනයෙන් හතරෙන් එකකට වඩා—තියුනු ලෙස වැඩිවී ඇති ආකාරය හෙලි කරයි.
වාර්තාව එමෙන්ම සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් සියයට 60 ක පමන ආදායම් අඩු වී ඇති බවත්, බොහෝ දෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයට, මන්දපෝෂනයට හා වර්ධනය අඩාල වීමට මුහුන දී ඇති බවත් ය. 'ඉහල උද්ධමනය, වැටුප් හා රැකියා අහිමිවීම් සහ ප්‍රේෂනවල පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහත වැටීමෙන් පවුල් දිලිඳුභාවයට පත්ව ඇත', එය සඳහන් කරයි.
වික්‍රමසිංහ විසින් ජාමූඅ ඉල්ලා සිටි කප්පාදු පියවරයන් ක්‍රියාවට දැමීමට, පසුගිය මාස 18 පුරාවට ලක්ෂ ගනනක් කම්කරුවන්, ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන් ප්‍රතිචාර දැක්වූයේ වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාමාර්ගවලට එලැඹීම මගිනි. මෙම කාර්මික ක්‍රියාමාර්ග වෘත්තීය සමිති විසින් හුදකලා කර යටපත් කර ඇති තත්වයක් යටතේ, විශේෂයෙන්ම ජවිපෙට සම්බන්ධ නායකයින් ජනාධිපතිවරනය ගැන බලාපොරොත්තු තබා සිටින තත්වයක් යටතේ, මෙම අරගල මැතිවරනයෙන් පසු ඇවිලී යනු ඇත.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දිවයින පුරා නගර සහ අතුරු නගරවල පවත්වන ලද උද්ඝෝෂන තුල දී ආන්ඩුව හා පවතින ධනේශ්වර පර්යාය කෙරෙහි අවිශ්වාසයේ හා කෝපයේ ගැඹුර බලගතු ලෙස හෙලිදරව් කෙරුනි.
යුද්ධයෙන් විනාශ වූ උතුරේ කුඩා දූපතක් වන කයිට්ස් හි දෙමල කතා කරන කාර්මිකයෙකු වන 45 හැවිරිදි නුගේෂ්වරම් මෙසේ පැවසීය: “මම හිතන්නේ අපේ ආර්ථික ප්‍රශ්නවලට සහ ජාතික ප්‍රශ්නයට විසඳුමක් තිබිය යුතුයි කියලා. මැතිවරන අපේක්ෂකයන් තමන්ගේ ජය ජය තහවුරු කර ගන්න දෙමල ජනයාගේ අයිතීන් ගැන පොරොන්දු දෙනවා, ඒත් මේ සිංහල නායකයන් කිසිවකු විශ්වාස කරන්න බැහැ. ඇමරිකාවට සහ ඉන්දියාවට ආයාචනා කිරීමෙන් දෙමල ජනයාගේ අයිතීන් සුරක්ෂිත කර තහවුරු කිරීමට අපට පුලුවන් කියලා දෙමල දේශපාලනඥයන් කරන ප්‍රකාශත් විකාර සහගත යි.'
කොලඹ ප්‍රධාන සමාගමක මුරකරුවෙකු වන 60 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ මවක් මෙසේ පැවසුවාය: “අපි ගිහින් ඡන්දය දෙනවා, නමුත් දේශපාලනඥයන් පොහොසත් වෙනවා. සල්ලි නැති අයට කන්න දෙයක් නැහැ. බලන්න බඩු මිල කොතරම් ඉහලද කියලා. පෙට්‍රල් කීයද? මෝටර් බයිසිකලයක් පාවිච්චි කිරීමට පවා ඔබට හැකියාවක් නැහැ. ඒ වගේම ගෑස් සිලින්ඩරයක මිල බලන්න.”
