ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

සසප මිචෙලින් කම්කරු අරගලය ගැන සාර්ථක රැස්වීමක් පවත්වයි

කම්කරුවන් අරඹා ඇති අරගලය හුදෙක් මිචෙලින් සමාගමෙන් හා සියැට් සමාගමෙන් තම අයිතීන් රැකගැනීමේ අරගලයක් පමනක් නොවන බව පෙන්වා දුන්නේය. එය මේ සමාගම් දෙක සමග එකට ක්‍රියාකරන වෘත්තීය සමිති නිලධරයට මෙන්ම ඔවුන් පිලිපදින ජවිපෙ/ජාජබ ආන්ඩුවේ ආයෝජක ගැති පිලිවෙත්වලට එරෙහි අරගලයකි.

අපගේ වාර්තාකරු

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි ව ශ්‍රී ලංකා පොලිසිය අපරාධ චෝදනා ගොනු කරයි

ඕල්ටන් වතු කම්කරුවන් විසි හය දෙනෙකුට එරෙහි ව රටේ දන්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, ඔවුන් වරදකරුවන් වුව හොත් වසර හතක බරපතල සිර දඬුවම් සහ විශාල දඩ මුදල් නියම කල හැකි ය.

එම්.දේවරාජා, ඩබ්ලිව්.ඒ.සුනිල්

ජලසම්පාදන මන්ඩලයට බඳවා ගන්නැයි ඉල්ලා, එහි සේවයේ නියුතු "මිනිස් බල" කම්කරුවෝ වැඩවර්ජනය කරති

වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීමට පෙර, මෑන් පවර් සේවය "වහල්" සේවයක් ලෙස නම් කරමින්, බලයට පැමිනි වහා ම එය අවසන් කරන බවට පොරොන්දු වූ නමුත්, දැන් එය මුලුමනින් ම අමතක කර ඇති බව කම්කරුවෙක් පැවසීය.

ජෝතිපාල දැදිගම, එස්.කේ.කීර්ති

මිචෙලින් සමාගම සහ වෘත්තීය සමිති නායකයින්, සියැට් සමාගමට සේවකයින් තල්ලු කිරීමේ කුමන්ත්‍රනයක

ජවිපෙ/ජාජබ ආන්ඩුව කර්මාන්ත ශාලාව වසා දැමීම ආරක්ෂා කල අතර නිදහස් වෙලඳ කලාප පොදු හා කාර්මික කම්කරු සමිති නායකයින් කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලහ.

අරුන මලලගම