ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනීමේ වෛද්‍ය සංගම් නායකයන්ගේ වැඩපිලිවෙලේ බංකොලොත්කම හෙලිවේ

ජාමූඅ හි කප්පාදුවට, ඒ මත පදනම් වූ ආන්ඩුවේ පිලිවෙත් වලට සහ ධනවාදයට ම එරෙහි අරගලයකින් තොර ව, නිදහස් මහජන සෞඛ්‍ය සේවය ආරක්ෂා කල නොහැක.

ඩබ්ලිව්.ඒ. සුනිල්

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කරයි

නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීම මිලියන සංඛ්‍යාත කම්කරු පීඩිත මහජනතාවට ජීවිතය මරනයත් අතර අරගලයක් බව අවධාරනය කල රැස්වීම ඒ සඳහා ජීඑම්ඕඒ අතුලු වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් විස්තාරනය කලේ ය.

අපේ වාර්තාකරුවන්

ආන්ඩුව, දුම්රිය සේවයට මිලිටරි භටයන් යොදා ගැනීමේ වැඩපිලිවෙල අරඹයි

අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාවට දමමින් සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම වැඩපිලිවෙලට එරෙහි ව වර්ධනය වෙමින් පවතින පන්ති අරගල මැඩීමට මිලිටරීකරන පියවරයන් ක්‍රියාවට දමමින් සිටී.

සුජීව අමරනාත්

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ඔන්ලයින් රැස්වීම සඳහා උද්ඝෝෂනය

පේරාදෙනිය ලමා රෝහලේ හෙදියෝ තම දුෂ්කර සේවා කොන්දේසි පෙන්වා දෙති

“අපි හැමදාම වැඩට එන්නේ ලොකු බරක් ඔලුවේ තියාගෙන. ආපසු යන්නේ වේදනාවෙන්. කොපමන වෙහෙසිලා සේවය කලත් ඒ ගැන කිසිම ඇගයීමක් නැහැ.”

අපේ වාර්තාකරුවන්