මෙම ගැඹුරු අවිශ්වාසය ගැන තීව්‍ර ලෙස සවිඥානික ධනේශ්වර පාර්ලිමේන්තු පක්ෂ, දුර බැහැර ප්‍රදේශවල සිට ඔවුන්ගේ රැස්වීම් වලට ගෙන්වා ගැනීමට සහ ගෙයින් ගෙට යන ප්‍රචාරක කටයුතු සඳහා ගෙවීමට රුපියල් දසලක්ෂ ගනනිල් මුදල් වියදම් කරමින් තමන්ට ලැබෙනවාය කියන සහයෝගය පිලිබඳ මිත්‍යාව නිර්මානය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කර ඇත.
කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට කුලියට ලබාදෙන (මෑන්පවර්) සමාගම් රුපියල් මිලියන ගනනක ප්‍රචාරක පැකේජ පිරිනමන ආකාරය සන්ඩේ ටයිම්ස් පසුගිය සතියේ වාර්තා කලේය. උදාහරනයක් ලෙස, “පැය තුනකට මහජන රැලි සඳහා පුද්ගලයන් 3,000 ක් සැපයීමේ සේවාව පුද්ගලයෙකුට රුපියල් 1,500 (සමහර අවස්ථාවල දී පුද්ගලයෙකුට රු. 3,000) හෝ සම්පූර්න පැකේජය සඳහා රු. මිලියන 4.5 ක්... මීට අමතරව, ගෙයින් ගෙට ගොස් ප්‍රචාරන කටයුතු සිදු කිරීම සඳහා රුපියල් මිලියන 50 ක පැකේජ ද ඉදිරිපත් කර ඇත.”
2022 දී ඇති වූ මහජන විරෝධතා ඕනෑම ආකාරයෙක් යලිපුනර්කරනයවීමක් තලා දැමීමට අදිටන් කරගෙන සිටින ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ පාලන තන්ත්‍රය, සියලු මහජන ප්‍රතිරෝධයන් අතුගා දැමීම සඳහා නව කුරිරු නීති පනවා ඇති අතර රාජ්‍ය යාන්ත්‍රනය තවත් පුම්බා ඇත.
පාලක ප්‍රභූවවේ සම්බන්ධයෙන් ගත්විට, කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් එකිනෙක ගැලපෙන්නේ නැත. පශ්චාත් මැතිවරන “දේශපාලන-ආර්ථික පූර්වාදර්ශයන්” කීපයක් ගැන අනුමාන කරමින් ඊයේ (20) දි අයිලන්ඩ් හි කතුවැකියකින් මෙය අවධාරනය කලේය. එය ප්‍රකාශ කලේ, “ආර්ථිකය පුනර්ජීවනය වීම, නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රහාරයට ලක් වීම; ආර්ථිකය දුශ්-කලමනාකරනය, නමුත් මර්දනයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදය,' මේවාට ඇතුලත් ය. වෙනත් වචන වලින් කිවහොත්, රටේ සීමිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි නොකර, ඒකාධිපති ක්‍රියාමාර්ග කරා ගමන් නොකර ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආර්ථිකය ආරක්ෂා කල නොහැක.
අද මැතිවරනයේ ප්‍රතිපලය කුමක් වුවත්, කම්කරු පන්තිය, තම මූලික සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට හා ඒකාධිපති පාලන විධි පැනවීමට එරෙහිවත්, ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රහාරවලට එරෙහිවත් සටන් කිරීමට දේශපාලනිකව හා සංවිධානාත්මකව සූදානම් විය යුතුය.
මෙයට අවශ්‍ය වන්නේ ධනේශ්වර පාලනය පෙරලා දමා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අරගලයක නාගරික හා ගම්බද ජනතාව පෙලගස්වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම ය. සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසින් විස්තාරනය කරන වැඩසටහන මෙයයි. මෙම වැඩපිලිවෙල අධ්‍යයනය කර, විජේසිරිවර්ධනට ඡන්දය දෙන ලෙසත්, සසපට බැඳෙන ලෙසත්, එය ගොඩනගන ලෙසත් අපි ශ්‍රී ලාංකාවේ කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.