ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

Contact us for assistance in forming a rank-and-file committee

Please include the country code and remove all spaces from your phone number. (E.g., for US numbers, +14028650000)

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය

පාසල් සංවර්ධන නිලධාරීන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලා දකිමු! පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතර දෙනා නිදහස් කරනු!

විරෝධතාවයේ නියැලෙමින් සිටියදී පොලිසිය විසින් ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් ගුරුවරුන් හතරදෙනාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමටත්, ඔවුන් වහා නිදහස් කිරීමටත් බල කරන ලෙස, කක්‍රිකසා කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට එරෙහි අරගලය මෙන්ම, තීරුබදු යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාකවලට එරෙහි සටන ද ජාත්‍යන්තර වේ.

ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ශ්‍රී ලංකාව)

අවුරුදු බෝනස් නොදීමට එරෙහි ව වෝග් ටෙක්ස් ඇඟලුම් කම්හල් කම්කරුවෝ විරෝධතා දක්වති

ට්‍රම්ප්ගේ නව තීරුබදු හමුවේ, ශ්‍රී ලංකාව තුල එක්සත් ජනපද ආයෝජන ඉවත් කර ගනිමින් ඒවා, බංග්ලාදේශය, වියට්නාමය ආදී රටවලට යොමු කෙරෙනු ඇත. ප්‍රතිඵලය වනු ඇත්තේ දසදහස් සංඛ්‍යාත රැකියා විනාශය, වැටුප් සහ දීමනා කප්පාදුව මෙන්ම දැවැන්ත ව වැඩ වේගවත් කිරීමයි.

අපේ වාර්තාකරුවන්

නිදහස් වෙලඳ කලාපවල කම්කරුවෝ නව ආන්ඩුව යටතේ සහන නොලැබෙන බව පවසති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කම්කරුවෝ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ තම ජීවන කොන්දේසි වඩ වඩාත් දුෂ්කර වන ආකාරය, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්ට පැහැදිලි කලහ.

අපේ වාර්තාකරුවන්

ඕල්ටන් වතු කම්කරුවෝ වසර හතරක් තිස්සේ අඛන්ඩ මර්දනයට මුහුන දෙති

රාජ්‍යය සහ සමාගම සමඟ පෙලගැසුනු ලංකා කම්කරු කොංග්‍රසය, වින්දිත කම්කරුවන්ට තමන් නොකල වරදක් පිලිගන්නා ලෙස උපදෙස් දෙයි.

ඩබ්ලිව්.ඒ. සුනිල්, කේ. රත්නායක
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.