ඉල්ලීම් 5 ක් අරභයා ජනවාරි 24 වෙනි දා පැය 48 ක වර්ජනයකින් ආරම්භ කල රජයේ වෛද්‍යවරුන්ගේ විරෝධතා උද්ඝෝෂනය සති හයක් ඉක්මවා ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ජිඑම්ඕඒ) නායකයන් විරෝධතා වැඩපිලිවෙල ඇරඹුවේ ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකි ය යන යලි යලිත් පට්ට ගසන ලද වැඩපිලිවෙලක් මත ය. ආන්ඩුවෙන් ප්‍රතිචාරයක් නැති තැන ජීඑම්ඕඒ දැන් විරෝධතා තව තවත් උත්සන්න කර ඇත.
ඔවුන්ගේ ඉල්ලීම් වලට, ප්‍රවාහන හා පොරොත්තු දීමනා වැඩි කිරීම සහ වෛද්‍ය සේවය ආවෘත සේවයක් බවට පත් කිරීම ඇතුලත් වේ. ආවෘත සේවයක් සඳහා වන කට්ටිවාදී ඉල්ලීම හැර අනකුත් ඉල්ලීම් යුක්ති සහගත ඒවා ය.
උද්ඝෝෂනය තුල, රෝහල්වල නොමැති ඖෂධ පිටතින් ගැනීම සඳහා රෝගීන්ට ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමෙන් ද, රෝහල් තුල පහසුකම් නොමැති වෛද්‍ය පරීක්ෂන පුද්ගලික අංශයෙන් ඉටුකර ගැනීම සඳහා නිර්දේශ කිරීමෙන් ද, ජංගම වෛද්‍ය සේවාවක් වන “ආරෝග්‍යා” සායන වලට සහභාගි වීමෙන් ද වෛද්‍යවරු වැලකී සිටිති. මීට අමතර ව, දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු, එන්නත්කරනය සහ ඩෙංගු ව්‍යාප්තිය පිලිබඳ වාර්තා දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට සම්පාදනය කිරීමෙන් ද වැලකී සිටිති.
ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව වෛද්‍යවරුන්ගේ විරෝධතා උද්ඝෝෂනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් සහ රාජ්‍ය මර්දනය මුදා හැරීමෙනි.
රාජ්‍ය සේවකයින්ට 2025 අයවැයෙන් ලබා දුන් සොච්චම් වැටුප් වැඩිවීම් නරුම ලෙස උපුටා දක්වමින් සහ දිට්වා සුලි කුනාටුව නිසා ආර්ථික අර්බුදය තවත් නරක අතට හැරී ඇතැයි පවසමින්, වෛද්‍යවරුන්ගේ දීමනා වැඩි කල නොහැකි බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ජනවාරි 27 වෙනි දා ප්‍රකාශ කලේ ය.
පෙබරවාරි 6 වන දින මහනුවර පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් ජනාධිපති දිසානායක පන්ති යුද්ධයේ භාෂාව පාවිච්චි කරමින් “විරෝධතා හෝ වීදි උද්ඝෝෂන පැවැත්වුව ද”, “ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන තුරු”, වැටුප් හෝ දීමනා වැඩි නොකරන බව තර්ජනාත්මක ව සඳහන් කලේ ය.
වෛද්‍යවරුන්ගේ සහ විදුලිබල මංඩලයේ සේවකයන්ගේ විරෝධතා වර්ධනය වන තතු තුල මහජන සෞඛ්‍ය, විදුලිය, ඉන්ධන, ඇතුලු රාජ්‍ය අංශයේ සේවාවන් 15 ක් “අත්‍යවශ්‍ය සේවා” බවට ප්‍රකාශ කරමින් ජනාධිපති දිසානායක අත්‍යවශ්‍ය සේවා නියෝග බලාත්මක කල අතර මාර්තු 3 වෙනි දා යලිත් එය දීර්ඝ කර ඇත. මෙම නීති මගින්, මෙම අංශවල සේවකයින්ගේ වැඩවර්ජන ඇතුලු සියලු කාර්මික ක්‍රියාවන් මුලුමනින් සාපරාධීකරනය කෙරෙයි.
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිදහස් මහජන සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ පුලුල් ප්රහාරයක කොටසකි. ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත මේ ප්‍රහාර කඩිනම් කර ඇත. රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය (පීපීපී) යටතේ තෝරා ගත් ආන්ඩුවේ රෝහල්වල ඉහල තාක්ෂනික සේවා (එම්ආර්අයි, ස්කෑන් ආදී) සහ රුධිර සාන්ද්‍රන පහසුකම් ප්රසාරනය සඳහා පුද්ගලික සෞඛ්‍ය අංශය සම්බන්ධ කරගැනීමට සෞඛ්‍ය ඇමති ඉදිරිපත් කල යෝජනාවක් ජනවාරි 6 දා කැබිනට් මන්ඩලය අනුමත කලේ ය.
මෙම වැඩපිලිවෙල තවදුරටත් පුලුල් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජේමුනි පුද්ගලික අංශයේ සෞඛ්‍ය ව්‍යාපාරිකයන් කැඳවා ගෙන මාර්තු 9 වෙනි දා පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස (නර්සින් හෝම්ස්) සංගමයේ සමුලුවේ දී සාකච්ඡා කලේ ය. නියෝජ්‍ය ඇමති විජේමුනි පුද්ගලික අංශයේ “අවශ්‍යතාවයන් වැලඳගැනීමට” ආන්ඩුව සුදානම් බව එහි දී අවධාරනය කලේ ය. ජීඑම්ඕඒ හෝ අනෙකුත් සෞඛ්‍ය සමිති ආන්ඩුවේ මේ වැඩපිලිවෙල ගැන නිහඬ ය.
ආන්ඩුව නිදහස් සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය දැවැන්ත වියදම් සඳහා මුදල් වෙන්කිරීමට සුදානම් නැත. වෛද්‍යවරුන්ගේ ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලවල අයිතීන් රැකගැනීමට හැකිවන්නේ ක්‍රමයෙන් කප්පාදුකර දැන් අවසාන කිරීමට යන නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමේ අරගලයකින් පමනි. ඔවුන්ගේ අයිතීන් බැඳී තිබුනේ ද නිදහස් සෞඛ්‍ය සේවය මත ය.
එහෙත් නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමේ පොදු අරගලයක් සංවිධානය කිරීමට ජීඑම්ඕඒ හෝ අනෙකුත් සමිතිවල නායකයන් සූදානම් නැත. “නව පුලුල් සංධානය” නමින් ජීඑම්ඕඒ, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය (සෞවෘස), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ (රහෙනිස), ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක නායකයන් විසින් පිහිටුවා ඇති සමිති පෙරමුනේ අරමුන ආන්ඩුව තම ගැටලු නො විසඳීම කෙරෙහි වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන නොසන්සුන්තාව පුලුල් අරගලයක් බවට පුපුරා යාම වැලක්වීමයි.
මෙම “නව පුලුල් සංධානය” පෙබරවාරි 27 වෙනි දා අත්සන් කල අවබෝධතා ගිවිසුම ඊට උදාහරනයකි. සංධානයේ ප්‍රකාශිත මූලික අරමුන වන්නේ “වෛද්‍ය, හෙද, පරිපූරක වෛද්‍ය ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මංඩලයේ එක ම පොදු අරමුනක් යටතේ එක් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම සහ සේවක–රෝගී අයිතිවාසිකම් එකවර සුරක්ෂිත කිරීම” බව එහි සඳහන් වෙතත් එය අමුලික බොරුවකි.
මෙම සංධානය මෙන් ම, අනෙකුත් සෞඛ්‍ය සමිති නායකයෝ නිදහස් සෞඛ්‍ය සේවය සහ සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ අයිතීන් ආරක්ෂා කිරීමේ අව්‍යාජ අරගලයක් කෙදිනකවත් සංවිධානය නොකලහ.
ඉදිරියේ දී ද එවන් අරගලයක් නොකරන බවට ද සමිති නායකයන් අවබෝධතා ගිවිසුමෙන් ආන්ඩුවට සහතික වී ඇත. ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ තම සංධානය සමග “විධිමත් සාකච්ඡාවක් ආරම්භ කරන” ලෙස හා කාර්ය මන්ඩල, උසස්වීම්, ස්ථානමාරු, ඖෂධ/උපකරන හිඟය පිලිබඳව “කාලසීමා සහිත ලියවිලිමය විසඳුම්” ලබා දෙන ලෙසයි. ආන්ඩුව සාධනීය සාකච්ඡාවක් සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, “ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා නායකත්වය දීමට සූදානම් බව” ද කියා ඇත. එය හුදෙක් ම, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් අතර සමිති නායකත්වය කෙරෙහි වැඩෙන විරෝධය සමනය කිරීමේ බොරු පූච්ඡානමක් පමනි.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සමිති නායකයන් වර්ජන නොකරන බව තවදුරටත් තහවුරු කරමින් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ ලේකම් රවී කුමුදේශ් මෙසේ පැවසී ය. “අපි මේ වෙලාවේ කිසිම විදිහකින් තර්ජනය කරලා නැහැ වර්ජනය කරනවා කියල. අපි ඉල්ලන්නේ සාකච්ඡා මගින් මේ ප්‍රශ්න විසඳන්න කියලා.”
සමිති නායකයන් පුන පුනා සාකච්ඡා ඉල්ලන්නේ ජීඑම්ඕඒ නායකයන්ගේ විරෝධතා උද්ඝෝෂනය තුට්ටුවකට මායිම් නොකරන ආන්ඩුවකිනි. ආන්ඩුව ඉදිරියට ගෙන යන්නේ අධ්‍යාපනය ද, සෞඛ්‍ය සේවාවන් ද රාජ්‍ය ව්‍යවසායන් ද පුද්ගලික ලාභ ගැරීමේ ව්‍යාපාර බවට පත් කිරීම සඳහා වන වැඩපිලිවෙලයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයයි.
ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මගින් තීව්ර වන ලෝක ධනවාදී අර්බුදය තුල අන් සෑම රටක ම පාලකයන් මෙන්ම ලංකාවේ ආන්ඩුව ද මේ ප්‍රහාර වේගවත් කරනු ඇත. ධනපති ක්‍රමය තුල කම්කරු පන්තියට නිදහස් සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ඇතුලු කිසිදු අයිතියක් තවදුරටත් රැකගත නොහැකි ය. කම්කරු පන්තිය වුව ද, වෘත්තිකයන් වුව ද, ආන්ඩුවට කරන ආයාචනා මෙන් ම විරෝධතා ක්‍රියා නිරර්ථක වනුයේ එබැවිනි. වෘත්තිකයන්ගේ අයිතීන් දිනා ගැනීම කම්කරු පන්තියේ අරගලය සමග බැඳී ඇත.
සමිති නායකයන් උත්සුක වන්නේ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ අයිතීන් හෝ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම කෙරෙහි නොව; ධනවාදී රාමුව තුල තමන්ගේ පුද්ගලික වරප්‍රසාද රැකගැනීම කෙරෙහි පමනි. තමන් අදේශපාලනික බව මවා පෑමට මෙම සමිති නායකයන් තැත් කරන නමුත් ඔවුහු දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන, ජනතා විමුක්ති පෙරමුන හෝ වෙනත් ධනපති පක්ෂයක් සමග ගැලති සිටින්නෝ වෙති. ඔවුහු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත.
ආන්ඩුව අත්‍යාවශ්‍ය සේවා නියෝග යොදා ගනිමින් කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂන සහ අරගල මර්දනය කිරීම සම්බන්ධයෙන් සමිති නායකයන් නිහඬ ව සිටීම අහම්බයක් නොවන්නේ ඒ නිසා ය. සමිති නායකයන්ගේ මෙම හැසිරීම විසින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ඉදිරියේ මතු කරනු ලැබ ඇත්තේ ඔවුන්ට තම අයිතීන් පිලිබඳ ප්‍රශ්න වෘත්තීය සමිති රාමුව තුල විසඳා ගත නොහැකි බව යි. සමිති නායකයෝ, වෘත්තීය සමිති තම දේපලක් ලෙස භාවිතා කරමින්, සිය සාමාජිකයන්ගේ අදහස් නොවිසාම තීන්දු තීරන ගනිති.
සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 10 වෙනිදා නිකුත් කල ප්‍රකාශය මෙසේ සඳහන් කලේ ය:
“සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (එච්ඩබ්ලිව්ඒසී) අවධාරනය කරන්නේ ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් සහ ධනවාදයට ම එරෙහි අරගලයකින් තොර ව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැකි බවයි.”
එම ප්‍රකාශය වෛද්‍යවරුන් ඇතුලු සියලු සෞඛ්‍ය සේවකයන්ට පහත සඳහන් ක්‍රියාමාර්ගය ඉදිරිපත් කලේ ය:
“සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි ඉල්ලා සිටින අතර, පෞද්ගලික ආයතනවල සේවකයින්ගෙන් ද එසේ කරන ලෙස ඉල්ලා සිටිමු. මෙම කමිටු නිදහස් මහජන සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ සහයෝගය බලමුලු ගැන්විය යුතු ය.
නවීන, පූර්න කාර්ය මන්ඩලයක් සහිත, උසස් තත්ත්වයේ මහජන සෞඛ්‍ය පද්ධතියක් සඳහා අරමුදල් සැපයීමට මුදල් තිබේ.
විදේශ නය ආපසු ගෙවීම නවත්වනු! එම දැවැන්ත මුල්‍ය සම්පත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ වැඩසටහන් සංවර්ධනය සඳහා වෙන්කරනු!
සෞඛ්‍ය සේවාව පුලුල් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා සියලු ම පෞද්ගලික රෝහල්, රසායනාගාර සහ ඒ ආශ්රිත ආයතන කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!
ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ ව ගෝලීය ධනවාදයට එරෙහි ව කරන අරගලයක් තුලින් සාක්ෂාත් කරගත හැකි දැනුම හා සම්පත් සමග සෞඛ්‍ය සේවය වර්ධනය කිරීමට ජාත්‍යන්තර ව සම්බන්ධිත ප්රයත්නයක් අවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කමිටු, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය සමග ඒකාබද්ධ වී, ධනවාදයට එරෙහි ව සහ සමාජ හා ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් සඳහා සටන් කරන ගෝලීය කම්කරු මධ්‍යස්ථානයක් ගොඩනැගීමට උර දිය යුතුය.”
ධනපති ක්‍රමය තුල මේ කිසිදු ඉල්ලීමක් සාක්ෂාත් කල නොහැක. අප ක්‍රියාකාරී කමිටුව, ජවිපෙ/ජාජබ ආන්ඩුවටත්, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලටත්, ධනපති ක්රමයටත් එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය ගෙන යන අරගලයට සහයෝගය දෙයි.
අප අමතන්න:
action.committees.sl@gmail.com
TP: 077 356 23 27
